භූස්ථාවර කක්ෂය

විකිපීඩියා වෙතින්
භූස්ථාවර කක්ෂයේ ඇති චන්ද්‍රිකා දෙකක් ගමන් කරන අයුරු දැක්වෙන පරිගණක චිත්‍රකයක්
භූස්ථාවර කක්ෂයේ ඇති චන්ද්‍රිකා දෙකක් ගමන් කරන අයුරු දැක්වෙන පරිගණක චිත්‍රකයක්

භූස්ථාවර කක්ෂය හෝ භූ සමමුහුර්ථ නිරක්ෂ කක්ෂය (GEO) යනු පොළොවේ නිරක්ෂයට කි.මී. 35,786 ක් ඉහලින් ඇති වෘත්තාකාර භූ සමමුහුර්ත කක්ෂයකට ය. එය පොළොව භ්‍රමණය වන දිශාවටම ගමන් කරයි.

භූස්ථාවර කක්ෂයක ඇති වස්තුවකට පොළොවේ භ්‍රමණ කාලයට (නොහොත් පැය 24 මිනිත්තු 56 තත්පර 4 කට) සමාන කක්ෂීය කාලාවර්තයක් ඇත. පොළොවේ සිට නිරීක්ෂනය කරන්නෙකුට එය පෙනෙනුයේ ස්ථාවරව අහසේ එක තැන රැඳී තිබෙන ලෙසට යි. මෙම සංකල්පය ප්‍රසිද්ධියට පත් කරන ලද්දේ විද්‍යා ප්‍රබන්ධ රචක ආතර් සී. ක්ලාක් විසිනි. මෙවැනි කක්ෂයක පිහිටුවීම සඳහා චන්ද්‍රිකාවක් මුලින්ම දියත් කෙරුනේ 1963 දීය.

සන්නිවේදන චන්ද්‍රිකා නිතරම භූස්ථාවර කක්ෂවල පිහිටුවන්නේ එවිට පොළොවේ ඇති ඇන්ටෙනාවල දිශාව වෙනස් නොකරමින් එක් දිශාවකට ස්ථිරව දිගු කර තැබිය හැකි නිසාය. තවද තත්‍ය-කාල නිරීක්ෂන සහ දත්ත එකතුකිරීම සඳහා කාළගුණ චන්ද්‍රිකා ද, උපරිම GPS (නොහොත් ගෝලීය ස්ථාන නිර්ණයන පද්ධතිය) නිරවද්‍යතාව සඳහා යාත්‍රණ චන්ද්‍රිකාද මෙම කක්ෂයේ පිහිටුවනු ලැබේ.

1963 දී දියත් කරන ලද Syncom 2 නම් චන්ද්‍රිකාව; මෙය භූස්ථාවර කක්ෂයක පිහිටවූ පළමු චන්ද්‍රිකාව වේ.
1963 දී දියත් කරන ලද Syncom 2 නම් චන්ද්‍රිකාව; මෙය භූස්ථාවර කක්ෂයක පිහිටවූ පළමු චන්ද්‍රිකාව වේ.
"https://si.wikipedia.org/w/index.php?title=භූස්ථාවර_කක්ෂය&oldid=519927" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි