කොරල්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
කොරල්
Pillar coral, Dendrogyra cylindricus
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Animalia
වංශය: Cnidaria
වර්ගය: Anthozoa
Ehrenberg, 1831
Extant Subclasses and Orders

Alcyonaria
   Alcyonacea
   Helioporacea
Zoantharia
   Antipatharia
   Corallimorpharia
   Scleractinia
   Zoanthidea
[1][2]  See Anthozoa for details

කොරල් යනු මුහුදු ජීවියෙකි.මෙම සත්ව විශේෂය ඇන්ත්‍රොසියා ගණයට හා ක්ලිඩේරියා වංශයට අයත් වේ. සාමන්‍යයෙන් එකම විදියේ බහුපාවන් රාශියක් ජනපදයක් වශයෙන් වාසය කරයි. නිවර්තන කලාපීය සාගර වල ජීවත් වන මොවුන් කැල්සියම් කාබනේට් ඝන සැකිල්ලට වෑස්සීම කොරල් පර වල නිර්මණයට වැදගත් වේ.

කොරල් වල ශිර්ෂය යනු සිය ගණනක් වූ ලිංගිකව වෙන වෙනම හදුන ගත හැකි බහුපාවන් වේ. මොවුන් සියලු දෙනාම පන නැති සතුන් වන අතර සාමාන්‍යයෙන් ප්‍රමානයෙන් විශ්කම්භය මිලිමීටර් කිහිපයක් ද දිග සෙන්ටිමීටර් කිහිපයක් ද වේ.එහි මැද ග්‍රාහිකවන් රශියක් මුඛයක් ලෙස විවෘතව පවතී. අභ්‍යන්තර ඝන පටලය මගින් මුල අසලට අපද්‍රව්‍ය මුදාහරි. එහි මැද ග්‍රාහිකවන් රශියක් මුඛයක් ලෙස විවෘතව පවතී. අභ්‍යන්තර ඝන පටලය මගින් මුල අසලට අපද්‍රව්‍ය මුදාහරී. එසේ කිරීමෙන්, මෙම කොරල් විසින් පරම්පරා ගනකට පසු ඝන සැකිල්ලක් සෑදීම මෙම විශේෂයේ ලක්ෂණයක් වේ.මෙම එකිනෙකට වෙන්වු බහුපාවන් අලිංගිකව ප්‍රචාරනය වේ. තවද කොරල් ලිංගික ප්‍රචාරනය බිත්තර දැමීම මඟින් සිදුකරන අතර, මෙය එකම විට වරක් හෝ කිහිප විටක් පසළොස්වක දින ආශ්‍රිත සිදුවේ.

කෙසේ වුවත් මෙම කොරල් වලට තම ග්‍රාහික වල ඇති බූව පාවිච්චි කිරීමෙන් කුඩා මසුන් සහ අල්ගී අල්ලා ගනී. තවද මොවුන් තම ශක්ති හා පෝෂණ අවශ්‍යතාවයෙන් වැඩිකොටසක් කොරල් වල බාහිර ස්ථරයේ ඇති සූක්සන්තිලීයා හෙවත් ඒක සෛලික අල්ගී මගින් ලබා ගනී. සමන්‍යයෙන් මෙම කොරල් වර්ධනය වන්නේ මීටර් 60 (අඩි 200) ට වඩා ගැඹුරින් අඩු ජලයේ වන අතර හිරු එලිය සහ පිරිසිදු ජලය ද අවශ්‍ය වේ. කොරල් ජීවියා කොරල් පරයේ භෞතික ව්‍යුහය සඳහා විශාල දායකත්වයක් සපයන අතර නිවර්තන හා උපනිවර්තන කලාපීය ජලයේ වර්ධනය වේ. එවැනි විශාල කොරල් පරයක් වන ග්‍රේටේ බැරියර් පරය, ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් මුහුදු ආශිතව පවති.අනෙක් කොරල් වලට අල්ගී වල අවශ්‍යතාවයක් නොමැති කම නිසා ගැඹුරු ජලයේ පවා ජීවත් වියහැක, තවද මෙම වර්ගය සීතල ජලයේ මීටර් 3000(අඩි 9800) ගැඹුරේ පවා සුරක්ෂිතව වාසය කරයි.උදාහරණයක් වශයෙන් ස්කොට්ලන්තයේ ඊසනදිග කේප් වර්ත් පිහිටි ඩ්‍රොවින් මෞන්ඩ් දැක්විය හැක. තවද එක්සත් ජනපදයේ වොශින්ටන් ප්‍රන්තයේ,ඇලස්කවේ ඇලූටියන් දිවයිනේ සහ ශ්‍රී ලංකාවේ හික්කඩුව අසන්නයේ කොරල් දැක ගත හැක.


පටුන

[සංස්කරණය] වර්ගීකරණය

කොරල් උපගණ දෙකකට බෙදිය හැක, එය ග්‍රාහිකා ගනන මත හෝ සමමිතික රේඛා ගනන මත, කොරල් වල පිටත ආවරනයේ රටාවට අදාලව සහ මයික්‍රොකොන්ඩියමේ ජාන අධ්‍යනය මත පදනම් වේ.ග්‍රාහිකා අටක් අති උන් ඔක්ටොකොරොලිය හෝ ඇල්කියොනොරියා ලෙස නම් කරන අතර, එයට මෘදු කොරල්, මුහුදු ෆැන්ස් සහ පෙන්ස් අයත් වන අතර අටකට වැඩි හයේ ගුණාකාර වල උන්ට හෙක්සාකොරොලියා හෝ සොරන්තාරිය ලෙස නම් කරයි. මෙම කාණ්ඩයට කොරල් පර නිර්මණය කරන කොරල්, මුහුදු ඇනිමොනස් සහ සොඅන්තිඩ්ස් ශාක ද අයත් වේ.

[සංස්කරණය] ව්‍යුහය

කොරල් බහුපාදිකයාගේ ව්‍යුහය


18 වන ශාත වර්ෂය වන තෙක්ම මිනිසුන් විශ්වාස කරනු ලැබුවේ කොරල් යනු ශාක විශේෂයක් ලෙසය. නමුත් විලියම් හෙර්ස්චෙල් සත්ව සෛල පටල අන්වීක්ෂය මගින් නිරීක්ෂණය කිරීමත් සමඟ මෙය වෙනස් විය.

කොරල් වල හිස එක් ජීවියෙකු ලෙස පෙනුනද සැබැවින්ම ඔවුන් බහුපදිකයන් සමූහයක් වන අතර බහු සෛලීය ජීවීන් වේ. මෙම බහුපදිකයන් විශ්කම්භය මිලිමීටර කිහිපයක් වන අතර, පිටත අපිචජදයන්(න්න්න්න්) ද ඇතුලත මෙසොග්ලිය ලෙස හදුන් වන ජෙලි වැනි ස්ථර වලින් සෑදී පවතී. මධ්‍ය මුඛය ආසනයේ පවතින ග්‍රාහික වල අරීය සමමිතිකත්වයක් තිබේ. සීලෙන්ටරවන් ආහර ගනී මට සහ ජීර්ණය වූ ආහර වල අපද්‍රව්‍ය පිට කිරීම සඳහා එකම විවරයක් භාවිතා කරයි.





[සංස්කරණය] පෝෂක

කොරල් තම පෝෂණ අවශ්‍යතාව සපයා ගැනීම සඳහා ක්ෂුද්‍ර ප්ලවාංග වල සිට කුඩා මසුන් දක්වා ඇති කුඩා ජීවීන්ගෙන් සපුරා ගනී. මෙම බහුපාවන් ග්‍රාහික භාවිතාකර තම ගොදුර නිශ්චල කිරීම හෝ මරා දැමීම සඳහා හෙමොටොසයින් යොදා ගනී. පසුව එම ගොදුර ග්‍රාහිකා මගින් ආමාශය වෙත යොමු කරයි. ඉන් පසුව අමාශ මුඛය විවර වන්නේ ජීර්ණය නොවූ අපද්‍රව්‍ය පිට කිරීම සඳහා සහ ඊලඟ දඩයම සඳහා පමණි.

මෙහිදී ගොදුරු වෙත නිකුත් කරනු ලබන විෂ මිනිසුන්ට හනි කිරිමට තරම් ප්‍රභල නැත. නමුත් ෆයර් කොරල් වල එය එසේ නොවේ.

[සංස්කරණය] ප්‍රජනනය

කොරල් වලට තම ප්‍රජනනය, ලිංගිකව හා අලිංගිකව සිදු කර ගත හැකි අතර එය "ගොනොකොරොස්ටික්"(අලිංගික ) සහ "හෙර්මැහොරොඩික්" ලෙස හැදින්වේ. තවද මෙම ප්‍රචාරණය මගින් කොරල් වලට නව ප්‍රදේශ අත්පත් කර ගත හැක.

[සංස්කරණය] ලිංගික ප්‍රජනනය

[සංස්කරණය] අලිංගික ප්‍රජනනය

[සංස්කරණය] කණ්ඩනය

[සංස්කරණය] කොරල් පර

[සංස්කරණය] වර්ග

[සංස්කරණය] සාජිද්‍ර කොරල්

[සංස්කරණය] විකාසන ඉතිහාසය

[සංස්කරණය] තර්ජන

හොඳ තත්වයේ පවතින කොරල් ඉතා ඉහල ජෛව විද්‍යමක සාගරික පරිසරයක් නිර්මනය කරන අතර එය මනහර දර්ශනයක් වේ.


කොරල් පාරිසරික විපර්යස වලට ඉතා සංවේදී වන අතර විද්‍යඥයන් පවසන පරිදි දැනට පවතින කොරල් පර වලින් 50% පමන 2030 වනවිට විනාශ විය හැකි බවයි. මෙම තත්වය මග හරවා ගැනීම සඳහා ලෝකයේ බොහෝ රටවල් පරිසරික නීති පනවා තිබේ.

තවද සැල්වීනියා හා ඇල්ගී මඟින් ද කොරල් වලට හනි පැමිනිය හැක. කැරබියන් සහ නිවර්තන සගර වල ජීවත් වන පොදු සැල්වීනියා හා ඇල්ගී වලින් ආසන්නව 40-70% ප්‍රමානයක් පරිවෘත්තීයේ දී ජලයේ දියවන ලිපිඩ නිකුත් කිරීමෙන්, කොරල් පිළිස්සීමට හා විනශ වීමට හේතුවේ. මීට අමතරව කොරල් ජීවත් වන පරිසර්යේ සමන්‍ය උෂ්ණත්වය අංශක දෙකකට වඩා වෙනස් වුවහොත් හා ජලයේ ලවණතාවය පහල ගියහොත් ද මෙම ජීවීන් විනශ විය හැක.

[සංස්කරණය] මිනිසට ඇති වැදගත් කම

[සංස්කරණය] ස්වර්ණාභරණ කර්මන්තයේ දී

[සංස්කරණය] ඉදිකිරීම් කටයුතු වලදී

[සංස්කරණය] දේශගුණික පරීක්ෂණ වලදී

[සංස්කරණය] ඇක්වාකල්චර්

[සංස්කරණය] මේවාත් බලන්න


[සංස්කරණය] ගැලරිය

Further images: commons:Category:Coral reefs and commons:Category:Coral

--Buddhi san (talk) 19:29, 28 නොවැම්බර් 2011 (යූටීසී)

Buddhi Sandaruwan.

[සංස්කරණය] යොමුව

http://en.wikipedia.org/wiki/Coral

  1. උපන්‍යාස දෝෂය: අනීතික <ref> ටැගය; Daly නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. උපන්‍යාස දෝෂය: අනීතික <ref> ටැගය; McFadden නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
"http://si.wikipedia.org/w/index.php?title=කොරල්&oldid=206943" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්