පොදු නීතිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

පොදු නීතිය යනු ව්‍යවස්ථායකය විසින් සම්මත කළ නීති හෝ විධායක කි‍්‍රයාවන් හේතුකොටගෙන නොව අධිකරණ හා ඊට සමාන විනිශ්චය සභාවන් විසින් දෙන ලද තීන්දු මත පදනම්ව ගොඩනැගුනු නිතියකි. පොදු නීති ක‍්‍රමයන්හි නීතිය නිර්මාණය කිරීම සහ/හෝ පිරිසිදු කිරීම සිදුකරනු ලබන්නේ විනිසුරුවරුන් විසිනි. විභාග වෙමින් පවත්නා නඩුවක තීරණය පෙර නඩු තීන්දු මත පදනම්වන අතර එය අනාගත නඩු තීරණයන් කෙරෙහිද බලපැවැත්වෙනු ඇත. කිසිදු අධිකාරීත්ව ප‍්‍රතිපාදනයක් නිතියේ නොමැති අවස්ථාවන්හිදී පූර්වාදර්ශී නඩු තීන්දුවක් ලබාදෙමින් නීතිය නිර්මාණය කිරීමේ හැකියාව පොදු නීති විනිසුරුවරුන්ට ඇත. මෙම පූර්වාදර්ශී නඩු තින්දුවේ හරය පොදු නීතිය ලෙසින් හඳුන්වනු ලැබෙන අතර අනාගත නඩු තීන්දු එමඟින් බැඳෙයි. අතීතයේදී ඊට සමාන ගැටලූවක් නිරාකරණය කරනු ලැබ ඇත්නම් පෙර නඩු තීන්දුවේදී අනුගමනය කරනු ලැබූ තාර්කික පදනම මෙම නඩු තීන්දුවේදීද අනුගමනය කිරීමට විනිසුරුවරු බැඳී සිටිති (මෙම මූලධර්මය අධිකරණ පූර්ව නිදර්ශන න්‍යාය ලෙසින් හැඳින්වේ).

ඉහතින් දැක්වූ දර්ශීය නීති පද්ධතියට වඩා භාවිතයේදී පොදු නීතිය ඉතා සංකීර්ණ වෙයි. කිසියම් අධිකරණයක තීන්දුවකින් තවත් අධිකරණයක් බැඳෙන්නේ දෙකම එකම අධිකරණ බලප‍්‍රදේශයක් තුල පිහිටන විටදීය. එකම අධිකරණ බලප‍්‍රදේශයක් තුල පවා සමහර අධිකරණයන්ට සෙසු අධිකරණයන්ට වඩා වැඩි බලතල පවතී. උදාහරණයක් ලෙස බොහෝ අධිකරණ බලප‍්‍රදේශයන් තුල ඇපැල් අධිකරණයන් විසින් ලබාදෙන නඩු තීන්දුවලින් පහල අධිකරණ බැඳී සිටින අතර අභියාචනාධිකරණ නොවන අධිකරණයන් විසින් ලබාදෙන තීන්දු සම්බන්ධයෙන් බැඳීමක් නොවේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නීතිය, ව්‍යවස්ථාපිත නීතිය සහ නියාමන නිතීන් සමඟ පොදු නීතියේ මිශ‍්‍රවීම් සංකීර්ණ තත්වයන් නිර්මාණය කරයි. කෙසේ වෙතත් අධිකරණ පූර්ව නිර්ශන න්‍යාය හෙවත් සමාන නඩු සමාන රීතීන් යොදාගනිමින් විභාග කළයුතුය යන මූලධර්මය පොදු නීතියේ හදවත ලෙස සෑම පොදු නීති පද්ධතියක් තුලම අන්තර්ගත වේ.

බි‍්‍රතාන්‍යයේ නෛතික උරුමය හා සම්බන්ධකම් ඇති රටවල් බොහොමයක මෙම පොදු නීතිය පැතිර පවතී. එක්සත් රාජධානිය, එක්සත් ජනපදය (නැපෝලියානු සංග‍්‍රහයේ බලපැම දක්නට ඇති ලූයිසියානා ජනපදයේ හැර) කැනඩාව ඇතුළු බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයට යටත්ව තිබූ පූර්ව යටත්විජිතයන් ඒ අතර ප‍්‍රධාන වෙයි.



පොදු නීතියේ ඉතිහාසය[සංස්කරණය]

පොදු නීතිය නිර්මාණය වූයේ 12 සහ 13 වන සියවස් තුල එංගලන්තයේදීය. මෙම සාමූහික නඩු තීරණයන් සම්පරrg/දායයන්, සිරිත් සහ පූර්වාදර්ශයන් මත පදනම් විය. පූර්වාදර්ශයන් හා සිරිත් නෛතික කිරණයනයාදාමය තුල වැදගත් භූමිකාවක් ඉටුකළ සමාජයන්හි ඵෙතිහාසිකව පැවැති තත්වය හා සමාන තත්වයක් මෙම නෛතික ආයතනයන් හා සංස්කෘතිය තුල දක්නට ලැබින. ජර්මානු නීතිය හා ඉස්ලාමීය නීතිය මෙවැනි නීති පද්ධතීන්ට උදාහරණයන්ය. පොදු නීතියේදී භාවිතා කළ මෙම තර්කනය ධර්මාධර්ම විචාරය නොඑසේනම් සිද්ධිය මත පදනම්වූ තර්කනය ලෙසින් හැඳින්වේ. තෝරත ලෙස හඳුන්වනු ලැබූ වරදකාරී කිර්ජරයාවන්ට (නොසැලකිල්ල සහ වුවමනාවෙන්ම සිදුකළ කිරේ දයාවන් යන දෙකටම) වන්දි ලබාදීම, ගිවිසුම් පිලිගන්නා හා නියාමනය කරන ආකෘතියක් ලෙස නීතිය ගොඩනැංවීම ආදී සිවිල් නඩු කටයුතු සඳහා පොදු නීතිය අදාල කරනු ලැබිණ. පොදු නීති කරය් මයේ අධිකරණයන් තුල අනුගමනය කරනු ලැබූ කාර්ය පටිපාටියවූයේ පොදු නීතිය විසින්ම වර්ධනය කරන ලද කරයේ මයක් වූ චෝදනාත්මක කරයු මයයි.


පොදු නීතිය යටත් විජිතයන් සහ පොදු රාජ්යන මණ්ඩලීය රටවල් වෙත පැතිරයාම[සංස්කරණය]

ඇමරිකානු විප්ලවයෙන් පසුව සිදුකරනු ලැබූ මුල්ම ව්‍යවස්ථා සම්පාදනයන් අතර අලූතින් නිදහස ලැබූ සැම ජනපදයක්ම ඉංගී‍්‍රසි පොදු නීතිය කි‍්‍රයාවේ යෙදවීම සඳහා වූ නීති පම්පාදනය කිරීම දැකගත හැක. සමහර ජනපද මෙහිදී ව්‍යවස්ථාපිත නීති සම්පාදනය මඟින්ද, තවත් සමහර ඒවා සිය ජනපද ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව මඟින්ද ඉංගී‍්‍රසි පොදු නීතිය පිලිගනු ලැබූහ. උදාහරණයක් ලෙස 1777 නිව්යෝර්ක් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව මෙසේ දක්වා සිටී, “ එංගලන්තයේ පොදු නීතිය සහ එංගලන්තයේ සහ මහා බි‍්‍රතාන්‍යයේ ව්‍යවස්ථාපිත නීතිය සහ නිව් යෝර්ක් යටත් විජිතයේ ව්‍යවස්ථාදායකය විසින් සම්මත කරන ලද පනත් එක්ව 1775 අපේ‍්‍රල් 19 වන දින වන විට නිව්යෝර්ක් ජනපදයේ නීතිය සංයුක්ත කරනු ලබන අතර ජනපදයේ ව්‍යවස්ථාදායකය විසින් කලින් කළ සිදුකරනු ලබන සංශෝධනයන් සහ නව නීති හඳුන්වාදීම්වලට යටත්ව තවදුරටත් එය එසේම පැවතිය යුත්තේය. ” පොදු නීතිය සම්බන්ධයෙන් නිව් යෝර්ක් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව දක්වා ඇති ප‍්‍රවේශය සම්බන්ධයෙන් ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් කියා සිටියේ කලින් කලට සිදුවන සංශෝධනයන් හා නව නීති හඳුන්වාදීම්වලට යටත්ව පොදු නීතිය එසේම පැවතිය යුතු බව දක්වා තිබුණද එය සංශෝධනයට ලක්කිරීමේ බලය ව්‍යවස්ථාදායකයට හිමිවන බවයි. ඒකාබද්ධ රාජ්‍යයන්ගේ කොංග‍්‍රසය විසින් 1787 දී සම්මත කළ පනතක් මඟින් කියා සිටියේ අධිකරණ කටයුතු පොදු නීති ක‍්‍රමය අනුකූලවසිදුකළ යුතු බවය නේදන් ඬේන් කියා සිටියේ ප‍්‍රාදේශීය පෙඩරල් ව්‍යවස්ථාවන් කිසියම් වරදක් සම්බන්ධයෙන් නිහඬ නම් එහිදී නඩු විභාගය පොදු නීතියට අනුව ජූරියක් ඉදිරියේ විභාග කළයුතුය යන්න මෙයින් අදහස් වන බවය. නමුත් භාවිතයේදී මෙම ප‍්‍රතිපාදනය පොදු නීතිය පිලිගැනීමේ නීතියක් ලෙසින් කි‍්‍රයාත්මක වූ අතර එමඟින් ඒ වන විට පිහිටුවා නොතිබූ ජනපදයන් ගණනාවක්ම සිය නීතිය ලෙස පොදු නීතිය පිලිගැනීම සිදුවිය.

කාළයත් සමග නව ජනපදයන් ස්ථාපිත කිරීමත් සමඟ මෙම පැරණි ව්‍යවස්ථාවන් යල්පිනූ තත්වයට පත්වූ බැවින් ඒවා ජනපදයන්ගේ ව්‍යවස්ථාපිත ප‍්‍රතිපාදනයන් තුලින් බලාත්මක කිරීම සිදුවිය. උදාහරණයක් ලෙස වොෂින්ටන් ජනපදය විසින් එක්සත් ජනපදයේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට සහ නීතියට පටහැනි නොවනතාක් දුරකට පොදු නීතිය මෙම ජනපදයේ නීතිය ලෙස අධිකරණ තීරණයන්හි භාවිතයට ගත යුතු බවට වූ ප‍්‍රතිපාදනයක් සම්මත කිරීම දැක්විය හැක. මේ ආකාරයට පොදු නීතිය ලූයිසියානා (එය ප‍්‍රංශයේ සිවිල් නීති ක‍්‍රමයේ අභාෂය ලබාගන්නා ලදී) හැර සෙසු සෑම ජනපද නීති පද්ධතියක් තුලටම පොදු නීතිය අන්තර්ග‍්‍රහනය විය. මීට සමාන ප‍්‍රතිපාදනයක් හොං කොං මූලික නීතයේ 8 වන වගන්තියේද අන්තර්ගත වෙයි.


පොදු වූ සංවිධිත නීති එංගලන්තයේ නීති පද්ධතිය[සංස්කරණය]

1066 දී සිදුවූ නෝමන්වරුන්ගේ ආක්‍රමණයට පෙර දියෝකිසීය බිෂොප්වරයා ෂෙරීෆ්වරයා විසින් මුලසුන දරනු ලැබූ ප්‍රාදේශීය අධිකරණයන් විසින් පැවිදිසි සහ සිවිල් අධිකරණ බලය ක්‍රියාවේ යොදවනු ලැබිණ. ජූරිය විසින් නඩු විභාග කිරීම මෙම අධිකරණයන්හි ආරම්භ විය.

1154 දී දෙවන හෙන්රි රජු බලයට පත්වීමෙන් අනතුරුව මුලූ රටටම පොදු වූ නීති පද්ධතියක් ස්ථාපිත කිරීම මඟින් පොදු නීතිය ආයතනගත කරන ලදී. එමඟින් ප්‍රාදේශීය සිරිත් ජාතික තලයට ගෙන එනු ලැබූ අතර යම් යම් අයට විශේෂකොට දැක්වීමේ ප්‍රාදේශීය පාලනයන්, හිතුවක්කාරී තීරණයන් අවසන් කිරීම සහ අපරාධ හා සිවිල් ඉල්ලීම් සම්බනධයෙන් විමර්ෂනය කිරීම සඳහා දිවුරුම් දුන් තැනැත්තන්ගෙන් සමන්විත ජූරි ක්‍රමයක් ස්ථාපිත කිරීම සිදුවිය. ජූරිය සිය තීරණයන්ට එළැඹුනේ සාමාන්‍ය දේශීය දැනුම උපයෝගී කරගනිමිනි.

දෙවන හෙන්රි රජු සිය මධ්‍යම අධිකරණයේ විනිසුරුවරුන් නඩු විභාග කිරීම සඳහා රටේ විවිධ ප්‍රාදේශයන්ට යැවීමේ පරිචයේද ආරම්භකයා විය. ඔහුගේ විනිසුරුවරු තත්කාර්ය පදනමක පිහිටා ගැටලූ නිරාකරණය කරන ලදී. අනතුරුව ඔවුහු නැවත ලන්ඩනය වෙත පැමිණ සිය තීරණයන් සම්බන්ධයෙන් අනෙක් විනිසුරුවරුන් සමඟ සාකච්ඡා කළහ. මෙම සාකච්ඡාවන් වාර්තාගත කරනු ලැබු අතර ලිපිගොනුගත කිරීමද සිදුවිය. පසුකාලීනව අධිකරණ පූර්ව නිදර්ශන න්‍යාය වර්ධනය වූයේ මෙතුලිනි. මෙම ක්‍රමය යටතේ පූර්ව නඩුතීන්දු නීතිය ලෙස ස්ථාපිත වූ අතර පූර්ව නෝමන් යුගයේ පැවැති ප්‍රාදේශීය සිරිත් මුළුරටටම පොදු වූ සංවිධිත නීති පද්ධතියක් මඟින් ආදේශ වූ අතර එකී නීති ‘පොදු නීති’ ලෙසින් හැඳින්විනි.

දෙවන හෙන්රි රජු විසින් ශක්තිමත් ඒකීය අධිකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම හේතුවෙන් එතෙක් අධිකරණ කටයුතු සිදුකළ පල්ලිය සහ රජු අතර ගැටුමක් නිර්මාණය විය. අවසානයේදී තවන් හෙන්රි රජු වෙනුවෙන් කටයුතු කරන බව විශ්වාස කරමින් නයිට් වරුන් තිදෙනකු විසින් කැන්ටබරිහි ආදිපාද තෝමස් බ්රැකට් කැන්ටබරි පල්ලිය තුලදී ඝාතනය කරනු ලැබිණි. හෙන්රි රජු එම ඝාතනය සිදුකිරීමට සැලසුම් කරන ලද්දේද යන්න පැහැදිලි නොමැති නමුත් එම අවස්ථාව වන විට මේ දෙදෙනා අධකරණ බලය ක්‍රියාවේ යෙදවිම සම්බන්ධයෙන් උග්‍ර මතභේදයක පැටලී සිටියහ. ඵෙහි ලෞකික වරදවල් සම්බන්ධයෙන් පල්ලිය අධිකරණ කටයුතු සිදු කිරීම මේ අනුව අවසානයකට පත්විය.

මේ තත්වය තුල අපරාධ සහ සිවිල් නීතියේ මූලික මූලාශ්‍රය ලෙස පොදු නීතිය වර්ධනය වීම සිදුවිය. පසුකාලීනව පාර්ලිමේන්තුව විසින් ව්‍යවස්ථාදායක බලය අත්පත් කරගන්නා ලද අතර සමහර කරුණු අරබයා ව්‍යවස්ථාපිත නීතිය විසින් පොදු නීතිය සීමා කිරීමට පියවර ගනු දැකගත හැකිවිය. අදද පොදු නීතිය තුල ඉතා වැදගත් ස්ථානයකට හිමිකම් කියයි.

පොදු නීතිය මූලික අර්ථනිරූපනයන්[සංස්කරණය]

පොදු නීතිය යන යෙදුම පිලිබඳ ප‍්‍රධාන වශයෙන් සඳහන් කළයුතු ද්විතීයික අර්ථයන් තුනක් සහ තවත් ඵෙතිහාසික අරුත් කිහිපයක්ම පවතී.

1 ව්‍යවස්ථාපිත නීතියට සහ නියාමන නීතියට ප‍්‍රතිවිරුද්ධ ලෙස පොදු නීතිය
මෙම ද්විතීයික අර්ථය විසින් අධිකාරයක් විසින් නීතියක් පනවනු ලැබිම දක්වයි. උදාහරණයක් ලෙස එක්සත් ජනපදයේ බොහොමයක් අධිකරණ බලප‍්‍රදේශයන් තුල බොහෝ කලාපයන් ව්‍යවස්ථාදායකය විසින් පනවනු ලැබූ නීතීන්, ව්‍යවස්ථාදායකය විසින් අභිනියෝජනය කරන ලද බලය මත විවිධ රීති සෑදීමේ බලය හිමි අධිකාරයන් විසින් නිර්මාණය කරනු ලබන රෙගුලාසි සහ පොදු නීතිය හෝ ‘නඩු තීන්දු නීතිය’ (එනම් අධිකරණයන් මඟින් හෝ නියෝජිතායතනයන් සතු අර්ධ අධිකරණ විනිශ්චය සභාවන් විසින් ලබාදුන් තීන්දු) මඟින් ආවරනය වෙයි. මෙම ද්විතීයික අර්ථය තවදුරටත් මෙසේ විශ්ලේෂණයකොට දැක්විය හැක. (අ) කිසිදු ව්‍යවස්ථාපිත අධිකාරයක බලපෑමකින් තොරව පොදු නීතිය තුලින් පමණක් බිහිවූ නීති (උදා. 20 වන සියවසට පෙර අපරාධ නීති බොහොමයක් හා කාර්ය පටිපාටික නීතීන් වර්තමානයේ පවා ගිවිසුම් හා තෝරත නීති බොහොමයක්ද මේ ආකාර වේ) (ආ) වෙනත් ආයතනයන් විසින් පනවනු ලැබූ ලිඛිත නීති එනම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා, ව්‍යවස්ථාපිත නීති සහ නියාමනයන්හි සීමාවන් සහ වෙනස්කම් සාකච්ඡා කරනු ලබන තීරණයන්

2. සිවිල් නීති පද්ධතීන්ට එරෙහිව පොදු නීති පද්ධතීන්
මෙම ද්විතීයික අර්ථය විසින් පොදු නීති අධිකරණ බලයන් හා නීති පද්ධතීන් සිවිල් නීති’ හෝ නීති සංග‍්‍රහයන්ගේ’ අධිකරණ බලයෙන් වෙනස්කොට දැක්වීම සිදුකෙරෙයි. පොදු නීති පද්ධතීන් ව්‍යවස්ථාපිත නීතිය තරම්ම අධිකරණ තීන්දුද වැදගත් ලෙස සලකනු ලබයි. මීට ප‍්‍රතිපක්‍ෂව සිවිල් නීති පද්ධතීන් (ඉස්ලාමීය නොවන පොදු නීති නොවන රටවල පවත්නා හෝ පොදු නීතිය සමඟ බැඳී පවතින නෛතික සම්ප‍්‍රදාය) අධිකරණ තීන්දු කෙරෙහි තබන්නේ අඩු බරකි. එමෙන්ම මෙහිදී ශාස්ත‍්‍රඥයින්ගේ දායකත්වයන්ද සලකා බලනු ලැබේ. උදාහරණයක් ලෙස නැපෝලියානු සංග‍්‍රහය ප‍්‍රංශ විනිසුරන්ට නීතිය පිලිබඳව අදහස් දැක්වීම ප‍්‍රකාශිතවම තහනම්කොට ඇත.

3. සාධාරණත්වයට ප‍්‍රතිපක්‍ෂව පොදු නීතිය
මෙම ද්විතීයික අර්ථය මගින් පොදු නීතිය (නොඑසේනම් පොදුවේ නීතිය) සාධාරණත්වයෙන් වෙනස්කොට දක්වයි. 1873 ට පෙර එංගලන්තයේ සමාන්තර අධිකරණ පද්ධතීන් දෙකක් කි‍්‍රයාත්මකව පැවතුනි. එනම් අලාභයන්ට මූල්‍යමය වන්දි පමණක් ලබාදීම සහ දේපළවල නීත්‍යානුකූල හිමිකරු කවුරුන්ද යන්න ප‍්‍රකාශයට පත්කිරීමේ බලය හිමිව තිබූ නීති අධිකරණ සහ නිරෝධාඥාවන් සහ දේපළ භාරයන් පිලිගනු ලබන සාධාරණත්ව අධිකරණයන්ය. මෙම විභේදනය එක්සත් ජනපදය ඇතුළු යටත්විජිතයන් රැසකටද පැතිර යන ලදී. නීතිය හා සාධාරණත්වය අතර වෙනස

(අ) දේපළ අයිතිවාසිකම් වර්ගීකරණය කිරීම සහ ප‍්‍රමුඛතාවයන් දැක්වීමේදී (ආ) එක්සත් ජනපදයේදී හත්වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ලබාදුන් ජූරියේ නඩු විභාගයකට ඇති අයිතිය ආදල වන්නේද (පොදු නිති ඉල්ලීම නිරාකරණය කිරීමට කරුණු පිලිබඳව තීරණය කිරීම වඩා වැදගත් වේ නම්) නැතහොත් විනිසුරුවරයකු විසින් නඩු විභාග කළයුත්තේද යන්න තීරණය කිරීමේදී (නීතිය කුමක්ද යන්න පිලිබඳ කාරණාවන් සහ සියලූ කරුණු සාධාරණත්වය හා සම්බන්ධිත වන විට) සහ

(ඇ) අධිකරණ මඟින් සාධාරණත්ව ප‍්‍රතිකර්මයන් ලබාදීම සඳහා අදාලවන්නාවූ මූලධර්මයන්හිදී ඉතා වැදගත් වෙයි. බොහෝ අවශ්‍යතාවයන් වෙනුවෙන් එක්සත් ජනපදයද ඇතුලත්ව බොහෝ අධිකරණ බලප‍්‍රදේශයන් තුල අධිකරණ වර්ග දෙකක් බිහිවිය. මීට අමතරව වෙන් වෙන්ව පැවතුනු අධිකරණයන් ඒකාබද්ධ කිරීමට පෙර බොහෝ අධිකරණයන්හි නීතිය මෙන්ම සාධාරණත්වයද කි‍්‍රයාවේ යෙදවීමට අවසරය ලබාදී තිබුණි.


4 ඵෙතිහාසික භාවිතාවන්
මීට අමතරව මෙම යෙදුමේ ඵෙතිහාසික භාවිතාවන් කිහිපයක් විසින්ම එහි අර්ථය පිලිබඳව යම් පසුබිමක් සපයයි. ඉංගී‍්‍රසි සාමාන්‍ය ඉල්ලීම් පිලිබඳව විභාගකළ අධිකරණ රජුට කිසිදු වැදගත්කමක් නොවූ කරුණු එනම් සාමාන්‍ය ජනතාවගේ ගැටළු විභාග කළ ආයතන විය. මීට අමතරව අවම වශයෙන් 11 වන සියවසේ පමණ සිට එළැඹි සියවස් ගණනාවක් පුරාවට රාජකීය අධිකරණ පද්ධතිය තුල මණ්ඩල කිහිපයක්ම විය. රජුගේ යුක්තිය බෙදාදෙමින් ගමින් ගමට ගිය සංචාරක විනිසුරන්ගෙන් මේවා සමන්විත විය. මෙකී මණ්ඩල අතර පොදුවේ කි‍්‍රයාත්මක වූ නීතින් හැඳින්වීමට පොදු නීතිය යන යෙදුම යොදාගනු ලැබිණ. කිසියම් නීතියක් වඩා පුළුල් ලෙස පිලිගැනීමට ලක්වන විට ඊට වැඩිබරක් ලබාදුන් අතර එහිදී ප‍්‍රාදේශීය සිරිත් ආන්තික කරනු ලැබිණ. මෙම අර්ථ නිරූපනයන් ඉතා පැරණි ඒවා වන අතර ඉංගී‍්‍රසි නෛතික පද්ධතියේ වර්ධනය සමග ඒවායේ අදාලත්වය පහව යන ලද නමුත් පොදු නීතිය යන යෙදුමේ සම්භවය පැහැදිලි කිරීමට ඒවා වැදගත් වෙයි.

පොදු නීති කෘත්‍ය[සංස්කරණය]

පොදු නීතිය පිලිබඳ ඵෙතිහාසික අවසානාත්මක ග‍්‍රන්ථයක් වන්නේ ශී‍්‍රමත් විලියම් බ්ලැක්ස්ටෝන් විසින් රචිත 1765- 1769 කාළයේදී පළවන වරට ප‍්‍රකාශයට පත්වූ කමෙන්ටි‍්‍රස් ඔන් ද ලෝ්ස් ඔෆ් ඉන්ග්ලන්ඞ් ය. 1979 වනතුරුම එහි පළවන මුද්‍රණයේ කඩදාසියෙන් බඳින ලද වෙලූම් 4 ක් ඉතිරිව පැවතුනි. වර්තමානයේදී එහි එක්සත් රාජධානියේ ඉංගී‍්‍රසි කොටස පොදු හා ව්‍යවස්ථාපිත ඉංගී‍්‍රසි නීතිය ආවරණය කරන හාල්ස්බරිස් ලෝස් ඔෆ් ඉංග්ලන්ඞ් මඟින් ආවරනය කරනු ලබයි.

එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයට නම් කරනු ලැබිමට පෙර මැසචුසෙට්ස්හි ඉහල අධිකරණ විනිසුරකු ලෙස කටයුතු කරන අතරේ කණිෂ්ඨ ඔලිවර් වෙන්ඩල් හොල්ම්ස් විසින් ද කොමන් ලෝස් නම් කුඩා කෘතියක් ප‍්‍රකාශයට පත්කරනු ලැබිණ. එය අදද ක්ෂේත‍්‍රය තුල විශිෂ්ඨ කෘතියක් ලෙසින් සැලකෙයි. බ්ලැක්ස්ටෝන් මෙන් නොව හොල්ම්ස්ගේ කෘතිය නීතිය යනු කුමක්ද යන්න සංක්‍ෂිප්තව සාකච්ජා කරමින් පොදු නීති කි‍්‍රයාවලිය විස්තර කරයි.

එක්සත් ජනපදයේ ඇමරිකානු නීති ආයතනය විසින් සංස්කරණය කරනු ලැබූ විවිධ විෂය කරුණු (ගිවිසුම්, තෝරත, නඩු තීන්දු ආදී) සම්බන්ධයෙන් වන පිළිප‍්‍රකාශයන් එකී ක්ෂේත‍්‍රයන් තුල පොදු නීතියේ එකතූන් ලෙස සැලකිය හැක. මේවා ඇමරිකානු අධිකරණයනහි නිතර උපුටා දක්වනු ලබන අතර සංගෘහිත කරනු නොලැබූ පොදු නීතියක් ලෙසින් මේවා යොදාගනු ලබයි. බැඳීම් සහගත නඩු තීන්දු හැරුනුවිට අධිකරණයන්හි ඉහල පිලිගැනීමක් සහිත අධිකාරයන් ලෙස මේවා සලකනු ලැබේ. පොදු නීතිය සංග‍්‍රහගත කිරීම සිය මූලික පරමාර්ථය වූ කෝපස් ජූරිස් සෙකෙන්ඩම් නම් විශ්වකෝෂයද විවිධ අධිකරණයන්හි සැලකිල්ලට නිතර ලක්වන්නකි.

ස්කොට්ගේ පොදු නීතිය කෘතිය මිනීමැරුම හා සොරකම පිලිබඳ කරුණු ආවරණය කරනු ලබන අතර සිරිත්, නෛතික ලේඛණයන් හා පූර්ව නඩු තීන්දු එහි මූලාශ‍්‍රයන් වෙයි. එහිදී ආධාරක කොටගෙන ඇති නෛතික ලිවීම් ආයතනික පඨිතයන් ලෙස හඳුන්වනු ලබන අතර බොහෝදුරට 17, 18 හා 19 වන සියවස් වලට අයත් ඒවා වෙයි.

පොදු නීති පද්ධතිය[සංස්කරණය]

එංගලන්තය සහ වේල්සය, උතුරු අයර්ලන්තය, අයර්ලන්තය, එක්සත් ජනපදයේ පෙඩරල් නීතිය සහ ප‍්‍රාන්ත නීති (ලූයිස්යානා හැර) , කැනඩාවේ පෙඩරල් නීතිය සහ පළාත් නීති (ක්විබෙක් සිවිල් නීතිය හැර), ඕස්ටේ‍්‍රලියාව (පෙඩරල් හා ප‍්‍රාන්ත) , නවසීලන්තය, දකුණු අපි‍්‍රකාව, ඉන්දියාව, මැලේසියාව, බෲනායි, පාකිස්ථානය, සිංගප්පූරුව, හොංකොං සහ බොහොමයක් ඉංගී‍්‍රසි කථාකරන සහ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් (මෝල්ටාව සහ ස්කොට්ලන්තය හැර) යන සියල්ලේ නීතියේ පදනම වන්නේ පොදු නීතියයි. මහා බි‍්‍රතාන්‍යය හෝ එංගලන්තය විසින් කිසියම් කාළයක් සිය ආධිපත්‍යයට නතුකොටගෙන සිටි සෑම රටකම පාහේ පොදු නීතිය කි‍්‍රයාත්මක වන නමුත් ඉංගී‍්‍රසීන්ට පෙර වෙනත් ජාතීන් විසින් යටත්කොටගෙන සිටි ක්විබෙක් (තරමක් දුරට ප‍්‍රංශ නීතිය අනුගමනය කරයි) , දකුණු අපි‍්‍රකාව සහ ශී‍්‍ර ලංකාව (රෝම ලන්දේසි නීතිය භාවිතා කරයි) වැනි රටවල් කිහිපයක් පමණක් මෙයින් වෙනස් වෙයි. මෙයට හේතුව එම රටවල ඊට පෙර සිවිල් නීති පද්ධතියක් කි‍්‍රයාත්මකවීම ආරම්භවී තිබීමය.

පෘථිගීසි සිවිල් නීති සංග‍්‍රහය අනුගමනය කරන ගෝවේ හැරුනුවිට ඉන්දියාවේ පොදු නීතිය ඉංගී‍්‍රසි නීතියේ සහ දේශීය හින්දු නීතියේ සංකලනයකි. නිකරගුවාවේ නීති පද්ධතිය 1600 සිට 1905 දක්වා රටේ නැගෙනහිර අර්ධය පාලනය කළ ඉංගී‍්‍රසීන්ගේ බලපෑම නිසාවෙන් ඉංගී‍්‍රසි පොදු නීතියේද, 1909 සිට 1933 දක්වා වන ඇමරිකානු මැදිහත්වීම්ද, සාමෝසා (1933-1979) පාලන කාළය තුල වූ ඇමරිකානු මැදිහත්වීම්ද, වර්තමාන ඇමරිකානු සංස්කෘතිය සහ ආයතනයන්හි බලපෑමද හේතුකොටගෙන මේ සියල්ලෙන් ආභාෂය ලබා ඇත .

පොදු නීති ක‍්‍රමයට පවත්නා ප‍්‍රධාන විකල්පය වන්නේ සිවිල් නීති ක‍්‍රමයයි. යුරෝපා මහාද්වීපයේ සහ සෙසු ලෝකයේ වැඩි ප‍්‍රමාණයක භාවිතා වන්නේ එයයි. පැරණි සෝවියට් දේශයට අයත්ව තිබූ රටවල් සහ එහි බලපෑමට ලක්වූ රටවල් සමාජවාදී නීති පද්ධතියක් අනුගමනය කරන ලදී (ඒවායින් සමහරක් සිවිල් නීති පද්ධතියක් භාවිතා කරයි උදා. ලිතුවේනියාව).

සිවිල් නීතිය සහ පොදු නීතිය අතර විභේදනය බොඳවෙමින් පවතී. සිවිල් නීති රටවල නඩු තීන්දු කෙරෙහි අවධානය වැඩිවීම මෙන්ම පොදු නීති රටවල ව්‍යවස්ථාපිත ප‍්‍රතපාදනයන් වෙත වැඩි අවධානයක් යොමුවීමද මෙයට හේතුව වෙයි. උදාහරණයක් ලෙස එක්සත් ජනපදයේ අපරාධ නීතිය සහ වානිජ නීතිය සංගෘහිත කරනු ලැබ ඇත.

පොදු නීතිය සහ සිවිල් නීති ක‍්‍රමය මිශ‍්‍ර‍්‍රිත නීති ක‍්‍රමයක් ඊශ‍්‍රායලයේ පවතී. එරට නීතිය සංගෘහිත කිරීමේ කි‍්‍රයාවලිය ඇරඹී ඇති අතර රහි මූලික මූලධර්මයන් ඇමරිකානු හා ඉංගී‍්‍රසි නීතීන්ගේ ආභාෂය ලබා ඇත.

එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ පොදු නීතිය පදනම් වූ නීති ක‍්‍රමයක් පවතී. නමුත් සිවිල් නීති අධිකරණ ක‍්‍රමයේදී මෙන් නීතිය සංගෘහිත කරනු ලැබ ඇත. මෙසේ වීමට හේතුවී ඇතිතේ 19 වන සියවසේදී ඊට පෙර පැවැති ස්පාඥ්ඥ සිවිල් නීතිය පදනම් කරගත් ක‍්‍රමය සංගෘහිත කරනු ලැබිමයි. කැලිෆෝනියාව මෙන්ම එක්සත් ජනපදයේ බටහිරට වන්නට පිහිටි බොහොමයක් ප‍්‍රාන්තයන් සිවිල් නීතියේ අංගයක් වන සමූහ දේපල සංකල්පය ආදේශ කෙටගෙන ඇත.

ඕලන්ද යටත්විජිත යුගයේ සිටම සිවිල් නීති ඉතිහාසයකට උරුමකම් කියන නිව්යෝර්ක් ප‍්‍රාන්තය 19 වන සියවසේදී සිය නීතීන් සංගෘහිත කිරීම ආරම්භ කරන ලදී. ඕලන්ද ජාතිකයන් විසින් පිහිටවනු ලැබූ නව නෙදර්ලන්ත ජනපදයේ නීතියද ඕලන්ද නීතිය විය. ඉංගී‍්‍රසීන් මෙම ජනපදයන් යටත් කොටගත් පසු ඔවුහු එවකට එම ජනපදයන්හි පැවැති සිවිල් නීතිය ඒ ආකාරයෙන්ම කි‍්‍රයාත්මක කිරීමට අවසර දෙනු ලැබිණ. කෙසේවෙතත් ඕලන්ද සංක‍්‍රමණික පදිංචිකරුවෝ ඉංගී‍්‍රසීන්ට විරුද්ධව කැරලි ගසා එම ප‍්‍රදේශයේ බලය යළි අත්පත් තරගන්නා ලදී. කෙසේ වෙතත් අවසානයේදී ඉංගී‍්‍රසීහු නැවත සිය බලය තහවුරු කරගත් අතර අනතුරුව සියලූම යටත් ප‍්‍රාන්තයන්හි ඉංගී‍්‍රසි පොදු නීතිය කි‍්‍රයාවේ යොදවනු ලැබිණි. එනමුත් රෝම ලන්දේසි නිතියේ බලපෑම මෙම ප‍්‍රාන්තයන්හි 19 වන සියවසේ අග භාගය දක්වාම දැකගත හැකිවිය.


1870 සිට 20 වන සියවස දක්වා, නීතිය සහ සාධාරණාත්වය ඒකාබද්ධවීම[සංස්කරණය]

15 වන සියවස තරම් ඈත කාළයේ පවා පොදු නීති ක‍්‍රමය යටතේ තමන්ට වංචාකොට ඇතැයි හැඟුනු නඩු කියන්නන් විසින් රජුට පුද්ගලිකව පෙත්සමක් ඉදිරිපත් කිරීමේ පරිචය පැවතින. උදාහරණයක් ලෙස වරදකරුවා සිය ඉඩමට බලහත්කාරයෙන් ඇතුල්වී සිදුකළ හානිය හානිපූරනය කිරීමට නියම කෙරුනු ප‍්‍රදානය (පොදු නීතිය තුල) ප‍්‍රමාණවත් නොවන බැවින් එකී වරදකරු ඉඩමේ භූක්තියෙන් පිටමං කරන ලෙස ලෝඞ් චාන්සලර්වරයා විසින් විසින් පාලනය කළ සාධාරණත්ව රීතීන් කි‍්‍රයාවේ යෙදවූ අධිකරණයන්ගෙන් ඉල්ලා සිටීම දැක්විය හැක. ඒවායේ ස්වභාවයෙන්ම නීතිය හා සාධාරණත්වය අතර ගැටුමක් පවති අතර ඒ හේතුවෙන් වසර ගණනාවක් තිස්සේ නඩු කීමේ කි‍්‍රයාවලිය දික්ගැස්සීමට පුලූවන. එයට හේතුව එක් අධිකරණයක් විසින් අනෙක විසින් ලබාදුන් නියෝගයන් අවලංගු කළහැකිවීමයි. චාල්ස් ඩිකන්ස්ගේ බ්ලීක් හවුස් හි ජාන්ඩිස් සහ ජාන්ඩිස් නම් ප‍්‍රබන්ධිත නඩුව මෙයට එක් ප‍්‍රකට උදාහරණයකි.

1873 සහ 1875 වසරවලදී අධිකරණ සංවිධාන පනත් මගින් පොදු නීති අධිකරණයන් හා සාධාරණත්ව රීති අධිකරණයන් ඒකාබද්ධ කරනු ලබිණ. මේ දෙක අතර ගැටුමේදී වැඩි ප‍්‍රමුඛතාවය මෙහිදී අත්කරදී තිබුණේ සාධාරණත්වයටය.

එක්සත් ජනපදය තුල 20 වන සියවස දක්වාම මේ ක‍්‍රම දෙකම සමාන්තරව කි‍්‍රයාත්මක විය. එක්සත් ජනපද පෙඩරල් අධිකරණ විසින් නීතිය සහ සාධාරණත්වය පටිපාටික වශයෙන් විභේදනය කරනු ලැබිණ. එකම විනිශ්චයකාරවරයාට දෙආකාරයේම නඩු ඇසීමේ බලය පැවතුනි. නමුත් මේ ආකාර දෙක කි‍්‍රයාත්මකවූයේ පටිපාටි දෙකකටය. තහනම් නියෝග සහනයක් සහ හානි සඳහා වන්දි යන දෙකම ඉල්ලා ඉදිරිපත් කළ ඉල්ලීම් සම්බන්ධයෙන් ගත්කළ මේ ක‍්‍රමය ගැටළු සහගත විය. 1937 දී සම්මත කෙරුනු සිවිල් නඩු විධාන සංග‍්‍රහය පිලිබඳ පෙඩරල් රීති විසින් සිවිල් නඩු කටයුතු යන නාමය යටතේ නීතිය සහ සාධාරණත්ව සංකල්පයන් ඒකාබද්ධ කරනු ලැබිණ.

ඇලබාමා, ඩෙලවෙයාර්, මිසිසිපි සහ නිව් ජර්සි යන ප‍්‍රාන්තයන්හි මෙම නීති ක‍්‍රම දෙක සඳහා වෙන වෙනම අධිකරණයන් කි‍්‍රයාත්මක වේ. තවත් සමහර ප‍්‍රාන්තයන්හි එකම අධිකරණයක් තුල නීතිය සහ සාධාරණත්වය සඳහා වෙන වෙනම අංශයන් ස්ථාපිත කොට ඇත.


පොදු නීතියේ විනිශ්චය[සංස්කරණය]

පොදු නීතියේ අධිකරණ බලය පිළිබඳව කරන ලද පර්යේෂන හා විශ්ලේෂනාත්මක අධ්‍යයනයන් හි විවිධ අදියරයන් තුළ එක්තරා අවස්ථාවක දී නීතිය යනු කුමක්දැයි තෝරා බේරා ගැනීම අත්‍යාවශ්‍ය වේ. පළමුවෙන්ම සිද්ධිමය කරුණු ඉතාමත් හොඳින් විමර්ශනය කළ යුතු වේ. ඉන් පසුව ඊට අදාල ව්‍යවස්ථාවන් හා නීතිය අදාල කරගත යුතුවේ. ඉන්පසුව නෛතික මූලධර්ම හා විවිධ අධිකරණ විසින් වැදගත් යැයි සලකනු ලැබූ සහ වර්තමාන නඩුවේ දී ඉදිරිපත් කරනු ලැබූ කරුණු, අනාගත අධිකරණ කටයුතු සඳහා බලපාන්නේ කෙසේ ද යන්න පිළිබඳව පරිස්සමෙන් කටයුතු කළ යුතුයි. ඉහළ අධිකරණ තීන්දු හා ව්‍යවස්ථාදායගේ තීන්දු සහ පහළ අධිකරණ වල තීන්දු යන මේ සියල්ල එක්ව ගෙන පිළිගත හැකි හේතූන්ද සමඟින් නීතිය යනු කුමක් දැයි නිගමනයකට එළඹිය යුතුයි. පසුව එම නීති අදාල නඩුවේදී ඉදිරිපත් කරන කරුණු වලට අදාල කරගනු ලැබේ.


පොදු නීතිය ව්‍යවස්ථාපිත නීතියට වඩා දම්‍ය වූ නීතියයි. පොදු නීති සම්ප්‍රදායේ යටතේ අධිකරණය පෙර තීන්දුවලින් බැඳි සිටීම අනිවාර්ය නොවන නමුත් ව්‍යවස්ථාදායකයේ මැදහත් වීමකින් තොරව (පිළිගත හැකි හේතූන් ද සහිතව ) නීතිය නැවත අර්ථ නිරුපනය කිරීම හා ප්‍රතිශෝධනයක්ද ‍සිදු කළ හැකිය. ඒ මඟින් අධිකරණයට නව දේශපාලන, නෛතික හා සමාජ දර්ශනයක් හා සම්බන්ධ නව ප්‍රවණතා වලට දායක විය හැකිය. පොදු නීතිය ක්‍රමානුකූලව විකාශනය වෙමින් පවතින අතර දශකයක් තුළදී සැලකිය යුතු වෙනසකට භාජනය වන මුත් ඉන් නීතියට සිදුවිය හැකි හානි දායක බලපෑම අවම වේ.


ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය ආරම්භ කිරීම ඉතාමත් අපහසු වේ. එය නොරිස්සිය හැකි තත්ත්වයන් උදාවන තුරු ක්‍රියාත්මක නොවී පවතී. නමුත් ව්‍යවස්ථාදායකය මඟින් නීතියේ සිදුකරන සංශෝධනය නිසා සමහර විටකදී නීතිය සම්පූර්ණයෙන් ම වෙනසකට භාජනය විය හැකිය. මීට හොඳම උදාහරණය වන්නේ, නොසැලකිලිමත්භාවය සඳහා වූ වගකීම සම්බන්ධයෙන් පොදු නීතිය අනුගමනය කරන්නා වූ කාලයත් සමඟ ක්‍රමානුකූලව වෙනස්වූ රීතින් ය. 19 වැනි සියවසේ දී වැඩි වශයෙන් අනුගමනය කරන ලද රීතිය වුයේ පැමිණිලිකරු හට වගඋත්තරකරුගේ නොසැලකිමත්කම හේතුවෙන් ඔහුගෙන් වන්දියක් ලබාගැනීමට නම්, දෙදෙනා ම ගිවිසුමේ පෙර රහස දැන සිටීම අනිවාර්යය වීමයි. මේ අතර ආසන්නතම ගැණුම්කරුට පමණක් කිසියම් නිෂ්පාදනයක දෝෂයක් නිසා වන්දි ලබා ගත හැකි අතර, එම නිෂ්පාදනයේ සමහර කොටස් නිෂ්පාදකයාගෙන් පරිබාහිරව නිෂ්පාදන ය කර ඇත්නම්, වන්දි ලබා ගැනීමට අවකාශ නොමැත.


Winterbottom Vs Wright නඩුවේ දී තුවාල ලද පුද්ගලයෙකු හට, එම සිද්ධියට බාහිරව සම්බන්ධ වූ (නොවැදගත්) ඕනෑම පුද්ගලයෙකුට විරුද්ධව නඩු පැවරිය හැකි නම්, ඉන් අයුක්ති සහගත හා සාහසික ප්‍රතිවිපාක ඇතිවිය හැකි බව අධිකරණය විසින් පෙන්වා දෙන ලදි. තවද මෙහිදී නොසැලකිලිමත්බව හා ඉන් සිදුවූ හානියේ (තුවාලයක්) වගකීම ඊට සම්බන්ධ පාර්ශවයේ ආසන්නතම පුද්ගලයාට පමණක් පැවරීම සඳහා සම්බන්ධතාවක් ගොඩනැගීමට අධිකරණයට නොහැකිවේ. Thomas Vs Winchester නඩුව මීට ව්‍යතිරේකයක් සපයයි. එහිදී අධිකරණ තීන්දුව වුයේ වස බෝතලයක් ශරීරයට හානිදායක නොවන ශාකසාර පානයක් ලෙස වැරදියට ලේබල් කිරීම හෝ නියෝජිතයන් හරහා අලෙවි කිරීම නිසා හෝ මිනිස් ජීවිත ඉතා අවදානම් තත්ත්වයකට පත් කරයි යන්නයි. Slater Vs Ray.Mfg.Co නඩුවේ දී කෝපි නිෂ්පාදන යන්ත්‍රය (කෝපි පුනාව Coffee urn) පිපිරී යාම නිසා පුද්ගලයෙකු අනතුරට පත්වීම සම්බන්ධයෙන් එහි නිෂ්පාදකයා වගකිව යුතු බව තීන්දු කරන ලදී. Cardillac Moter car Co.Vs Johnson නඩුවේ දී දෝෂ සහිත රෝදයක් නිසා ඇති වූ අනතුරට, කාරයේ අයිතිකරුට වන්දි ‍ලබා ගත නොහැකි විය. ඒ එම රෝදය සාදා තිබූ අමුද්‍රව්‍ය නුසුදුසු තත්ත්වයේ ඒවා වූවත් ගිවිසුම පැවතියේ වාහන වෙළෙන්දා හා අයිතිකරු අතර මිස වාහනයේ නිෂ්පාදකයා සමඟ නොවීමයි.


පොදු නීතිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා නීතිය අතර සබඳතාව[සංස්කරණය]

පොදු නීති සම්ප්‍රදායේ දී නීති පද්ධතියේ ඇති වැදගත් සෑම ක්ෂේත්‍රයක් පිළිබඳවම මනා අවබෝධයක් තිබීම අනිවාර්ය කරුණකි. එංගලන්තය, වේල්සය, හා ඇ.එ. ජනපදයේ ‍බොහෝමයක් ජනපදවල පැවැත්වෙන ගිවිසුම් නීතිය, සිවිල් නීතිය, දේපල නීතිය. ආදී නීතින්ට අදාල මූලික ප්‍රතිපාදන පනත් වල අන්තර් ගත කොට නොමැත. එමනිසා පොදු නීතිය ඒ සඳහා උපයෝගී කර ගනී. නීතියේ සෑම ක්ෂේත්‍රයක දීමත් (භාණ්ඩ විකිණිමේ ගිවිසුම් පනත හා අපරාධ නීතිය වැනි නීති ව්‍යවස්ථාදායකය විසින් නිර්මාණය කළත්), වෙනත් ලිඛිත නීතිවලත් ඒවා‍යේ මූලධර්මය පිළිබඳව අන්තර්ගත වන්නේ අල්ප වශයෙනි. එම නීති වල සීමාවන් හා අර්ථ දැක්වීම් අන්තර්ගත වන්නේ ‍‍පොදු නීතියේ ය. කිසියම් සිද්ධිමය කරුණු ගොනුවක් සඳහා බලපාන නීතිය කුමක්දැයි නිශ්චිතවම දැන ගැනීමට ඊට අදාල පූර්ව නඩු තීන්දු හා ඒ සඳහා හේතුවූ කාරණා පිළිබඳව අවබෝධ කරගත යුතු වේ. එක්සත් ජනපද ව්‍යවස්ථාවේ. පළමු සංශෝධනයේ දී ‍ආගමක් පිහිටු වීම හෝ එලෙස පිහිටවූ ආගමක් නිදහසේ ඇදහීම තහනම් කරන නීති රීති සම්පාදනය නොකරයි යනුවෙන් සඳහන් වේ. නමුත් 9 වැනි වගන්තියේ අන්තර්ගත මෙම ප්‍රතිපාදනයේ නෛතික සීමාවන් නිර්ණය කිරීම සඳහාත්, එම වගන්තියේ එම යෙදු‍ම් අර්ථකථනය සඳහාත්, පොදු නීතිය උපයෝගී කරගනී. පූර්වයෙන් පැවති පොදු නීති, නඩු තීන්දු නීති හා සිරිත් විරිත් වලට විරුද්ධව යන කල්පිතය මත පිහිටා පොදු නීති සම්ප්‍රදායේ ව්‍යවස්ථාදායකය මඟින් නීති සම්පාදනය කරයි. එම නිසා බොහෝමයක් කරුණු එම ව්‍යවස්ථාවලින් කියවෙන්නේ නැත. උදාහරණයක් හැටියට එක්සත් ජනපදයේ අපරාධ නීති බොහෝමයක් සංග්‍රහ ගත කොට ඇත්තේ පෙර පැවති පොදු නීති අනුසාරයෙනි. එම නිසා වර්තමාන ව්‍යවස්ථාවන් (නීතිය) වල බොහොමයක් අර්ථ දැක්වීම් දක්වා නොමැත. ඒ හේතුවෙන් ඇමෙරිකානූ නීති විද්‍යාලවල අපරාධයක් අර්ථ දැක්වීම් උගන්වනු ලබන්නේ 1789 දී එංගලන්තයේ අපරාධයක් අර්ථ දැක්වූ ආකාරයට ය. එම නිසා වර්තමාන අපරාධ නීතිවල අන්තර්ගත යෙදුම් වල වාචික අර්ථ නිරුපනයට හා අවබෝධකරගැනීම සඳහා මෙම සියවස් ගණනක් පැරණි පොදු නීතිය උපයෝගී කරගනි.


රාජ්‍ය හා සන්ධීය වශයෙන් අතීතයට බලපාන අයුරින් අපරාධ නීති සම්පාදනය කිරීම ඇමෙරිකානූ ව්‍යවස්ථාව යටතේ තහනම් වන අතර නව නීති පද්ධතිය යටතේ ඇමෙරිකාව තුළ පොදු නීති අපරාධ පවතී ද නැද්ද යන්න පිළිබඳව ප්‍රශ්නයක් පැන නැඟුණි. ඊට නිශ්චිත පිළිතුරක් United states Vs Hudson & Good win නඩුවේදී ලැබුණි. එහි දී දුන් තීන්දුව වුයේ සන්ධීය රාජ්‍ය මට්ටමින් පොදු නීති අපරාධ තහනම් වන අතර, එම නීති ව්‍යවස්ථාවල එම අපරාධයේ අර්ථදැක්වීම හා ඒ සඳහා වන දඩුවම් ද අනිවාර්යෙන් පැහැදිලිව දැක්විය යුතු‍වේ.


පොදු නීතියේ සංග්‍රහගත කළ ව්‍යවස්ථාවන් හා ශුද්ධ ව්‍යවස්ථාපිත නීතිය හා සංසන්දනය කරන විට එම ව්‍යවස්ථාවන් මඟින් පොදු නීතියටත් එහා නව නඩුනිමිති නිර්මාණය කරනු ලබයි. සිවිල් වැරදි ගණයට වැටෙන වැරදි සහගත මරණය (wronghul death), මරණයට ලක්වූ පුද්ගලයාගේ බිරිද, ස්වාමියා හෝ දරුවන් හට වන්දි ඉල්ලා නඩු පැවරීමට අවස්ථාව සලසා දී ඇත. නමුත් එංගලන්තයේ (ඉංග්‍රීසි නීතියේ) මෙම තත්ත්වය දක්නට නැත. එවැනි ව්‍යවස්ථාවන් පවතින විටදී ඒ සඳහා ලබාදෙන සහනය නීතියෙන් දක්වා ඇති පිළියමට පමණක් සීමා විය යුතුය. සාමාන්‍යයෙන් අධිකරණ නීති අර්ථ නිරූපනයේ දී නඩු නිමිති නිර්මාණය නොවන ආකාරයට තරම් පුළුල්ව නීතිය අර්ථ කථනය නොකරයි. එසේ වීමට හේතුව වන්නේ නීති සම්පාදනයේ ඉහළින්ම සිටින්නේ ව්‍යවස්ථාදායකය වන නිසාය.


අන්‍යයකු‍ගේ නොසැළකිලිමත්කමින් ශාරීරික තුවාල ලත් කිසියම් පුද්ගලයෙකු ඒ සඳහා වෛද්‍ය වියදම්. වේදනාව, තම ආදායම් මාර්ගය හෝ ආදායම් ඉපයීමේ හැකියාව නොමැති වී‍ යාම හෝ මානසික පීඩාව ජීවන තත්වය නැතිවී යාම, විරූපි වීම යන කරුණු මුල් කරගෙන නඩුවක් පැවරුවේ යයි සිතමු. මේ ආකාරයේ හානි ව්‍යවස්ථා තුලට අන්තර්ගත කිරීම අවශ්‍ය ව්නනේ ඒවා දැනටමත් සාම්ප්‍රදායික පොදු නිතියේ අන්තර්ගතවන නිසාය.


සිවිල් හා පොදු නීති සම්ප්‍රදායට අනුව නීති ලේඛකයන් හා උගතුන්ගේ මත වලට ඉඩ දෙමින් නීති ලේඛකයින්ගේ මත අනුව පොදු නීතියේ බොහෝ ක්ෂේත්‍රයන් හි අධිකරණ තීන්දු සම්පාදනය කරයි. එමෙන්ම අදාල නඩුව පිළිබඳව විස්තර කරන මූලධර්මයන් සම්පාදනය කරයි. කෙසේ නමුත් පොදු නීතියේ අධිකරණ මෙම මත නීතිය ලෙස නොසලකයි. එය විනිසුරුවන් හා නීතිඥයින් අදාල නඩුව සඳහා ආධාරයක් කර ගනී.


නමුත් සිවිල් නීති සම්ප්‍රදායේ නව ලේඛකයන්ගේ හා උගතුන්ගේ මත වලට වැඩි භාරයක් ලබාදේ. පොදු නීති සම්ප්‍රදායේ දී උගතුන්ගේ මත ඉතාම කලාතුරකින් නීතිය යනු කුමක්ද යන්න විග්‍රහ කිරීමට පමණක් ආධාර කර ගනි. කෙසේ නමුත් උගතුන්ගේ මත කෙරෙහි බලපාන කරුණුමය සංසිද්ධීන් නිවැරදිව හදුනා‍ගැනීමට, මූලධර්ම ඉතිහාසය හා නීතියේ පරිණාමය වැනි ක්ෂේත්‍ර වල දී පමණක් උගතුන්ගේ අදහස මත රදා පවතී මෙහි දී අධිකරණය නිගමන වලට එළඹෙන්නේ අදාල නීතිය හා පොදු නීතිය මනා ලෙස විශ්ලේෂණයකින් පසුවය.


පොදු නීතියේ වානිජ්‍ය ආර්ථිකයේ පදනමක් ලෙස[සංස්කරණය]

එක්සත් ජනපදයේ හා එක්සත් රාජධානියේ වාණිජ්‍ය නීතිය, පොදු නීති සම්ප්‍රදායේ පදනම වන අධිකරණ තීන්දුමත රදා පවතී. එමඟින් එම රටවල වෙළද ආර්ථිකය ශක්තිමත් වීමට කැපී පෙනෙන දායකත්වයක් සපයා ඇත. එනිසා වෙළෙඳ ගිවිසුම් පාර්ශ්වකරුවන්ට තම ගිවිසුම්වල ‍යෝජිත කොන්දේසි නීතියට අනුකුලද නැද්ද යන වග කල්තියාම දැනගැනීමට හැකි වේ. එම නිසා සෑම ගැටලුවක් සඳහාම පොදු නීතිය මඟින් නිවැරදි මඟ පෙන්වීමක් ලබා දේ. ඒ හේතුවෙන් නීතිමය සීමාවන් තුළ සිට කටයුතු කිරීම පාර්ශවකරුවන්ට අවස්ථාව සැලසේ. එම රටවල වෙළද ගිවිසුම් ආර්ථික සඵලතාවයන් ඉතා ඉහළ මට්ටමක පවතින්නේද ඒවායින් ලැබෙන ලාභය ඉතා අධික වන්නේ ද තමන්ගේ ව්‍යාපාර කටයුතු නිශ්චිත වශයෙන් ම නීති විරෝධි ඒවා බව පාර්ශවකරුවන් කල්තියාම දැන සිටින බැවිනි. පුවත්පත් බදුවෙන්නන්ගෙන් යැපෙන ආගමික ආයතනවලට, දේශපාලන පක්ෂ වලට, තමන්ට ඇති ප්‍රකාශන නිදහස ආදි අයිතිවාසිකම් පිළිබඳව හා ඒවායේ සීමාවන් මොනවාද යන්න පිළිබඳවද පැහැඳිලි මඟ පෙන්වීමක් පොදු නීතියෙන් සිදු කෙරේ. නමුත් පොදු නීතිය නොමැති රටවල නම් මොනයම් හෝ ගැටලුවක් පැන නැගුණු විටදි ඒවා සම්බන්ධයෙන් නැවත නැවත තීන්දු තීරණ ‍ගත යුතුවන අතර, ඒම තීන්දු වල ස්ථාවරත්වය හා ඒවායේ පුරෝකථන හැකියාව පිළිබඳව බරපතල ගැටලු පැන නගී.


මේ හේතුව නිසා New York ප්‍රාන්තයේ වෙළෙඳ ගිවිසුම් නීතිය සමස්ත එක්සත් ජනපදය පුරා භාවිතාවන අතර ඉංග්‍රීසි නීතිය, නිව්යෝර්ක් නීතිය ලොව පුරා භාවිතයට ගැනේ.

පොදු නීති කෘති[සංස්කරණය]

පොදු නීතිය පිලිබඳ ඵෙතිහාසික අවසානාත්මක ග්‍රන්ථයක් වන්නේ ශ්‍රීමත් විලියම් බ්ලැක්ස්ටෝන් විසින් රචිත 1765- 1769 කාලයේදී පළමුවන වරට ප්‍රකාශයට පත්වූ කොමන්ට්‍රීස් ඔන් ද ලෝස් ඔෆ් ඉන්ග්ලන්ඩ් ය. 1979 වනතුරුම එහි පලමුවන මුද්‍රණයේ කඩදාසියෙන් බඳින ලද වෙළුම් 4 ක් ඉතිරිව පැවතුනි. වර්තමානයේදී එහි එක්සත් රාජධානියේ ඉංග්‍රීසි කොටස පොදු හා ව්‍යවස්ථාපිත ඉංග්‍රීසි නීතිය ආවරණය කරන හාල්ස්බරිස් ලෝස් ඔෆ් ඉංග්ලන්ඞ් මඟින් ආවරනය කරනු ලබයි.

එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයට නම් කරනු ලැබිමට පෙර මැසචූසෙට්ස්හි ඉහල අධිකරණ විනිසුරකු ලෙස කටයුතු කරන අතරේ කණිෂ්ඨ ඔලිවර් වෙන්ඩල් හොල්ම්ස් විසින් ද කොමන් ලෝස් නම් කුඩා කෘතියක් ප්‍රකාශයට පත්කරනු ලැබිණ. එය අද වන තුරුත් ක්ෂේත්‍රය තුල විශිෂ්ඨ කෘතියක් ලෙසින් සැලකෙයි. බ්ලැක්ස්ටෝන් මෙන් නොව හොල්ම්ස්ගේ කෘතිය නීතිය යනු කුමක්ද යන්න සංක්ෂිප්තව සාකච්ඡා කරමින් පොදු නීති ක්‍රියාවලිය විස්තර කරයි.

එක්සත් ජනපදයේ ඇමරිකානු නීති ආයතනය විසින් සංස්කරණය කරනු ලැබූ විවිධ විෂය කරුණු (ගිවිසුම්, තෝරත, නඩු තීන්දු ආදී) සම්බන්ධයෙන් වන පුනප්‍රකාශයන් එකී ක්ෂේත්‍රයන් තුල පොදු නීතියේ එකතූන් ලෙස සැලකිය හැක. මේවා ඇමරිකානු අධිකරණයෙහි නිතර උපුටා දක්වනු ලබන අතර සංගෘහිත කරනු නොලැබූ පොදු නීතියක් ලෙසින් මේවා යොදාගනු ලබයි. බැඳීම් සහගත නඩු තීන්දු හැරුනුවිට අධිකරණයන්හි ඉහල පිලිගැනීමක් සහිත අධිකාරයන් ලෙස මේවා සලකනු ලැබේ. පොදු නීතිය සංග්‍රහ සංක්ෂේපය කිරීම සිය මූලික පරමාර්ථය වූ කෝපස් ජූරිස් සෙකෙන්ඩම් නම් විශ්වකෝෂයද විවිධ අධිකරණයන්හි සැලකිල්ලට නිතර ලක්වන්නකි.

ස්කොට්ගේ පොදු නීතිය කෘතිය මිනීමැරුම හා සොරකම පිලිබඳ කරුණු ආවරණය කරනු ලබන අතර සිරිත්, නෛතික ලේඛණයන් හා පූර්ව නඩු තීන්දු එහි මූලාශ්‍රයන් වෙයි. එහිදී ආධාරක කොටගෙන ඇති නෛතික ලිවීම් ආයතනික පඨිතයන් ලෙස හඳුන්වනු ලබන අතර බොහෝදුරට 17, 18 හා 19 වන සියවස් වලට අයත් ඒවා වෙයි.


සටහන්[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=පොදු_නීතිය&oldid=249640" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි