මහනුවර නායක්කාරවරු

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
මහනුවර නායක්කාර වංශය
මහනුවර රාජධානියේ රාජ ධජය
රට ශ්‍රී ලංකාව
වංශානුගත ගෘහය මදුරායි නායක් රාජධානිය
ප්‍රාරම්භක ශ්‍රී විජය රාජ සිංහ
අවසන් රාජ්‍යෙශයා ශ්‍රී වික්‍රම රාජසිංහ
වත්මන් නායක නැත
ආරම්භය 1739
නිරුද්ධිය 1815 උඩරට ගිවිසුම කොන්දේසි ප්‍රකාර
Cadet branches නැත

මහනුවර නායක්කාරවරු යනු 1707 සිට 1815 දක්වා මහනුවර අගනුවර කරගෙන උඩරට රාජධානිය පාලනය කළ රාජ වංශයක් වෙයි. එසේම එම රාජ පරම්පරාව ලංකාව පාලනය කළ අවසාන රාජ පරම්පරාවද වූහ. කපු බලිජා ගෝත්‍රයේ තෙළිඟු සම්භවයක් ඇති විජය නගර මදුරෙයි නායකවරුන්ගේ රාජකීය පවුල්වලින් පැවතෙන්නෝය. මෙම රජ පරපුරේ 4 දෙනෙක් සිටියහ. අන්තිම රජතුමා බ්‍රිතාන්‍යයන් විසින් ඉන්දියාවේ වෙල්ලෝර් බලකොටුවට පිටුවහල් කරන ලදී. ඔවුන් කන්ද උඩරට රජවරු ලෙස බලයට පැමිණියේ විවාහ සබඳතා නිසා එවකට පැවති මරුමක්කදයම් නීතිය අනුවයි. මොවුහු හින්දු භක්තිකයන් වූ අතර පසුව බුද්ධාගම වැළඳ ගත්හ. එමෙන්ම බුද්ධාගමේ පුණර්ජීවනය සඳහා කටයුතු කිරීමේ වගකීම දැරුහ.

සම්භවය[සංස්කරණය]

මහනුවර නායක්කර් රජ පෙළපතට කලින් වූ මහනුවර රජ පරම්පරාව සෑම විටම වාගේ මදුරෙයි නායක් හෝ තන්ජෝර් නායක් වැනි රජ පවුල්වලින් බිරියන් සරණ පාවා ගත්හ. දකුණු ඉන්දියාවේ නායක්වරු ආරම්භ වන්නේ විජය නගර පෙළපතෙහි ආණ්ඩුකාරවරු වශයෙනි. ඒ 14 වෙනි සහ 15 වෙනි ශත වර්ෂ වලදීය. ඔවුහු තමිල්නාඩුවේ කොටසක්ද පාලනය කළහ. 16 වෙනි සියවසේ විජය නගර ආධිපත්‍යය බිඳ වැටුණු පසු මෙම ආණ්ඩුකාරවරු තම තමන් පාලනය කළ ප්‍රදේශවල ස්වාධීනත්වය ප්‍රකාශ කළහ. ඉන් පසු ඔවුන්ගේ රාජ්‍යයන් ගින්ගි, තන්ජෝර්, මදුරෙයි සහ චන්ද්‍රගිරි ප්‍රදේශවල පිහිටුවා ගත්හ. ඔවුහු තෙළිඟු සම්භවයක් ඇත්තෝ වූහ. තමිල්නාඩුවේ බටහිර පෙදෙස් වැඩි තෙළිඟු ජනගහනයක් සිටීමේ එක් හේතුවක්ද එයයි.

මහනුවර රජ පෙළපතේ අන්තිම රජු උරුමක්කාරයෙකු නොමැතිව මිය ගිය අවස්ථාවේ ඔහුගේ බිසවගේ සහෝදරයා සිහසුනට තෝරා ගත්තේ "මරුමක්කදයන්" නීතිය අනුව යමිණි. ඉන් පසු රජකමට පත් වූ සියලු රජවරු මදුරෙයි පරම්පරාවට අයත් අය වූහ.

යාපනයේ කරෙයියර් හමුදා ප්‍රධානීන් 1620 වසරේ තන්ජෝර් නායක්වරුන්ගෙන්, පෘතුග්‍රීසීන් පලවා හැරීම සඳහා උදව් ඉල්ලා සිටීම නිසා දකුණු ඉන්දීය නායක්වරු සමග හමුදාමය සම්බන්ධතාද තිබුණු බව පැහැදිලි වේ.

මදුරෙයි නායක්වරුන්ගේ මෙම ශාඛාවන්හි ප්‍රධානියා බංගරු තිරුමලෙයි නැමති යයි වාර්තා වේ. ඔහුගේ පුතා දරුකමට හදා ගන්නා ලද්දේ අන්නිම නායක් රජ බිසව වූ මීනක්ෂි විසිනි. බංගරුතිරුමලෙයි කෙළින්ම තිරුමලෙයි නායක්ගේ බාල සොහොයුරාගෙන් පැවත එන අයෙකි. එමෙන්ම ඔහු තිරුනෙල්වෙලි සහ මදුරෙයි පළාත්වල හමුදා පාලකයාද විය.

පූර්වප්‍රාප්තික රාජවංශය[සංස්කරණය]

මහනුවර රජ පරපුරේ අන්තිම නුවර රජු වූයේ 1707 සිට 1739 දක්වා උඩරට පාලනය කළ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුය. 1707 දී මෙම රජු සිහසුනට පත් වූ අතර ඔහු උගත් මෙන්ම ශ්‍රද්ධාවන්ත අයෙකු ලෙස සළකනු ලැබුවේය. 1708 දී ඔහු මදු‍රෙයි නගරයේ රාජකීය පවුලේ කුමාරිකාවක් වූ පිට්ටි නායක්කර්ගේ දුව සරණ පාවා ගත්තේය. නැවතත් 1710 දී තවත් කුමරියක් මදුරෙයි නගරයෙන්ම විවාහ කර ගත්තේය. මෙම දෙදෙනාගෙන්ම රජුට දරුවෙකු ලැබුණේ නැත. ඔහුට මාතලේ උසස් පවුලක තවත් බිරිඳක් ද සිටියාය. ඇය ඔහුට දාව දරුවෙකු වැදුවාය. රජුට උසස් කුලයක තවත් අනියම් බිරිඳක් වූවාය. ඇයද පුතෙකු බිහි කළාය. ඔහුගේ නම උනම්බුවේ විය. ඔහු ජීවත්ව හුන් නමුත් ඔහුට රජකමට පත්වීමට බාධාවක් වූයේ මවට රාජකීයත්වයක් උරුම නොවීමයි.

එම නිසා රජු ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස තම පළමු බිසවගේ සහෝදරයා නම් කළේය. එම සහෝදරයා, ඔහුගේ සහෝදරිය රජු විසින් විවාහ කර ගන්නා ලද දිනයේ පටන් රජ මාළිගයෙහිම විසූ කෙනෙකි. ශ්‍රී ලංකාවේ පැවතුණු අනුප්‍රාප්තික නීතිය අනුව සිහසුන සෑම විටම අයිති වූයේ පියාගෙන් (අගබිසවගේ) පුතාට නැතහොත් සහෝදරයාගෙන් සහෝදරයාට ආදී වශයෙනි.

"http://si.wikipedia.org/w/index.php?title=මහනුවර_නායක්කාරවරු&oldid=271237" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි