ආතර් සී ක්ලාක්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ආතර් සී ක්ලාක්

ආතර් සී ක්ලාක් උපත ලැබුවේ එංගලන්තයේ සමර්සෙට් මයින්හෙඩ් හිදීය. ද්විතියික අධ්‍යාපනයෙන් අනතුරුව ඔහු අධ්‍යාපන මණ්ඩලයේ විශ්‍රාම වැටුප් අංශයේ විගණක වරයකු ලෙස රැකියාව කලේය.

දෙවන ලෝක යුද්ධය සමයේදී ඔහු රාජකීය ගුවන් හමුදාවේ රේඩාර් විශේෂඥවරයකු ලෙස කටයුතු කලේය. ක්ලාක් ඔහුගේ යුධකාල සේවයෙන් වැඩිපුර කාලයක් භූමි පාලක පිවිසුම (ground controlled approach) රේඩාර් විෂය සම්බන්ධ ව කටයුතු කල බව ඔහුගේ ගලයිඩ් පාත් (Glide path) නම් ජීවිත කථා පොතේ ඇතුලත් වේ.

ධයෙන් පසු අවධියේදී, ක්ලාක්, බ්‍රිතාන්‍යය ග්‍රහලෝක අතර සමිතියේ සභාපති ලෙස 1947 සිට 1950 දක්වා කටයුතු කලේය. ක්ලාක් භූස්ථාපිත (Geostationary) සැටලයිට් පිළිබද අදහස වර්ධනය කිරීමට කටයුතු කල අයගෙන් පුරෝගාමියෙකි. රොකට් හා අභ්‍යවකාශ තරණය පිළිබද පොත් පලකිරීමටද ඔහු උනන්දු වූයේය. හොද උදාරහණ ලෙස අභ්‍යවකාශයේ විමර්ශණය" (exploration of the space) හා අභ්‍යවකාශයේ පොරොන්දුව (The promise of the space) දැක්විය හැක.

1953 දී ඔහු 22 හැවිරිදි මැරිලීන් මේජීල්ඩ් නම් ඇමරිකානු කාන්තාව සමග විවාහ විය.

ගත් කතුවරයකු ලෙස ඔහු ලුප්හෝල" (1946), රෙස්කියු පාටි" (1946, මැයි මස), ද සෙන්ටිනල්" (1948), ද සිටි ඇන්ඩ් ද ස්ටාර්ස්", චයිල්ඩ්හුඩ්ස් එන්ඩ්", 2001" කථා පෙල නම් පොත් පල‍කලේය. ක්ලාක් 1956 දී ලංකාවට පදිංචියට ගියේය. ඔහු ලංකාවේදී ද ෆවුන්ටන්ස් ඔෆ් පැරඩයිස්" නම් කෘතිය පලකලේය.

ඔහුගේ ජීවිතයේ මුල් කාලයේදී ඔහුට සම්මතයෙන් පරිභාවිහරවු දේ පිළිබද ආශාවක් තිබී ඇත.

1980 දී ක්ලාක් ඔහුගේ රූපවාහිනි වැඩසටහන් වන ආතර් සී ක්ලාක්ගේ අභිරහස් ලෝකය, ආතර් සී ක්ලාක් ගේ අත්භූත බල ලෝකය හා ආතර් සී ක්ලාක්ගේ අත්භූත විශ්වය ප්‍රසිද්ධ විය.

1986 දී සයන්ස් ජික්ගේ රයිටර්ස් ඔෆ් ඇමරිකා"" මගින් ක්ලාක්ව ග්‍රෑන්ඩ් මාස්ටර්" ලෙස නම් කෙරිණ.

1988 දී ක්ලාක් පසු පෝලි‍යෝ සහලක්ණෙය නම් රෝගයෙන් පීඩාවට පත්විය. එනිසා ඉන් අනතුරුව ඔහුට රෝද පුටුවක් භාවිතා කිරීමට සිදුවිය.

1994 දී ඔහු විතව්‍රථ මොහින්" නම් මනඃකල්පිත විද්‍යා චිත්‍රපටයේ පෙනී සිටියේය.

2000 මැයි 26 දින ඔහුට ශ්‍රීමත් ‍ෛගෟරව නාමය ඔහු සාහිත්‍යයට කල සේවය වෙනුවෙන් ලබා‍ෙදන ලදී.

2008 මාර්තු 19 දින ක්ලාක් ලංකාවේදී ශ්වසන අපහසුතාවකින් මිය ගියේය. ඔහුගේ සහෝදර ෆ්‍රේඩ් ක්ලාක් සහ බොහෝ පිරිසකගේ සහභාගීත්වයෙන් කොළඹදී සම්ප්‍රදායික ශ්‍රි ලාංකික ක්‍රමයට ඔහුගේ භූමදානය කරන ලදී.යුද්

"http://si.wikipedia.org/w/index.php?title=ආතර්_සී_ක්ලාක්&oldid=303917" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි