"ඉස්කුරුප්පු ඇණ" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු robot Modifying: no:Skrue (mekanisme)
සුළු robot Modifying: be-x-old:Шруба
16 පේළිය: 16 පේළිය:
[[ar:برغي]]
[[ar:برغي]]
[[az:Bolt birləşməsi]]
[[az:Bolt birləşməsi]]
[[be-x-old:Шруба (дэталь)]]
[[be-x-old:Шруба]]
[[bg:Винт]]
[[bg:Винт]]
[[bo:གཅུ་འཛེར།]]
[[bo:གཅུ་འཛེར།]]

18:31, 1 දෙසැම්බර් 2010 තෙක් සංශෝධනය

ඉස්කුරුප්පු ඇණ විවිධ කටයුතු සඳහා විවිධ හැඩවලින් සහ විවිධ ප්‍රමාණවලින් පැමිණේ. එ.ජ. කාර්තුව කාසිය (විෂ්කම්භය 24මිමී) පරිමාණයට දක්වා ඇත.

ඉස්කුරුප්පු ඇණයක් යනු හෙලික්සීය කට්ටයක් හෝ හොටකින් යුත් මිටක් හා එහි කෙළවරක ඉස්කුරුප්පු ඇණය කැරකැවීම සඳහා වූ සැකැස්මකින් යුත් උපකරණයකි. එහි ප්‍රධාන භාවිතයන් වන්නේ වස්තු එකිනෙක රඳවා තබා ගැනීම සඳහා පොට සහිත සම්බන්ධකයක් ලෙස හා ව්‍යාවර්තය රේඛීය බලයකට පරිවර්තනය කරන සරල යන්ත්‍රයක් ලෙසය. එය මිටක් වටා ඔතා ඇති ආනත තලයක් ලෙස ද අර්ථ දැක්විය හැක.

ඉස්කුරුප්පු ඇණ හා මුරිච්චි ඇණ

ඉස්කුරුප්පු ඇණ සිලිණ්ඩරාකාර මිටකින් යුක්තව පොට සහිත සම්බන්ධක ලෙස භාවිතා කරනු ලැබේ. බොහෝමයක් අවස්ථාවලදී එහි එක් කෙළවරක් ක්‍රමයෙන් සිහින් වන පරිදි ඇති අතර එය මත හෙලික්සීය කට්ටයක් හෝ හොටක් තනා ඇත. එහි අනෙක් කෙළවර වූ හිස කිසියම් හෝ ආකාරයකින් භ්‍රමණය කළ හැක. පොට වස්තුවෙහි අනුරූප හෙලික්සය සමඟ එකතු වේ. වස්තුව කරාමයක් ආධාරයෙන් ගැළපෙන හෙලික්සයකින් යුක්තව නිර්මාණය කර හෝ ඉස්කුරුප්පු ඇණය එයට ඇතුල් වන මුල් අවස්ථාවේ දී හෙලික්සය නිර්මාණය වන පරිදි හෝ තනා ඇත. හිස ඉස්කුරුප්පු නියනකට හෝ රෙන්ච් යතුරකට ඉස්කුරුප්පුව කරකැවිය හැකි සේ හැඩ ගස්වා ඇත. එමඟින් ඇණය තද ‍කිරීම හෝ බුරුල් කිරීම කළ හැක. හිස ඉස්කුරුප්පු ඇණයේ කඳට වඩා වැඩි විෂ්කම්භයකින් යුක්ත වන අතර එහි පොටක් නොපවතී. එමනිසා ඉස්කුරුප්පු ඇණය කඳෙහි දිගට වඩා වැඩි දිගකට අදාල ද්‍රව්‍ය තුළට කිඳා බැස්විය නොහැක. තවද ‍එමඟින් සම්පීඩනයක් ද සැපයිය හැක.

ඉස්කුරුප්පු ඇණ ඒවායේ කාර්යක්ෂමතාවය අඩු නොවන පරිදි ඉවත් කිරීම සහ නැවත ඇතුල් කිරීම සිදු කළ හැක. ඒවාට ඇණවලට වඩා වැඩි සම්බන්ධක බලයක් තිබෙන අතර නැවත භාවිතයට ඉඩ ප්‍රස්ථාව ඇත.

ඉස්කුරුප්පු ඇණ බොහොමයක් තද වීම සිදු වනුයේ ඔ‍රලෝසු කටු කැරකෙන දිශාවට භ්‍රමණය කිරීමෙනි. ඒවා දකුණත් පොටවල් නම් වේ. වමත් පොටවල්වලින් යුත් ඉස්කුරුප්පු ඇණ විශේෂිත අවස්ථාවලදී යොදා ගනී. එනම් ඉස්කුරුප්පු ඇණය දකුණත් පොට බුරුල් වන ඔරලෝසු කටු

ආශ්‍රිත

"https://si.wikipedia.org/w/index.php?title=ඉස්කුරුප්පු_ඇණ&oldid=131700" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි