කලනය
කලනය (කලනය යන අරුත් දෙන Calculus නම් ඉංග්‍රීසි වදන, ලතින් බසෙහි Calculus යන්නෙන් ව්‍යුත්පන්න වී ඇති අතර, ගණන් කිරීමට යොදා ගන්නා කුඩා ගල් වර්ගයකි යන අදහස දෙයි.) යනු සීමා, ශ්‍රිත, ව්‍යුත්පන්න, අනුකල, සහ අපරිමිත ශ්‍රේණි පිළිබඳ අධ්‍යයනය කෙරෙන ගණිතයේ ශාඛාවකි. මෙම විෂයය නවීන ගණිත අධ්‍යාපනයේ ප්‍රධාන කොටසකි. අවකලනය සහ අනුකලනය වශයෙන් එහි ප්‍රධාන ශාඛා දෙකක් පවතින අතර, ඒවා කලනයේ මූලික ප්‍රමේයය ඔස්සේ එකිනෙක හා බැඳේ.
ඉංජිනේරු විද්‍යාවේ සහ විද්‍යාවේදී කලනය බහුලව භාවිතා වන අතර වීජ ගණිතය ඇසුරෙන් පමණක් විසදිය නොහැකි ගැටළු විසදීම සදහා භාවිතා වේ. කලනය ගොඩනැගීම සදහා වීජ ගණිතය, ත්‍රිකෝණමිතිය සහ විශ්ලේෂි ජ්‍යාමිතිය බාවිතා වී ඇති අතර එයට කුලකයේ මූලික ප්‍රමේය මගින් එකිනෙකට සම්බන්ධ වී ඇති අවකලනය හා අනුකලනය නම් ප්‍රධාන කොටස් 2 ක ට අයත්ය. උසස් ගණිතයේදී කලනය, විශ්ලේෂණය යනුවෙන් හැදින්වෙන අතර ශ්‍රිතයන් පිලිබද අධ්‍යයනය ලෙස අර්ථ දැක්වේ.
[සංස්කරණය] කලනයේ මූලික මාතෘකා
- මූලික ප්‍රමේය
- ශ්‍රිතයක සීමාව
- සාන්තත්‍යය
- දෛශික කලනය
- න්‍යාය කලනය
- මධ්‍යන්‍යය අගය පිළිබද ප්‍රමේයය
[සංස්කරණය] අවකලනය
- ගුණිත නියමය
- ලබ්ධි නියමය
- දාම නීතිය
- අධ්‍යාගෘත අවකලනය
- ටේලර් ප්‍රමේය
- සම්බන්ධිත අනුපාත
- අවකලන ලැයිස්තුව
- සර්ව සාම්‍යයන්
[සංස්කරණය] අනුකලනය
- අනුකල ලැයිස්තුව
- විෂම අනුකල
- කොටස් වශයෙන් අනුකලනය
- තැටි ලෙස අනුකලනය
- සිලින්ඩර් ලෙස අනුකලනය
- කවච ලෙස අනුකලනය
- ආදේශක අනුකලනය
- ත්‍රිකෝණමිතික ආදේශක අනුකලනය
- භින්න භාග