එක්ස් කණ්ඩායම
එක්ස් කණ්ඩායම යනු 1997 සිට 2004 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ පැවති මතවාදී කණ්ඩායමකි. කලා විචාරය, සමාජ විචාරය සහ සංස්කෘතික දේශපාලනය කෙරෙහි කම්පනාත්මක බලපෑමක් කළ එය පශ්චාත් නූතනත්වය පිළිබද කතිකාව මෙරටට හදුන්වා දීමේ දී පුරෝගාමී භූමිකාවක් ඉටු කළේ ය. ඩෙරීඩා, ලැකාන්, ෆූකෝ වැනි චින්තකයන්ගේ මතවාද හා සංකල්ප සමාජගත කිරීමේ දීත් දේශපාලනික විචාරය පිණිස යොදා ගැනීමේ සම්ප්‍රදායක් මෙරටට හදුන්වා දීමේත් තීරණාත්මක කාර්යභාරයක් ඔවුන් විසින් ඉටුවිණ. ඔවුන් පළකළ ලන්ඩන්, යාත්‍රා, මාතොට, වැනි සඟරා විසින් මේ සිදුකෙරිණ. දීප්ති කුමාර ගුණරත්න, රොහාන් පෙරේරා, ධම්ම දිසානායක, මනුබන්ධු විද්‍යාපති, නිර්මාල් රංජිත් දේවසිරි, කේ. කේ. සමන් කුමාර, ප්‍රභා මනුරත්න, නිහාල් පීරිස්, බුද්ධික බණ්ඩාර, සුමිත් චාමින්ද වැනි අය මෙහි ප්‍රමුඛ සාමාජිකයෝ වූහ. පසුව ඇති වූ අභ්‍යයන්තර මතභේද මත 2004 දෙසැම්බර් මස 24 දින එය බිදී විසිරී යන ලදී.