ගොට්ෆ්‍රයිඩ් ලෙයිබ්නිස්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
ගොට්ෆ්‍රයිඩ් ලෙයිබ්නිස්
බටහිර දර්ශන විද්‍යාව
17වන-සියවසේ දර්ශන විද්‍යාව
Gottfried Wilhelm von Leibniz.jpg
ගොට්ෆ්‍රයිඩ් විල්හෙල්ම් ලෙයිබ්නිස්
සම්පූර්ණ නම ගොට්ෆ්‍රයිඩ් විල්හෙල්ම් ලෙයිබ්නිස්
උපත ජූලි 1 (ජුනි 21 පැරණි ක්‍රමය) 1646
ලිප්සිග්, සැක්සනි කොට්ඨාසය
මරණය 14 නොවැම්බර 1716 (වයස 70)
හැනොවර්, හැනොවර් කොට්ඨාසය
ප්‍රධාන ලැදිකම් පාරභෞතිකවාදය, ගණිතය, දේවයුක්තිවාදය
සංගණ්‍ය අදහස් අත්‍යණුක කලනය, කලනය, චිදේකකවේදය, දේවයුක්තිවාදය, සාර්වශුභවාදය
බලපෑම් ලැබුවේ මොවුන්ගෙනි ප්ලේටෝ, ඇරිස්ටෝටල්, ඇක්විනාස්, සුවාරේස්, ඩෙස්කාටෙස්, ස්පිනෝසා, රාමොන් ලුල්
බලපෑමට ලක්වූවෝ බොහෝ පසුකාලීන ගණිතඥයන්, ක්‍රිස්ටියන් වොල්ෆ්, කාන්ට්, රසල්, වැරිස්කෝ, හෙයිඩෙගර්
අත්සන Leibnitz signature.jpg


ගොට්ෆ්‍රයිඩ් විල්හෙල්ම් ලෙයිබ්නිස් (1646 ජුලි 1(පැරණි ක්‍රමයට ජුනි 21) -1716 නොවැම්බර් 14) යනු ලතින් හා ප්‍රංශ භාෂාවලින් ලිවීම සිදු කළ ජර්මානු ජාතික බහු ශාස්ත්‍රඥයකු වේ. ඔහු දර්ශනවාද ඉතිහාසය හා ගණිතයේ ඉතිහාසය යන දෙකෙහිම එක හා සමාන විශිෂ්ට ස්ථාන හිමි කර ගනී. ඔහු නිව්ටන්ගෙන් ස්වාධීනව කලනය සොයාගත් අතර එදා සිටම පොදු භාවිතයේ පවතින්නේ ඔහුගේ අංකනයයි. සියලු නවීන පරිගණක නිර්මිතවල පදනම වන ද්වීමය පද්ධති ද ඔහුගේ සොයාගැනීමකි. දර්ශනවාදයේ දී ශ්‍රේයොවාදය සඳහා ඔහු වඩාත් මතකයේ රැඳේ. ඔහුගේ නිගමනය වනුයේ අපගේ විශ්වය කෙටියෙන් දෙවියන්ට නිර්මාණය කල ඇති හොඳම දෙය බවයි. ඔහු 17 වන ශත වර්ෂයේ විශිෂ්ට හේතු වාදීන් තිදෙනාගෙන් කෙනෙකු වන බාරුච් ස්පිනෝසා හා රෙනේ ඩෙස්කා(ර්)ටස් සමඟ සිටි නමුත් ඔහුගේ දර්ශනවාදය ශාස්ත්‍රීය සම්ප්‍රදායට එබී බලන අතර නවීන තර්ක හා විශ්ලේෂණ අපේක්ෂාවෙන් ක්‍රියා කරයි. එලෙසම ලෙයිබ්නිස් භෞතික විද්‍යාව හා තාක්ෂණයට විශාල දායකත්වයක් ලබා දුන් අතර ජීව විද්‍යාව , වෛද්‍ය විද්‍යාව, භූ විද්‍යාව, සම්භාවිතා සිද්ධාන්ත , මනෝ විද්‍යාව භාෂාමය හා තොරතුරු තාක්ෂණය යන ක්ෂේත්‍රවල පසුව මතුව මත කලින් ඉදිරිපත් කරන ලදී. එලෙසම දේශපාලනය,නීතිය, ඉතිහාසය , දේව ධර්මය, මානව විද්‍යාව හා මනෝ විද්‍යාව ගැන මෙන්ම ඉඳහිට කවි ද ලිවීය.මෙම විශාල විෂය පරාසයකට වූ ඔහුගේ දායකත්වය සඟරා දස දහස් ගණන් ලිපි හා ප්‍රසිද්ධ නොවූ අත්පිටපත්වල සඳහන් වේ. අදටත් ලෙයිබ්න්ස් ලියූ දේවල් හි සම්පූර්ණ සංස්කරණයක් නොමැත.

පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්