ඇසිටික් අම්ලය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(ඇසිටික් වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න
ඇසිටික් අම්ලය
ප්‍රතිකාරක බෝතලයක් තුල ඇති ඇසිටික් ඇසිඩ්
 X mark.svgN(what is this?)  (verify)
Except where noted otherwise, data are given for materials in their standard state (at 25 °C, 100 kPa)
Infobox references

ඇසිටික් අම්ලය(විද්‍යාත්මක නාමය වන්නෙ එතනොයික් අම්ලයයි )යනු කාබනික මිශ්‍රණයකි මෙහි රසායනික සුත්‍රය වන්නේ CH3CO2H (මෙය CH3COOH යන ආකාරයටද ලියනු ලබේ). මෙය අවර්ණ දියරයක් වන අතර තනුක නොවන අවස්ථාවේ ග්ලැසියර ඇසිටික් අම්ලය ලෙස භාවිතා කරයි. අසිටික් අම්ලය යනු විනාකිරි වල අඩංගු ප්‍රධාන සංඝටකයක් වේ.මෙම අම්ලයේ විශේෂ තිත්ත රසයක් මෙන්ම තියුණු ගන්ධයක්ද ගෙනදේ. පොලීවයනයිල් ඇසිටේට් සහ සෙලියුලෝස් ඇසිටේට් යන සංඝටකයන් මගින් ඇසිටික් අම්ලය නිපදවයි. එමෙන්ම ඇසිටික් අම්ලය දුර්වල අම්ලයක් ලෙස නම් කල ඇති අතර මෙය විඛාදන ක්‍රියාවලිය වේගවත් කරන අතර සමට අහිතකර බලපෑම්ද එල්ල කරයි.

ඇසිටික් අම්ලය සරල කාබොක්සලික් අම්ලයක් වේ. මෙම අම්ලය ඉතාම වැදගත් රසායනික ප්‍රතික්‍රිකාරකයක් මෙන්ම කාර්මික රසායනිකයක්ද වේ. මෙය ඡායාරූප පටලවල ඇති සෙලියුලෝස් අසිටේට් නිෂ්පාදනය සදහාද, දැව ඇලවීම සදහා යොදාගන්නා මැලියම් වල ඇති පොලීවයනයිල් අසිටේට් සදහාද එමෙන්ම කෘථිම කෙදි හා රෙදි වර්ග නිෂ්පාදනයටද යොදගනී. නිවැසියන් විසින් ඇසිටික් අම්ලය තනුක කර මලකඩ ඉවත්කිරීම වැනි අවස්ථාවන්ට භාවිතා කරයි. ආහාර නිෂ්පාදනයේදී අහාර සංකලන ද්‍රව්‍ය පිළිබද කේතය වන A260 යටතේ, ඇසිටික් අම්ලය ආම්ලිකතාවය පාලනය කරන අම්ලයක් ලෙසද ආහාර රසවත් කිරීමට ගන්නා ද්‍රව්‍යයක් ලෙසද භාවිතා කරයි. ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, යුරෝපය, නවසීලන්තය වැනි රටවල ඇසිටික් අම්ලය ආහාර සංකලන ද්‍රව්‍යයක් වශයෙන් භාවිතයට අවසර දී ඇත.

ඇසිටික් අම්ලය අවුරුද්දක් තුල ටොන් මිලියන 6.5 ක් ලෝකය පුරා ව්‍යාප්ත වන අතර එයින් ටොන් 1.5 ක් ප්‍රථිචක්‍රීකරණය කරනු ලැබේ; ඉතිරිය ඛනිජමය රසායනිකයන් නිෂ්පාදනය සදහා යලි ගනු ලැබේ. ජීවවිද්‍යාත්මක ප්‍රභවයක් ලෙස ඇසිටික් අම්ලය ඉතාම ප්‍රයෝජනවත් වේ. නමුත් මෙය රසායනික ප්‍රතිකාරකයක් ලෙස ලබා ගැනීම අසීරුයි. ඇසිටික් අම්ලය තනුක කර පැසවීම මගින් විනාකිරි ලබාගනී.

නාමකරණය[සංස්කරණය]

මෙම අම්ලය "ඇසිටික් අම්ලය" යන පොදු නාමයෙන් ව්‍යවහාර වන අතර මෙහි විද්‍යාත්මක නාමය එතනොයික් අම්ලයයයි. නාමකරණය ආදේශ කිරීම මගින් නිවැරදි IUPAC නාමය ගත හැක. ඇසිටික් අම්ලය යන නාමය ව්‍යුත්පන්න වන්නෙ ඇසිටම් යන වචනයෙනි.එය ලතින් භාෂාවෙන් විනාකිරි යන තේරුම දෙයි. නිර්ජලීය ඇසිටික් අම්ලයට ව්‍යවහාරයේදී ග්ලැසියර අසිටික් අම්ලය ලෙස භාවිතා කරයි. ග්ලැසියර ඇසිටික් අම්ලය සදහා ජර්මන් භාෂාවෙන් එයිසෙජික් යැයි කියනු ලබයි එහි තේරුම වන්නේ මිදුනු විනාකිරි යන්නයි. විනාකිරි 16.6 °C (61.9 °F) අඩු උෂ්ණත්වයක් යටතේ පළිගු ආකාරයෙන් පවතී එම නිසා මෙම අන්වර්ථ නාමය ලැබී ඇත.( ජලය 0.1% ප්‍රමණයට වඩා අඩු නම් එහි ද්‍රවාංකය 0.2 °C පමණ වේ). රසායන විද්‍යාවේදී ඇසිටික් අම්ලය, HOAc ලෙස කෙටි යෙදුමකින් දක්වයි. Ac යනු ඇසිටයිල් කාණ්ඩයයි CH3−C(=O)−. අසිටේට් කාණ්ඩය CH3COO– ලෙස දක්වන අතර එය සංෂිප්තව AcO–.ලෙස දක්වයි. Ac යනු රසායනික මුලද්‍රව්‍ය ඇක්ටිනියමයක කෙටියෙදුමක් නොවේ. ඇසිටික් අම්ලයෙහි ආකෘතික අනුව එය CH3–CO2–H, CH3COOH, සහ CH3CO2H ලෙස ලිවිය හැක. සමහර අම්ල පාදක කර ගත් ප්‍රතික්‍රියා වලදී HOAc යන කෙටි යෙදීම භාවිතා කරයි.Ac යනු ඇසිටේට් යන අර්ථයයි. ඇසිටික් අම්ලයෙන් H+ අයනයක් පිට වීම මගින් ඇසිටේට් නිපදවේ. ඇසිටික් අම්ලය ලුණු හෝ එස්ටරයක් සමග ප්‍රතික්‍රියවෙන් ඇසිටේට් යන නාමය ගොඩ නැගේ.

ඉතිහාසය[සංස්කරණය]

වයින්, බියර් වායුවට නිරාවරණය වී පැවතීමේ ස්වභාවික ප්රගතිඵලයක් ලෙස විනාකිරි නිපදවෙන්නට ඇත.නමුත් වර්තමානයේ ඇසිටික් අම්ලය නිෂ්පාදනය ලොවපුරම සිදුකරයි. 3 වන ශතවර්ෂය වන විට අසිටික් අම්ලය රස විද්‍යාව සදහාද භාවිතා කලෝය.තියෝපෙට්රරස් නම් වු ග්රීරක දාර්ශනිකයා විසින් විනාකිරි හා යකඩ මිශ්රතකර වර්ණක නිපදවීය.සුදු ඊයම් හා තඹ මල මිශ්රන කිරීමෙන් තඹ ලවණ හෙවත් කොපර් ඇසිටෙට් නිපදවීය. පුරාණ රෝමානු ජාතිකයන් ඇඹුල් වු වයින් උණුකරවා සාපා නැමති ඉතා මිහිරි පැණියක් විශේෂයක් නිපදවීය. සාපා ඊයම් භාජන වල නිපද වු අතර එහි ඉතා ඉහළ ලෙඩ් ඇසිටෙට් ප්රේතිශතයක් අන්තර්ගතවිය, මෙම පැණිරස ද්රනවය ඊයම් සීනි හෙවත් සෙනසුරුගේ සීනි ලෙස හැදින්විය. මෙය පැණිය රෝමානු රදළ පෙළපත් වල බොහෝ දෙනාගේ ඊයම් විශ වීමටද හේතුවක් විය. 8 වන ශත වර්ෂයේ, ජබීර් ඉබන් හයියන් විසින් පළමුවෙන්ම විනාකිරි භාගික ආසවනයෙන් ඇසිටික් අම්ලය නිපදවිය හැකි බව අවධාරනය කලේය. පුනුරුද කාලය තුල අදාල යකඩ ඇසිටේට භාගික ආසවනය කිරීම මගින් ග්ලැසියර ඇසිටේට් නිපදවිය. (කොපර්(II) ඇසිටෙට් මෙයින් ප්රලධාන වේ.). 16 වන ශත වර්ෂයේ ජර්මන් ජාතික ඇල්ඡෙමිස්ට් ඇන්ඩෘ ලිබවියස්, ග්ලැසියර ඇසිටික් අම්ලය සසදමින් උපක්ර මශීලිව විනාකිරි නිපදවීම විස්තර කරන ලදී. විනාකිරි වල ඇති ජලය ප්ර්තිශතය ඇසිටික් අම්ලයේ ගුණ වලට අධික බලපෑමක් එල්ල කරයි.එම නිසා මෙම ශත වර්ෂයේ රසායන විද්යවයන් ග්ලැසියර ඇසිටික් සහ එම අම්ලය ද්ර්වයන් දෙකක් යැයි විශ්වාස කලෝය. ප්රං ශ රසායන විද්යියෙකු වන පියාරේ ඇඩට් විසින් ග්ලැසියර අසිටික් හා එම අම්ලය සමාන බව ඔප්පු කලේය. වර්ශ 1847 ජර්මන් ජාතික රසායන විද්යා ඥයකු වන හර්මන් කොල්බේ විසින් ප්ර්ථම වරට ඇසිටික් අම්ලය අකාබනික සංයෝගයක් සමග සම්මිශ්රාණය කරන ලදී. මෙම ප්ර්තික්රි යාව තුල කාබන් ඩයිසල්ෆයිඩ් කාබන් ටෙට්රසක්ලොරයිඩ් බවට ක්ලොරිනීකරණය වන අනුපිලිවෙළ අන්තර්ගතවේ. එය ටෙට්ර්ක්ලොරො එතීන් තාපවිඡ්ඡේදනයෙන් සහ ට්ර්යික්ලොරො ඇසිටික් අම්ලය ක්ලොරිනීකරණය වීමේ ක්රිරයාවලිය අනුගමනය කරන අතර එහි අඩංගු විද්‍යුත් විච්ඡේදකය ඇසිටික් අම්ලය දක්වා ඔක්සිහරණය වේ. වර්ශ 1910 දී, දැව ආසවනය කිරීමෙන් ලබාගන්නා පයිරොලිග්නියස් දියරයෙන් ග්ලැසියර ඇසිටික් අම්ලය ලබගන්නා ලදී. කිරිහුනු සමග ප්රීතික්රිනයා කරවීම මගින් ඇසිටික් අම්ලය වෙන් කර ගත හැක. එයින් ප්ර්තිඵලයක් ලෙස ලැබෙන කැල්සියම් ඇසිටේට් සල්ෆියුරික් අම්ලය සමග ආම්ල කිරීම මගින් නැවත ඇසිටික් අම්ලය වෙන් කරවා ගත හැක. වර්ථමානයේ, ජර්මනිය විසින් ග්ලැසියර ඇසිටික් අම්ලය ටොන් 10000 ක ප්ර්මණයක් නිෂ්පාදනය කරන අතර එයින් 30% ක ප්රලමාණයක් ඉන්ඩිගෝ වර්ණය නිපදවීම සදහා භවිතා කරයි.

රසායනික ගුණ[සංස්කරණය]

ඇසිටික් අම්ල ස්ඵටික.

ආම්ලිකතාව[සංස්කරණය]

කබොක්සලික් අම්ලයේ ඇති හයිඩ්රතජන් කබොක්සලික් කාණ්ඩය තුලට කේන්ද්රණ ගත වී ඇත. එනම් ඇසිටික් අම්ලය අයනීකරණය මගින් අණු වෙන් කල හැක.

CH3CO2H → CH3CO2- + H+

ඇසිටික් අම්ලයෙන් ප්රෝයටෝනයක් නිදහස් වීම නිසා එහි ආම්ලිකතාවයක් අතිවේ. ඇසිටික් අම්ලය ඉතාම දුර්වල මොනොප්රොෝටික අම්ලයකි.එහි ජලීය ද්රාිවණය pKa අගය 4.75 පමණ වේ. ප්රටතික්රි්යාව තුල ඇසිටේට්(CH3COO−) සමග ප්රමතිබද්ද වීම සිදුවේ. 1.0 M (ගෙදරදොරේදී භාවිතා වන විනාකිරි ගැන අවධානය යොමුකිරීමේදි )ද්ර ව්යරන්හි 2.4 ක PH අගයක් පවතී.මෙය තුල ඇසිටික් ආම්ලික අණු 0.4% පමන විඝටනය වී ඇත.

ඇසිටික් අම්ලය ජලය සමග ප්‍රතික්‍රියාව

ඇසිටික් අම්ලයේ චක්‍රීය ව්‍යුහය: කඩඉරි වලින් හයිඩ්‍රජන් බන්ධන නිරුපනය කරයි.

නිෂ්පාදනය[සංස්කරණය]

කාර්මිකව ඇසිටික් අම්ලය නිෂ්පාදනයේදී සංශ්ලේෂක සහ බැක්ටීරිය පැසවීම යන ක්රිම යොදා ගනී. අද වන විට නිෂ්පාදනයෙන් 10% ප්ර්තිශතයක් ජෛවවිද්යානත්මක මාර්ග ඔස්සේ නිපදවෙන අතර එම ප්රවතිශතය රදාපවතින්නේ විනාකිරි නිපද වීම නිසාය. ආහාර පවිත්රමතා නීතියත අනුව විනාකිරි ජෛවවිද්යාිත්මක ආරම්බයක් තිබිය යුතු වේ. රසායනික කර්මාන්තයේ මෙතනෝල් කබනීකරනය කිරීම මගින් 75% පමණ ඇසිටික් අම්ලය නිපදවයි. විස්තරය පහත දැක්වේ. අමතර විසදුම්ද භවිතා කරයි. ලෝකය පුරා පිරිසුදු ඇසිටික් අම්ලය 5 M/a(ටොන් මිලියන /ඇවුරුද්දට ) පමණ නිෂ්පාදනය කරයි ,එයිනුත් අඩක් පමණ ඇමරිකාව තුල නිෂ්පාදනය වෙයි. යුරෝපානු රටවල ආසන්න වශයෙන් 1 M/a පමණද ජපානය තුල 0.7 M/a ප්රයමණයක්ද නිපදවයි. හැම අවුරුද්දෙම 1.5 M/a පමණ ප්ර තිචක්රීවකරණය කරනු ලබයි,එමගින් ලෝක වෙළදාම තුල 6.5 M/a රදවා ගනී. පිරිසුදු ඇසිටික් අම්ලය නිෂ්පාදනය කරන ප්රයධාන නිෂ්පාදකයන් වන්නේ සිලනීස්(Celanese) සහ BP කෙමිකල්ස්(BP Chemicals) වෙයි. මිලේනියම් කෙමිකල්ස් අතුලත්ව තවත් ප්ර්ධාන නිෂ්පාදකයන් වන ස්ටෙර්ලින්ග් කෙමිකල්ස්(Sterling Chemicals), සැම්සුන්ග්(Samsung),ඊස්ට්මැන්(Eastman) සහ ස්වෙන්ස්ක් එටනොල්ක්මි(Svensk Etanolkemi ) මෙය සදහා දායක වේ.

මෙතනෝල් කාබනීකරණය[සංස්කරණය]

බොහෝ විට මෙතනෝල් කාබනීකරණය මගින් ඇසිටික් අම්ලය නිපදවයි. එම ක්රිනයාවලියේදී මෙතනෝල් කාබන් මොනොක්සයිඩ සමග ප්රකතික්රිවයාකර ඇසිටික් අම්ලය නිපදවයි.පහත ඇති රසායනික සමීකරණයට අනුව මෙම ක්රිනයාවලිය සිදුවේ.

   CH3OH + CO → CH3COOH

මෙම ක්රිCයාවලියට අතරමැදි ද්රසව්ය ක් ලෙස අයඩෝ මෙතේන් එකතු කලවිට මෙය පියවර තුනක් මගින් සිදුවෙයි. ලෝහ සංකීර්ණ කාබනීකරණය සදහා සමන්යෙයෙන් උත්පේරක අවශ්ය වේ.

  1. CH3OH + HI → CH3I + H2O
  2. CH3I + CO → CH3COI
  3. CH3COI + H2O → CH3COOH + HI

ඇසිටික් අම්ලයට අදාළ තත්වයන් මදක් වෙනස් කිරීම මගින් ඇසිටික් ඇන්හයිඩ්රයිඩය නිපදවිය හැක. එයට හේතුව වන්නේ මෙතනොල් සහ කාබන් මොනොක්සයිඩ යනු මෙම ක්රිහයාවලියට අවශ්යි ප්ර ධාන අමුද්රතව්යම දෙකකි.ඇසිටික් අම්ලය නිෂ්පාදනයේදී මෙතනෝල් කාබනීකරණය කිරීම ඉතාම ආකර්ෂණීය ක්රදම වේදයක් වේ. 1925දී ,බ්රිදටිෂ් සිලනීස්(British Celanese) සමාගමෙහි හෙන් රි ඩ්රෙaෆස්(Henry Dreyfus) විසින් පලමුවෙන්ම මෙතනෝල් කාබනීකරණය ආරම්භ කරන ලදී. කෙසේ වුවද,ප්රාnයෝගික උපකරණ නොමැතිවීම නිසා මෙම පරික්ෂනය අසර්ථක විය. මෙම පරීක්ෂණය සදහා විශාල පීඩනයක් ලබා දීමටද සිදුවිය.මෙමගින් වණිජකරණය ඉතා අපහසුවීම නිසා පරීක්ෂණය අඩාල විය. 1963 දී, ජර්මානු සමගමක් වන BASF පළමුවෙන වාණිජ මෙතනෝල් කාබනීකරණ ක්රිලයාවලිය සිදුකරන ලද්දේ කොබෝල්ට් උත්පේරකය ලෙස උපයෝගී කරගනිමිනි. 1968 දී, රෝඩියම් උත්පේරකය (cis−[Rh(CO)2I2]−)යොදා ගෙන මෙම ක්රිවයාවලිය කර්යක්ෂමව මෙන්ම අඩු පීඩනයකින් කල හැකි බව සොයා ගන්නා ලදී. 1970 දී, ඇමරිකානු සමාගමක් වන මොන්සන්ටෝ(Monsanto ) සමාගම විසින් මෙම උත්පේරයකය යොදා ගෙන අසිටික් අම්ලය නිෂ්පාදනය කරන පළවන ශාකාව ආරම්භ කරන ලදී. 1990 න් පසු BP කෙමිකල්ස්(BP Chemicals) වන රසායන ද්රaව්ය) සමාගම කාටිව් නැමති උත්පේරකය භාවිතා කරමින් මෙය නිෂ්පාදනය කරන ලදී. කාටිව් උත්පේරකය රුතේනියුම් ලෙස ඉතා ඉහළ කර්යක්ෂම ද්ර්ව්යදක් ලෙස ප්රසසිද්ධ විය. ඉරිඩියුම් උත්පේරකය සහිත කාටිව් ක්රිඩයාවලිය ඉතාම කාර්යක්ෂම වන අතර එය මොන්සැන්ටො(Monsanto ) ක්රිියාවලිය වෙනුවට එන ලද්දකි. මෙම ක්රි‍යාවලි දෙකම එකම නිෂ්පාදන ශාකවන්ගෙන් සිදුවන්නකි.

ඇසිටැල්ඩිහයිඩ් ඔක්සිකරණය[සංස්කරණය]

මොන්සැන්ටෝ(Monsanto) ක්රි යාවලිය පූර්ව වණිජකරණයත ලක්වීම නිසා ඇසිටික් අම්ල නිෂ්පාදනයට ඇසිටැල්ඩිහයිඩ ඔක්සිකරණය යොදා ගැනීමට බොහෝ දෙනා වෑයම් කලහ. මෙය දෙවෙනුවට ඉතාම වැදගත් නිෂ්පාදන ක්රි යවලිය ලෙස ඇති අතර, නමුත් මෙතනෝල් කාබනීකරණය සමග තරගකිරිමට නොහැකිවිය. බියුටේන් හෝ සැහැල්ලු නැප්තා ඔක්සිකරණය කිරීමෙන් හෝ එතීන් සජලනය කිරීම මගින් ඇසිටැල්ඩිහයිඩ නිපද විය හැක. බියුටේන් හෝ සැහැල්ලු නැප්තා යකඩ අණු හමුවේ වාතයේ රත් කිරීමෙන් ඇසිටික් අම්ලය ලබා ගත් හැක. මෙහිදී යකඩ අණු ලෙස මැග්නීසියම්, කොබෝල්ට්, හෝ ක්‍රෝමියම්ද පෙරොක්සයිඩ මෙම ප්රේතික්රිඅයාවට සහභාගී වේ. 2 C4H10 + 5 O2 → 4 CH3COOH + 2 H2O මෙම ප්ර්තික්රිකයාව උෂ්ණත්වය හා පීඩනය මගින් පාලනය කරනු ලබයි. මෙහි ප්රීතික්රිායක තත්වයන් වනුයේ 150 °C (302 °F) සහ 55 atm. මම ප්ර තික්රිරයාවේ අතුරු ඵලයන් ලෙස බියුටෝන්, එතිල් ඇසිටේට්, ෆෝමික් අම්ලය සහ ප්රොෝපනොයික් අම්ලයන් නිපදවේ. මම අතුරු ඵලද වාණිජව ඉතාම වැදගත් වේ.ප්ර(තික්රිායක තත්ව වෙනස් වීම මගින් සෑදෙන්නාවු නිෂ්පාදිතයන් වෙනස් විය හැක. මෙම අතුරු ඵල අතරින් ඇසිටික් අම්ලය වෙන් කරවා ගැනීම සිදුකලයුතුයි. මෙවැනි ක්රිුයාවලි වලට වැය වන වියදමද අදාළ නිෂ්පාදනයන්හි මිලට එකතු වේ. බියුටේන් ඔක්සිකරණය සදහා සමාන තත්වයන් හා සමාන උත්පේරක අවශ්යි වන අතර එමගින් ඔක්සිඩයිස් ,ඇසිටැල්ඩිහයිඩ් වාතයේ ඇති ඔක්සිජන් සමග ප්ර තිකියාවෙන් ඇසිටික් අම්ලය නිෂ්පාදනය කෙරේ. 2 CH3CHO + O2 → 2 CH3COOH අලුත් උත්පේරක තත්වයන් මගින් මෙම ප්ර තික්රිHයාව 95%ක් සාර්ථක කර ගත හැක. මෙමගින් ඇතිවන ප්රතධාන ඇතුරු ඵල වන්නේ එතිල් ඇසිටේට්, ෆොර්මික් අම්ලය, ෆොමැල්ඩිහයිඩය.මේවායෙහි ඉතාම අඩු තාපාංක පවතින නිසා ඉතාම පහසුවෙන් භාගික ආසවනයෙන් වෙන්කරවා ගත හැක.

එතිලීන් ඔක්සිකරණය[සංස්කරණය]

එතිලීන් මගින් ඇසිටැල්ඩිහයිඩ නිෂ්පාදනය කරන්නට ඇත පසුව එය ඔක්සිකරණය කරන ලදී. 1997 දී.රසායන සමාගමක්වන ෂෝවා ඩෙන්කෝ (Showa Denko) එතිලීන් ඔක්සිකරණය කිරීම සදහා ශාකවන් කිහිපයක් ඔයිටා (Oita) හා ජපානයෙහි පිහිටවිය. එමගින් වාණිජ වශයෙන් ඉතා ලාබදයී එතිලීන්, ඇසිටික් අම්ලය බවට පත් කිරීම ආරම්භ කලහ. මෙම ප්රිතික්රි යාව සදහා උත්පේරක ලෙස පැලේඩියම් ලෝහය භවිතා කරන අතර, හීටරොපොලි අම්ල (heteropoly acid) සහ ටන්ග්ස්තොසිලිසික් අම්ල (tungstosilicic acid) සහය වෙයි. එය මෙතනෝල් කාබනීකරණය සමග තරග කර ලදී. මෙය එතිලීන් වල දෙශීය මිල සමග රදපවතී. තනුක කරන ලද ඇල්කොහොල් ද්රා වණයෙන් ස්වල්පයක් ඇසිටොබැක්ටර්ට එන්නත් කර උනුසුම් ස්ථානයක තැබූවිට මාස කිහිපයක් තුල වායුව සහිත ප්රයදේශය විනාකිරි බවට පත් වේ. කාර්මිකව විනාකිරි නිෂ්පාදනයේදී මෙම ක්රතමය වැඩිදියුණු කරන අතර බැක්ටීරියාවට ඔක්සිජන් සැපයීම පාලනය කරනු ලබයි. පළවන කාණ්ඩයේ විනාකිරි, පැසවීම මගින් නිෂ්පාදනය කරයි. බොහෝ විට වයින් නිෂ්පාදණයේදි සිදුවන වැරදීම් අනුගමනය කරයි. ඉතා ඉහළ උෂ්ණත්වල මෙම පැසවීම සිදුකරයි. ස්වභාවිකව මිදි තුල යීස්ට් මගින් ඇසිටොබැක්ටර් විනාශකිරීම සිදු කරයි. සමාන්යදයෙන් විනාකිරිවල ඉල්ලුම ඉහළ ප්රතතිශතයක් ගනී එයට හේතුව වන්නේ අහාර පිසීමේ කටයුතු, වෛද්යය හා සනීපාරක්ෂක කටයුතු සදහා අවශ්යල වේ.එමෙන්ම ග්රීවෂ්ම කාලයේ වැඩෙන මිදි උපයෝගි කරගෙන වයින් සැදීමේ ක්රිතයවලියටද දායක වේ. මෙම ක්රි‍යාදාමය ඉතාම හිමින් සිදුකරන අතර හැම විටම සාර්ථක වීමද සිදු නොවේ. මෙම ක්රියයාදාමය වයින් වෙළෙන්දාට තේරුම්ගත නොහැක. 1823 දී ජර්මනිය විසින් පළමුවෙන්ම අත් හදා බලන ලද එක් නවීන වාණිජ ක්රිියාවලියක් වන "ෆාස්ට් මෙතර්ඩ්(fast method)" හෙවථ් "ජර්මන් මෙතර්ඩ්(German method)" හැදින්විය හැක. මෙම ක්රිරයාවලිය තුල පැසවීම යන ක්රි්යාව කුලුණක අසුරන ලද ලී කැබල්ල හෙවත් අගුරු කැබැල්ල වැනි වේ. කුලුණ මුදුනෙන් ඇල්කොහොල් බින්දු එකතු කරන අතර එහි යටින් සංවහනයෙන් හෝ ස්වභාවිකව පිරිසිදු වාතය ඉහලට යවයි. මෙම ක්රිියාවලියේ වායුව සැපයීම වැඩිදියුණු කරන අතර විනාකිරි නිෂ්පාදනය සදහා මාසයක් හෝ සතියක් තබා ගනී. මේ කාලයේ, විනාකිරි නිෂ්පාදනය කරනු ලබන්නේ ගිල්ලන ලද ටැංකි තුලයි.මෙය ප්රයථමයෙන්ම 1949 දී Otto Hromatka සහ Heinrich Ebner විසින් විස්තර කරන ලදී. මෙම ක්ර මයේදී නිතරම කැලතෙමින් තිබෙන ටැංකි තුල ඇල්කොහොල් විනාකිරි බවට පැසවෙයි. මෙහි ඔක්සිජන් සපයනු ලබන්නේ ටැංකි තුලට වායුව බුබුළනය කිරීම මගිනි. මෙම ක්රකමය තුල නවතම උපයෝගයන් භවිතා කරමින් මුලික ක්රි යදාමයෙන් පැය 24ක් අතුලත ඇසිටික් අම්ලයද 15%ක් ඇති විනාකිරිද, 20% ක් සහිත විනාකිරි පැය 60ක් තුලද නිෂ්පාදනය වේ.

නිර්වායු පැසවීම[සංස්කරණය]

නිර්වායු බැක්ටීරියාවල විශේෂත්වය වනුයේ ක්ලොස්ටිඩිඅම් ගණයේ සමජිකයන් කිහිපයක්ද සහිතව , එතනොල් අතරමැදියක් ලෙස භාවිතා නොකරමින් කෙලින්ම සීනි ඇසිටික් අම්ලය බවට පරිවර්තණය කිරිමේ හැකියාවයි. බැක්ටීරියා ඇසුරින් ප්ර තික්රියයකවල සිදුවන ප්ර තික්රිඇයාව මෙසේ දැක්විය හැකිය. C6H12O6 → 3 CH3COOH මෙම නිර්වායු බැක්ටීරියා එක් කාබන් අංශුවක් පමනක් අඩංගු කොටස්වලින් ඇසිටික් අමලය නිපදවයි. උදාහරණ ලෙස මෙතනෝල්,කාබන්ඩයොක්සයිඩ් හා හයිඩ්‍රජන් මිශ්රනණයක් දැක්විය හැකිය. 2 CO2 + 4 H2 → CH3COOH + 2 H2O මෙම ක්ලොස්ට්රිනඩිඅම් සීනි බවට කෙලින්ම පරිවර්තනය කිරීමේ හැකියාව හෝ අඩු ප්රදතික්රිවයක ප්රහමානයක් යොදාගනිමින් ඇසිටික් අම්ලය නිපදවීමේ හැකියාව යනු මෙම බැක්ටීරියාවට ඇසිටික් අම්ලය කාර්යක්ෂමව නිපදවීමට එතනොල් ඇසිටොබැක්ටර් වැනි ඔක්සිඩයිසරය වඩා හැකියව ඇති බවයි. කෙසේ උවත් ක්ලොස්ට්රිඇඩියම් බැක්ටීරියා ඇසිටොබැක්ටර් වලට වඩා අඩු ආම්ලික බාවයකින් යුක්තය. තවද ඉතා අඩු අම්ලික බවකින් යුතු ක්ලොස්ට්රිැඩියම් කොටසකට ඉතා අඩු ඇසිටික් ඇසිඩ් ප්රිතිෂතයක් සහිත විනාකිරි නිපදවීමට හැකියව ඇති අතර ඇසිටොබැක්ටර් වලට 20% ක ප්රසතිෂතයක් සහිත විනාකිරි නිපදවීමෙ හැකියව ඇත. ප්ර්තිපලයක් ලෙස ඇසෙට්රො ජෙනික් බැක්ටීරියා 1940 දී හදුනගත් අතර එහි නිශ්පාදන ක්රිවයාවලිය ඉතා අඩු අවකාශයක යෙදුම් ගනනක් සදහා භාවිතා වේ.

භාවිතය.[සංස්කරණය]

විද්‍යාගාරය තුල ඇති 2.5-ලීටර් ඇසිටික් අම්ල බෝතලයකි.බෝතලය කහ දුඹුරු පැහැයෙන් යුත් වීදුරුවකින්(amber galss) සදා ඇත.

ඇසිටික් අම්ලය යනු රසායනික සංයෝග නිපදවීමේදි උත්පේරකයක් ලෙස යොදගන්නා සංයොගයකි.තනි විශාලතම ඇසිටික් අම්ලයේ ප්රමයොජනය වන්නේ ඇසිටික් ඇන්හයිඩ්රෙ+ඩ් හා එස්ටර් වලට සමීප වයනයිල් ඇසිටේට මොනමර් නිපදවීමයි.විනාකිරි නිපදවීම සදහා සපේක්ශව කුඩා ඇසිටික් අම්ල ප්රයමාණයක් භාවිතා වේ.

වයනයිල් ඇසිටේට මොනමරය.[සංස්කරණය]

ප්රතධානතම ඇසිටික් අම්ල භාවිතයෙන් සිදුකරන නිශ්පාදනය වන්නේ වයනයිල් ඇසිටේට මොනමර් නිශ්පාදනයයි. ලෝක ඇසිටික් අම්ල නිශ්පාදිතයෙන් 40% ත් 45% ත් අතර ප්රටමාණයක් මේ සදහා භාවිතා වේ. ඔක්සිජන් හමුවේ එතිලීන් හා ඇසිටික් අම්ලයේ ප්රටතික්රි යාවේ ප්රාතිපලය වන්නෙ පැලේඩියම් කාටලයිට්ය.

2 H3C–COOH + 2 C2H4 + O2 → 2 H3C–CO–O–CH=CH2 + 2 H2O

මෙය සායම් හා මැලියම් නිශ්පාදනයේ කොටසක් වශයෙන් භවිතාවන වයනයිල් ඇසිටේට හෝ පොලිමර් බවට බහුඅවයවීකරණය කල හැකිය.

එස්ටර නිශ්පාදනය[සංස්කරණය]

ඇසිටික් අම්ලයේ නිශ්පාදන ප්රසදාන වශයෙන් භාවිතා වන්නෙ සායම්,තින්ත හා අලේපන නිපදවීමටයි.මෙම එස්ටර තුළ ප්ර්ධාන වශයෙන් එතිල් ඇසිටේට් බියුටයිල් ඇසිටේට්, අයිසෝ බියුටයිල් ඇසිටේට් ප්රො ෆිල් ඇසිටේට් අන්තර්ගතවේ. මේවා ප්ර්ධාන වශයෙන් ඇසිටික් අම්ලයේ හා අනුරූපව පවතින ඇල්කොහොල අතර උත්පේරක ක්රිේයවලියේ ප්ර.ථිඵල ලෙස හටගනී.

H3C-COOH + HO-R → H3C-CO-O-R + H2O, (R = භාවිතාවන ඇල්කයිල් කාණ්ඩයක් )

කෙසේ හෝ බොහෝ ඇසිටේට් එස්ටර ටිගොචෙන්කෝ ප්ර.තික්රිෙයාව භාවිතා කරමින් ඇස්ටැල්ඩිහයිඩ් නිපදවීම සිදුකරයි. තවද නයිට්රෝෙ සෙලියුලස්, ඇක්රිිලික් ලාකඩ, වාර්නිශ් හා ලී නිශ්පාදනවල පැල්ලම් ඉවත්කිරීමේ ද්රාිවණයක් ලෙස භාවිතා වේ. පලමුවෙන්ම ග්ලයිකොල් මොනො ඊතර් එතිලින් ඔක්සයිඩ් හෝ ප්රොීෆිලීන් ඔක්සයිඩ ඇල්කොහොල සමග ප්රුතික්රිුයා කරවා ඉන්පසු එය ඇසිටික් අම්ලය සමග එන්ටරිභවනයට භාජනය කරයි. මෙහි ප්ර ධාන නිශ්පාදන තුන වන්නේ එතිලීන් ග්ලයිකෝල් මොනො එතිල් ඊතර් ඇසිටේට්(EEA), එතිලීන් ග්ලයිකෝල් මොනො එතිල් බියුටයිල් ඇසිටේට්(EBA), ප්රෝෆිලීන් ග්ලයිකෝල් මොනෝ එතිල් ඊතර් ඇසිටේට්(PMA)(පොදු භාවිතයේදී PGMEA ලෙස ප්ර්සිද්ධ අතර අර්ධ සන්නායක නිපදවීමට භවිතා වේ). මෙම ක්රි(යාවලිය ලෝක ඇසිටික් අම්ල නිශ්පාදිතයෙන් 15% ත් 20% අතර ප්රොමානයක් භාවිතා කරයි. ඊතර් ඇසිටේට් (උදාහරනයක් ලෙස EEA)මානව ප්රතජනණ ක්රිඅයාවලියට හනිකර තත්වයක් පෙන්නුම් කරයි.

ඇසිටික් ඇන්හයිඩ්රලයිඩ[සංස්කරණය]

ඇසිටික් අණු යුගලයක් ඝනීකරණය වීමෙන් ඇසිටික් ඇන්හයිඩ්රරයිඩය නිෂ්පාදනය වේ. ලෝකය පුරා නිෂ්පාදනය කරන රසායන ද්රකව්යස අතරින් ඇසිටික් ඇන්හයිඩ්රපයිඩය ප්රලධාන ස්ථානයක් ගන්නා අතර එය අසිටික් අම්ල නිෂ්පාදනයෙන් 25 % 30%ක් පමණ වේ. ප්‍රධානම නිෂ්පාදන ක්රිනයාවලිය වන්නේ ඇසිටික් අම්ලය ඝනකර කෙටීන් නිෂ්පාදනය කිරීමයි.එය ඇසිටික් අම්ලය සමග ඝන වීමෙන් ඇසිටික් ඇන්හයිඩ්රරයිඩය ගෙන දේ:

   CH3CO2H → CH2=C=O + H2O
   CH3CO2H + CH2=C=O → (CH3CO)2O

ඇසටලීකරණය කිරීමේ ප්ර2ධාන ද්රOව්යසයක් ලෙස ඇසිටික් ඇන්හයිඩ්ර ය භාවිතා කරයි. සෙලියුලෝස් ඇසිටේට් ප්රිධාන රසායන ඇසිටේටයක් වන අතර එය කෘථීම රෙදි සදහාද සිනමා ඡයාරූපකරනය සදහාද යොද ගනී. හෙරොයින් වැනි දේවල් නිෂ්පාදනය කිරීමෙදි ඇසිටික් ඇන්හයිඩ්රකය උත්පේරක ලෙස භාවිතා කරයි.

විනාකිරි[සංස්කරණය]

විනාකිරි වල 4-18% ක් පමණ ඇසිටික් අම්ලය අඩංගු වේ.විනාකිරි අහාර රසවත් කිරීමට යොදා ගන්නා රස කාරයක් ලෙස ක්රි්යා කරයි. අහාරයට ගන්නා විනාකිරි තුල 4% ත් 8% ත් අතර ඇසිටික් අම්ල ප්රකතිශතයක් පවතී. වාණිජව අහාර වල රසශෝධයන්ට මෙම ප්රිතිශතය සැලකිය යුතු වේ. ලෝකය පුරා විනාකිරි වලට යොදා ගන්නා ඇසිටික් අම්ල ප්රජතිශතය විශාල නොවේ.

ද්රාකවණයක් ලෙස භාවිතය.[සංස්කරණය]

ග්ලැසියර ඇසිටික් අම්ලය යනු ධ්රැ වීය ප්රෝරටෝනිකරණය වූ ද්රාපවණයකි. එය නිතරම ද්රා්වණයක් ලෙස භාවිතා කරන අතර එය පිරිසිදු කාබනික සංයෝගයක් ප්රශතිස්ඵටීකරණයට යොදා ගනී. ඇසිටික් අම්ලය ද්රාතවණයක් ලෙස ටෙරිපිතලික් අම්ලය(terephthalic acid-TPA)නිෂ්පාදනයේදී සහ පොලිඇතිලීන් ටෙරිපිතලේට් (polyethylene terephthalate -PET)නිෂ්පාදනයේදී අමුද්රනව්යඇක් ලෙසද භාවිතා කරයි . වර්ෂ 2006 දී, ඇසිටික් අම්ල නිෂ්පාදනයෙන් 20% ක්ම TPA නිෂ්පාදනයට යොදා ගැනිනි. ෆ්ප්රීතඩල් ක්රාlෆ්ට් ඇල්කයිලීකරණය වැනි කබයිල්කරණය අඩංගු ප්රPතික්රි්යා සදහා ඇසිටික් අම්ලය නිතරම යොදා ගනී. උදාහරණයක් ලෙස, වාණිජව කපුරු නිෂ්පාදනය කරන ක්රි යාවලියේදී, කැම්පීන්, අයිසෝබ්රෝීනයිල් ඇසිටේට බවට ප්රකතිසංවිධානය කිරීම සදහා ඇසිටික් අම්ලය ද්රාිවණයක් ලෙසද කබයිල්කරණ නැවත සකස් කරන නියුක්ලියොෆිලික ක්රකමයක් ලෙසද ක්රි ය කරයි. කාබන් සහිත පැලේඩියුම් භාවිතා කරමින් අනිලීන්හි ඇරිල් නයිට්රො‍ කාණ්ඩ අඩු කිරීමේ ක්රියයාවලිය අදුර ගැනීම සදහා ඇසිටික් ද්රාාවණය යොදා කරයි. විශ්ලේෂණාත්මක රසායන විද්යාේවේදී ග්ලැසියර ඇසිටික් අම්ලය යොදා ගන්නා අතර එමගින් කාබනික ඇමයිඩයේ දුර්වල ඇල්කලීන් ද්ර්ව්යාය අගය කල හැක. ග්ලැසියර ඇසිටික් අම්ලය ජලයට වඩා දුර්වල අවස්ථාවක් වේ. එම නිසා මධ්යගයේදී ඇමයිඩ ශක්තිමත් ලෙස ක්රි යා කරයි. පර්ක්ලෝරික් අම්ලය වැනි ශක්තිමත් අම්ලයක් මගින් අනුමාපනය කරමින් ග්ලැසියර ඇසිටික් අම්ලය වෙන් කරවා ගත හැක.

යොදා ගන්නා අවස්ථා[සංස්කරණය]

සිනමා ඡයාරූපකරන අවස්ථාවේදී තනුක ඇසිටික් අම්ලය යොදා ගනී එමෙන්ම ජල කරාම වල මෙන්ම කෙතලවල ඇති හිරිගල් තට්ටුව ඉවත් කිරීම සදහාද යොදා ගනී. රෝග විනිශ්චය කරන රසායනාගාර තුල රතු රුධිරය විච්ඡේදනය කර පරීක්ෂා කිරීමට තනුක ඇසිටික් අම්ලය යොද ගනී. මෙම ක්ර්මය අන්වීක්ෂයෙන් නිරීක්ෂනයට ප්ර්ථමව සිදු කෙරේ. මෙය ජෙලිෆිෂ් විසින් පහරදීම නිසා වූ තුවාලයක මතුපිට තැවරීම මගින් එම තුවාලවු සෛල වල ඇති විෂ අඩු කරන අතර මෙමගින් තුවාල ලැබූ තැනැත්තාගේ ජීවිතය මරණින් බේරා ගැනීමට හැකි වන අතර විශාල ශෛල කර්මයක් කිරීම වලකයි. මෙහිදී ඇසිටික් අම්ලය පිටතින් සහාය වන වේගවත් ප්රාතිකාරකයක් ලෙස ක්රිැයා කරයි. ඇසිටික් අම්ලය පශු පාලනයේදී යොදා ගන්නා අතර එය ඉසීම මගින් දිලීර හා බැක්ටීරියා වල වර්ධනය අඩාල වේ. ශරීරයේ අතිවන ගැටයන් ඉවත් කිරීම සදහා ග්ලැසියර ඇසිටික් අම්ලය භාවිතා කරයි. ඇසිටික් අම්ලයෙන් කාබනික හෝ අකාබනික ලවණ නිෂ්පාදනය වේ:

  • සෝඩියම් ඇසිටේට්, රෙදිපිළි කර්මාන්ත වල හා අහාර සංරක්ෂණය සදහා යොදා ගනී.
  • කොපර්(II)ඇසිටේට්, වර්ණක හා දිලීරනාශක ලෙස යොද ගනී.
  • ඇලුමිනියම් ඇසිටේට හෝ අයන්(II)ඇසිටේට්, වර්ණක ලෙස භාවිතා කරයි.
  • පැලේඩියම්(II)ඇසිටේට්, කාබනික ප්ර්තික්රිගයා සදහා උත්පේරකයක් ලෙස ක්රිටයා කරයි.
  • සිල්වර් ඇසිටේට්,පළිබෝධනාශක ලෙස ක්රි්යා කරයි.

ඇසිටික් අම්ල ආදේශක ලෙස භවිතා කිරීමෙදී:

  • මොනෝක්රො මැටික් අම්ලය (MCA), ඩයික්රොණමැටික් අම්ලය සහ ට්රකයික්රොාමැටික් අම්ලය. ඉන්ඩිගෝ වරණකය නිෂ්පාදනයේදී (MCA) යොදා ගනී.
  • බ්රෝවමොඇසිටික් අම්ලය, එතිල් බ්රෝයමොඇසිටේට නම් වු ප්රිතිකාරය නිෂපදනය සදහා එස්ටරීකරණය කල යුතු වේ.
  • ට්රරයිෆ්ලෝරොඇසිටික් අම්ලය, කාබනික සංශ්ලේෂණ වලදී මෙය ප්රරතිකාරකයක් වේ.

ලෝකය පුරා ඇති ඇසිටික් අම්ල ප්රකමාණයෙන් 5-10% ක් අතර ප්රමමණයක් වෙනත් අවස්ථාවන්ට යොදා ගනී.(TPA වැනි අවස්ථාවන්ට). TPA වැනි සංයෝග වැඩිපුර නිෂ්පාදනයක් බලාපොරොත්තු විය නොහැක. එමෙන්ම ඇසිටික් අම්ලය කායික රෝග චිකිත්සාව සදහා යොදා ගනී.

සුරක්ෂිතභාවය[සංස්කරණය]

ඇසිටික් අම්ලය සමට, ඇසට මෙන්ම අපගේ සමහරක් අවයව වලටද හානි පැමිණේ. එමනිසා ඇසිටික් අම්ල පරිහරණය ඉතාම අවධානයෙන් කල යුතු වේ. එමගින් සම පිළිස්සීම, ස්ථිරවම ඇහට හානි වීම සහ සෙම කිපීම වැනි හානි විය හැක. මෙම අම්ලයට නිරාවරණයෙන් පැය කිහිපයක් ඇතුලත පිළිස්සීම් හා බිබිලි ඇතිවිම් විය හැක.සංයෝග ඇල්ලිමේදී හා මිශ්රැණය කිරීමේදී රබර් අත් මේස් පැලදීමෙන් හානි වළක්වා ගත නොහැක. මේ සදහා විශේෂයෙන් ප්ර තිරෝධනය කරන ලද අත්මේස් යොදා ගත යුතුයි.මෙම අත්මේස් නයිට්රහයිල් රබර් වලින් නිපදවා ඇත.ඇසිටික් අම්ලය සාන්ද්රශණ ගිනිගන්නා සුලු වන අතර එය විද්යිගාර පරිහරණයේදී අවධානය යොමු කල යුතු වේ.ඇසිටික් අම්ලය පරිමණ්ඩනය කිරීමේදී එහි උෂ්ණත්වය 39 °C (102 °F ) වඩා වැඩි උවහොත් එම මිශ්රවණය පුපුරන සුලු ද්රමව්යතක් විය හැක.(පුපුරන සීමාව: 5.4–16%).

ඇසිටික් අම්ලයෙන් සිදුවන හානි එහි සාන්ද්රරනය මත රදා පවතී. පහත වගුවේ ඇසිටික් අම්ල ද්රාිවණයේ EU වර්ගීකරණය දක්වා ඇත:

බර
අනුව
සාණ්ද්‍රනය
මවුලිකතාව වර්ගීකරණය R- වාක්‍යඛණ්ඩ
10–25% 1.67–4.16 mol/L උද්දීපකය (Xi) R36/38
25–90% 4.16–14.99 mol/L දිරාපත් වීම (C) R34
>90% >14.99 mol/L දිරාපත් වීම (C) දැවෙන සුළුවීම (F) R10, R35

25% ක් පිරිසිදු ඇසිටික් අම්ල ද්රාඇවණ පරිහරණයේදී ආවරණයක් ලබා ගත යුතු වන අතර එයින් තියුනු හුමාලයක් පිට වේ. විනාකිරි යනු තනුක ඇසිටික් අම්ලයේ එක් අවස්ථාවක් වන අතර එය හානි කර නොවේ. ඇසිටික් අම්ල ද්රාරවණ අධිග්රිහණය කිරීමෙන් මිනිස් හා සත්ව ජීවිත වලට පවා හානි විය හැක. එමගින් අහාර ජීර්ණ පද්ධතියෙ අභ්යින්තර හානි මෙන්ම රුධිරයෙහි මාරක වෙනස් වීම්ද ඇති විය හැක. ක්රෝනමික් අම්ලය, එතිලීන් ග්ලියිකෝල්, නයිට්රිසක් අම්ලය, පර්ක්ලෝරික් අම්ලය, පර්මැග්නටේස්, පෙරොක්සයිඩ හා හයිඩ්රෝක්සයිල සමග ඇසිටික් අම්ලය නොගැළපීම නිස ඉහත අම්ල වලින් වෙන් කර තබා ගැනේ.

මේවා බලන්න[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=ඇසිටික්_අම්ලය&oldid=251260" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි