දීප්ති කුමාර ගුණරත්න

විකිපීඩියා වෙතින්

දීප්ති කුමාර ගුණරත්න යනු ශ්‍රී ලංකාවේ සිටින කලා, දේශපාලන, සංස්කෘතික හා සමාජ විචාරකයෙක් වේ. එක්ස් කණ්ඩායමේ නිර්මාතෘවරයා වූ 2004 වසරේ එම සංවිධානය බිඳී යාමෙන් පසු ලංකා පෙරටුගාමී පක්ෂය පිහිටුවා ගත් අතර දැන් එය සමබිම පක්ෂය නමින් පවතී. පංතිය සහ ආර්ථිකය කේන්දුකරගත් සම්ප්‍රදායික වාම දේශපාලනයට වෙනස් ව පුද්ගලයන්ගේ මනෝලිංගික කාරණා ඇසුරින් දේශපාලන විචාරයන් සිදුකිරීම තුළින් ඔහුගේ දේශපාලනය වෙනස් මුහුණුවරක් ගනී. එම විචාර තුළ ඔහු ලැකාන්, ජිජැක්, අල්තුෂර් වැනි චින්තකයන් සහ මනෝවිශ්ලේෂණය යොදාගනී.

එකී සමාජ දේශපාලන විචාරක ක්‍රියාකාරීත්වයට අමතරව ඔහු කලාකරුවකු ද වෙයි. ප්‍රවීණ සංගීතඥ නවරත්න ගමගේගේ මුල් ම සංගීත අධ්‍යක්ෂණය වන්නේ දීප්ති කුමාර ගුණරත්න නිර්මාණය කළ නිරුවත නමැති නාට්‍ය නිර්මාණයේ සංගීතය යි. එමෙන් ම සුගතපාල ද සිල්වා පරිවර්තනය කළ ගොඩෝ එනකං නාට්‍යයේ නිෂ්පාදකවරයා වන්නේ ද ඔහු ය. 1986 දී පළ කළ ඊඩ්න් උයන නමැති කෙටිකතා සංග්‍රහය ද ඔහුගේ නිර්මාණයකි. එමෙන් ම ගාමිණී විජේතුංග සමග ඔහු විසින් සමකර්තෘත්වය දැරූ යාත්‍රා සඟරාවේත් පසු ව එක්ස් කණ්ඩායම විසින් පළ කළ මාතොට සහ ලන්ඩන් සඟරාවේත්, සමබිම පක්ෂයේ ත්‍රිමාන (3mana.com) වෙබ් අඩවියේත් ලිපි, වීඩියෝ දේශන රැසක් මෙන් ම කලාව සහ විසංයෝජනය, විනෝදය, හිස්ටීරියාව, ඇසිඩ් වැස්ස වැනි කෘති රැසක් ම ඔහුගේ කෘති අතර වෙයි.

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

ත්‍රිමාන වෙබ් අඩවිය

"https://si.wikipedia.org/w/index.php?title=දීප්ති_කුමාර_ගුණරත්න&oldid=658674" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි