විකිපීඩියා:මට පරිපාලකයෙක් වීමට අවශ්‍ය නැත

විකිපීඩියා වෙතින්

පරිපාලකවරු විකිපීඩියාවෙහි අතීශයින් වැදගත් පරිශීලකයන් වෙති. ඔවුන් ‍නොමැතිව විකිපීඩියාව පිළිබඳ සියළු විවේචන නිතැතින් සත්‍ය වෙති. පරිපාලකවරුන් නොමැතිව, වන්ධල්‍යයන් වියරු වැටුනවුන් මෙන් සියල්ල නසනු ඇත, අපගේ ආදරණීය ලිපි කීතු කීතු වලට ඉරා දමනු ඇත, මානවයන් ලෙසින් අප හට මුක්තාවශේෂ කල හැකි කුඩා නිදහස් තොරතුරු ප්‍රමාණයද දූෂණය කරනු ඇත. පරිපාලකවරුන් නොමැතිව, විකිපීඩියාව විසින් පිරිනැමිය හැකිව ඇති විශේෂාංග බොහොමයක් එලෙස කල නොහැකි වනු ඇත. පරිපාලක වරුන් කාර්ය බහුල, අවිවේකී කොට්ඨාශයකි. මේ නිසා මට එවැන්නෙක් වීමට අවශ්‍ය නැත.

පරිපාලකවරයෙකුගේ දෛනික චර්යාවෙහි සිදු කල යුතුව ඇති දේ බොහෝය. වන්ධල්‍යයන් වාරණය කිරීම, අළුත් පරිශීලකයන් පිළිගැනීම, රූප උඩුගත කිරීම, පිටු මකා දැමීම, ආදී ලෙසින් මෙම ලැයිස්තුව දිගටම යන්නකි. මෙම සියළු දේ කරන්නට තිබෙන පරිපාලකවරයෙකුට, සැබවින්ම ලිපි සංස්කරණය කිරීමට වැය කල හැකි කාලය කෙමෙන් අඩුව යනු ඇත. සැබවින්ම ලිපි සංස්කරණයෙහිදී, ඔබ දන්නා පරිදී තොරතුරු එක් කිරීම, ඒවා මූලාශ්‍රයන්ගෙන් ලබා ගැනීම, ව්‍යාකරණ වැරැදි නිවැරැදි කිරීම යන මේවා කල යුතුමය. පරිපාලකවරයෙකු වීමෙන් මෙම සත්‍ය සංස්කරණ අත්දැකීම වෙතින් අප ඈත් කරනු ලැබෙයි.

දැන් මා වරදවා වටහා නොගන්න. පරිපාලකවරුන් ලිපියකට වටනා තොරතුරුවලින් දායක වෙති. පරිපාලකවරුන් කිසි විටෙක සංස්කරණය නොකරන්නේ යැයි අදහස් නොකෙරේ. එහෙත්, කිසිදු සැකයකින් තොරව, පරිපාලකවරුන්ට සාමාන්‍ය සංස්කාරකවරුන්ට වඩා අඩු කාලයක් ලිපි සංස්කරණය සඳහා වැය කල හැකි බව නොරහසකි.

පරිපාලකවරුන් නරක පුද්ගලයන් බව මා නොපවසන අතර, ඔබ පරිපාලකවරයෙක් වීම මා විසින් අධෛර්යමත් කිරීම මෙහි අදහස නොවේ. මා සරල ලෙසින් ඉදිරිපත් කරනුයේ, ඔවුන් අනාගතයෙහි හෝ මේ දැන් හෝ පරිපාලකයන් වීමට රුචියක් නොදක්වන්නේ මන්දැයි මගේ, සහ අනෙකුන්ගේ, අදහස්ය. පරිපාලකවරයෙකුගේ නිපුණතාවයන් නිසිපරිදි ක්‍රියාත්මක කිරීමෙහි ඔබ හට හැකියාවක් තිබේ නම් කිසිම අයුරකින් ඔබ නවතා ලීමට මම අදහස් නොකරමි. එහෙත්, ඔබ, "මෙම පිටුව සංස්කරණය කරන්න" යන පණිවුඩය නිතරම ක්ලික් කර, ලිපි වලට වටනා තොරතුරු එක් කිරීමෙන් ආශ්වාදයක් ලබන්නෙක් නම්, පරිපාලක තත්ත්වය වැලැඳගැන්මට පෙර ඔබ යළි වරක් සිතනු ඇත.

‍මෙහි මා ලිවූ සියල්ල පුස්සකැයි ඔබ සිතන්නේ නම්, එනම් පරිපාලකවරයෙක් වීමෙන් සැබවින්ම ලිපි සංස්කරණය කිරීමට වැය කල හැකි කාලයෙහි කිසිදු අඩුපාඩුවක් නොවන්නේ යැයි ඔබ සිතන්නේ නම්, ඔබ පරිපාලකවරයෙක් වන්නේ නමට පමණි. එසේ වීමට මට කිසිසේත් අවශ්‍ය නොවේ.