අයිසැක් නිව්ටන්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
අයිසෙක් නිව්ටන්

ශ්‍රීමත් අයිසැක් නිව්ටන් (නිවුටන්ට වයස අවුරුදු 46 දී ගොඩ්ෆ්‍රේ තෙලර් විසින් ඇදි ඔහුගේ ආලේඛ්‍ය චිත්‍රය)
උපත 1643 ජනවාරි 4 (OS : 1642 දෙසැම්බර් 25)
කෝල්ස්ටර්වර්ත්හි වූල්ස්තෝර් , ලින්කන්ෂයර්, එංගලන්තය
මියගියේ 1727 මාර්තු 31 (වයස අවුරුදු 84) (OS : 1726 මාර්තු 20)
කෙන්සින්ග්ටන් , ලන්ඩනය , එංගලන්තය
මරණයට හේතුව වෘද්ධභාවය හේතු කොට
පදිංචිය එංගලන්තය
ජාතිකත්වය එංගලන්තයඉංග්‍රීසි ජාතික
අධ්‍යාපනය කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය රාජකීය සංගමය,ත්‍රිත්ව විද්‍යාලය , කේම්බ්‍රිජ්
රැකියාව භෞතික විද්‍යාව , ගණිතය , තාරකා විද්‍යාව ,
ප්‍රසිද්ධ වන්නේ ස්වභාවික දර්ශකය , ආදී රසායනය ,ආගමික චින්තනය
පදවි නාමය මානව හිතවාදී හා නීතිගරුක බව
නෑයෝ අයිසැක් බැරෝ,බෙන්ජමින් පූලින්
අත්සන

ශ්‍රීමත් අයිසෙක් නිව්ටන් රා.ස.ස. පා.ම. (1642 දෙසැම්බර් 25 – 1726 මාර්තු 20)ඉංග්‍රීසි ජාතික භෞතික විද්‍යාඥයෙකු, ගණිතඥයකු, තාරකා විද්‍යාඥයෙකු, ස්වභාවික දර්ශනවාදියෙකු, (alchemist) හා ආගමික මතවාදියෙකු විය. එසේම එදා මෙදා තුර බිහිවූ විශිෂ්ටතම සහ ඉතා වැදගත් විද්‍යාඥයකු ලෙසින් මොහුව සලකයි. [1][2] ඔහු විසින් 1687 පළ කළ [Philosophiae Naturalis Principia Mathematica] ග්‍රන්ථය විද්‍යාත්මක චින්තනයට අද දක්වාම වැදගත්ම දායකත්වය දැක්වූ තනි ග්‍රන්ථය ලෙස සැලකේ. මෙම ග්‍රන්ථය ඔස්සේ නිව්ටන් ප්‍රතිෂ්ටික යාන්ත්‍ර විද්‍යාවට පදනම වූ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය හා චලිතය පිළිබද නියම තුන ඉදිරිපත් කළ අතර ඔහුගේ එම අදහස් එ‍තැන මෙන් සියවස් තුනක් යනතුරු භෞතික විශ්වය පිළිබද අධ්‍යයනයේ පදනම විය. අදටද ඉංජිනේරු විද්‍යාවේ පදනම නිව්ටන්ගේ නියම වේ. කෙප්ලර්ගේ ග්‍රහලෝකවල චලිතය පිළිබද නියම සමග සිය සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමයේ ගැළපීම පෙන්වාදීම ඔසසේ පෘථිවිය මත හෝ ඉන් බැහැර වස්තූන්ගේ චලිතය එකම ස්වභාවික නියමයන් කීපයක් මත පදනම් වන බව නිව්ටන් විසින් පෙන්වා දෙන ලද අතර ඒ ඔස්සේ සූර්ය කේන්ද්‍රවාදය පිළිබද තිබූ සියලු සැකයන් ඉවත්කර විද්‍යාත්මක පුනරුදයේ ප්‍රගමනයට ඉඩ සැලසීය.

ඔහු විසින් රචිත Principia ග්‍රන්ථය තුල ඊට අදාල භෞතික නියමයන් සම්පූර්ණ වශයෙන් විස්තර කර ඇති නිසාත් වර්තමානයේ විද්‍යාත්මක ලිපි ලිවීමේදී භාවිතා කරන සම්මතයන් ඇති කරලීමට එම ග්‍රන්ථයේ ලිවීම් ශෛලිය මූලික වූ නිසාත් එම ග්‍රන්ථය එදා මෙදා තුල බිහිවූ ඉතාම වැදගත් විද්‍යාත්මක ප්‍රකාශනයක් ලෙස සැලකේ.

යාන්ත්‍ර විද්‍යාවේ දී කෝණික ගම්‍යතාවය හා ගම්‍යතා සංස්ථිතිය පිළිබද නියමයන් නිව්ටන් විසින් පැහැදිලිව ප්‍රකාශයට පත් කරන ලදී. පරාවර්තක දුරේක්ෂය නිර්මාණය කිරීමත් ප්‍රිස්මයක් මගින් සුදු ආලෝකය එහි සංඝටක වර්ණවලින් යුත් වර්ණාවලියක් බවට වෙන් කිරීම නිරීක්ෂණය කර ඒ මත පදනම්ව වර්ණවාදය නිර්මාණය කිරීමක් ප්‍රකාශ විද්‍යාවට නිව්ටන් දැක්වූ දායකත්වයට අයත් වේ. තවද ඔහු ප්‍රත්‍යක්ෂ මූල සිසිලන නියමය ගොඩනැගූ අතර ශබ්දයේ වේග‍ය පිළිබදව ද අධ්‍යයනය කළේය.

ගණිතයේ දී කලනය සංකල්ප ගොඩනැගීමේ ගෞරවය නිව්ටන් හා ගොට්ෆ්‍රිඩ් ලිබ්නිට්ස් (Gottfried Leibniz) අතර බෙදී යයි. නිඛිල නොවන දර්ශක සඳහා ද යොදා ගත හැකි සාධාරණීකෘත ද්විපද ප්‍රමේයය ආදර්ශනය කිරීමත් ශ්‍රිතයක ශූන්‍යයක් සන්නිකර්ෂණය සඳහා “නිව්ටන් ක්‍රමය” ගොඩනැගීමත් , බල ශ්‍රේණිය පිළිබඳ අධ්‍යයනයන්ට දායකත්වය දැක්වීමත් නිව්ටන් විසින් ගණිතයට දක්වන ලද දායකත්වයට අයත්ය. 2005 වසරේ රාජකීය සංගමය විසින් පැවැත්වූ සමීක්ෂණයකට අනුව විද්‍යාවේ ඉතිහාසය කෙරෙහි නිව්ටන්ගේ බලපෑම ඇල්බට් අයින්ස්ටයින්ගේ බලපෑමට බොහෝ සෙයින් වැඩි බව ජනතාව අදහස් කරන බව හෙළි විය.

නිව්ටන් සාම්ප්‍රධායික ක්‍රිස්තියානුවෙක් නොවුනත් දැඩි සේ ආගමික ජීවිතයක් ගතකලේය. එහෙයින්ම ඔහු ගුප්ත දේ සම්බන්ධයෙන් කල හැදෑරීම් සුඵ පටු නොවේ. ඔහු අප්‍රසිද්ධවම ත්‍රිත්වවාදය සහ දේවගැතිධූරයේ පැවැත්ම ප්‍රතික්ෂේප කලේය. රාජකීය මුදල් නිර්මාණය කිරීමේ සංගමයේ බලවත්ම ධූරය හෙබවූ නිව්ටන් මුදල් වශයෙන් රන්කාසි භාවිත කිරීමේ ක්‍රමය බ්‍රිතාන්‍යයට හඳුන්වාදීය.

ජීවිතය[සංස්කරණය]

මුල් සමය[සංස්කරණය]

ශ්‍රීමත් අයිසෙක් නිව්ටන් ඉපදී ඇත්තේ (ඒ සමයේ එංගලන්තයේ භාවිත වුනු ජුලියානු දින දර්ශනයට අනුව.) 1642 දෙසැම්බර් මස 25, එනම් නත්තල් දිනකදී ය. ඔහු ඉපදෙන්නට මාස තුනකට පෙර ඔහුගේ පියා මිය ගොස් තිබිනි. පියාගේ නමද අයිසෙක් නිව්ටන් වූ අතර ඔහු වෘත්තියෙන් හොඳ ගොවියෙක් විය. නිව්ටන් අඩු වයසින් ඉපදුනු දරුවෙක් වූ නිසා සිරුරින් කුඩා විය. ඒ ගැන ඔහුගේ මව, හැනා ඇස්කෆ්, පවසා ඇත්තේ නිව්ටන්ව පුංචි ජෝගුවක වුව පහසුවෙන් දැමිය හැකි වූ බවයි. නිව්ටන්ට වයස අවුරුදු තුනක් වන විට ඔහුගේ මව නැවත විවාහ වී නිව්ටන්ව ඔහුගේ මිත්තනියට භාර කර නව සැමියා සමඟ වාසය කරන්නට ගියාය. නිව්ටන් තම සුළු පියාට අකමැති වූ අතර එම විවාහය කර ගැනීම ගැන මව කෙරෙහිද අමනාපයෙන් පසුවිය. නිව්ටන් පසුකලෙකදී තමන් වයස 19ට පෙර කල වැරදි මතකයට නගද්දී ඒ බව සඳහන් කරයි.[3] නිව්ටන් විවාහ ගිවිසගැනීමක් සිදුකල බව ඇතැමුන් පැවසුවත්[4] නිවිටන් මුලු දිවියම තනිකඩව ගත කලේය.

  1. See below, under Fame.
  2. Burt, Daniel S. (2001). The biography book: a reader's guide to nonfiction, fictional, and film biographies of more than 500 of the most fascinating individuals of all time. Greenwood Publishing Group. p. 315. ISBN 1-57356-256-4. http://books.google.com/books?id=jpFrgSAaKAUC. , පිටුව 315
  3. Cohen, I.B. (1970). Dictionary of Scientific Biography, Vol. 11, p.43. New York: Charles Scribner's Sons
  4. This claim was made Dr. Stukeley in 1727, in a letter about Newton written to Dr. Richard Mead. Charles Hutton, who in the late 18th century collected oral traditions about earlier scientists, declares that there "do not appear to be any sufficient reason for his never marrying, if he had an inclination so to do. It is much more likely that he had a constitutional indifference to the state, and even to the sex in general." Charles Hutton "A Mathematical and Philosophical Dictionary" (1795/6) II p.100.
"http://si.wikipedia.org/w/index.php?title=අයිසැක්_නිව්ටන්&oldid=270713" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි