මුතුමුදලිගේ නිශ්ශංක

විකිපීඩියා වෙතින්
Muthumudalige Nissanka
මුතුමුදලිගේ නිශ්ශංක
මුතුමුදලිගේ නිශ්ශංක (Eng: Muthumudalige Nissanka )
උපත
Muthu Mudalige Nissanka

20 පෙබරවාරි 1988 (1988-02-20) (වයස 36)
නිවහනZollikofen, Switzerland
ජාතිකත්වයSri Lankan
වෙනත් නම්Nissh.Em
අධ්‍යාපනයSt Lucia's College, D.S.Senanayake College, Yerevan State University Northwestern University
උගත් ශාස්ත්‍රාලයYerevan State University
Northwestern University
රැකියාවAuthor, Creative Publisher, Entrepreneur, Director
සක්‍රීය වසර2019–present
කලත්‍රයා(යන්)Lusi Serobyan
දෙමව්පියන්
  • Muthu Mudalige Nimal (පියා)
  • Dammika Fernando (මව)
වෙබ් අඩවියhttps://nisshem.com/

මුතුමුදලිගේ නිශ්ශංක (ඉංග්‍රීසි: Muthumudalige Nissanka)

දිවියේ තොරතුරු[සංස්කරණය]

මුතුමුදලිගේ නිශ්ශංක 1988 වර්ෂයේ පෙබරවාරි මස 20 වන දින කොළඹ කොටහේනේ දී උපත ලැබුවේය. කොටහේන යනු කොළඹ නගරයේ ඇති වැඩිම ජනගහනයක් වාසය කරන ප්‍රදේශය සේම සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් වැනි විවිධ ජාතීන්ට අයත් ජනවර්ගයාද වෙසෙන ප්‍රදෙසකී. මෙම විවිධ සංස්කෘතීන් සහා සම්ප්‍රදායන්ගේ මිශ්‍ර වීම ඔහුගේ පසුකාලීන නිර්මාන වලටද හේතුවූ බැව් පෙනෙයි. එසේම ලෝකයේ රටවල් බොහෝමයකම සංචාරය කර ඇති ඔහු තම නිර්මාන වල පසුතලය ලෙස අර්මේනීයාව, ජොර්ජියාව, ඇමෙරිකාව, එස්ටෝනියාව, රුසියාව, ඉන්දියාව වැනි රටවල්ද මූලාශ්‍ර කොටගෙන ඇත. මේ වන විට ඔහු සිය බිරිඳත් සමග ස්විස්ටර්ලන්තයේ සොලිකොෆේන් හී වාසය කරයි.

මුල් කාලය සහ අධ්‍යාපනය[සංස්කරණය]

වයස අවුරුදු පහේදී නිශ්ශංක සිය නිවසේ දී සහ කොළඹ පරමානන්ද විහාරයේ නායක හිමියන්ගෙන් සිංහල අකුරු උගත්තේ ය. එයින් වසර තුනකට පසුව කොළඹ කොටහේනේ ශාන්ත ලුසීයා දේවස්ථානය මගින් පාලනය වූ ශාන්ත ලුසියා පාසැලෙන් මූලික අධ්‍යාපන ලබා, කොළබ ඩී.එස්.සේනානායක විදුහලට ඇතුළු විය. පාසැලේ ශිෂ්‍ය නායකයෙකු සේම සාහීත්‍ය සංගමයේද සාමාජිකයෙකු වූ ඔහු පාසැල් කාලයේ සිටම PEACE සංවිධානය සමගත්, UNICEF සංවිධානය සමගත් තරුණ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස සේවය කොට ඇත. 2000 වසරේදී පිලිපීනයේ මැනිලා නුවර පැවති ළමුන් වාණිජමය ලිංගික සූරාකෑමට එරෙහිව තරුණයින්ගේ සහභාගීත්වය පිළිබඳ ජාත්‍යන්තර සමුළුව සඳහාද 2001 වසරේදී ඩකා අගනුවර පැවතී ළමුන් වාණිජ ලිංගික සූරාකෑමට එරෙහි දෙවන ලෝක සම්මේලනය සදහාද, 2002 වසරේ ජපානයේදී පැවතී ළමුන් ආරක්ෂා කිරීම සදහා වූ ලෝක සම්මේලනය සඳහාද සහාභාගී වී ඇත. පාසැල් වියෙන් පසුව PEACE සංවිධානයේම සංවිධායකවරයෙකු ලෙස සේවය කර ඇති ඔහු එයින් පසුව අර්මේනීයාවේ යෙර්වාන් විශ්ව විද්‍යාලයට ඇතුළුවී ව්යාපාර කළමනාකරණය උපාධිය සහා රුසියානූ භාෂාවත්, චිකාගෝ හී හම්බර්ගර් විශ්ව විද්‍යාලයෙන් කළමනාකරණයත්, ඇමෙරිකාවේ නෝත්වෙස්ටර්න් විශ්ව විද්‍යාලයෙන් මාධ්‍ය කළමනාකරණය පිළිබදවත් වැඩිදුරටත් හදාරා ඇත.

සාහිත්‍යය සේවය[සංස්කරණය]

මුතුමුදලිගේ නිශ්ශංක ඔහුගේ මුල්ම කෘතිය වන ලස්සන කෙටිකතා පනහක් 2019 වර්ෂයේ අග භාගයේදී එළිදක්වන අතර එය අභිප්‍රේරණ කෙටිකතා 50කින් සමන්විත පිටු 200යක කෘතියකි. එහින් පසුව ගෝහාර් නමින් ඔහුගේ දෙවන කෘතිය වන අද්භූත ශානරයේ කෘතිය එළිදක්වන ඔහු එයින් පසුව මේ දක්වා ප්‍රකාශයට පත් කොට ඇති කෘතීන් ප්‍රමාණය 17 කට අධ්කය. තම කෘතීන් තුළින් ශ්‍රි ලංකා සමාජ, සංස්කෘතිය, ආගමික සහ දේශපාලනය තුල ඇති අඳුරු පැති කඩවල් නිරන්තරයෙන්ම කතිකාවතට සහ විවේචනාත්මක විශ්ලේෂණයකට ලක් කරන අතර, ඔහු විසින් රචනා කල ත්‍රිත්ව කෘතිය තුළින් ශ්‍රි ලංකා සම්ප්‍රදාය තුළින් පිටුදකින්නාවු සමලිංගිකත්වයත්, බාබා එක්ස් කෘතියෙන් ආගමික මිථ්‍යාවත්, ආසික්ලන්තය තුළින් දේශපාලනික අසාර්ථකත්වයත්, බෝම්බ තුනක් කෘතියෙන් දමිල ත්‍රස්ත්‍රවාදයත්, කොලඹ ප්‍රහාරය තුළින් ඉස්ලාමිය අන්තවාදයත්, පෝ කෘතියෙන් සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ට ශ්‍රී ලංකාව තුළ අත්වී ඇති ඉරණම සේම, ඔහුගේ 11 කෘතියෙන් ආගම සහ සම්ප්‍රදායන් මූලාශ්‍ර කොට ගෙන ඇති කරගන්නා වූ මිථ්‍යා විශ්වාස තුළින් ජීවීත වල ඇතිවන පෙරළියත් ඉතාමත් කුතුහලාත්මක ප්‍රබන්ධයන් ලෙස ඉදිරිපත් කොට ඇත. ඔහුගේ සියළුම කෘතීන් තුළින් සමාජීය හෝ සම්ප්‍රදාය තුළ ඇති අඳුරු පැතිකඩක් එළිදරව් කරන අතර ඒ නිසාම එම කෘතීන් සමාජය තුළ දැඩි විවේචනයට සහා දෝෂාරෝපනයටද ලක්වී ඇත්තේය.

නවකතා[සංස්කරණය]

  • ගෝහාර්[1]
  • ත්‍රිත්ව
  • බෝම්බ තුනක්
  • එක දවසක් රෑ[2]
  • පෝ
  • බේබී
  • මීෂා[3]
  • වීනස්
  • බාබා එක්ස්
  • කොළඹ ප්‍රහාරය[4]
  • හඳට ගල් ගැසු කොල්ලෙක්
  • මේ අත කාගෙද
  • ආසික්ලන්තය[5]
  • 11

කෙටිකතා[සංස්කරණය]

  • ලස්සන කෙටි කතා පනහක්
  • රත්තරං වටින කතා

පරිවර්තන[සංස්කරණය]

මේවාද බලන්න[සංස්කරණය]

Awards[සංස්කරණය]

  • 2022 "හඳට ගල් ගැසූ කොල්ලෙක්" ගොඩගේ සාහීත්‍ය සම්මාන[6] නිර්දේශය.

බාහිර සබැදි[සංස්කරණය]

  1. https://opac.lib.uom.lk/cgi-bin/koha/opac-imageviewer.pl?biblionumber=179457%20thumbnail-shelfbrowser
  2. https://opac.lib.uom.lk/cgi-bin/koha/opac-imageviewer.pl?biblionumber=179453%20thumbnail-shelfbrowser
  3. https://opac.lib.uom.lk/cgi-bin/koha/opac-detail.pl?biblionumber=179456
  4. https://www.bbc.com/sinhala/articles/c4ndzr2kyx2o
  5. https://nisshem.com/asiklanthaya/
  6. https://theleader.lk/hansa-wila/18926-2023-08-30-09-18-32

Categories:

"https://si.wikipedia.org/w/index.php?title=මුතුමුදලිගේ_නිශ්ශංක&oldid=659085" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි