ශ්‍රී ලංකාවේ ආරවුල් නිරාකරණය

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකාවේ ආරවුල් නිරාකරණය කිරීමේ ප්‍රධාන ක්‍රමවේදය

හැදින්වීම[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ ආරවුල් නිරාකරණය කිරීමේ ප්‍රධාන ක්‍රමවේදයන් වශයෙන් අධිකරණමය ක්‍රමවේදය සහ අධිකරණමය නොවන (ව්කල්ප ආරවුල් නිරාකරණය කිරීමේ යාන්ත්‍රනය)ක්‍රමවේදය යනුවෙන් හදුනා ගැනීමේ හැකියාව ඇත.


අධිකරණම ක්‍රමවේදය යටතේ ශ්‍රී ලංකාවේ මහාධිකරණය, දිසා අධිකරණය මහේස්ත්‍රාත් අධිකරණය සහ ප්‍රාථමි අධිකරණ පළමු අවස්ථා අධිකරණ වන අතර විනිසුරුවරයෙකු විසින් තීන්දුවක් ලබා දෙනු ලැබේ.යම් පාර්ශවයක් තීන්දුව සම්බන්ධයෙන් අතෘප්තිමත් නම් ඔහුට ඉහළ අධිකරණයට එනම් මහාධිකරණය,අභියාචනාධිකරණයට,හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට නැවත නඩුව විමසන ලෙසට ඉල්ලුම් කළ හැකිය.බලන්න:

[1] සංරක්ෂණය කළ පිටපත 2013-12-01 at the Wayback Machine

අධිකරණය විසින් නඩු විසදීමේදී ප්‍රධාන වශයෙන් විමර්ශනවාදී පටිපාටිය සහ එදිරිවාදී පටිපාටිය අනුගමනය කරනු දැක ගත හැකිය.විමර්ශනවාදී(inquisiitorial) පද්ධතිය සිවිල් නීති සම්ප්‍රධායට එදිරිවාදී පද්ධතිය (acquisitorial)පොදු නීති සම්ප්‍රධායටද දළ වශයෙන් යා කළ හැකිය.මෙම විභේදනය ද එකක් වන අතර සමහර අවස්ථාවන්හිදී විමර්ශනවාදී ලක්‍ෂණ පොදු නීතියේද දැකගත හැකිය.ශ්‍රී ලංකාවේ අධිකරණ තේරාවලියේදී විනිසුරුවරයා විසින්එදිරිවාදී පටිපාටිය අනුගමනය කරනු දැකිය හැක.

ප්‍රාථමික අධිකරණ[සංස්කරණය]

නඩුවක් විසදන පළමු අධිකරණයයි.දැනට ශ්‍රී ලංකාවේ එවැනි ප්‍රාථමික අධිකරණ දෙකක් ක්‍රියාත්මක වේ. අනෙක් ප්‍රදේශවල මහේස්ත්‍රාත් ප්‍රාථමික

අධිකරණ වල බලතල දරයි.ප්‍රාථමික අධිකරණයක කාර්යපටිපාටිය 1979අංක 44දරණ ප්‍රාථමික අධිකරණ සංවිධාන පනත මගින් පාලනය වේ.right|200px

ප්‍රාථමික අධිකරණයකට,

    • ණය අලාබ ඉල්ලීම හෝ හිමිකම් පෑම සම්බන්ධ ආරවුල් රු1500නොඉක්මවන විටදී **ප්‍රාදේශීය ආයතන වලදී ආදායම් අයකර ගැනීමේ බලතල
    • අපරාධ කරුණු
    • ඉඩම් වල භුක්තිය සම්බන්ධ ආරවුල්.(66නඩු )
    • ව්‍යවස්ථාවලින් දක්වා ඇති ඕනෑම වරදවල් විමසිය හැක.



මහේස්ත්‍රාත් අධිකරණය[සංස්කරණය]

මහේස්ත්‍රාත් අධිකරණ 82 පමණ දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වේ.සැම මහේස්ත්‍රාත් අධිකරණයකටම අපරාධ නඩු විමසීමට බලතල ඇති අතර රු100,000 දක්වා ප්‍රමාණයකට පීඩාවට පත් පාර්ශවයට වක්දිනියම කිරීමේ බලය ඇත.යම් පාර්ශවකරුවකු මහේස්ත්‍රාත් අධිකරණ‍යේ වරදකරු කිරීම දඩුවම් හෝ නියෝග වලට අතෘප්තිමත් නම් ඊට එරෙහිව අභියාචනයක් අදාල පළාතේ මහාධිකරණයේ ගොනු කළ හැකිය.

දිසා අධිකරණය[සංස්කරණය]

සෑම දිස්ත්‍රික්කයකම අනුබද්ධිතව දිසා අධිකරණ පිහිටුවා ඇති අතරදැනට ශ්‍රී ලංකාව පුරාම දිසා අධිකරණ 57ක් පමණ ක්‍රියාත්මක වේ.නීතියෙන් අධිකරණයට යොමුකරන නඩුවලට අමතරව සියලු සිවිල්ආදායම් ,භාර,බං‍කොලොත්භාවය ,තෙස්තමේන්තු ප්‍රශ්න සදහා අධිකරණ බලය හා ‍වාර්තාගත කිරීමේ බලය දිසා අධිකරණය සතුය.රු මිලියන තුනකට අඩු වටිනාකමක් ඇති වානිජ ආරවුල් විසදිය හැකි අතර අභියාචනා සම්බන්ධව අභියාචනාධිකරණයට යොමු විය හැක.

මහාධිකරණය[සංස්කරණය]

    • ශ්‍රී ලංකා‍වේ සෑම කලාපයකම මහාධිකරණ පිහිටුවා ඇත.
    • බරපතල අපරාධ සම්බන්ධයෙන් කටයුතු කරණ මුල් අවස්ථා අධිකරණය මෙයයි.
    • මහාධිකරණයේ අපරාධ නඩු ආරම්භ කරනුයේ නීතිපති වරයා විසින් වන අතර පැමිණිල්ල රජයේ නිතීඥවරු විසින් මෙහෙය වනු ලැ‍බේ.

පළාත්බද මහාධිකරණය[සංස්කරණය]

පලාතතුල ක්‍රියාත්මක වන මහේස්ත්‍රාත් අධිකරණ, දිසා අධිකරණ, ප්‍රාථමික උසාවි, විනිශ්චය සභා, වල තීන්දු වලට එරෙහි අභියාචනා පළාත්බද

මහාධිකරණය විමසනු ලැබේ.මුල් අවස්ථා අධිකරණයක්, විනිශ්චය සභාවක් හෝ ආයතනයක් ලබාගෙන ඇති ඕනෑම නියෝගයක් හෝ තීන්දුවක් තහවුරු

කිරීම‍ට ,නිශ්ප්‍රභා කිරීමට, නිවැරදි කිරීමට හෝ සංශෝධනය කිරීමටත් නව නඩු විභාගයක‍ට යොමු කිරීමටත් පළාත්බද මහාධිකරණයට බලතල ඇත.

අභියාචනාධිකරණය[සංස්කරණය]

මහාධිකරණය,මුල් අවස්ථා අධිකරණ,මහේස්ත්‍රාත් අධිකරණ,දිසා අධිකරණ,විනිශ්චය සභා විසින් නීතිය පිළිබඳව සිදුකළ වැරදීම් නිවැරදි කිරීමේ

බලය.අභියාචනාධිකරණයට ඉන්ජන්ක්‍ෂන් හා රිට් ප්‍රදානය කිරීමේ බලතල ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය[සංස්කරණය]

    • දේශීය නීතිය තුල ඉහළම සහ අවසන් අධිකරණය වේ.
    • ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට යටත්ව ව්‍යවස්ථාවේ දක්වා ඇති බලතල &සම්බන්ධ කරුණු, මුලික අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම, අභියාචනා විමසී‍මේ අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණය සතුය.

විකල්ප ආරවුල් නිරවුල් කිරීමේ යාන්ත්‍රණය[සංස්කරණය]

සමථකරණය යටතේ දෙපාර්ශවය විසින් අපක්‍ෂපාතීව ප්‍රශ්නගත පාර්ශවයන් සදහා අන්‍යෝන්‍යව පිළිගත හැකි එකගත්වයන් වර්ධනය කර ගැනීමටත්,

සාකච්ඡා කිරීමටත් සමථකරුවකු පත් කර ගනී.බලාත්මක තීරණ ලබා දීමේ කියාවෙන් තොරය.


සමථකරණ ක්‍රියාවලිය......,

මුලාශ්‍ර[සංස්කරණය]

  • කුඩාව්‍යාපාර සහ ආර්ථික ජීවන වෘත්තීන් සංවර්ධනයේ නෛතික පාර්ශවයන්.(ජාත්‍යන්තර සංවර්ධන නීති සංවිධානය)
  • ජාත්‍යන්තර තුලනාත්මක හා මානව හිමිකම් පිළිබඳ නීතිය.-නො‍යෙල් ඩයස් පියතුමා.

මේ අඩවිත් බලන්න[සංස්කරණය]