විදුර වික්‍රමනායක

විකිපීඩියා වෙතින්
විදුර වික්‍රමනායක
விதுர விக்கிரமநாயக்க
Vidura Wickremanayake
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය
තනතුර දරමින්
2022 මැයි 20
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
දිනේෂ් ගුණවර්ධන
පූර්වප්‍රාප්තිකයාමහින්ද රාජපක්ෂ
කම්කරු අමාත්‍ය
තනතුර දරමින්
18 අප්‍රේල් 2022 – 9 මැයි 2022
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයානිමල් සිරිපාල ද සිල්වා
අනුප්‍රාප්තිකයාමනූෂ නානායක්කාර
කළුතර දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
22 අපේ‍්‍රල් 2010
පුද්ගලික තොරතුරු
උපත11 ජූලි 1959 (1959-07-11) (වයස 64)
ජාතියශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
වෙනත් දේශපාලන
සබැඳියා
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය
Relationsරත්නසිරි වික්‍රමනායක (පියා)

විදුර වික්‍රමනායක, (දෙමළ: விதுர விக்கிரமநாயக்க, ඉංග්‍රීසි: Vidura Wickremanayake; උපත 11 ජූලි 1959) යනු ශ්‍රී ලංකික දේශපාලකයෙකි. ඔහු වත්මන් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය වේ.[1] ඒ මහතා කළුතර දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.[2] ඔහු හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ පුත්‍රයාය.

මුල් ජීවිතය සහ අධ්‍යාපනය[සංස්කරණය]

විදුර වික්‍රමනායක මහතා රත්නසිරි වික්‍රමනායක මහතාට සහ කුසුම් වික්‍රමනායක මහත්මියට දාව 1959 ජූලි 11 වැනිදා උපත ලැබීය. ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකි. ඔහු පිලිපීනයේ විශ්වවිද්‍යාලයකින් කෘෂිකර්මය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබාගත් අයෙකි.[3]

දේශපාලන ජීවිතය[සංස්කරණය]

ඒ මහතා 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඔහුව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ලෙස පත් කරනු ලැබුවා.ඔහු 2020 පාර්ලිමේන්තු මැතිවරණය මනාප ඡන්ද 147,958 ක් ලබා කළුතර දිස්ත්‍රික්කයෙන් නැවත තේරී පත් වූ අතර ජාතික උරුමයන්, ග්‍රාමීය කලා පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබුවා.[4]2022 ශ්‍රී ලංකාවේ විරෝධතා ඉක්බිතිව ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලයේ සම්පූර්ණ ඉල්ලා අස්වීමෙන් පසුව, ඔහු 2022 අප්‍රේල් 18 වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කම්කරු අමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබුවා.[5][6]. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ එමගින් මුළු රජයම ඉල්ලා අස්වීමෙන් පසු ඔහු ධූරයෙන් ඉවත් විය. ඔහු 2022 මැයි 20 වැනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නව ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලයේ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය තනතුරට පත් කරන ලදී.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "නව කැබිනට් මණ්ඩලය මෙන්න". අද දෙරණ. 22 ජූලි 2022. සම්ප්‍රවේශය 18 අගෝස්තු 2022.
  2. "සියලු මනාප ප්‍රතිඵල". ගාසිප් ලංකා නිව්ස්. 7 අගෝස්තු 2020. සම්ප්‍රවේශය 14 අගෝස්තු 2022.
  3. "ෆැමලි ජිව්ල්ස් ඔන් පැරේඩ් ඉන් නිව් පාර්ලිමෙන්ට්". ද සන්ඩේ ටයිම්ස් (ශ්‍රී ලංකාව) (ඉංග්‍රීසි බසින්). 23 August 2015.
  4. සමන්, පතිරගේ (7 අගෝස්තු 2020). "2020 GE: Kalutara District preferential votes". www.adaderana.lk (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2020-08-07.
  5. ක්‍රිෂ්ණසායි, සී. "රජය නෙරපා හැරීමේ ඉල්ලීම් මධ්‍යයේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් කැබිනට් අමාත්‍යවරුන් 17 දෙනෙකු පත් කරයි". වයියොන් නිව්ස් (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 18 April 2022.
  6. "නව කැබිනට් අමාත්‍යවරුන් 17 දෙනෙකු ජනාධිපතිවරයා විසින් පත් කරයි". Ada Derana.lk (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය April 18, 2022.
"https://si.wikipedia.org/w/index.php?title=විදුර_වික්‍රමනායක&oldid=658314" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි