බියර්

විකිපීඩියා වෙතින්

බියර් හෙවත් බීර යනු මද්‍යසාරමය පාන වර්ගයකි. බාර්ලි වැනි ධාන්‍ය පැසවා නිපදවා ගනී.

ඉතිහාසය[සංස්කරණය]

ලෝකයේ සකස් කරන ලද පැරණිතම පානවර්ග වලින් එකක් ලෙස බියර් සැළකේ. මුලින්ම බියර් නිපදවීම, ධාන්‍ය වගාකිරීම ඇරඹූ ක්‍රිස්තු පූර්ව 9500 පමණ කාලය දක්වා අතීතයට ඇදී යන බැව් විශ්වාස කෙරේ.[1] බියර් සම්බන්ධ ලිඛිත සාධක පැරණි ඉරාක හා පැරණි ඊජිප්තු ශිෂ්ඨාචාරවලින් හමුවී තිබෙයි.[2] ශිෂ්ඨාචාර විකරණය වීම පිණිස, බියර්ද හේතුකාරක වන්නට ඇතැයි පුරාවිද්‍යාඥයින් විසින් අනුමාන කෙරෙති. [3]

බියර් නිෂ්පාදනය[සංස්කරණය]

උණු ජලය
ඇඹරීම
මෝල්ට්
හොප්ස්
එකතු කිරීම
නැටවීම
සිසිල් කිරීම
පැස්ටරීකරණය
යීස්ට් යොදා
පැසවීම
බෝතල් වලට ඇසිරීම
පීප්ප වලට
ඇසිරීම

බියර් නිෂ්පාදනයේදී උපස්ථරය වශයෙන් යොදා ගන්නේ බාර්ලි බීජ වෙයි. ඒවායේ සංචිත ආහාරය වන්නේ, පිෂ්ඨයයි. පළමුව බාර්ලි බීජ දින 2-3 ක් පමණ කාලයක් ජලයේ පොඟවා ප්‍රරෝහණ ක්‍රියාවලියට අවස්ථාව සලසනු ලැබෙයි. එමගින් නිපදවෙන ඇමයිලේස් එන්සයිමය මගින් එහි වූ පිෂ්ඨය, මෝල්ටෝස් සීනි බවට පත්වෙයි.

මෙසේ අර්ධ වශයෙන් ප්‍රරෝහණයට ලක්වූ බාර්ලි බීජ සෙල්සියස් අංශක 80 ක පමණ උෂ්ණත්වයකදී වියලා ගන්නා (වියලා ගැනීමේ මෙම ක්‍රියාවලිය Malting නමින් හඳුන්වයි.) අතර, එසේ වියලූ බාර්ලි බීජ ඉන්පසු 'මෝල්ට්' (Malt) ලෙස හඳුන්වයි. මෙම මෝල්ට් ඉන්පසුව උණු ජලය සමග මිශ්‍රකර හොඳින් අඹරා (mashing) ගනු ලබයි. මෙසේ අඹරාගන්නා ද්‍රාවණය ඉන්පසු 'වර්ට්' (wort) නමින් හඳුන්වයි.

මෙම වර්ට් ද්‍රාවණයට ඉන්පසුව Humulas lupulus ශාකයේ පුෂ්ප මංජරියේ මල් පොහොට්ටු (බීර මල්) එකතු කරනු ලැබේ. එම මල් පොහොට්ටු වාණිජව 'Hops' යන නමින් හඳුන්වයි. Hops එකතු කිරීමෙන් බියර් වලට ආවේණික තිත්ත රසයක් ලබා දෙන අතරම, අහිතකර ක්ෂුද්‍ර ජීවී වර්ධනයද වළකයි.

Hops එකතු කරන ලද 'වර්ට්' මිශ්‍රණය නටවා, සිසිල් කොට ඊට යීස්ට් එකතු කර නිර්වායු තත්ව යටතේ පැසීමට ඉඩ හරිනු ලැබේ. එමගින් දින 2-5 ත් අතර කාලයකදී, ද්‍රාවණයේ මධ්‍යසාර ප්‍රතිශතය 8% පමණ දක්වා වැඩිකර ගනියි. මෙසේ පැසවා ගන්නා ලද ද්‍රාවණය පැස්ටරීකරණය කොට බෝතල් වලට අසුරණු ලැබේ. (පැස්ටරීකරණය මගින් යීස්ට් සෛල විනාශ වී යාම නිසා තවදුරටත් පැසීම සිදු නොවේ.)

අර්ධ වශයෙන් ප්‍රරෝහණයට ලක්වූ බාර්ලි බීජ (වියලීමට පෙර)
Hops පුෂ්ප මංජරියක් (ජර්මනිය)

නිෂ්පාදනය හා වෙළඳාම[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ලයිෆ්'ස් ලිට්ල් මිස්ටරීස්.com – වෙන් වෝස් බියර් ඉන්වෙන්ටඩ්?". lifeslittlemysteries.com. සම්ප්‍රවේශය 3 මැයි 2011.
  2. "බියර්". බ්‍රිටැනිකා.කොම්.; Michael M. Homan, බියර් ඇන්ඩ් ඉට්ස් ඩ්‍රින්කර්ස්: ඇන් ඒන්ෂියන්ට් නියර්ස් ඊස්ටර්න් ලවු ස්ටෝරි, නියර් ඊස්ටර්න් ආකියෝලොජි, Vol. 67, No. 2 (ජුනි, 2004), pp. 84–95.
  3. "ආකියෝලොජිස්ට්ස් ලින්ක රයිස් ඔෆ් සිවිලයිසේෂන් ඇන්ඩ් බියර්'ස් ඉන්වෙන්ෂන්". CBS News. 8 November 2010. සම්ප්‍රවේශය 10 November 2010.
"https://si.wikipedia.org/w/index.php?title=බියර්&oldid=493435" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි