රුවන් එම්. ජයතුංග

විකිපීඩියා වෙතින්
රුවන් එම්. ජයතුංග
Dr Ruwan M. Jayathunga
උපත
නිවහනකැනඩාව
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
තනතුරවෛද්‍ය මනෝ චිකිත්සක
ආගමබෞද්ධ

වෛද්‍යවරයෙකු[තහවුරු කර නොමැත] ලෙස තම වෘතිය ජීවිතය ආරම්භ කළ වෛද්‍ය රුවන් එම් ජයතුංග (ඉංග්‍රීසි: Ruwan M Jayatunge) කොලොන්ගොඩ ග්‍රාමීය රෝහලේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරී[තහවුරු කර නොමැත] ලෙසටද මිනිපේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී[තහවුරු කර නොමැත] ලෙසටද මුලින් සේවය කොට පසුව මීගමුව මුලික රෝහල, උතුරු කොළඹ ශික්ෂණ රෝහල, හලාවත මුලික රෝහල සහ කොළඹ යුද හමුදා රෝහල යන රෝහල් වල සේවය කරන ලදි[තහවුරු කර නොමැත]. ඔහු එංගලන්තයේ බාන්ස්ලි විද්‍යාලයෙන් ළමා මනෝ විද්‍යාවද, කැනඩාවේ හම්බර් විද්‍යාලයෙන් මනෝ සමාජීය පුනරුථාපනය පිළිබඳවද හදාරා තිබේ[තහවුරු කර නොමැත]. එසේම ඇමරිකාවේ ෆිලඩෙල්ෆියාවේ කෝට්ස්විල් ප්‍රතිකාර ආයතනයේ මනෝ විද්‍යාඥ සුසන් රොජර්ස් යටතේ EMDR මනෝ ප්‍රතිකාරය පිළිබඳ පුහුණුව ලබා තිබේ[තහවුරු කර නොමැත]. ඔහු පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාව පිළිබඳ පරියේශන පත්‍රිකා කීපයක්ද පළ කොට ඇත[තහවුරු කර නොමැත]​. දැනට කැනඩාවේ යෝර්ක් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යනයන් හදාරන ඔහු සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් කෘතීන් පල කොට තිබේ[තහවුරු කර නොමැත].

ජීවන සටහන්[සංස්කරණය]

රුවන් කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

සාහිත්‍යකාමිත්වය (සිංහල)[සංස්කරණය]

සාහිත්‍යකාමියෙකු ද වන වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් ලියා පළ කළ පොත් පත් කිහිපයක් පහත දැක්වේ. මේ ලේඛනයේ සඳහන් නොවූ පොත් ද තවමත් මුද්‍රණයේ පවතින පොත් ද වේ.

  • මල් වැනි දරුවන් - ගොඩගේ ප්‍රකාශනයකි.
  • අධ්‍යාපන ප්‍රතිකාර -සර්වෝදය විශ්වලේඛා ප්‍රකාශනයකි.
  • මනෝ විද්‍යාත්මක උපදේශනය - (විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය)
  • ප්‍රතිකාරාත්මක උපදේශනය - (විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය)
  • දිවි නසා ගැනීමේ චර්යාව හා උපදේශන ප්‍රතිකාර මනෝ රෝග විශේෂඥ නීල් ප්‍රනාන්දු සමඟ
  • විශාදය හා මනෝ ප්‍රතිකාරය - මනෝ රෝග විශේෂඥ නීල් ප්‍රනාන්දු සමඟ
  • ජෝන් එෆ් කෙනඩි - ජීවිතය සහ මරණය (විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය)
  • ඉවාන් ගේ ලෝකය (විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය)
  • මිනිසුන් තුළින් ලෝකය දුටුවෙමි (විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය)
  • යුද ආතතියේ මනෝවිද්‍යාත්මක බලපෑම (විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය)
  • මනෝ විශ්ලේෂණ ප්‍රතිකාරය
  • පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාව (විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය)
  • සංග්‍රාම විඩාව සහ යුද ආතතිය (විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය)
  • ප්‍රභාකරන් සාධකය පිළිබඳ මනෝවිද්‍යාත්මක විශ්ලේශණයක් (සංචිත ප්‍රකාශකයෝ)
  • ව්‍යසනයන් සහ මනෝවිද්‍යාත්මක පසුබිම - ව්‍යසන උපදේශනය මනෝ රෝග විශේෂඥ නීල් ප්‍රනාන්දු සමඟ
  • සංග්‍රාමයෙන් පසු - සරසවි ප්‍රකාශනයකි
  • ජාතක කථා මනෝ විද්‍යාත්මක ඇසින් - ගොඩගේ ප්‍රකාශනයකි
  • භින්නෝන්මාදය - සරසවි ප්‍රකාශනයකි

සාහිත්‍යකාමිත්වය (ඉංග්‍රීසි)[සංස්කරණය]

  • PTSD Sri Lankan Experience
  • Shell Shock to Palali Syndrome - Sarasavi Publishers
  • Psychoanalysis with Clinical Evidence
  • Psychological Management of Sexual Trauma Victims
  • Trauma Counseling
  • Combat Stress
  • PTSD Post Traumatic Stress Disorder – Vishva Lekha Publishers
  • Rhythm of Life (Poetry)
  • EMDR Sri Lankan Experience -Sarasavi Publishers
  • Buddhism and Psychology
  • Stress in Security Forces – (Co-Author) ICFAI- India

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=රුවන්_එම්._ජයතුංග&oldid=601550" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි