අපරාධ නීතිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

විවිධ බල සීමා තුළ සහ විවිධාකාර බල ව්‍යුහයන් තුළ ක්‍රියාත්මක වන අපරාධ නීතිය නොහොත් දණ්ඩ නීතියේ පෙන්නුම් කරන පොදු හා සුවිශේෂ වූ ලක්ෂණයක් වනුයේ එම නීතිය අනුගමනය කිරීමට අසමත් වූ විට එවැනි නීති බලාත්මක කිරීම සඳහා ප්‍රබල දඩුවම් පැමිණවීමයි. අපරාධයක් සඳහා ලබාදෙන දඩුවම එම අපරාධයේ ස්වාභාවය සහ එම දඩුවම පැමිණවීමට යම් ව්‍යුහයකට පවරා ඇති බලය මත තීරණය වනු ලබයි.

එම දඩුවම විවිධාකාරයෙන් අපරාධය සිදුකරන තැනැත්තා මත පැමිණිවිය හැක. උදා: ලෙස මරණීය දණ්ඩනය, පෞද්ගලික නිදහස අහිමි කිරීම, රාජ්‍ය ‍නිරීක්ෂණයට භාජනය වීම (පරිවාස භාරය සහ පොරොන්දු පිට ලබාදෙන නිදහස) සමහර අපරාධ ක්‍රියා (මනුෂ්‍ය ඝාතන) ලෝකයේ වූ විවිධ නීති පද්ධතීන් තුළ වෙනස් අර්ථ කථනයන් ලබා දී ඇත. එලෙසම එකම නීතිය තුළ කිසියම් වැරදි ක්‍රියාවක් අපරාධ ගණයට හෝ සිවිල් වැරැද්දකට නිශ්චිතවම වැටේ ද යන්න පැහැඳිලි ලෙස නිර්වචනය කර නොමැත. අපරාධ නීතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ යම් රටක ආණ්ඩුවක් වන අතර පෞද්ගලික පාර්ශවයන්ට එම රටේ සිවිල් නීතිය තම අයිතීන් තහවුරු කරගැනීමට ඉවහල් වේ.

ඉතිහාසය[සංස්කරණය]

අපරාධ නීතිය සහ අපරාධ නීතියේ ඉතිහාසය ලෝකයේ ප්‍රථම ශිෂ්ඨාචාරයන්ගෙන් ඇරඹේ. අතීතයේ සුමේරියන් නම් ජන කාණ්ඩායම අපරාධ නීතියක් සිවිල් නීතියක් යනුවෙන් නීතියේ වර්ගීකරණයක් සිදු නොකෙරූහ. ඔවුන් පළමුම ලිඛිත නීති පද්ධතියක් සම්පාදනය කරන ලදහ. නියෝ සුමේරියානු රජෙකු වූ ඌර් ලොව දැනට සොයාගෙන ඇති පැරණිම ලිඛිත නීති පද්ධතිය සම්පාදනය කරන ලද රජු වෙයි. මෙය නමින් ඌර් නම් විය. මෙවැනිම වැදගත්වූ තවත් නීති පද්ධතියක් හමුරාබි බැබිලෝනියන්වරු විසින් ඔවුන් ‍ගේ නීතියේ කොටසක් ලෙස සම්පාදනය කරන ලදී. ඉහත පද්ධතීන් දෙකම සිවිල් වැරදි අපරාධ වැරදි වලින් (දණ්ඩ නීති) වෙන්කොට නොදක්වන ලදහ.

(1600 සිදු වූ මනංකල්පිත අවතාර‍යක් සම්බන්ධයෙන් වූ අපරාධ නඩුවක් විභාග කරන අයුරු)

මේ හා සමාන වැදගත් කමකින් යුක්ත වූ ගයිස්ගේ විස්තරාත්මක නිගමනයන්ගෙන් (රෝම නීතියේ එන twelve tables ) මෙම සිවිල් සහ අපරාධ අංශයන් වෙන වෙනම විග්‍රහ කොට නොතිබිණි. උදා : ගතහොත් හොරකම / furtum දිලික්තයනක් ලෙස අර්ථ නිරූපණය කර ඇත. අන් අයෙකුව හිංසනයට ලක් කිරීම (assault) සහ ප්‍රචණ්ඩත්වය යොදා ගෙන කරනු ලබන සොරකම් අනවසරයෙන් තම දේපල ට ඇතුල් වීම වශයෙන් සලකා ඇත. ඉහත අපරාධ සම්බන්ධයෙන් වූ නීති උල්ලංඝනය වූ විට පැන නගින නෛතික වගකීමෙන් නිදහස් විය හැක්කේ මුල්‍යමය වශයෙන් සිදු වූ අලාභ හානි වලට වන්දි ගෙවීමෙන්ය.

අපරාධ සහ සිවිල් කරුණු සම්බන්ධයෙන් නූතන වර්ගීකරණය පිළිබඳව මුල්ම සාක්ෂිය හමුවන්නේ එංගලන්තය නෝමන්වරුන් ‍ගේ ආක්‍රමණයට භාජනය වූ අවධියේය. සුවිශේෂ සංකල්පයක් වූ අපරාධය සඳහා වූ දඩුවම (යුරෝප‍ය සම්බන්ධයෙන් පමණක් සලකා බැලීමේ දී) මුලින්ම පැන නැගුනේ පුරාණ ස්පාඤ්ඤ දර්ශනයක් Scolasticism (බලසම්පන්න අල්පොන්සු ඩී කස්‍ත්‍රා ) තුළය. මෙම සංකල්පයට අනුව (ආගමික ) දේවදඩුවම (Poena aeterna) මිනිසෙකු මත පමුණුවන ලද්දේ හුදෙක් ඔහුගේ අපරාධය වෙනුවෙන් මනසට දඩුවම් කිරීමට ය. මෙය මූලික නීතිය (canou – law) හා සම්මිශ්‍රණය වී අවසානයේ දී ආගමික බලපෑමකින් තොර වූ අපරාධ නීතියක් නිර්මාණය වීමට බලපාන ලදී.

'යම් කිසි රාජ්‍යයක් යුක්තිය පසිදලීම (අධිකරණයක් හමුවේ දී)' සංකල්පය ඉදිරියට පැමිණෙන්නේ 18 වන සියවසේ දී යුරෝපා ජාතීන් පොලිස් සේවාවන් නඩත්තු කිරීමේ යෙදී සිටින විටය. එම මොහොතේ සිට අපරාධ නීතිය පමුණු වීම වඩාත් ක්‍රමානුකුලව විධිමත් යාන්ත්‍රනයන් ඔස්සේ සිදුවීම ආරම්භ විණි. මේ හේතුව නිසා අපරාධ නීතිය වෙනමම හේතුවක් ලෙස වර්ධනය වීමට මඟ පෑදිණි.

අපරාධ නීතිය සහ අපරාධයට ලබා දෙන දඬුවම[සංස්කරණය]

අපරාධ නීතිය අන් නීතිවලින් වෙනස් වනුයේ එය උල්ලංඝනය වීමකට භාජනය වූ විට අපරාධ නීතිය මඟින් අපරාධකරු මත පමුණුවන ලද ප්‍රතිඵලය ඉතා ප්‍රබල එකක් වන බැවිනි. සෑම අපරාධයක් ම අපරාධය සම්පූර්ණ වීමට අත්‍යවශ්‍ය වන සංඝටක වලින් නිර්මාණය වී ඇත. ශාරීරික හෝ කායික දඩුවම් කසපහර දීමෙන් හෝ වේවැල් පහර ලබාදීමෙන් පමුණුවිය හැකි වූවත් බොහෝ රටවල නීති පද්ධතීන් මෙවැනි ආකාරයේ දඩුවම් පැමිණවීම් නීති මඟින් වාරණය කොට ඇත. පුද්ගලයන් විවිධ අවස්ථා යටතේ (විවිධ පාලනයන්) සිරගත වීමට ලක් කල හැක. හුදෙකලාගත කිරීමකට මේ යටතේ පුද්ගලයෙකු භාජනය කල හැක. මෙවැනි සිරගත කිරීම් එක් දිනක සිට අවරුදු ගණන් දක්වා බලපැවැත්වෙන පරිදි පැමිණවිය හැක. (මෙවැනි සිරගත කිරීම් පරිවාස නිලධාරීයෙකු යටතේ හෝ කොන්දේසි වලට යටත්ව සිදුකල හැක. මේ අවස්ථා වලදී අපරාධ නීති යටතේ චූදිතයාගේ දේපල සහ මුල්‍යමය සම්පත් රාජසන්තක ‍කිරීමට හෝ අධිකරණ භාරයට ගත හැක.

මූලික අරමුණු 5 ක් අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීම තුළින් සපුරා ගැනීමට අපේක්ෂා කරයි. ඒවා මෙසේ නම් කල හැක.

Retribution, deterrence, incapacitation, rehabilitation and restitution යන මේවා මත පනවා ඇති වටිනාකම් විවිධ නීති පද්ධතීන් තුළ විවිධාකාර අගයන් ගනී.


Retribution[සංස්කරණය]

'අපරාධකරුවන් කුමන ආකාරයකින් ‍හෝ විඳවිය යුතුය.' මෙම සංකල්පයේ මූලික හරය එයයි. අපරාධකරුවන් ලබාගන්නා අයුතු වාසියන් හෝ අන් අයගේ අයිතීන් බුක්ති විදීමකට සිදුකරනු ලබන අනිසි බලපෑමක් පහකිරීම සඳහා ප්‍රති පිළිතුරක් ලෙස චූදිතයා මත ඒ හා සමාන වූ අවාසියක් හෝ බලපෑමක් නීතිය මඟින් පනවනු ලබයි. මෙම ක්‍රමය "Ctalitariuism" යන සංකල්පය මත ඇති වූ බවට සමහරෙක් මත පළ කරයි. Retribution යන්න ඉහත සංකල්පය මත පදනම් වූයේ පහත සඳහන් තර්කය තහවුරු කිරීම තුළිනි.

'මහජනයා තමන් මරණයට ලක්නොවී සිටීමට නීතිය පිළිපදී. ව්‍යංගයෙන් කිවහොත් නීති කඩකරන මිනිසුන් ඉහත අයිතිය අත්හැරියා සේ සළකනු ලබයි.


Deterreuce[සංස්කරණය]

මෙහි ගැබ් වී ඇති මූලික හරය වනුයේ අපරාධකරුගේ අපරාධයට සරිලන නියමාකාර දඩුවමකට ඔහු ලක්කිරීමය. උදා: ලෙස ගතහොත් මිනීමැරුමක් සිදුකල බවට ඔප්පු වීමේන් පසුව එම මිනීමැරුම සිදුකරන ලද චූදිතයාට මරණ දණ්ඩනය ලබාදීමයි. මෙම ක්‍රමය අනුගමනය කිරීමෙන් අපේක්ෂා කරනු ලබන්නේ වරක් අපරාධයක් කළ පුද්ගලයෙකු නැවත එම අපරාධයම කිරීම සඳහා ඇති ඉඩකඩ අහුරා අධෛර්යමත් කිරීමය. මීට අමතරව අනිකුත් පුද්ගලයන් අනාගතයේ දී එවැනි අපරාධ සිදු කිරීම වළක්වාලීමට අනුබලයක් මෙයින් ලබා දේ.


Incapacitation[සංස්කරණය]

මේ හරහා මූලිකව අපේක්ෂා කරනු ලබන්නේ සහ සිදුකරනු ලබන්නේ සමාජයේ යහ පැවැත්මට බාධා පමුණුවන අපරාධකරුවන් පොදු යි. අන් විදියකින් පැවසුවහොත් ඔවුන් සිරදඩුවමකට භාජනය කිරීමයි.

මරණීය දණ්ඩණය සහ පිටුවහල් කිරීම මඟින් මෙවැනි අදහසක් සපුරා ගැනීමට අපේක්ෂා කරයි.


Rehabilitation[සංස්කරණය]

මෙමඟින් අපේක්ෂා කරනු ලබන්නේ අපරාධයක් සිදුකරනු ලබන තැනැත්තෙකු සමාජයට වග කියන යහපත් පුරවැසියකු බවට පත්කිරීමය. මෙම ක්‍රමය හරහා අපරාධකරුට තමන් කරන ලද වැරදි ක්‍රියාවේ අනිසි අහිතකර සමාජ බලපෑම අවබෝධකර දී ඔහු එවැනි වැරදි ක්‍රියා කිරීමෙන් වළක්වා ගැනීමය.


Restitution[සංස්කරණය]

මෙමඟින් අපරාධයට ලක්වූ තැනැත්තාට වන්දි ලබාදීමට හෝ අපරාධය සිදු වීමට ප්‍රථම තමන් සිටි ස්ථානයේ නැවත පිහිටුවාලීම සිදුකරනු ලබයි. උදා: ලෙස යම් කෙනෙකු (A) තව කෙනෙකුගේ (B) මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කර ඇති බවට ඔප්පු වුවහොත් මුලින් කී තැනැත්තා (A) අනෙකාට (B) එලෙස ‍සාවද්‍ය ලෙස අපහරණය කරන ලද මුදල ගෙවීමට නීති පද්ධතියක් තුළ ප්‍රතිපාදන (නෛතික) සපයා ඇත. මෙම සංකල්පය ඉහතින් සඳහන් කරන ලද සංකල්ප හා එකිනෙක බැදී පවතී.


තෝරා ගත් අපරාධ නීති කිහිපයක්[සංස්කරණය]

බොහෝ නීති බලපවත්වනු ලබන්නේ දඬුවම් ලබාදෙන බවට තර්ජනය කිරීම වන අතර ඒවායේ තැනින් තැනට බොහෝ වෙනස් වේ. අපරාධ නීතිය ඉතා විශාල ක්ෂේත්‍රයක් වන අතර එය සම්පූර්නයෙන් ම හැදෑරීම ඉතා දුෂ්කර කාර්්‍යයකි.

මූලිකාංග[සංස්කරණය]

සාමාන්‍යයෙන් අපරාධ නීතිය නුසුදුසු අන්දමින් ක්‍රියා කිරීම තහනම් කරනු ලබයි. මෙසේ අපරාධයක් ඔප්පු කිරීම ට යම් ක්‍රියාවක් සිදුකළ බවට ඔප්පු කළ යුතුය. විශාරදයන් මෙය හඳුන්වන්නේ වරදකාරී හෙවත් සාවද්‍ය ක්‍රියාව (අචටඋස රඑඋස) ලෙසය. සමහර අපරාධ විශේෂයෙන්ම වර්තමාන යාමක වරද තව දුරටත් අවශ්‍යය නොවන අතර ඒවා යථාර්ථ ආධීනතාව ලෙස හඳුන්වයි. නමුත් අපරාධයකට වරද කරු කිරීමෙන් ඉතා බරපතල ප්‍රතිවිපාක ඇති කරන නිසා පොදු

නීතියේ දී විනිසුරුතුමන්ලා අපරාධය සඳහා චේතනාවක් (සාවද්‍යය චේතනාවක්) තිබුනේ දැ යි සොයා බලනු ලැබේ. සාවද්‍යය ක්‍රියාව සහ සාවද්‍යය චේතනාව දෙකම අත්‍යාවශ්‍යය වන විට දී මෙම මූලිකාංග ද්විත්වයම එකම මොහොතේ තිබිය යුතු අතර ඒවා වෙන වෙනම සිදු වීම ප්‍රමාණවත් නොවේය යන්න විනිසුරු තීරණය විය.


සාවද්‍ය ක්‍රියාව[සංස්කරණය]

සාවද්‍ය ක්‍රියාව අපරාධයක් සිදු කිරීමේ භෞතික මූලිකාංගය වන අතර එය ක්‍රියාවක්්, ක්‍රියාවක් සිදු කිරීමේ තර්ජනයකින් හෝ ක්‍රියාවක් සිදු කිරීම පැහැර හැරීමක් මඟින් සිිදු වූ දෙයක් විය හැකිය. උදා ං විසින් ඹ ට පහර දීම හෝ දෙමාපියන් විසින් දරුවාට අහාර ලබා නොදීම වැනි ක්‍රියාවන් අපරාධයක සාවද්‍ය ක්‍රියාව විය හැකිය. සාවද්‍ය ක්‍රියාව යම් ක්‍රියාවක් සිදු කිරීමට නොහැකි වීම හේතුවෙන් නම් ඒ වෙනුවෙන් යුතුකමක් තිබිය යුතුය. යුතුකමක් ස්වෙච්ඡාවෙන් බාරගත් ගිවිසුමකින් වුව ද තමන් විසින් ම භයානක තත්වයක් නිර්මාණය කර ගැනීමෙන් ද ඇති විය හැකිය. සාවද්‍ය ක්‍රියාව සංසාධනය නොමැති වීමෙන් ශුන්‍යය කල හැකිය. සංසාධනය අපරාධයට ලක් වූ තැනැත්තා ගේ අනතුරට භාජනය විය හැකි තත්වය නිසා බිඳ නොවැටේ. කෙසේ වෙතත් මෙය බිඳ වැටීම තුන්වන පාර්ශ්වයක මැදිහත් විම නිසා, අපරාධයට ලක් වූ තැනැත්තා ගේ ම හැසිරීම නිසා හෝ බලාපොරොත්තු විය නොහැකි ක්‍රියාවක් නිසා සිදූ විය හැකිය. වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමේ දී සිදු වන අත් වැරදීමක් එම අත් වැරදීම නිසාවෙන්ම මරණය සිදු වුණි නම් දාමයේ බිඳීමක් සිදු නොවේ.

සාවද්‍යය චේතනාව[සංස්කරණය]

සාවද්‍යය චේතනාව යනු යම් වැරදි සහගත ක්‍රියාවක් සිදු කිරීම සඳහා ඇතිවන චේතනාවයි. චේතනාව අපරාධ නීතියේ දී පුද්ගලයාගේ පෙළඹවීමෙන් වෙන්ව පවතී. විතත්තිකරු ක්‍රියාව අනතුරු දායක එකක් බව දැන සිටිය ද එය කෙසේ හෝ කිරීමට අදහස් කරන විට දී අවම වශයෙන් සාවද්‍යය චේතනාවේ එළිපතත් තේ සිටියි. මෙය අනවධානයයි. ඡ නම් පුද්ගලයෙක් ගෙදර ඇති මුදල් ගැනීමට බිත්තියක් ළඟ සිට ගෑස් මාපකයක් කඩා දමා එසේ කාන්දු වන ගෑස් අසල් වැසියාගේ නිවසට ගියහොත් ගිනි ගන්නා බව දැනගෙන සිටීම නිසා ඔහු විෂවීම සඳහා වගකිව යුතු වේ.

යථාර්ථ ආධීනතාව[සංස්කරණය]

යථාර්ථ ආධීනතාව විත්තිකරුගේ පැත්තෙන් සිදු කරන ලද හානියට හේතුව ලෙස විස්තර කල හැක. සෑම අපරාධයකටම නරක චේතනාවක් තිබීම අනිවාර්්‍යය නොවන අතර වැරදිකරු වීම සඳහා අවශ්‍යය කරුණු ඌණ විය හැක. විත්තිකරු හිතාමතාම හෝ සාහසික ලෙස ක්‍රියා කල බවට වඩා නොසැලකිලිමත්ව ක්‍රියා කල බව පෙන්වීම පමණක් සෑහේ. යථාර්ථ ආධීනතා අපරාධ ව්‍යවස්ථා මඟින් නිර්මිත අපරාධ වන අතර එය යථාර්ථ ආධීනතා අපරාධයක් බව එහි පැහැදිලිව සඳහන් නොවීම නොපැහැදිලි ආකාරයට කෙටුම්පත්කරණයේ ප්‍රතිඵලයක් ලෙසය.

මරණීය අපරාධ[සංස්කරණය]

මිනී මැරීම පුළුල්ව අර්ථ දක්වා ඇති ආකාරයට නීති විරෝධී අයුරින් ඝාතනය සිදු කිරීමයි. නීති විරෝධී අයුරින් ඝාතනය සිදු කිරීම අපරාධ නීතියේ දී බොහෝ විට ඉලක්කය වන ක්‍රියාවයි. බොහෝ අධිකරණ වල මිනීමැරුම නමැති අපරාධය එහි කෘර කම අනුව විවිධ ශ්‍රේණි වලට බෙදා දක්වා ඇත. ද්වේෂය මිනීමැරීම සඳහා අත්‍යාවශ්‍යය අංගයකි. ද්වේෂය නොමැති විට සාධාරණ පෙළඹවීමක් හෝ හීන දරා ගැනීමේ හැකියාවක් නිසා සිදුවන මිනීමැරීම මිනිමැරීමේ අඩු ප්‍රභේදයක් වේ. නිරුත්සාහක මනුෂ්‍යය ඝාතනය සාපරාධී චේතනාවකින් තොරව අනවධානයෙන් සිදුවන ඝාතනයක් ලෙස හැඳින්වේ.

පුද්ගලික අපරාධ[සංස්කරණය]

බොහෝ අපරාධ නීති සංග්‍රහයන් සිරුරේ භෞතික සම්පූර්ණත්වය ආරක්ෂා කරනු ලබයි. අනඩ්තේට්ටම් කිරීම සාම්ප්‍රදායිකව හඳුනාගන්නා පරිදි නීති විරෝධී අයුරින් අතපත ගෑම දිනපතා සිදු කරන පහර දීම් සහ හැල හැප්පීම් සෙනඟක් මධ්‍යයේ සිටීම නිසා නිශ්ශබ්දව අනුමත කිරීම මීට ඇතුළත් නොවේ. ඉතා ආසන්න අනඩතේට්ටම් කිරීමේ භයක් ඇති කිරීම පහර දීමක් වන අතර, එමඟින් සාපරාධී වගකීමක් ඇති විය හැකිය. කැමැත්තෙන් තොරව සිදු වන සංසර්ගය හෙවත් ස්තී්‍ර දූෂණය අනඩ්තේට්ටම් කිරීමේ බරපතල අවස්ථාවකි.


දේපළ අපරාධ[සංස්කරණය]

දේපළ අපරාධ අපරාධ නීතිය මඟින් අරක්ෂා කරනු ලබයි. අන්‍යයකුගේ නිශ්චල දේපළකට ඇතළු වීම නීති විරෝධී වේ. බොහෝ අපරාධ නීති සංග්‍රහයන් අපවර්තනය, මුඅල් වංචා කිරීම, සොරකම වැනි දේපළක වටිනාකම අහිමි කරන අපරාධ සඳහා දඬුවම් නියම කරනු ලබයි. මංකොල්ල කෑම යනු බලය යොදාගෙන සොලකම් කිරීමයි. ව්‍යාජ නියෝජනය, තොරතුරු හෙළි කිරීමට නොහැකි විම හෝ තනතුර අයථා භාවිතය මඟින් වංචා කිරීම එක්සත් රාජධානියේ 2006 වංචා පණත උල්ලංඝනය කිරීමකි

හවුල් අපරාධ[සංස්කරණය]

සමහර අපරාධ නීති සංග්‍රහයන් සාපරාධී ක්‍රියාවන් සිදු කිරීම සඳහා සම්බන්ධ වීම හෝ එවැනි ක්‍රියා සඳහා සඵල නොවූ උත්සහ කිරීම් ද අපරාධයන් ලෙස දක්වා ඇත. ආධාර දීම, අනුබල දීම, කුමන්ත්‍රණය කිරීම සහ තැත් කිරීම මීට උදාහරණයන් ය.

විත්තිවාචකය[සංස්කරණය]

අපරාධයක මූලිකාංග නිෂේධනය කල හැකි විත්තිවාචක ලෙස හඳුන්වන විඬිධ තත්වයන් පවතී. බොහෝ විට අපරාධය සම්පූර්ණයෙන් ම ඔප්පු කිරීමේ භාරය රජයට පැවරෙන අතර ඊට මෙම විත්තිවාචකයන් සම්බන්ධ නොමැති බව ඔප්පු කල යුතුය. වෙනත් වචන වලින් කියතොත් විත්තිවාචකයන් සම්බන්ධ නොමැති විට අපරාධයේ මූලිකාංගක් ලෙස සලකනු ලැබේ. විත්තිවාචකයන් මඟින් භාගික වශයෙන් හෝ සම්පූර්ණයෙන් ම දඬුවමින් නිදහස් විය හැකිය.

සිහිවිකල්බව[සංස්කරණය]

සිහිවිකල්බව (ඔස්ටේ්‍රලියාව සහ කැනඩාව) ඕනෑම අපරාධයක් කිරීමේ අදහස නිෂේධනය කළ හැකි වුවත් ඊට අදාළ වන්නේ චේතනාව නමැත් අංගය අත්‍යාවශ්‍යය වන අපරාධයන් ට පමණි. නියම චශයෙන් සිහිවිකල්බව අර්ථ දැක්වීම සඳහා විවිධාකාරයේ රීතීන් සම්පාදනය කර ඇත. බොහෝ අවස්ථා වල දී ක්‍රියා කරන්නාට තමා වැරදි සහගත අයුරින් ක්‍රියා කරන බව අවබෝධ කර ගැනීමට නොහැකියාව හෝ ක්‍රියා කරන්නාට නීතියට අනුව කටයුතු කිරීමට ඇති නොහැකියාව යන අවස්ථා දෙකෙන් එක් අවස්ථාවක් වේ. යම් විත්තිකරුවකු සිහිවිකල් බව හේතුවෙන් නිර්දෝෂ බව ප්‍රකාශ කරන ලද විට නිරන්තරයෙන් ම ප්‍රතිඵලය වන්නේ එම පීද්ගලයාව මානසික රෝහලකට යොමුකර වීම යි.

ස්වයංක්‍රියතාවය[සංස්කරණය]

ස්වයංක්‍රියතාවය යනු මනසේ පාලනයකින් තොරව හෝ විඥානයකින් තොරව ක්‍රියා කිරීමයි. කෙනෙකු කම්පනය හේතුවෙන් ඇතිවන ආතතියේ ප්‍රතිඵලයක් ලෙස හෝ විශාල මී මැසි රංචුවකගේ ප්‍රහාරයකට ලක් වීම වැනි සිතින් මවා ගත් තත්වයක් නීසා හදිසියේ අසනීප තත්වයකට පත්ව ස්වයංකී්‍රයව වශී වූ තත්වයකට පත් වීමයි. ස්වයංකී්‍රයතාව ඇති වීමට නම් ඉච්චානුගත පාලනය සම්පූර්ණයෙන් ම නැති වී යා යුතුය. අධික ලෙස රිය පැදවීමේ ප්‍රතිඵලයක් ලෙස අසම්පූර්ණ ලෙස විඥානය නැති වී යාම මෙයට ඇතුළත් නොවේ.

මත්වීම[සංස්කරණය]

මත්වීම සමහර අවස්ථාවල දී සමහර අපරාධ සඳහා පමණක් අදාළ වන විශේෂිත සාවද්‍යය චේතනාව නිෂේධනය කිරීමට හැකිවේ. එවැනි විශේෂිත චේතනාවක් නොමැති වීම මිනි මැරුමක් සාවද්‍යය මනුෂ්‍යය ඝාතනයක් බවට පත්වීමට හැකියාව ඇත. ඉච්චානුගත මත්වීම නිතරම මූලික චේතනාව ඇති කරනු ලබයි. උදා සාවද්‍යය මනුෂ්‍යය ඝාතන චේතනාව. අනෙක් අතට අනිච්චානුගත මත්වීම උදාහරණයක් ලෙස මත්පැන් නිසා ඇතිවන තත්වය මූලික චේතනාවක් අතිව කරන ලද්දක් බවට නිගමනය නොකෙරේ.

අත් වැරදීම[සංස්කරණය]

අත්වැරදීම් සිදු වීම සමහර විටක දී විත්තිවාචකයක් විය හැකි එම අත් වැරදීම කරුණුමය මෙන්ම සැබෑ එකක් විය යුතුය. පොලිස් නිලධරියෙකුට පහර දීමේ චෝදනාව සැබෑ අත්වැරදීමක් ලෙස නිෂේධනය කල හැකි වන්නේ ඔහුට පහර දුන් පුද්ගලයා නිලධාරියෙකු නොව අපරාධකරුවෙක් ලෙස සිතා පහර දුන් විටය.

ආත්මාරක්ෂාව[සංස්කරණය]

ආත්මාරක්ෂාව යනු සාමාන්‍යයෙන් තමා අරක්ෂා වීම සඳහා ගනු ලබන සාධාරණීකරණය කළ හැකි ක්‍රියාවන්ය. ආත්මාරක්ෂාව සඳහා සිදු කරන ක්‍රියාවන් කිසිවිටෙකත් අපරාධයන් නොවේ. ඒ සඳහා දඬුවම් පනවනු නොලැබේ. මෙසේ ගනු ලබන ආරක්ෂක ක්‍රියා මාර්ගයන් ඇතිවන තර්ජනයන් ට සමානුපාතික විය යුතුය. මරණීය නොවන තර්ජනයකට ගිනිඅවියක් භාවිත කිරීම මීට දිය හැකි හොඳම උදාහරණයයි.

බලකිරීම[සංස්කරණය]

බලකිරීම නිසා කෙනෙකු නීති විරෝධී අන්දමින් ක්‍රියා කළ හැකිය. බල කිරීම බෙහෝ අවස්ථාවලදී විත්තිවාචකයක් වුවත් මිනි මැරුම්, නිනි මැරීමට තැත් මිරීම, මිනි මැරීමට සහය වීම සහ සමහර රටවල් වල නම් දේශද්‍රෝහී වීම වැනි දරුණු අපරාධ සඳහා විත්තිවාචකයක නොවේ. බලකිරීම ඉතා ආසන්න ලෙස මරණීය තර්ජනය හෝ බරපතල ලෙස තුවාල සිදුකිරීමේ තර්ජනය දරා ගත නොහැකි ආකාරයට විත්තිකරුගේ මනස තුල ක්‍රියාකාරී විය යුතුය. විත්තිකරුට එල්ල වූ තර්ජනයට මධෘස්ථ පුද්ගලයෙක් ඊට වෙනස් ප්‍රතික්‍රියාවක් දක්වන්නේ නම් විත්තිවාචකයක් නොමැතී බවට සධාරණව විශ්වාස කළ යුතුය. වයස, ගර්භනී බව, ශාරීරික දුබලතාව, මානසික රෝගී බව, ලිංගිකතාව, මේ සඳහා මිනුම් දඬු වුවත් මූලික දැනුවත්බව එසේ නොසලකනු ලැබේ.

මෙහි දී විත්තිකරුට ගැලවී පලා යාමට යාමට කිසිදු මඟක් නොමැති විය යුතුය. බල කිරීම, මුදල් නැවත ගෙවීමට තර්ජනය කිරීම නිසා එම මුදල පියවිමට බැංකුවක් කොල්ල කෑමට යොමු වීම නොව කිසියම් ක්‍රියාවක් කිරීමට අණ කිරීමක් විය යුතුය. කෙනෙකු තමාම තර්ජනයකට ලක විය හැකි තත්වයකට පත් වුවහොත් බල කිරීම විත්තිවාචකයක් ලෙස ගත නොහැකිය.

අන්තර් ජාතික නීතිය =[සංස්කරණය]

හේග්හි පිහිටි අන්තර්ජාතික අපරාධ අධිකරණය



හේග්හි පිහිටි අන්තර් ජාතික අපරාධ නඩු අධිකරණය යනු මහජන අන්තර්ජාතික නීතිය යොදවමින් ඉතාමත් දරුණු ගනයේ සහ අතිශයින්ම සාහසික වූ (ලෝකයේ හි වෙසෙන සියලුම ජාතීන් සහ රාජ්‍යයන්ට බලපාන) අපරාධ සහ අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් විස්තරාත්මකව හා විශ්ලේෂණාත්මක කටයුතු කරයි. නූතන අන්තර්ජාතික අපරාධ නීතියේ මුලාශ්‍රය ලෙස නියුරන්බර්ග් නඩු (පශ්චාත් දෙවන ලෝක යුධ සමය තුළ) සැලකිල්ලට ගත හැකිය. මෙම නඩුවලදී නාසිවාදය පැතිර වූ නායකයන්ට මිනිස් සංහාර සහ යුද්ධය යන කරුණු පදනම් කරගෙන දඩුවම් ලබාදෙන ලදී. වර්‍ෂ 1998 දී Rome Statute යන නීතිය යටතේ අන්තර්ජාතික අපරාධ අධිකරණය හේග් නග‍රයේ ස්ථාපිත කරන ලදී. මෙය මූලිකවම වෙන්වුයේ විවිධ රාජ්‍යයන් වල නායකයන් සහ රාජ්‍ය නිලධාරීන් විසින් මනුෂ්‍ය වර්‍ගයාට එරෙහිව කරන ලද අපරාධයන් සම්බන්ධයෙන් ඔවුනට දඩුවම් ලබාදීම සඳහා ය. ‍එහෙත් ලොව සියලුම රටවල් මෙවැනි නඩුවලට සහභාගී වී නැත (සහභාගී වීමට සිය කැමැත්තද පළකර නැත) යේමනය, ලිබියාව, ඉරාකය, ඊශ්‍රායලය. සහ ඇමෙරිකා එක්සත් ජනපදය මේවාට උදාහරණ ‍වේ.


ඇමෙරිකා එක්සත් ජනපදය[සංස්කරණය]

අමෙරිකා එක්සත් ජනපදයේ අපරාධ කරුවන්ට එරෙහිව නඩු ආරම්භ කරනු ලබන්නේ විනිශ්චකාරවරයෙකු විසින් නිකුත් කරන පැමිණිල්ලක් මඟින් හෝ මහාජූරි සභාවක් මඟින් නිකුත් කරන චෝදනා පත්‍රයක් තුළිනි. ඇමෙරිකානූ ව්‍යවස්ථාවේ සිදුකරන ලද පස්වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව පෙඩරල් අධිකරණයකදී විභාග කෙරෙන දරුණු ගණයේ අපරාධ සම්බන්ධයෙන් (Felonies) ‍චෝදනා පත්‍රයක් නිකුත් කිරීම අත්‍යාවශ්‍ය වේ. එක් එක් ජනපද වල භාවිතයේ පවතින විවිධ ක්‍රමවල විවිධත්වය මත අත්‍යාවශ්‍ය කරුණක් ලෙස අපරාධ නඩුවක් ‍ගොනුකිරීමේ දී මෙම පෙඩරල් අවශ්‍යතාවය බලපාන්නේ නැත. උදා: ලෙස ගතහොත් කනෙටිකට්, පෙන්සිල්වේනියා සහ වොෂින්ටනය ‍යන ජනපද සහ කොලොම්බියාව 'මහා ජූරි සභාවක් මඟින් ඉදරිපත් කරන චෝදනා පත්‍රය පිළිපදින්නේ නැත. හයවන ව්‍යවස්ථා සංශෝධනය මඟින් අපරාධ නඩුවක චූදිතයෙකුගේ නඩුවක් වඩාත් ඉක්මණින් සහ මහජනයා ඉදිරියේ විභාග කිරීමට ඇති අයිතිය ආරක්ෂා කර ඇත. මෙය ප්‍රාන්ත සහ පෙඩරල් අධිකරණ දෙවර්ගයටම බලපායි. මීට අමතරව අපක්ෂපාතී ජුරි සභාවක් ඉදිරියේ අපරාධය සම්බන්ධයෙන් වූ නඩුව ඇසීමට ද, (ජනපද සහ දිස්ත්‍රීක් යන දෙකේදීම ) තමන්ට විරුද්ධව ඇති නඩුවේ ස්වාභාවය සහ චෝදනාවට ලක්වීමට හේතුව දැනගැනීමට ද, තමන්ට විරුද්ධව සාක්ෂි දෙන සාක්ෂිකරුවන් තමන් ඉදිරියට ගෙන ඒමට ද, අනිවාර්ය ක්‍රියාවලියක් හරහා තමන්ගේ වාසිය සඳහා සාක්ෂිකරුවන් සපයා ගැනීමට ද සහ නීතිඥවරයෙකුගේ සහය ලබාගැනීමට ද අයිතියක් ඇත.


රාජ්‍යයක අයිතීන් සුරැකීම සඳහා පෙනීසිටිනු ලබන්නේ නීතිපති දෙපාර්තමේන්තුව‍ට සම්බන්ධ නීතිඥයෙකි. චූදිතයෙකුට තනිවම තමාගේ නිතීඥයා ලෙස කටයුතු කළ හැකිය. (අවශ්‍යනම්)ය. බොහෝ අමෙරිකානූ නීති විද්‍යාලවල මූලික මූලාශ්‍රය (අපරාධ නීතිය සම්බන්ධයෙන්) පදනම් වී ඇත්තේ නූතන දණ්ඩ නීති සංග්‍රහය සහ ඇන්ග්ලෝ ඇමෙරිකානූ පොදු නීතිය මත පදනම් වූ පර්යේෂණයක් මතය. ඇමෙරිකාවේ සිදුවන අපරාධ විශ්වීය අපරාධ ලෙසද ‍‍ලොව පුරා නීති මඟින් තහනම් කර ඇත. (මිනී මැරුම් සහ ස්ත්‍රී දූෂණ) මේවා ඉදහිට මාලම් ඉන්සේ (Malum in se) ලෙසද ව්‍යවහාර කෙරේ. මේ අතරේ දී අනිකුත් අපරාධ (සමාජයක සමාජීය දැක්ම සහ හොද නරක වෙන්කරන ආකාරය) වන මත් ද්‍රව්‍ය නිවාරණය සහ මත්පැන් සම්බන්ධ නීති Molum prohibitum ලෙස ව්‍යවහාර වේ.



ඉංග්‍රීසි අපරාධ නීතිය(එංගලන්තය)[සංස්කරණය]

මධ්‍යම අපරාධ අධිකරණය, සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ Old – Bailey


එංගලන්තයේ අපරාධ නීතිය විවිධ මුලාශ්‍ර කීපයකින් පැන නැගී ඇත. අපරාධ සඳහා වූ විවිධ නිර්වචනයන් අධිකරණ තීරණ සහ දහස් ගණනක් වූ විවිධ නීති යුරෝපා හවුල තුළ පවතින සුපිරි නීති පද්ධති වල අන්තර්ගත වී ඇත. ‍ඇමෙරිකා එක්සත් ජනපදය මෙන් නොව මෙහි අපරාධ හෝ සිවිල් නීති ලෙස නීති ගතකොට නැති බැවින් අපරාධ නිර්වචනය කිරීමේ තනි ක්‍රමයක් වෙන්කොට හදුනා ගැනීම අපහසුය.

"http://si.wikipedia.org/w/index.php?title=අපරාධ_නීතිය&oldid=318439" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි