ඉලෙක්ට්‍රෝනය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඉලෙක්ට්‍රෝනය ඍණ විද්‍යුත් ආරෝපණයක් ඇති උප පරමාණුක අංශුවකි. ඊට දන්නා සංඝටක හෝ ව්‍යුහයක් නොමැති බැවින් මූලික අංශුවක් ලෙස සැලකේ.[1] ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය ප්‍රෝටෝනයක ස්කන්ධයෙන් ආසන්න ලෙස 1/1836කි.[2] ඉලෙක්ට්‍රෝනය ෆර්මියෝන සහ ලෙප්ටෝන ගණ වලට වැටෙන අතර එහි ප්‍රති-අංශුව පොසිට්‍රෝනයයි. විද්‍යුත් ආරෝපණය විරුද්ධ ලකුණ (එනම් ධන) වීම හැරුණු කොට පොසිට්‍රෝනය සහ ඉලෙක්ට්‍රෝනය සර්වසම වේ.

වෙනත් පදාර්ථ මෙන්ම ඉලෙක්ට්‍රෝනය ද අංශු සහ තරංග දෙකටම අයත් වන ක්වොන්ටම් යාන්ත්‍රික ලක්ෂණ දරයි. එබැවින් ඊට වෙනත් අංශු සමඟ ගැටීමට මෙන් ම ආලෝකය මෙන් විවර්තනය වීමට ද හැකි ය.

තව දුරටත් නොබෙදිය හැකි ප්‍රමාණයක විද්‍යුත් ආරෝපණයක් (එනම්, මූලික ආරෝපණය) පිළිබඳ අදහස ක්‍රි.ව. 1838 දී බ්‍රිතාන්‍ය ජාතික දාර්ශනිකයකු වූ රිචර්ඩ් ලේමිං විසින් ඉදිරිපත් කරන ලද්දේ පරමාණු වල රසායනික ලක්ෂණ පැහැදිලි කිරීම සඳහා ය. [3] ඉලෙක්ට්‍රෝනය යන වදන එම විද්‍යුත් ආරෝපණ වෙත දෙන ලද්දේ ක්‍රි.ව. 1894 දී අයිරිෂ් ජාතික භෞතික විද්‍යාඥයෙකු වූ ජෝජ් ජොන්ස්ටන් ස්ටෝනි විසිනි. ඉලෙක්ටෝනය අංශුවක් ලෙස හඳුනා ගන්නා ලද්දේ 1897 දී බ්‍රිතාන්‍ය ජාතික පර්යේෂකයන් වූ ජේ. ජේ. තොම්සන් සහ පිරිස විසින් කරන ලද තෙල් බිංදු පරීක්ෂණය ආධාරයෙනි.[4][5]

විද්‍යුතය, චුම්භකත්වය, සහ තාප සන්නායකතාවය යන භෞතික සංසිද්ධි වලදී ඉලෙක්ට්‍රෝනය අත්‍යාවශ්‍ය කාර්ය භාරයක් ඉටු කරයි. නිරීක්ෂකයෙකුට සාපේක්ෂව චලිතයෙක යෙදෙන ඉලෙක්ට්‍රෝනයක් චුම්භක ‍ක්ෂේත්‍රයක් ඇති කරනු ලබයි. එසේම එබඳු ඉලෙක්ට්‍රෝනයක් බාහිර චුම්භක ක්ෂේත්‍ර මඟින් විවර්තනයට ලක් කෙරෙනු ඇත. ඉලෙක්ට්‍රෝනයක් ත්වරණය/මන්දනය කළ විට එය ෆෝටෝන අවශෝෂණය/මුක්ත කිරීම මඟින් ශක්තිය පිට කරයි. ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වලින් සෑදුනු පරමාණුක න්‍යෂ්ටිය වටා කාක්ෂික වලට පිවිසෙමින් ඉලෙක්ට්‍රෝනය පරමාණු තනයි. කෙසේ වුව ද පරමාණුවක මුලු ස්කන්ධයට ඉලෙක්ට්‍රෝනයේ දායකත්වට 006% ටත් වඩා අඩු අගයක පවතිනු ඇත. ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන අතර ඇති වන කූලෝම් ආකර්ෂණ බල නිසා ඉලෙක්ට්‍රෝන පරමාණු සමඟ බන්ධනය වෙයි. ඉලෙක්ට්‍රෝන පරමාණු දෙකක් හෝ කීපයක් අතර හුවමාරුවෙන් හෝ හවුලේ බෙදා ගැනීමෙන් පරමාණු අතර රසායනික බන්ධන තැනෙයි.[6]

සමහර න්‍යායයන්ට අනුව විශ්වයෙහි පවතින බොහෝ ඉලෙක්ට්‍රෝන නිර්මාණය වූයේ මහා පිපිරුම අවස්ථාවේදී ය. එහෙත් ඉලෙක්ට්‍රෝන බීටා ක්ෂය වීම්, සහ කොස්මික් කිරණ මඟින් සිදු වන න්‍යෂ්ටික ප්‍රතික්‍රියා මඟින් ද සෑදේ. පොසිට්‍රෝන සමඟ ගැටීමෙන් ඉලෙක්ට්‍රෝන විනාශ වී යා හැකි අතර තාරීය න්‍යෂ්ටිජනනයෙහි දී උරා ගනු ලැබීමට ද පුළුවන.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Eichten, E.J.; Peskin, M.E.; Peskin, M. (1983). "New Tests for Quark and Lepton Substructure". Physical Review Letters 50 (11): 811–814. doi:10.1103/PhysRevLett.50.811. Bibcode1983PhRvL..50..811E. 
  2. "CODATA value: proton-electron mass ratio". 2006 CODATA recommended values. National Institute of Standards and Technology. සම්ප්‍රවේශය 2009-07-18. 
  3. Arabatzis, T. (2006). Representing Electrons: A Biographical Approach to Theoretical Entities. University of Chicago Press. pp. 70–74. ISBN 0-226-02421-0. http://books.google.com/?id=rZHT-chpLmAC&pg=PA70. 
  4. Thomson, J.J. (1897). "Cathode Rays". Philosophical Magazine 44: 293. http://web.lemoyne.edu/~GIUNTA/thomson1897.html. 
  5. Wilson, R. (1997). Astronomy Through the Ages: The Story of the Human Attempt to Understand the Universe. CRC Press. p. 138. ISBN 0-7484-0748-0. http://books.google.com/?id=AoiJ3hA8bQ8C&pg=PA138. 
  6. Pauling, L.C. (1960). The Nature of the Chemical Bond and the Structure of Molecules and Crystals: an introduction to modern structural chemistry (3rd සංස්.). Cornell University Press. pp. 4–10. ISBN 0-8014-0333-2. http://books.google.com/?id=L-1K9HmKmUUC. 
"http://si.wikipedia.org/w/index.php?title=ඉලෙක්ට්‍රෝනය&oldid=320687" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි