රොහාන් පෙරේරා

විකිපීඩියා වෙතින්

රොහාන් පෙරේරා (උපත 1964.02.05 - විපත 2024.04.12) යනු ශ්‍රී ලංකාවේ සිටි ප්‍රමුඛ කලා සහ සමාජ විචාරකයෙක් සහ චින්තකයෙක් වේ. 1980 සහ 1990 වකවානුවල මෙරට විකල්ප බුද්ධිමය කව ආශ්‍රිත සංවාදයට ලක් වූ ස්ත්‍රීවාදය, පශ්චාත් නූතනත්වය, සහ මනෝවිශ්ලේෂණය වැනි මතවාදී දහරාවන් මෙරටට හඳුන්වා දීමේ දී සහ සමාජ දේශපාලන විචාරයන් සඳහා භාවිතා කිරීමේ දී තීරණාත්මක කාර්යභාරයක් ඔහු විසින් ඉටුකෙරිණ. ඩෙරීඩා, ලැකාන්, ෆූකෝ වැනි චින්තකයන්ගේ මතවාද හඳුන්වා දීමේ දී ඔහු සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරන ලදී. ඔහු විසින් එක්ස් කණ්ඩායම ඇතුලු විකල්ප බුද්ධිමය කව රැසකට අවශ්‍ය මතවාදී පසුබිම සකස් කළ ද ඉතා අප්‍රකට ජීවිතයක් ගත කළ ඔහුගේ ලේඛන පවතින්නේ ඉතා සීමිත වශයෙන් වන අතර ඉන් ප්‍රමුඛ ම ලියවිල්ල වන්නේ "ආසියාතික බෞද්ධ ස්ත්‍රියක් ඩෙරීඩා හමුවේ විසංයෝජනය කළ විට..." නමැති රචනාවයි. එය සමාජ විද්‍යාඥයන්ගේ සංගමය විසින් පළ කළ ප්‍රවාද සඟරාවේ 1995 වසරේ දී කොටස් 5ක් ලෙස පළ කැරිණි. කෙටිකලක් ඔහු සිනමා සංස්ථාවෙහි ආරාධිත දේශකයෙකු වශයෙන් ද කටයුතු කරන ලදී.

ජීවිතය[සංස්කරණය]

මොහොමඩ් ෆස්ලි නිසාර් නමින් රත්මලානේ දී උපත ලැබූ ඔහු අවුරුදු 17 දී නිවසින් නික්ම යන අතර ඔහු සිය මුලු සමාජ ජීවිතය ම පාහේ ගත කරන්නේ රොහාන් පෙරේරා යන නමිනි.සමාජ විචාරකයකුට අමතර ව ඔහු නර්තන සහ පියානෝ ගුරුවරයෙකු මෙන් ම ආත්මාරාක්ෂක සටන් කලා ප්‍රගුණ කළ අයෙක් ද විය.

2024 වසරේ අප්‍රේල් 12 දින පාසිකුඩාහි දී හෘදයාබාධයකින් මියගියේ ය.

ක්‍රියාකාරීත්වය සහ මතවාද[සංස්කරණය]

ලියන ලද ලිපි[සංස්කරණය]

  • පෙරේරා, රොහාන් (1995). අබේසේකර, චාල්ස්; උයන්ගොඩ, ජයදේව; දේවසිරි, නිර්මාල් රංජිත් (eds.). "ආසියාතික බෞද්ධ ස්ත්‍රියක් හමුවේ ඩෙරීඩා". ප්‍රවාද (8): 75–100. ISSN 1391-0949.
  • පෙරේරා, රොහාන් (1995). අබේසේකර, චාල්ස්; උයන්ගොඩ, ජයදේව; දේවසිරි, නිර්මාල් රංජිත් (eds.). "ස්ත්‍රී- පාරභෞතිකවාදය". ප්‍රවාද (9): 97–118. ISSN 1391-0949.
"https://si.wikipedia.org/w/index.php?title=රොහාන්_පෙරේරා&oldid=659232" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි