ශ්‍රී දළදා මාළිගාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(ශ්‍රී දළදා මාලිගාව වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත යන්න: සංචලනය, සොයන්න
ශ්‍රී දළදා මාළිගාව
Zahntempel Kandy.jpg
ශ්‍රී දළදා මාළිගාව, ශ්‍රී ලංකාව
තොරතුරු
සංස්ථාපනය 1595
නිර්මාතෘ(න්) පළමුවන විමලධර්මසූරිය
භික්‍ෂූන් වහන්සේ(ලා) අස්ගිරිය පාර්ශවයේ මහනායක ස්වාමින්වහන්සේ, මල්වතු පාර්ශවයේ මහනායක ස්වාමින්වහන්සේ, දියවඩන නිලමේ
රට ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක 7°17′38″N 80°38′19″E / 7.29389°N 80.63861°E / 7.29389; 80.63861ඛභ්ඩාංක: 7°17′38″N 80°38′19″E / 7.29389°N 80.63861°E / 7.29389; 80.63861
වෙබ් අඩවිය http://www.sridaladamaligawa.lk

Dharmachakra.png ද්වාරය:බුද්ධාගම

ශ්‍රී දළදා මාලිගාව යනු බුදුරජාණන් වහන්සේගේ දන්තධාතූන් වහන්සේ තැන්පත් කර ඇති මාලිගාවයි. මෙය ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය ඉදිකර ඇත්තේ එවකට රාජකීය මාලිගා සංකීර්ණය තුලමය. අතීතයේ සිටම ජනතාවගේ පිලිගැනීම අනුව දන්ත ධාතූන් වහන්සේගේ භාරකාරීත්වය දරන තැනැත්තා හට රටේ රජකම හිමි විය යුතුය. මේ නිසා අතීතයේ රජවරු සිය දිවි හිමියෙන් දළදා වහන්සේ ආරක්ෂා කළහ.

ශ‍්‍රී‍්‍ර දළදා මාලිගාව මුල්වරට ගොඩනගනු ලැබුයේ පළමුවන විමලධර්මසූරිය (1592 - 1604) රජතුමා විසිනි.

දළදා වහන්සේ වැඩහිටි මන්දිරය, ධාතුඝරය, දළදාගේ, දළදා මන්දිරය, දළදා මාලිගය ආදී නම් වලින් හැඳින්වූ බව පෙනේ.

දළදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.

මල්වතු හා අස්ගිරි යන දෙපාර්ශවයේ ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට පූජා සත්කාර කරති. මෙම පූජාව (තේවාව) දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි. බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍යය පවත්වයි. මෙහිදී සුවඳ ගැන්වූ ඖශධීය ජලයෙන් සංකේත වශයෙන් දළදා වහන්සේ ස්නානය කරවනු ලබයි. මෙසේ ස්නානය කරවීමෙන් ලැබෙන ජලයේ රෝග සුව කරීමේ ආනුභාවයක් ඇති බව විශ්වාස කෙරේ.

දළදා මාළිගාව

පටුන

[සංස්කරණය] දන්ත ධාතූන් වැඩහිඳිනා භූමිය

Sri Lanka - 029 - Kandy Temple of the Tooth.jpg

මහනුවරට නැගෙනහිරින් උඩවත්ත කැළයත් හන්තාන කඳුවැටිය එක්පසකින් හා බහිරව කන්ඳ තවත් පැත්තකින් වටවු මහනුවර රාජධානිය සෞම්‍ය දේශගුණයකින් යුක්තය.ඕනෑම භෝගයක් වැවිමට තරම් සශ්‍රිකය.අලුත් නුවර,මැදමහනුවර, හඟුරන්කෙත නුවර, නිළඹේ නුවර, සෙංඛඩගල නුවර, හා ගලේ නුවර, දළඳා වහන්සේගේ ආරක්ෂිත ප්‍රදේශ වේ.

[සංස්කරණය] දළදා මාළිගයේ ඉතිහාසය

මුල් අවධියේ මහනුවර හැඳින්වුයේ "ශ්‍රි සෙංඛණ්ඩ ශෛලාභිධාන ශ්‍රි වර්ධනපුරය" ලෙසය.දඹදෙනි රාජධානියේ හතරවනපරාක්‍රමබාහු (ක්‍රි.ව 302-1326)රජතුමාගේ බෑනා කෙනෙකු වු සිරිවර්ධන නැමති අය විසින් ක්‍රි.ව 1312 දී එවකට කටුපුල්ලේ නමින් හැඳින්වු ප්‍රදේශය අසල "සෙංකඩගල සිරිවර්ධනපුරය "නමින් නගරයක් ආරම්භකොට ඇත.තවත් ජනප්‍රවාදයක් නම් සෙංඛණ්ඩ නම් බ්‍රාහ්මණයෙකුගේ නමින් මේ නගරය ඉඳිවු බවත්,තුන්වන වික්‍රමබාහු නම් රජුගේ අගමෙහෙසිය වු සෙංඛණ්ඩා නම් දේවිය නමින් මේ නගරය ඉඳිවු බවත්,මෙහි තිබූ සෙංකඩගල නම් රක්ත වර්ණ පාෂාණයක් මුල්කොටගෙන මේ නම ඇතිවු බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ.ගම්පොල රාජධානියේ පාලකයා වු තෙවන වික්‍රමබාහු රජසමයේ (ක්‍රි.ව 1357-1374) දළඳා මැඳුර සහා ලෝකේෂ්වර නාථ දෙවියන් සඳහා වු නාථ දේවාලය මෙහි ඉඳි විය.අස්ගිරිතල්පතෙහි සඳහන් අයුරු අස්ගිරි විහාරය ආරම්භ වුයේද මෙකලය. වර්තමානයේ මේවා මහනුවර පැරණිතම ගොඩනැගිළි.ගම්පොල රජ පවුලෙන් පැවත ආ සේනා සම්මත වික්‍රමබාහු (ක්‍රි.ව 1469-1511)රජු විසින් සෙංකඩගල පුරය ලෙස නම් කරන ලදි.ඔහු මහනුවර රාජධානියේ නිර්මාතෘවරයා ලෙස සැලකේ. බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව තැම්පත්කර චෛත්‍යක්, දෙමහල් පොහොය ගෙයක් ,සංඝාවාසයන් 86 ක් කරවා හා ධාතු කරඬු සහ පිළිම වහන්සේලා පූජා කරමින් පොතපත පලකරමින් විශාල මෙහෙයක් කර ඇත. සීතාවක පළමු රාජසිංහ රජු ,ජයවීර(ක්‍රි.ව 1511-1552),කරල්ලියද්ද බණ්ඩාර(ක්‍රි.ව1552-1582)පළමු විමලධර්මසූරිය(ක්‍රි.ව 1590-1604)සිංහලයේ අවසන් රජු ශ්‍රි වික්‍රම රාජසිංහ (ක්‍රි.ව 1798-1815)දක්වා රජවරු 10 දෙනෙකු මහනුවර රාජධානිය කරගෙන ඇත. සතුරු උවදුරු හැරුනුවිට අන් සෑම අවස්ථාවකදීම දළඳා වහන්සේ වැඩසිටියේ රජ මාළිගාව ආසන්නයේය.දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂාකර ගැනිම රජුගේ වගකීම වූ අතර එහි භාරකරු රටේ පාලකයා බවට පිළිගැනීමක් පැවතුනි. දෙවන විමලධර්මසූරිය රජු තුන් මහල් ප්‍රාසාදයක් කරවු අතර මඟුල් මඞුව හා පත්තිරිප්පුව දේවේන්ද්‍ර,මූලාචාරියා නැමැත්තන් ඉඳිකර ඇත.


Dalada Maligawa Sri Lanka H.jpg






[සංස්කරණය] දියවඩන නිළමේ තනතුර

පුරාණයේ රජවරු විසින් මෙම තනතුර පත්කළ අතර බ්‍රිතාන්‍ය සමයේ වැඩවසම් රාජකාරි ක්‍රමය අවසන් කර ඡන්දයකින් තෝරාගනි.වර්ථමානයේ 1931 කේ 19 වන ආඥා පනත යටතේ දියවඩන නිළමේවරයා පත් කරයි .දියවඩන නිළමේ තනතුර සඳහා මූලාශ්‍ර ලැබෙනුයේ මහනුවර යුගයේ සිටය.දළඳා වහන්සේ සම්බන්ධයෙන් දාතූවංශයේ සඳහන් වන පරිදි ප්‍රථම නිළය වශයෙන් "දාතූරක්ඛකාධිකාරි"තනතුර දක්නට ලැබේ. සීතාවක දෙල්ගමුව රජමහා විහාරයේ දාතූන් වැඩසිටි සමයේ හිරිපිටිවේ දිවනිලමේ නමින් තනතුරක් සඳහන් වේ.කෝට්ටේ යුගයේ මෙම තනතුරු නාමය වෙනුවට "දිවන රාළ" ,"දියවඩන රාළ" වශයෙන් හැඳින්විය.දිවනිළමේ ,දියනිළමේ යනුද දියවඩන නිළමේ යන්නට බොහෝ තැන්වල ඇත.මහනුවර මහා වාසල සම්බන්ධව දියවඩන නිළමේ තනතුරු තුනක් විය. රජුගේ රාජකීය උල්පැන්ගේ ස්නානාදි කටයුතු භාරව හා රජතුමා ආහාර ලන්නා අවස්ථාවේදි රන් කොතලයෙන් ජලය වැඩිම භාරව සිටි දියවඩන නිළමේ ,බිසෝවරැන්ගේ හා කුමාරයන්ගේ පල්ලේවාහල ස්නානාගාරය භාරව සිටි දියවඩන නිළමේ,රජු දළඳා මාළිගයට පැමිණි විට අතපැන් වැඩීමටත් ,මුළුතැන් බුද්ධ පූජාවට පැන් පයිංඩ කිරිමට හා නානුමුර මංගල්‍යයට නානු පයිංඩ කිරිමටත් වශයෙනි. දළඳා මාළිගයේ ගිහි භාරකාරයා හා රන් කරඬුවල ප්‍රථම මහ රන් කරඬුවේ රන් යතුර භාරකාරවරයා දියවඩන නිළමේය.මුල් අවධියේ රජතුමා වුවත් 1853 න් පසු ගිහි භාරකාරයා වන්නේ දියවඩන නිළමේතුමාය.දියවඩන නිළමේතුමාගේ නිළ කාලය වසර 10 ක් යන අතර එතක් පටන් මේ දක්වා දියවඩන නිළමේවරු 19 දෙනෙක් පත්විය.

Dr NPW 2.jpg
දියවඩන නිලමේ.jpg
දියවඩන නිළමේවරු වර්ෂය
කපුවත්තේ අධිකාරම් නිළමේතුමා 1814-1824
දෙහිගම ලොකු බණ්ඩාර නිළමේතුමා 1825-1827
කුඩා මොල්ලිගොඩ නිළමේතුමා 1827-1828
කුඩා දෙහිගම නිළමේතුමා 1828-1835
මුල්ලේගම අධිකාරම් නිළමේතුමා 1835-1842
දුල්ලැව අධිකාරම් නිළමේතුමා 1842-1848
.ලොකු බණ්ඩාර දෙහිගම නිළමේතුමා 1848-1862
.කුඩා බණ්ඩා දුන්විල නිළමේතුමා 1862-1882
කුඩා මුදියන්සේ ගිරාගම නිළමේතුමා 1882-1897
සෙනවිරත්න රත්වත්තේ නිළමේතුමා 1897-1901
කුඩා බණ්ඩාර නුගවෙල නිළමේතුමා 1901-1916
පුංචි බණ්ඩා නුගවෙල නිළමේතුමා 1916-1937
ටිකිරි බණ්ඩා රත්වත්තේ නිළමේතුමා 1937-1947
කුඩා බණ්ඩා නුගවෙල නිළමේතුමා 1947-1961
හැරිස් ලෙව්කේ රත්වත්තේ නිළමේතුමා 1961-1964
හීන්බණ්ඩා උඩුරාවන නිළමේතුමා 1964-1974
ආචාර්ය නිශ්ශංක පරාක්‍රම විජයරත්න නිළමේතුමා 1975-1985
නෙරංජන් ප්‍රියදර්ශන දුල්ලැව නිළමේතුමා 1985-2005
ප්‍රදීප් නිලංග දෑල නිළමේතුමා 2005 සිට

[සංස්කරණය] සිව් මහා දේවාල

දළඳා මාළිගාවට තවත් ප්‍රධාන අංගයක් ලෙස දතර මහා දේවාල හැදින්විය හැක. මේවා ශ්‍රි විෂ්ණු , ශ්‍රි කතරගම, ශ්‍රි පත්තිනි,යන දේවාල හතර මහා දේවාල නමින් හැඳින්වේ. ඉන් කතරගම දේවාලය හැර ඉතිරි ඒවා දළඳා මළුව අවට ඉඳිකෝට ඇත. ශ්‍රි දළඳා මාළිගාවේ සතර මංගල්‍යයේදි මෙම සිව් මහා දේවාල වැදගත් වේ.විශේෂයෙන් 1753 වර්ෂයෙන් පසු කීර්ති ශ්‍රි රාජසිංහ රජු දවස සිට වර්තමානය දක්වා ශ්‍රි දළඳා මාළිගාව පෙරටුකොටගෙන මෙම දේවාල හතර පිළිවෙලින් පෙරහැරේ යයි.

[සංස්කරණය] නාථ දේවාල

දළඳා පුද බිමේ ඇති පැරණිතම ස්මාරකය වන්නේ නාථ දේවාලයයි.ද්‍රවිඩ ලක්ෂණ පෙන්නුම් කරන මෙය තුන්වන වික්‍රමබාහු රජු විසින් කරවා ඇත.ඇසල පෙරහැරේ දළඳා පෙරහැරට පසුපසින්ම ගමන් කරන පෙරහැර වේ.නාථ දේවාල කැපවි ඇත්තේමතු බුදුවන නාථ දේවියන් වෙනුවෙනි.

[සංස්කරණය] ශ්‍රි විෂ්ණු දේවාල

පෙරහැරේ දෙවනුවට ගමන් කරනුයේ මෙම දේවාලයේ පෙරහැරයි.විෂ්ණු දෙවියන් වෙනුවෙන් මෙම දේවාලය කරවි ඇත.රජවරු අභිෂේකයෙන් පසු නලල් පටය බඳිනු ලැබීමේ චාරිත්‍රය ඉටුකරනු ලැබුවේ මෙම දේවාලයේය.

[සංස්කරණය] ශ්‍රි කතරගම දේවාල

14 වන සියවසේදී පමණ ඇරම්භවු බව සැලකේ.මෙම දේවාලය කතරගම දෙවියන්ට ප්‍රසිද්ධව ඇත.

[සංස්කරණය] ශ්‍රි පත්තිනි දේවාල

දළඳා මාළිගාව අවට ඇති පැරණි ගොඩනැගිලි අතරින් එකකි.පති භක්තිය රැකි උතුම් කාන්තාවක් ලෙස සලකන ඇය සත්වාරයක් උපත ලද බව.ජලයෙන්,මලෙන්,නයි කඳුලෙන් ,කඳුරු පොත්තෙන් ,පිනිබිනදුවෙන්,අඹෙන්,ඉපදි බව සැලකේ.ඇසළ පෙරහැරේ අවසානයට ගමන් කරන පෙරහැරයි. අතීතයේ පටන් දළඳා කරඬුව ගෙනයාමට ඇත් රාජයෙක් විය.එම තත්වය සුවිශේෂි ඇතෙකුට හිමිවේ.මේ දක්වා කාලය තුල ඇතුන් 14ක් පමණ දළඳා කරඬුව රැගෙන යාමට සමත්ව ඇත.

[සංස්කරණය] දළදා මාලාගවේ සතර මංගල්‍යයන්

සෙංකඩගල දළදා මැදුරේ අතීතයේ සිට පැවතෙන මංගල්‍යයන් 4ක් ඇත.
1. අලුත් සහල් මංගල්ලය
2. අලුත් අවුරුදු මංගල්ලය
3. ඇසල මංගල්ලය
4. කාර්තික මංගල්ලය

[සංස්කරණය] දළඳා මාළිගාවේ ඇත් පන්තිය

SL52tooth.jpg
  1. සිංහ රාජා
  2. ඒකදන්තයා
  3. ඉන්දි රාජා
  4. සුමන
  5. විජය රාජා
  6. ජය රාජා
  7. කදිරා
  8. නාලක
  9. මියන් රාජා
  10. බුරුම රාජා
  11. මිගාර
  12. කාවේරි
  13. නවම් රාජා
  14. කණ්ඩුල

[සංස්කරණය] කෞතුකාගාරය

දළඳා මාළිගයේ තුන් මහල් කෞතුකාගාරයක් දක්නට ලැබේ.එහි පහත කෞතුක වස්තු තැම්පත් කර ඇත.

Kandy-llibresagrat2.jpg

Rightt

  1. සමාදි පිළිමය
  2. පැරණි ධාතු කරඬුව
  3. සිරි පතුල
  4. රිදි කලය
  5. කැටයම් කරනලද ඇත්දත් දෙක
  6. මාළිගා සංකීර්ණයේ බිම් සැකස්ම
  7. කීර්ති ශ්‍රි රාජසිංහ රජුගේ ඇඳුම් කට්ටලය
  8. ලේන්සු
  9. හේමකඳ

මෙම නගරයේ ශ්‍රී ධාතු මන්දිරය,මල්වතු අස්ගිරි උභය මහා විහාරය විෂ්ණු , කතරගම, පත්තිනි.නාථ යන දේවාල හා කිරි සයුර නම් මහනුවර වැව හේතුවෙන් ලෝක උරැම නගරයක් බයට පත්ව ඇත.

[සංස්කරණය] සබැදි පිටු

[සංස්කරණය] අඩවියෙන් බැහැර පිටු

[සංස්කරණය] පින්තූර ගැලරිය

"http://si.wikipedia.org/w/index.php?title=ශ්‍රී_දළදා_මාළිගාව&oldid=207041" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්