ලිෂාන් පෙරේරා

විකිපීඩියා වෙතින්
ලිෂාන් කපුටා පෙරේරා
උපත1994 ජුලි 03
කොළඹ , ශ්‍රී ලංකා
ජාතිකත්වයශ්‍රී ලංකාව Sri Lanka
අධ්‍යාපනයColombo International School
වෘත්තියනවකතා රචක
දේශපාලන පක්ෂයඑක්සත් ජාතික පක්ෂය
ආගමරෝමන් කතෝලික
වල්ලභයාරොෂෙල් පෙරේරා
Website
lishanperera.co.uk

වර්ෂ 1994 ජුලි 03 වැනි දින උපත ලැබු ලිෂාන් පෙරේරා ශ්‍රී ලාංකික තරුණ කතුවරයෙකි. ලොව ලාබාලතම ග්‍රන්ථ කතුවරුන් අතරට ඔහු ද අයත් වෙතැයි නොසැලකේ. ඔහු විසින් රචනා කරන ලද ග්‍රන්ථ ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව ඇත.[තහවුරු කර නොමැත] ශ්‍රී ලංකාව, සිංගප්පුරුව, මැලේසියාව, පුකදේශය, වියට්නාමය සහ ඉන්දුනීසියාව ආදි රටවල් 20 කට අධික සංඛ්‍යාවක ඔහුගේ ග්‍රන්ථ අළෙවි වේ[තහවුරු කර නොමැත].

ඔහු විසින් රචනා කරන ලද ග්‍රන්ථ අතරට ද කිලර් (The Killer-ඔහුගේ මුල්ම ග්‍රන්ථයයි); ටයිම් ටු ඩයි (Time to Die-මෙය නිව්යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුව සම්බන්ධ ත්‍රාස ජනක නවකතාවකි) සහ Pure Evil (පුක නපුරු - පාවාදීම සහ මීනිමැරුමක් සම්බන්ධ නවකතාවකි) යනාදිය අයත්වෙයි.

පෞද්ගලික තොරතුරු[සංස්කරණය]

ලිෂාන් පෙරේරා 1994 වසරේ ජුලි මාසයේදී කොළඹ දී උපත ලැබීය. පවුලේ එකම දරුවා වු ඔහුට සිය ලේඛන කලාව සදහා ආභාෂය සහ ශක්තිය ලැබී ඇත්තේ ඔහුගේ දොමාපියන්ගෙනි.[තහවුරු කර නොමැත] 1999 වසරේදී ඔහු Colombo International School නම් ජාත්‍යන්තර පාසලට ඇතුළත් වූයේය. ඔහු විසින් මුල්වරට රචනා කෙරුණු කෙටිකතාව The Rabbit Who Went to the Moon නම් විය. එය රචනා කරන අවධිය වන විට ඔහුගේ වයස අවුරුදු 6 කි. එනම් ඔහු 2 වැනි වසරේ පාසැල් ශිෂ්‍යයෙකි. ඔහු ප්‍රකාශ කරන අන්දමට ඔහුට එම කෙටිකතාව රචනා කිරීමට හේතුව වුයේ එසේ නොකරන අවස්ථා වලදී ඔහු විවිධ කරදරයන්ට පත්වීමයි.[තහවුරු කර නොමැත] මෙසේ තම පළමු කෙටිකතාව රචනා කිරීමත් සමග ඔහු ලිවීම ලිවීමෙන් තෘප්තියක් ලැබුවේය. ඔහු එම කෙටි කතාව තම ගුරුවරුන් වෙත ඉදිරිපත් කළේය. ඔහුගේ උත්සාහය පිළිබද ගුරුවරු දැඩි ලෙස සතුටට පත්වූහ. මෙය ඔහුගේ ජීවිතයේ ඉතා වැදගත් සන්දිස්ථානයක් විය. ලිෂාන් පෙරේරාට අනුව මෙම සිද්ධියත් සමග ඔහු ලිවීම සදහා තමා තුළ වු ආශාව සහ හැකියාව හදුනාගන්නා ගත්තේය. එතැන් පටන් ලිවීම ඔහු දිගටම කරගෙන යන ලදී. ඔහු ක්‍රීකට් ක්‍රීඩාවට දැඩි ලෙස ඇලුම් කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔහුගේ ප්‍රියතම ක්‍රිකට් කණ්ඩායමයි.

කර්තෘ ජීවිතය මුල් අවධිය තම නිර්මාණයන් ප්‍රකාශයට පත් කළ ඔහු රචකයෙකුවීමට ප්‍රථම තම සතුට සදහා කෙටි කතා සහ කවි ගණනාවක් රචනා කරන ලදී. කෙසේ නමුත් මුල්වරට නවකතාවක් රචනා කිරීම පිළිබද අදහස ඔහුට පහළ වුයේ 2005 වසරේ දීය. ආරම්භයේදී ඔහු අසාර්ථක ආරම්භයන් කිහිපයක් සිදු කළ අතර පසුව ඔහු ඒවා අත්හැර දැමුවේය. ඊට හේතුව වුයේ ඒවා හොද තත්ත්වයේ නොමැති බව ඔහුට හැගීමයි. කෙසේ නමුත් අවසානයේදී ඔහුගේ මාපියෝ ඔහුව දැඩි ලෙස දිරිමත් කළහ. සම්පුර්ණ නව කතාවක් රචනා කිරීම සදහා අවශ්‍ය හැකියාව ඔහු සතු බවට මාපියෝ ඔහුට ඒත්තු ගැන්වූහ.

The Killer ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීම[සංස්කරණය]

2006 වසරේ මාර්තු මාසයේදී මාස තුනක් තිස්සේ ලිවීම, නැවත ලිවීම සහ සංස්කරණය කිරීම ආදිය අවසානයේ පෙරේරා තම ප්‍රථම නව කතාව වු The Killer ග්‍රන්ථය ලියා නිම කළේය. ලිෂාන් පවසන ආකාරයට තම ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීම ඉතා අපහසු වේයැයි හැගීමක් ඔහු තුළ වු අතර ප්‍රකාශන ආයතන තම ග්‍රන්ථය ප්‍රතික්ෂේප කරතැයි ඔහු තුළ බියක් විය. කෙසේ වුවත් ඔහුගේ විශ්මයට සහ සතුටට හේතු වු පරිදි ඔහු තම ග්‍රන්ථය ඉදිරිපත් කළ ප්‍රථම ප්‍රකාශන ආයතනය වු විජිත යාපා ආයතනය විසින් ඔහුගේ ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීමට භාර ගන්නා ලදී.

ඔහුගේ ග්‍රන්ථය 2006 දොසැම්බර් මස 03 වැනි දින ප්‍රකාශයට පත්විය.

සටහන්[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ලිෂාන්_පෙරේරා&oldid=500120" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි