විද්‍යුතය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

විද්‍යුතය යනු විද්‍යුත් ආරෝපණය පැවතීම සහ එය ගලා යාම හා බැඳි භෞතික සංසිද්ධීන් මාලාවයි. අකුණු ගැසීම, ස්ථිති විද්‍යුතය, විද්‍යුත්-චුම්බක ප්‍රේරණය සහ විද්‍යුත් ධාරාව ගලා යාම වැනි සුපතළ ආචරණයන් බොහෝමයක් විද්‍යුතය විසින් සපයයි. මෙයට අමතරව, රේඩියෝ තරංග වැනි විද්‍යුත්-චුම්බක විකිරණ තැනීම හා ආදායනය සඳහාද විද්‍යුතය අවකාශ සලසයි .

  • විද්‍යුත් ක්ෂේත්‍ර - විද්‍යුත් වශයෙන් ආරෝපණය වූ වස්තු අතර හටගන්නා සංසිද්ධි.
  • විද්‍යුත් ගාමක බලය - විද්‍යුත් ක්ෂේත්‍රයක විද්‍යුත් ධාරාවක් ඇති කරීමේ හැකියාව. (වෝල්ට් වලින් මනිනු ලබයි)
  • විද්‍යුත් ධාරාව - විද්‍යුත් ආරෝපිත අංශු වල චලනය වීමක් හෝ ගමන් කරීම. (ඇම්පියර් වලින් මනිනු ලබයි)
  • විද්‍යුත් ශක්තිය - සන්නායකයක් තුලින් ධාරාවක් ගමන් කරීම නිසා හටගන්නා ශක්තිය.
  • විද්‍යුත් බලය - විද්‍යුත් ශක්තිය වෙනත් ශක්ති ආකාරයකට (අලෝකය, තාපය, යාන්ත්‍රික ශක්තිය) හැරවීමේ වේගය.
  • විද්‍යුත් ආරෝපණ - උප-පරමාණුක අංශු අතර හටගන්නා විද්‍යුත් චුම්භක ක්‍රියාකාරීත්වයක්.
  • විද්‍යුත් චුම්භක ශක්තිය - විද්යුත් ධාරාව නිසා ඇති වන මූලික සංසිද්ධියක්.

ඉතිහාසය[සංස්කරණය]

දුර අතීතය[සංස්කරණය]

සීගිරියේ ඇති සිතුවම් වල ඉතා ප්‍රසිද්ධ නාරී රු දෙකකින් එකක් විජ්ජු ලතා (අහසේ හටගන්නා විදුලිය - අකුණු)හා අනෙක මේඝ ලතා ලෙස හඳුනාගෙන ඇත. වස්තු හා ලොම් පරීමැදීම නිසා හටගන්නා ස්ථිති විද්යුතය පිළිඹඳව පුරාණ ග්‍රීක වරු, මෙසොපොටේමියානු වරු දැනසිටියහ. බැග්ඩැඩ් බැටරිය ලෙස හඳුන්වන (ගැල්වානි කෝශයක ක්‍රියාකාරීත්වයට සමාන) පුරාවස්තුව සොයාගැනීමත් සමඟ පුරාණ මෙසොපොටේමියානු වරු විද්‍යුත් ලෝහාලේපණය ගැන දැන සිටි බවට සමහරු මත පල කරති.

මෑත අතීතය[සංස්කරණය]

1600 දී බි‍්‍රතාන්‍ය විද්‍යාඥයෙක් වන විලියම් ගිල්බර්ට් විසින් electricus යන නව-ලතින් වචනය මෙම වස්තු පරීමැදි විට කුඩා වස්තු ඇදගැනීමේ හැකියාව හැඳින්වීමට යොදාගන්නා ලදී. එ‍්ත් සමඟම electric හා electricity යන ඉංග්‍රිසි වචනද භාවිතයට එක් විය.

විද්‍යුත් ‍ක්ෂේත්‍රය[සංස්කරණය]

විද්‍යුත් ‍ක්ෂේත්‍රය යන සංකල්පය ඉදිරිපත් කරන ලද්දේ මයිකල් ෆැරඩේ විසිනි. යම් ආරෝපිත වස්තුවක් වටා වූ අවකාශය තුළ විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇතිවන අතර මේ ක්ෂේත්‍රය තුළ වෙනත් ඕනෑම ආරෝපිත වස්තුවක් මත ක්ෂේත්‍රය මඟින් බලයක් ඇති කරයි. ස්කන්ධයන් දෙකක් අතර ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් ක්‍රියා කරන්නා සේ ආරෝපණ දෙකක් අතර අනන්තය දක්වා වූ ක්ෂේත්‍රයක් හටගන්නා අතර දුරෙහි වර්ගයට ප්‍රතිලෝම ලෙස එය අනන්තය දක්වා පැතිරේ. නමුත් මෙම ක්ෂේත්‍ර යුගල අතර වැදගත් වෙනසක් ඇත. ගුරුත්වාකර්ෂණය සෑම විටම ස්කන්ධ දෙකක් එකිනෙකට ආකර්ෂණය කරන නමුත් විද්‍යුත් ක්ෂේත්‍රයක දී ආරෝපණ දෙකක් ආකර්ෂණයකට හෝ විකර්ෂණයකට භාජනය විය හැක. ග්‍රහලෝක වැනි විශාල වස්තූන්ගේ ශුද්ධ ආරෝපණයක් නොමැති නිසා යම් දුරකින් වූ විද්‍යුත් ක්ෂේත්‍රය ශුන්‍ය වේ. ඒ නිසා දුර්වල වූවත් විශ්වයේ විශාල දුර ප්‍රමාණ හරහා ක්‍රියාකරන ප්‍රධානම බලය ගුරුත්වාකර්ශනය වේ.

සන්නායක තලයක් මතුපිට ක්ෂේත්‍ර රේඛා ධන ආරෝපණයක් නිස්ස්‍රාවනය වේ.

අවකාශය තුළ විද්‍යුත් ක්ෂේත්‍රයක් සාමාන්‍යයෙන් විචලනය වේ. එහි යම් ස්ථානයක එහි ප්‍රබලතාව එම ස්ථානයේ වූ නිෂ්චල නොගැනිය හැකි තරම් කුඩා ආරෝපණයක් සඳහා (ඒකක ආරෝපණයක් මත) ලෙස අර්ථ දැක්වේ. සංකල්පිත ආරෝපණය (පරීක්ෂා ආරෝපණය) ප්‍රධාන ක්ෂේත්‍රයට බාධා ‍නොකෙරෙන පරිදි ක්ෂේත්‍රයක් නොසාදන ඉතා ක්‍රඩා ආරෝපණයක් විය යුතු අතර චුම්භක ක්ෂේත්‍රවල ආචරණයට ලක් නොවන පරිදි නිෂ්චල විය යුතුය. විද්‍යුත් ක්ෂේත්‍රයක් යනු බලයකි. බලයක් යනු දෛශිකයක් නිසා විද්‍යුත් ක්ෂේත්‍රයක් ද යනු දිශාවක් හා විශාලත්වයක් ඇති දෛශිකයකි. එනම් එය දෛශික ක්ෂේත්‍රයකි.

නිෂ්චල ආරෝපණ මගින් ඇතිවන විද්‍යුත් ක්ෂේත්‍රයක් පිළිබඳ අධ්‍යයනය ස්ථිති විද්‍යුතය යටතේ සිදු වේ. ක්ෂේත්‍රයක් දැක්වීමේදී මනංකල්පිත රේඛා භාවිතා කළ හැකි අතර එහි දී ඕනෑම ස්ථානයක රේඛා දිශාව එම ලක්ෂ්‍යයේ ද ක්ෂේත්‍රයේ දිශාවට සමාන විය යුතුය. මෙම සංකල්පය වර්තමානයේ දී ද භාවිතා කෙරෙන අතර 'බල රේඛා' යනුවෙන් හැඳින්වේ. මෙය ෆැරඩේ විසින් හදුන්වාදෙන ලද්දකි. බල රේඛා යනු ක්ෂේත්‍රයක් තුළ තැබූ ධන ආරෝපණ ඒවා මත බලයක් යෙදෙන බලය නිසා ගමන් කරන පථයයි. මෙම මනංකල්පිත රේඛාවලට භෞතිකමය පැවැත්මක් නොමැත. තවද රේඛා අතර පරතරය පුරාද ක්ෂේත්‍රය පැතිරී පවතී. නිසල ආරෝපණයකින් ස්‍රාවය වන බල රේඛාවලට ප්‍රධාන ලක්ෂණ කිහිපයක් ඇත ඒවා ධන ආරෝපනයකින් පටන් ගෙන ඍණ ආරෝපණයකින් අවසන් වේ. තවද ඒවා අනිවාර්යෙන් හොඳ සන්නායක මාධ්‍යයකට ඍජුකෝණීව ම ඇතුළු විය යුතුය. තෙවැන්න කිසිවිටකත් ක්ෂේත්‍ර එකිනෙක ඡේදනය නොවේ.

අධිවෝල්ටීය උපකරණ සෑ‍දීමේදී ස්තිථි විද්‍යුත් මුලධර්ම වැදගත් වේ. ඕනෑම මාධ්‍යයකට දැරිය හැකි විද්‍යුත් ක්ෂේත්‍ර ශක්තියට සීමාවක් ඇත. මෙම සීමාව ඉක්මවූ විට විද්‍යුත් බිද වැටීමක් ඇතිවන අතර ආරෝපණ කොටස් අතර විද්‍යුත් චාප හටගනී. උදාහරණයක් ලෙස කුඩා දුර ප්‍රමාණ සඳහා සෙන්ටිමීටරයකට හා 30kv හෝ ඊට වැඩි ප්‍රබලතාවක් ඇත. විද්‍යුත් ක්ෂේත්‍රයක් හටගැනීමේ දී වාතය තුළින් විද්‍යුත් චාප දැක්වේ. විශාල පරතර හරහා වාතයේ බිඳ වැටුම් ශක්තිය හීන වේ. එනම් සෙන්ටිමීටරයකට 1kv පමණ වේ. අකුණු ගැසීම මේ සඳහා වඩාත් ප්‍රායෝගික ස්වභාවික නිරීෂණයකි. මෙය සිදුවන්නේ ඉහල නඟින වාත කදන් මගින් වළාකුළුවල ආරෝපණ වෙන් වී වාතයට දරාගත නොහැකි තරම් ප්‍රබල විද්‍යුත් ‍ක්ෂේත්‍රයන් ඒ හරහා හටගත් විටය. මෙසේ වූ ආරෝපිත විශාල වළාකුලක වෝල්ටීයතාව 100Mv වැනි ඉහල අගයක් ගත හැකි අතර 250kwh වැනි විශාල විසර්ජන ශක්තියක් පැවතිය හැක.

සන්නායක වස්තු මගින් ඒවා අසල වූ ක්ෂේත්‍රයක ශක්තිය කෙරෙහි විශාල ව‍ශයෙන් බලපෑම් සිදු කරයි. තීව්‍ර තුඩු සහිත වස්තූන්ගේ තුඩු ගමන් කිරීමට සිදු වේ නම් ක්ෂේත්‍ර තීව්‍රතාව තවත් ඉහල‍වේ. අකුණු සන්නායක සදහා මෙම මුලධර්මය යොදාගනී. තීව්‍ර තුඩු සහිත සන්නායකය එය විසින් ආරක්ෂා කරන ගොඩනැගිල්ලට වඩා ඒ මතට විදුලි සැර ඇද ගනී.

"http://si.wikipedia.org/w/index.php?title=විද්‍යුතය&oldid=312669" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි