ශ්‍රී ලංකා රග්බි සංගමය

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකා රග්බි සංගමය ප්‍රධාන වශයෙන් අර්ධ වෘත්තිමය හා විනෝදාත්මක මට්ටමක පැවැත්වේ. එය 1879 දක්වා දිවෙන ඉතිහාසයක් සහිත ජනප්‍රියම කණ්ඩායම් ක්‍රීඩාවකි. ජාත්‍යන්තර රග්බි කමිටුවේ සංඛ්‍යා ලේඛණ අනුව 2012 වසරේදී ශ්‍රී ලංකා රගර් සංගමයේ ලියාපදිංචි ක්‍රීඩකයන් 103,000 කට වැඩි පිරිසක් වේ. ඒ අනුව ආසියානු කලාපයේ දෙවන විශාලතම රග්බි ක්‍රීඩා කරන ජාතිය බවට ජපානයට පසුව ශ්‍රී ලංකාව පත්ව තිබේ.

පාලක මණ්ඩලය[සංස්කරණය]

ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය (SLRFU) යනු ශ්‍රී ලංකාවේ රග්බි පාලන ආයතනයයි. ශ්‍රී ලංකා පාපන්දු සංගමය (ලංකා රග්බි පාපන්දු සංගමය) 1908 දී ආරම්භ කරන ලද්දේ ආසියාවේ පළමු රග්බි සංගමය වශයෙනි. 1988 දී ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය IRB හා එක්විය. 2011 මාර්තුවේ දී IRB විසින් අතුරු ව්‍යවස්ථා අනුව ඡන්දය පැවැත්වීම අසමත් වීමෙන් පසුව පූර්ණ සාමාජිකත්වය ඉවත් කර ඇත. කෙසේ වෙතත් ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ ඡන්දය පැවැත්වීමෙන් පසුව සම්පූර්ණ සාමාජිකත්වය නැවත ස්ථාපනය කරන ලදී.

ඉතිහාසය[සංස්කරණය]

පෙර වසරවල් : 1879-1945[සංස්කරණය]