බලය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
බලයන් සාමාන්‍යයෙන් විස්තර නෙරෙනුයේ ඇදීම් හෝ තෙරපීම් හෝ ලෙසිනි. ගුරුත්වය, චුම්බකත්වය, හෝ ස්කන්ධයක් ත්වරණයකට ලක් කල හැකි වෙනත් ඕනෑම දෙයක් වැනි සංසිද්ධින් හේතුවෙන් මේවා ඇති විය හැක.

භෞතික විද්‍යාවෙහි, බලයක් යනු ස්කන්ධය සහිත වස්තුවක ප්‍රවේගය වෙනස් කල හැක්කාවූ ඇදීමක් හෝ තෙරපීමකි.[1] බලයකට විශාලත්වයක් සහ දිශාවක් යන ද්වයම සතු වීම නිසා , එය දෛශික රාශියක් බවට පත්වෙයි. නිව්ටන් ගේ දෙවන නියමය පවසන පරිදී නියත ස්කන්ධයක් සහිත වස්තුවක්, එය මත බලපාන්නාවූ ශුද්ධ බලයට අනුලෝම සමානුපාතික ලෙසින්ද එහි ස්කන්ධයට ප්‍රතිලෝම සමානුපාතික ලෙසින්ද ත්වරණයට ලක් වෙයි. සමතුල්‍ය ලෙසින් දැක්වූ කල, වස්තුවක් මත ක්‍රියාකරන ශුද්ධ බලය, එහි ගම්‍යතාවය වෙනස්වීමෙහි සිඝ්‍රතාවයට සමාන වෙයි .[2] තෙරපුමද බලන්න.

ත්‍රිමාන වස්තූන් මත ක්‍රියා කරන බලයන් නිසා ඒවා භ්‍රමණයට හෝ විරූපී විමට ලක් වීමට හෝ, සමහර අවස්ථාවන්හීදී පීඩනය වෙනස් වීමට හෝ පරිමාව වෙනස් වීමට හේතු විය හැක. අක්ෂයන් වටා භ්‍රමණ වේගයන් හී වෙනස් කම් ඇති කරලීමට බලයක ඇති ප්‍රවණතාවය හැඳින්වෙන්නේ ව්‍යවර්තය ලෙසිනි. බලයක ඝූර්ණය (moment of force) හෙවත්‌ බල-ඝූර්ණය ලෙස ද ව්‍යවර්තය හැඳින්වෙයි. විරූපණය හා පීඩනය ඇති වන්නේ වස්තුව තුල හට ගන්නාවූ ප්‍රත්‍යාබලයන් හේතුවෙනි.[3][4]

නිශ්චල සහ චලනය වන්නාවූ වස්තූන් පිලිබඳ අධ්‍යයනය සඳහා, බලය පිලිබඳ සංකල්පය භාවිතා කිරීමට, පුරාණයෙහි සිටම, විද්‍යාඥයෝ යුහුසුළු වූහ. සරල යන්ත්‍ර ගැන අධ්‍යයනයෙන් ක්‍රිපූ තෙවන සියවසෙහි දර්ශනවේදී ආකිමීඩියස් විසින් යම් ප්‍රගමනයන් බිහි කලද, [5] මූලික වැරැදි නිගමනයන් සහිතවූ ඇරිස්ටෝටල් විසින් කල බලය පිලිබඳ විස්තර කිරීම සියවස් ගණනක් පුරා අවිච්ඡින්නව පැවතිණි. දහහත්වන සියවස වන විට, ශ්‍රීමත් අයිසෙක් නිව්ටන් විසින් මෙම වැරැදි නිගමනයන්, ගණිතමය විදර්ශනාව තුලින් නිවැරැදි කල අතර එම මතය නොනැසී තුන් සිය වසක් පමණ පැවතිණි.[4] 20වන සියවස වන විට, අයින්ස්ටයින් විසින් ඔහුගේ සාමාන්‍ය සාපේක්ෂතා වාදය මගින්, ගුරුත්වය පිලිබඳ නිවිටන්ගේ ආකෘතියට සාපේක්ෂතාමය ගැලපුම් සාර්ථක ලෙස පුරෝකථනය කරමින් අවකාශ-කාල සන්තතියක ඇරඹුම සනිටුහන් කලේය.

සම්මත මාදිළිය ලෙසින් හැඳින්වෙන අංශු භෞතික විද්‍යාව පිලිබඳ මෑත වාදයන් හිදී බලයන් සැලකෙනුයේ ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාමය මට්ටම් ලෙසිනි. සම්මත මාදිළිය පුරෝකථනය කරන පරිදී, ආමාන බොසෝනයන් ලෙසින් දැක්වෙන හුවමාරු අංශුන් උපයෝගී කර ගනිමින් මූලික වශයෙන් බලයන් විමෝචනය හා අවශෝෂණය සිදු කෙරෙයි. ප්‍රධාන අන්තර්-ක්‍රියාවන් සතරක් පමණක් දැනට හඳුනාගෙන ඇත: ප්‍රබලතාවය අඩුවන ආකාරයට, ඒවා: ප්‍රබල, විද්‍යුත්චුම්බක, දුබල, සහ ගුරුත්වජ ලෙසින් දැක්වෙයි.[3] 1970 ගණන් හා 1980 ගණන් වලදී සිදු කල අධි-ශක්ති භෞතික විද්‍යාත්මක නිරීක්ෂණයන් අනුව තහවුරු වූයේ දුබල සහ විද්‍යුත් චුම්බක බලයන් යනු වඩාත් මූල-ධාර්මික විද්‍යුත්දුබල අන්තර්ක්‍රියාවක භාව ප්‍රකාශයන් බවය.[6]

[6]

ආශ්‍රිත[සංස්කරණය]

  1. "glossary". Earth Observatory. NASA. සම්ප්‍රවේශය 2008-04-09. "Force: Any external agent that causes a change in the motion of a free body, or that causes stress in a fixed body." 
  2. See for example pages 9-1 and 9-2 of Feynman, Leighton and Sands (1963).
  3. 3.0 3.1 e.g. Feynman, R. P., Leighton, R. B., Sands, M. (1963). Lectures on Physics, Vol 1. Addison-Wesley. ; Kleppner, D., Kolenkow, R. J. (1973). An introduction to mechanics. McGraw-Hill. .
  4. 4.0 4.1 University Physics, Sears, Young & Zemansky, pp18–38
  5. Heath,T.L. "The Works of Archimedes (1897). The unabridged work in PDF form (19 MB)". Archive.org. සම්ප්‍රවේශය 2007-10-14. 
  6. 6.0 6.1 Weinberg, S. (1994). Dreams of a Final Theory. Vintage Books USA. ISBN 0-679-74408-8
"http://si.wikipedia.org/w/index.php?title=බලය&oldid=261133" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි