මුතු

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
මුතු

මුතු වැලක්
General
Category Mineral
රසායනික සූත්‍රය CaCO3
Identification
පාට / පැහැය

white, pink, silver-, cream-, brown, green, blue, black, yellow, rainbow

2369
Cleavage none
Mohs scale hardness 2.5–4.5
Streak white
Specific gravity 2.60–2.85
Dispersion none
Ultraviolet fluorescence weak, cannot be evaluated. Genuine black p .: Red to reddish River-p.: Strong: pale green

මුතු හා මුතුපරවල තිඹිරිගෙය සප්ත මහා සාගරයයි. මේ වටා ගෙතී ඇත්තේ හරි අපූරු කතාන්දරය. මහ මුහුද මුතු සඟවාගෙන විසිරී පැතිරී පවතින රහස්‌ ගුහාවක්‌ වැනිය. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර ශූරීන් මුතු ගැන වරෙක පවසා සිටියේ මුතුඇට මෙන්ම වූ හරි ලස්‌සන කතාවකි.

මුතු

සාගර කුස තුළ සිsටින මුතු බෙල්ලකුගේ කුසට කැති නැකතකින් තුෂර බිංදුවක්‌ ඇතුළු වූ විට මුතුබෙල්ලා එය අනර්ඝ ලෙස මුතු ඇටයක්‌ බවට පත්කරන බැව් සංස්‌කෘත ශ්ලෝකයක්‌ උපුටා දක්‌වමින් හෙතෙම සඳහන් කළේය.

සැබැවින්ම අපේ

මුතු කර්මාන්තය[සංස්කරණය]

මුතු කර්මාන්තයට ඇත්තේ දිගු ඉතිහාසයකි. අනාදිමත් කාලයක සිටම මේ පුංචි දිවයින ඉන්දියන් සාගරයේ මුතුඇටය වශයෙන් විරුදාවලිය ලැබුවේ එබැවිනි. වෛදික යුගයේ අශ්ව මේධය සඳහා සැරසීමට මුතු ගෙන යනු ලැබුවේ ලක්‌දිවින් යෑයි ද මතයක්‌ පවතී. එමෙන්ම දේවානම්පියතිස්‌ස රජතුමා අශෝක රජතුමා වෙත යෑවූ තෑගි අතර මුතු ද තිබූ බව සඳහන් වේ. පුරාතනයේ සිටම ලංකාව පෙර අපර දෙදිග වැදගත් වෙළෙඳ මධ්‍යස්‌ථානයකි. එකල ලංකාවෙන් වැඩි වශයෙන්ම අපනයනය කරන ලද්දේ මුතු මැණික්‌ ඇත්දත් සහ දළ ඇතුන්ය.

මේ තුළින් පැහැදිලි වන්නේ පුරාතනයේ සිටම ලංකාව මුතුවලින් පොහොසත්ව තිබූ බවය.

මුතුබෙල්ල
මුහුදු තීරයේ මුතු කර්මාන්තය

මුතු ඉතිහාසය[සංස්කරණය]

මුතු ගැන කතා කරන විට කාන්තාවන් ගැන කතා නොකරම බැරිය. කාන්තාව මුතුවලට දැක්‌වූයේ දැඩි ඇල්මකි. ලොල්බවකි. ස්‌ත්‍රියගේ කරේ තිබුණු මුතු දෙපට ගැන අපේ ජනකවීන් හරි අපූරුවට වර්ණනා කොට ඇත්තාහ. මේ එවැනි ජනකවියෙකි.

කටුගස්‌තොටේ මම තනියම නාන කොට ළමිස්‌සියක්‌ බැස්‌සයි මගෙ ඉස්‌සර ට කරේ තිබුණු මුතු දෙපටේ ලස්‌සන ට ගෙන යන්නට සිතුනයි මට ඈ ගමට

එමෙන්ම ඉසුරුමුණි පෙම් යුවළගේ ද පයෝදර දක්‌වා වැටෙන මුතු දෙපටක්‌ ආභරණ වශයෙන් තිබී ඇත. මුතු කෙළිය ද එකල කාන්තාවන් අතර පැවැති ඉතා පැරණි ක්‍රීඩාවකි. මෙම ක්‍රීඩාව එකල රජමැඳුරටත් ධනවතුන්ටත් පමණක්‌ සීමා වූ අතර පසුව එය පොදු ජනතාව අතරට ද පැමිණියේය. මේ මුතු කෙළිය ගැන සඳහන් ජනකවියකි.

උදාරමට මුතු කෙළිනා සීරු ව සැදී දෙපිල අඟනන් සිට මාරු ව අතේ වළලු නද දෙති එක සීරු ව මේදා නෑනේ දෙනවද මුතු පෝරු ව

ඒ රෝමයේ සිටි රැජිනක්‌ වූ ක්‌ලියෝ පැට්‌රා නමැත්තිය ද මුතු ආභරණ සඳහා දැඩි ලොල් බවක්‌ දැක්‌වූ තැනැත්තියකි.

මුතු ගැන සෞන්දර්යාත්මකව ගෙතී ඇති කතාන්දර ද බොහෝය. එහෙත් මහ සයුරේ මුතු හටගන්නේ මේ ආකාරයෙනි. එකල ශ්‍රී ලංකාව ආශ්‍රිත නොගැඹුරු මුහුදු තීරයේ මුතුපර විශාල වශයෙන් තිබුණි. මුතුබෙල්ලන් වැඩි වශයෙන් බෝවන්නේ නොගැඹුරු මුහුදු තීරයේය. මෙහිදී අවශ්‍ය උෂ්ණත්වය, ගල්පර නිසා ඇතිවන පෙන සුපයන් මුතුබෙල්ලන් බෝවීම කෙරෙහි විශාල වශයෙන් බලපායි.

විවර වූ මුතු බෙල්ල

දැඩි ලෙස මුහුද කැළඹීමත් සමඟ මුතු සෑදීම සඳහා මුතුබෙල්ලන් ප්‍රවිශ්ඨ වීම සිදුවේ. මෙහිදී වැලි සිප්පිකටු කැබලි, කොරල් කැබැලි ආදී ආගන්තුක ද්‍රව්‍ය මුතුබෙල්ලන් තුළට ඇතුළුවීම ස්‌වාභාවිකව සිදුවේ. විවර වූ මුතු බෙල්ලන් තුළට මෙම ආගන්තුක ද්‍රව්‍ය ඇතුල් වීමත් සමඟ බෙල්ලාගේ ශරීරය තුළින් එකී ආගන්තුක ද්‍රව්‍ය ප්‍රතික්‍ෂේප කිරීමට උත්සාහ දරයි.

මුතුඇටයේ භරස්කඩ

එම උත්සාහයේදී මුතුබෙල්ලාගෙන් පිටවන කිසියම් රසායනික ද්‍රව්‍යයක්‌ බාහිරින් පැමිණි ආගන්තුක ද්‍රව්‍ය වටා නිරන්තරයෙන් බැඳීම හෝ රැස්‌වීම නිසා ස්‌වාභාවික මුතු ඇති වේ. එම වෑස්‌සෙන ආගන්තුක ද්‍රව්‍ය බොහෝ විට බෙල්ලාගේ කටුව දෙපස තැන්පත් වේ. මේවායේ ද මුතු සෑදී තිබේ.

මුතු බෙල්ලකු හමු වූ විට මුතු ඇටය පාටින් ම එම බෙල්ලාගේ කටුව ඇතුළත ඉතා ඉහළ දීප්තියකින් යුතු මුතු වැනිම වූ පටලයක්‌ බැඳී තිබීම නිසා ඉක්‌මනින් මුතු බෙල්ලන් හඳුනාගත හැකිය.

මුතු ව්‍යාප්තිය[සංස්කරණය]

ත්‍රිකුණාමලයේ මෙන්ම මන්නාරම් බොක්‌ක ආශ්‍රිතව මුහුදු තීරයේ මුතු කර්මාන්තය එකල ව්‍යාප්තව පැවතුණි.

මන්නාරම් බොක්‌කේ ඔබ්බෙහි පිහිටි ප්‍රධාන ගොඩබිමේ වැලි සහිත වෙරළේ ඇවිදීමට ගියෙමු. මෙහි දකුණු කොරෙන්මරිච්චකඩෙයි යන ස්‌ථානයේ සහ උතුරු කොරෙන්අරිප්පු යන ස්‌ථානයේ කටු ඇඹිල්ල පඳුරු සහිත කටු පඳුරු ආසන්නයෙහි මුතු වාඩි දැකිය හැකිය. අනාදිමත් කාලයක සිට මේ වාඩිවල සිට මුතුපර කඩා ගන්නා ලදී. මේ ස්‌ථාන දෙක අතර දස ලක්‍ෂ ගණනක්‌ මුතු බෙල්ලන්ගෙන් සැදිගත් මුතුපර කඳු වශයෙන් දැකිය හැකි අතර මේ මුතු බෙල්ලන් වසරින් වසර මුතු කිමිදෙන්නන් විසින් කඩා ගනු ලැබිණි.

Pearls.jpg


මන්නාරම් බොක්‌ක ආශ්‍රිත මුහුදු තීරයේ ස්‌වාභාවික මුතුපර[සංස්කරණය]

අද මන්නාරම් මුහුදු තීරය ආශ්‍රිත මුතු පර තර්ජනයට ලක්‌වෙලා තිබෙනවා. මිනිස්‌ ක්‍රියාකාරකම්, පාරිසරික හේතු, මිහිතලය උණුසුම් වීම, සාගරයේ උණුසුම මෙම තත්ත්වයට හේතු වී තිබෙනවා.

මුතු පර වඳ වී යාම[සංස්කරණය]

මුතුවාඩි පවත්වාගෙන ගිය අය විසින් රන්බිජු ලබාගැනීමේ හදිසියෙන් පෙළුණු නිසා නොමේරූ මුතුපර පවා සූරාගැනීම නිසා මුතුපරවල තිබූ සාරවත් බව නැතිකර දැමූහ. මෙසේ නොමේරූ මුතුපර කඩාගැනීමේ අදූරදර්ශී ක්‍රියාව නිසා මුතුබෙල්ලන්ගේ බෝවීම මර්දනය වීම හෝ සම්පූර්ණයෙන්ම නැතිවී යැම සිදු විය.

චීනයේ වසරකට ටොන් සියයක්‌ පමණ මුතු නිෂ්පාදනය කරයි. ලෝකයේ මුතු නිෂ්පාදනය කරන රටවල වසරකට මුතු වෙළෙදාමෙන් උපයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 2.5 කි.


මුතුබෙල්ලන් වගා කිරීම[සංස්කරණය]

මුතුබෙල්ලන් වගා කොට ගොඩට ගෙන පියන්පත් දෙක විවෘත කොට විද්‍යාත්මකව ශල්‍යකර්මයක්‌ සිදු කෙරෙයි. ඉන්පසු කෘත්‍රිම මුතුඇටයක්‌ සහ රසායනික ද්‍රව්‍යයද එක් කොට ප්ලාස්‌ටික්‌ පෙට්‌ටියක අසුරා යළි වතුරට දමනු ලැබේ.

"http://si.wikipedia.org/w/index.php?title=මුතු&oldid=286205" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි