ලී යන්ග් ඒ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ලී යන්ග් ඒ
Lee Young Ae
லீ யோங்-அய்
LeeYoungAe 2006.3.18-2.jpg
ලී 2006 මාර්තු මස චීනයේ Qiandao විල අසලදී
උපත ජනවාරි 31, 1971 (1971-01-31) (වයස 43)
සෝල්,  කොරියාව, දකුණු
උගත් ශාස්ත්‍රාලය Hanyang University
(B.A. ජර්මන් භාෂාව සහ සාහිත්‍යය)
Chung Ang University[1]
(M.A. Theater and Film)
වෘත්තිය නිලියක, නිරූපිකාවක
ඒජන්ත Storm S. Company
උස 1.65 m (5 ft 5 in)[1]
කලත්‍රයා(යන්) Jeong Ho-young (2009 – present)
වෙබ් අඩවිය
Lee Young Ae

ලී යන්ග් ඒ (1971 ජනවාරි 31) යනු දකුණු කොරියානු ජනප්‍රිය නිලියකි. ලොව පුරා ප්‍රේක්ෂකයින්, ඇය පිළිබඳව හඳුනාගත්තේ 2003 වසරේදී විකාශය කල තේ චං ගම් නම් අතිශය සාර්ථකත්වයට පත්වූ ඉතිහාසමය කොරියානු කථා මාලාව හරහා සහ 2005 තිරගත කල Sympathy For Lady Vengeance චිත්‍රපටය හරහායි.

වෘත්තීය දිවිය[සංස්කරණය]

1991 දී ප්‍රථම වරට නිරූපිකාවක ලෙස රූපවාහිනී තිරයට පැමිණෙන ලී යන්ග් ඒ, ඉන් ලැබූ ආරම්භයත් සමග පසුව පුංචි තිරයේ සහ රිදී තිරයේ රංගනයටද අවතීර්ණ වූවාය.

රංගන ශිල්පිනියක වශයෙන් ඇගේ ජනප්‍රියත්වය උපරිම තලයකට එසවෙන්නේ, 2003 දී ඇය රඟපෑ තේ චං ගම් ටෙලි නාට්‍යය කොරියාවේ විකාශය වීමෙන් අනතුරුවයි. මෙම ටෙලි නාට්‍යය පසුව ශ්‍රී ලංකාව, තායිවානය[2], හොංකොං[3] සහ චීනය[4] ඇතුළු විදේශ රටවල් ගණනාවකම විකාශය විය.

ඇගේ සාර්ථකත්වය සහ ජනප්‍රියත්වය නිසාම, ජපානය, හොංකොං, සිංගප්පූරුව, තායිවානය සහ චීනය වැනි රටවල් වලින් ලී යන්ග් ඒ ට විවිධ වැඩසටහන් සඳහා ආරාධනා ලැබුණි. 2007 චීනයේ පැවති හාබින් අයිස් සැණකෙලියේ (Harbin International Ice and Snow Sculpture Festival) නියෝජිතවරියක් ලෙසටද ඇය සහභාගී වූවාය.[5]

මීට අමතරව ලී යන්ග් ඒ සමාජ සුභසාධන ක්‍රියාකාරිනියක ලෙසත් කටයුතු කරයි. ඇගේ විශේෂ සුභසාදන කටයුතු කීපයක් ඉන්දියාවේ සහ ඉතියෝපියාවේදී සිදු විය. 2001 අගදී ඇය පල කල “A Most Special Love”[6] ග්‍රන්ථය විකුණා ලැබෙන ආදායමද, සුභසාධන කටයුතු කෙරේ බැර කිරීමටද ලී යන්ග් ඒ පියවර ගත්තාය. 2004 වසරේදී යුනිසෙෆ් (UNICEF) සංවිධානය විසින් ඇයට හොඳහිත වර්ධනය කිරීමෙහිලා වූ තානාපති තනතුරක් පිරිනමන ලදී.

2007 දී ලී යන්ග් ඒ, දකුණු කොරියානු රජය විසින් ලබා දෙන පදක්කමකින්ද (Medal of Culture Merit) පිදුම් ලැබුවාය.[7]

පුද්ගලික ජීවිතය[සංස්කරණය]

2009 අගෝස්තු 24 දින ලී යන්ග් ඒ, කොරියානු සහ අමෙරිකානු ව්‍යාපාරිකයෙකු වන Jeong Ho-young සමග විවාහ වූ[8] අතර 2011 පෙබරවාරි 20, ඇය නිවුන් දරු දෙදෙනෙකු බිහි කලාය.[9]

රංගනයන්[සංස්කරණය]

රිදී තිරය[සංස්කරණය]

වසර චිත්‍රපටය චරිතය
2005 Sympathy for Lady Vengeance (친절한 금자씨) Lee Geum-ja
2001 One Fine Spring Day (봄날은 간다) Eun-su
Last Present (선물) Jung-yun
2000 Joint Security Area (공동경비구역 JSA) Maj. Sophie E. Jean
1999 First Kiss (키스할까요) cameo)
1996 I will do it (인샬라)

පුංචි තිරය[සංස්කරණය]

වසර නම
2003 Jewel in the Palace (대장금 Dae Jang Geum / තේ චං ගම්) (MBC)
2000 Fireworks (불꽃 Bulkkot) (SBS)
1999 Enbireyong (은비령 Eunbiryeong) (KBS)
1999 Invitation (초대 Chodae) (KBS)
1999 Wave (파도 Pado) (SBS)
1998 Advocate (애드버킷 Aedeubeokit) (MBC)
1998 Romance (로맨스 Romaenseu) (SBS)
1997 Because I Love You (사랑하니까 Sarang hanikka) (SBS)
1997 The Reason I Live (내가 사는 이유 Naega saneun yiyu) (MBC)
1997 Medical Brothers (의가형제 Uiga hyeongje) (MBC)
1996 Sibling Relations (동기간 Dongkikan) (MBC)
1996 Their Embrace (그들의 포옹 Geudeului poong) (MBC)
1996 Papa (파파 Papa) (KBS)
1995 West Palace (서궁 Seogung) (KBS)
1995 Love and Marriage (사랑과 결혼 Sarangkwa kyeolhon) (MBC)
1995 Asphalt Man (아스팔트 사나이 Aseupalteu sanai) (SBS)
1994 Dash (질주 Jilju) (SBS)
1993 How's Your Husband? (댁의 남편은 어떠십니까? Daegui nampyeoneun eotteoshimnikka?) (SBS)

ලැබූ සම්මාන[සංස්කරණය]

  • 1994 SBS Drama Awards, හොඳම නවක නිලිය.
  • 1995 KBS Drama Awards, ජනප්‍රියම සම්මානය.
  • 1996 MBC Drama Awards, දක්ෂතම නිලිය.
  • 1997 SBS Drama Awards, හොඳම නිලිය.
  • 1998 SBS Drama Awards, හොඳම නිලිය.
  • 1999 KBS Drama Awards, ජනප්‍රියම සම්මානය.
  • 2001 Korea Movie & Music Awards, Photogenic Prize for Actress
  • 2001 Pusan Film Critics Awards, හොඳම නිලිය. (One Fine Spring Day වෙනුවෙන්)
  • 2003 MBC Drama Awards, Grand Prize
  • 2005 International Film Festival of Catalunya, හොඳම නිලිය. (Sympathy For Lady Vengeance වෙනුවෙන්)
  • 2005 Blue dragon film award, හොඳම නිලිය. (Sympathy For Lady Vengeance වෙනුවෙන්)
  • 2006 Baeksang award, හොඳම නිලිය. (Sympathy For Lady Vengeance වෙනුවෙන්)
  • 2006 Cinemanila International Film Festival හොඳම නිලිය. (Sympathy for Lady Vengeance වෙනුවෙන්)[10]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 이영애 "Nate Profile". 
  2. "《大長今》熱播台灣創下韓劇收視率新高". Chinese.chosun.com. 2004-07-22. සම්ප්‍රවේශය 2010-02-21. 
  3. "《大長今》最后一集收視率在港創新高". Chinese.chosun.com. 2005-05-05. සම්ප්‍රවේශය 2010-02-21. 
  4. "中國掀起狂烈的《大長今》熱潮". Chinese.chosun.com. 2005-09-29. සම්ප්‍රවේශය 2010-02-21. 
  5. "李英愛將成為中國哈爾濱名譽市民". Chinese.chosun.com. 2006-12-28. සම්ප්‍රවේශය 2010-02-21. 
  6. us.yesasia.com A Most Special Love with partial English translation
  7. "組圖:李英愛榮獲文化獎章". Chinese.chosun.com. 2007-09-03. සම්ප්‍රවේශය 2010-02-21. 
  8. "Actress Lee Young-ae Secretly Married in U.S". The Chosun Ilbo. 2009-08-26. සම්ප්‍රවේශය 2010-02-21. 
  9. "Lee Young Ae gives birth to twins". allkpop.com. 2011-02-20. සම්ප්‍රවේශය 2011-02-16. 
  10. http://www.cinemanila.org.ph/

භාහිර සබැදි[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=ලී_යන්ග්_ඒ&oldid=286150" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි