මැදිහත්කරණය
විකිපීඩියාවෙහි ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රමිතිය සපුරාලීම සඳහා, මෙම ලිපිය විකිෆයි කළ යුතුය. අදාළ අභ්‍යන්තර සබැඳි එක් කිරීම, හෝ ලිපියේ layout එක වැඩිදියුණු කිරීමෙන් සහාය වීමට කාරුණික වන්න. (2011 දෙසැම්බර්) වැඩිදුර තොරතුරු සඳහා දකුණු කෙළවරේ ඇති [විදහන්න] ක්ලික් කරන්න. මෙම ලිපියේ විකිෆයි ටැගය සඳහා හේතුවක් දක්වා නොමැත.
|
හැඳින්වීම
[සංස්කරණය]මැදිහත්කරණය යනුවෙන් අදහස් වන්නේ ඉතිහාසය පුරාම මානවයන් තමන් අතර ඇති වෙනස්කම් ආරවුල් සහ ගැටළු හා ගැටුම් විසඳාගැනීම සඳහා යොදා ගන්නා ක්‍රම වේදයකි."අන්තර් පුද්ගල ආරවුල් වලදී ද අප බොහෝ විට කරන දෙයක් නම්, ආරවුල් විසඳාගෙන සමඟි විමට තෙවැනි පුද්ගලයෙකුගේ සහය ලබා ගැනීමයි" (උයන්ගොඩ, 2003:32). මේ අනුව පුද්ගලයන් පුද්ගලයන් අතර ඇති වෙන්නාවු ආරවුල්, ප්‍රචණඩත්වය නිරාකරණය කර ගැනීම සඳහා ආරවුලට සම්බන්ධ නොවූ පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් හෝ ආයතනයක් හෝ සම්බන්ධවීම හා සහය දැක්වීමක් ලෙස පෙන්වා දිය හැකිය. පුරාණ සංස්කෘතියන්ගේ ඇත්තේ පිළිගත් වැඩිහිටියෙකු හෝ ආගමික නායකයෙකු හෝ ප්‍රජා නායකයෙකු ගැටුම් විසඳාගැනීම සඳහා මැදිහත්වීමය. මෙය නීතිමය වශයෙන් හෝ ආයතනික වශයෙන් සඳහන් නොවූවත් සාම්ප්‍රදායික සිරිත් විරිත් හා ආගම මත පදනම් වෙමින් ගොඩ නගන ලද්දකි. වර්තමානයේ මෙය සමථ මණ්ඩලය, සමගි කිරීමේ කොමිෂන් සභා සහ උසාවි මගින් ගැටළු විසඳිමට මැදිහත් වේ. එමෙන්ම ආරවුල්, ගැටුම් විසඳීම, මැදිහත්කරණය සඳහා දේශපාලන ආයතන ගොඩ නගා තිබේ.
පුද්ගලයන්, සමාජ හා රාජ්‍යයන් අතර මෙන්ම ජාත්‍යන්තර ගැටුම් වලදි මැදිහත්කරණය වැදගත් සාධකයක් බවට පත්වී ඇත. එය නූතනයේ ගැටුම් වැලැක්වීම හා විසඳීම සඳහා යොදා ගන්නා යථාර්ථවාදී සංකල්පයකි. උදාහරණ වශයෙන් ඇමරිකානු ජනාධිපති ජිමි කාටර් ඊශ්‍රායල-ඊජිප්තු යුද්ධයේ දී කළ මැදිහත්වීම හා ඇමරිකානු සෙනට් සභික ජෝර්ජ් මිචෙල් උතුරු අයර්ලන්ත සාමක්‍රියාවලියේ දි මැදිහත්කරුවන් ලෙස වටිනා වැඩ කොටසක් සිදු කරණ ලදී (උයන්ගොඩ, 2003:32).
මැදිහත්කරණය යනු කුමක් ද
[සංස්කරණය]මැදිහත්කරණය සිංහල භාෂාවෙන් අර්ථ දක්වනු ලබන්නේ "අන් අයගේ ආධාරයෙන් පවත්වන සහමන්ත්‍රනය"(උයන්ගොඩ, 2003:32). මැදිහත්කරණය යන්නෙහි සරල අදහසක් "ගැටුම්, සිවිල් යුද්ධය සහ සාමය ගොඩ නැගම" කෘතියෙහි මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා හඳන්වාදී ඇත’ එනම් මාධ්‍යයනය කෙරෙන් ගැටුමකට සම්බන්ධ පාර්ශවයන්ට විසඳුම් එකඟතාවයකට එනලෙස, ඔවුන්ගේම අභිලාෂයන්ට ආයාචනය කරමින් ඔවුන්ට ඒත්තු ගැන්වීමයි. මැදිහත්කරණය ශාස්ත්‍රීය සාහිත්‍යයේ දී විවිධ අංශයන් සැලකිල්ලට ගනිමින් විවිධ ආකාරයේ අර්ථ කථනයන්ට ලක් කොට ඇත.
1.මේ ආකාරයට ගැටුමක අවසාන ප්‍රතිඵලයකට බලපෑම් කිරිමේ ක්‍රියාවලියකි. මධ්‍යයනය තුළින් එම සිදුවීමේ ක්‍රියාවලියට කරුණු දෙකක් ඇත. එනම්, |
2. එම පාර්ශවවල වෙනස්කම් සහ මතබේදයට තුඩු දී ඇති කරුණු පිළිබඳ තෙවන පාර්ශවයක ආධාරයෙන් මැදිහත්ව බැලිම (උයන්ගොඩ, 2003:33). |
මෙහිදී තෙවන පාර්ශවය යනුවෙන් අදහස් කරනු ලබන්නේ ගැටුමට සෘජු ලෙසම සම්බන්ධ නොමැති පාර්ශවයකි. ගැටුමේ ප්‍රතිඵලය, එනම් එක් පාර්ශවයක් ජයග්‍රහණය කිරීමක් හෝ අනෙත් පාර්ශවය පරාජයට පත්වීම නොව දෙපාර්ශවයම ගැටුම වලක්වා ගැනීම සඳහා යොමු කිරිම මැදිහත්කරණයේ මුඛ්‍ය පරමාර්ථය විය යුතුය. "යුද්ධයේ සහ ප්‍රචණ්ඩත්වයේ උපාය මාර්ගයෙන් අත්කර ගැනිමට අදහස් කරන ඒක පාකෂික විසඳුමක් නොව, ඊට විකල්පයක් වන, සාකච්ඡාමය වශයෙන් අත්පත් කරගත හැකි ද්විපාකෂික විසඳුමක් කරා පාර්ශව යොමු කිරීමයි" (උයන්ගොඩ, 2003:33). මේ අනුව මැදිහත්කරණය යනු ගැටුමට සම්බන්ධවන්නා වූ කණ්ඩායම්වල හැසිරීම වෙනස් කිරීමට එනම් යුද්ධය වෙනුවට සාකච්ඡාමය වශයෙන් යුද්ධය නතර කොට, සාමකාමී විසඳමකට දෙපකෂය යොමු කිරීමයි.
1967 දී ඔරන් යංග්ගේකෘතියක් තුළ මැදිහත්කරණය හෙවත් මාධ්‍යයනය අර්ථකථනය කොට ඇත. එනම්, ’ගැටුමකට සෘජු පාර්ශවකරුවෙකු නොවන පාර්ශවයක් විසින්, පාර්ශවකරුවන් අතර ඇති කේවල් කිරීමේ සම්බන්ධයෙන් පවත්නා ගැටළු ලූහුඩුකර ගැනීම අරමුණු කරගත් සහ ඒ මගින් අර්බුදය අවසන් කිරිමට ප්‍රස්ථාව සපයන ක්‍රියාමාර්ගයක් හැටියටය (උයන්ගොඩ, 2003:33).
මැදිහත්කරණය පිළිබඳ ඉදිරිපත් කර ඇති අර්ථ කථන වල පොදු අදහස වන්නේ ගැටුම අවසානයක් දක්වා එනම් පාර්ශව දෙකම පිළිගන්නා අවසන් විසඳුමක් කරා අවදානය යොමු කිරීමය. එම අවසාන විසඳුම යුද්ධයෙන් තොර වුවකි. එය දෙපකෂයම කැපකීරීමක් තුළින් ලබාගන්නා වූ ජයග්‍රහණයකි.
1981දී ක්‍රිස්ටෝෆර් මිචෙල් මැදිහත්කරණය පිළිබඳව අදහස් ඉදිරිපත් කර ඇත. එනම්, "පාර්ශව දෙක අතර මතභේදයට ලක්වී ඇති නිමිති පිළිබඳ යම්කිසි අතරමග සාමදානකාරී විසඳුමකට පැමිණීමේ, නැතහොත් අඩු තරම්න් විනාශකාරී ගැටුම් චර්යාව අවසන් කිරීමේ මූලික අරමුණ ඇතිව තුන්වෙනි පාර්ශවයක් විසින් භාරගෙන ඇති අතරමැදි වැඩ කොටසක්" යනුවෙනි (උයන්ගොඩ, 2003:34).
මැදිහත්කරණය සංකල්පයේ අර්ථය පිළිබඳ කරුණු කිහිපයක්. ගැටුම්, සිවිල් යුද්ධය සහ සාමය ගොඩනැගම කෘතිය තුළින් මහාචාර්ය ජයදේව උයන්ගොඩ පෙන්වා දී ඇත. එනම්,
*. මාධ්‍යයනය ගැටුමට සෘජු ලෙස සම්බන්ධ නැති පිටස්තර පාර්ශවයක ක්‍රියාවකි. (මාධ්‍යයනයේ ඇති අපකෂපාතිත්වය පිළිබඳ මූල ධර්මය)
- . මාධ්‍යනකරුවා ක්‍රියාවලියට සම්බන්ධ වන්නේ පාර්ශව වලට ගැටළු විසඳීමට නැත්නම් කළමනාකරණය කිරිමට සුදුසු තත්තවයක් තිඛෙන විටය. (ගැටුම් විසඳීමේ තත්තවයන් මෝරා තිබීම)
- .මාධ්‍යයනය තුළින්, පාර්ශවකරුවන් කරන්නේ නිර්මාණශීලී සංවාදයක යෙදීමයි (අතරමග සමාදානය).
සාර්ථක මැදිහත්කරණයට අවශ්‍ය කොන්දේසි
[සංස්කරණය]සාර්ථක මැදිහත්කරණයක් සඳහා අවශ්‍ය කොන්දේසි පිළිබඳ විමසීමේ දී මුලික වශයෙන් ගැටුමට සාර්ථක මැදිහත්කරණයට අවශ්‍ය සුදුසු තත්තවයක් පැවතිය යුතුය. සාමාන්‍ය ගැටුමක දි මැදිහත්කරණය මෙන් නොව දේශපාලන ගැටුමකදි මැදිහත්කරණය තුළ විශේෂතාවයක් තිබිය යුතුය. එනම් දේශපාලන ගැටුමක් තුළ කැපකර ඇති සම්පත් ප්‍රමාණය සුළු පටු නොවේ. සමහරක් විට එය රාජ්‍යය බලය විය හැකිය. රාජ්‍යය සතු භූ ගෝලීය සාධකය විය හැකිය. එම නිසා දේශපාලන ගැටුමක් තුල දී සුවිශේෂී බවක් උසුලයි.
ගැටුමකට සම්බන්ධ පාර්ශවකරුවන් ගැටුමේ අවසානය කරා, සාකච්ඡමය වශයෙන් මෙහෙයවිම සඳහා මැදිහත්කරුවා යොමුවිය යුතුය. එය එක් පකෂයක් ජයග්‍රහණය කරවීමත්, අනෙක් පාර්ශවය පරාජය කරවීමක් නොවිය යුතුය. එම නිසා මැදිහත්කරුවා ගැටුමට කිසිසේත් සම්බන්ධ නොවූවෙකු විය යුතුය. "ගැටුමකට සම්බන්ධ මාධ්‍යයකරුවා නිසර්ගයෙන්ම පිටස්තරයෙකි" . (උයන්ගොඩ, 2003:34)
එසේනම් ගැටුමට සම්බන්ධ නැති බාහිර පුද්ගලයෙකු හෝ බාහිර පුද්ගල කණ්ඩායමක් හෝ විය යුතුය. සාර්ථක මැදිහත්කරණයේ මූළිකම මූල ධර්මය වන්නේ අපකෂපාතීත්වයයි. මැදිහත්කරුවා පකෂපාතීනම් එම මැදිහත්කරණය පකෂග්‍රාහි විය හැක.
ගැටුමක මැදිහත්කරණයට ඇති හොඳම අවස්ථාව වන්නේ ගැටුමට සම්බන්ධ පාර්ශව දෙක විසින් මැදිහත්කරණය පිළිගැනීමයි. එනම් පාර්ශව දෙකම මැදිහත්කරණය සඳහා සුදුසු තත්තවයක සිටීමයි. නොඑසේනම් මැදිහත් බව පිළිගැනිමයි.
ඇමරිකානු විලියම් සාට්මන් ගේ "ගැටුම් මේරීම" සංකල්පය
[සංස්කරණය]මෙම සංකල්පය තුලින්මේරි ඇති අවස්ථාව ලෙස පෙන්වා දී ඇත. පහත සඳහන් කොන්දේසි ගැටුම් ක්‍රියාවලිය තුළ ගොඩ නැගී තිඛෙන්නේ නම් එය මේරී ඇති අවස්ථා ලෙස සාට්මන් පෙන්වාදී ඇත. එනම්,
- . එදිරිවාදී පාර්ශව අතර සංනිවේදනයක් සහ සංවාදයක් ඇති කර, ඔවුන් අතර සහයෝගිතාව වර්ධනය කිරීමට කටයුතු කිරීම.
- . ගැටුමට හේතු පිළිබඳ විග්‍රහයක් කරම්න් ඒ හේතු වලට ආමන්ත්‍රණය කිරීමට පාර්ශවයන් සූදානම් කිරීම.
- . අලූත් සහ නිරන්තර සන්නිවේදන මාධ්‍යයන් ඇති කර ගනිමින් පාර්ශව අතර සෘජු මෙන්ම වක්‍ර අදහස් හුවමාරු කර ගැනීම් ඇති කර, ඒවා අඛණඩව පවත්වාගෙන යෑම.
- . එදිරිවාදී දෙපාර්ශවයේ නියොජිතයන් අතර පුද්ගල-මානුෂික සම්බන්ධතා ගොඩ නැගීම මගින් ඔවුන් අතර ඇති පරතරය අවම කිරීම සහ ඒකාබද්ධ ක්‍රියා මාර්ග අවශ්‍යවන පොදු ක්‍රියා මාර්ග හඳුනා ගෙන, ඒ සම්බන්ධව කටයුතු කිරීමට පාර්ශව උනන්දු කරවීම.
- . අලූත් අදහස් හා නිර්මාණාත්මක යොජනා ඉදිරිපත් කිරීම මගින් ගැටුමට නිමිති වී ඇති ගැටව විසඳා ගැනීමට පාර්ශවකරුවන්ට ආධාර කිරීම.
- . අතරමැද සමාදානවාදී විසඳුම් ප්‍රකාශයට පත්කිරීමට අවස්ථාවක් හා වේදිකාවක් සපයා දීම (උයන්ගොඩ, 2003:40).
මෙමගින් අර්ථ දක්වනු ලබන්නේ ගැටුමක් සාර්ථක ලෙස මැදිහත්වීම සඳහා ගැටුමේ "මේරුණු මොහොත" හඳුනාගැනීම ඉතා වැදගත් ය (උයන්ගොඩ, 2003:39).
සාර්ථක මැදිහත්කරණයට අවශ්‍ය පසුබිම
[සංස්කරණය]පහත සඳහන් කොන්දේසි පවතින්නේ නම් සාර්ථක මැදිහත්වීමක් සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය කරනු ලබයි.
*.ඒක පාර්ශික ගැටුම් ක්‍රියාමාර්ග තුළින් තමන් අපේකෂා කළ අරමුණු ඉටුකරගත නොහැකි බව පාර්ශවයන්ට පෙනි යායුතුය.
|
*.ගැටුම් සමථ කර ගැනීමට විකල්ප වශයෙන් තිඛෙන ක්‍රියා මාර්ග වල ආර්ථීක හා දේශපාලන පිරිවැය පිළිගැනීමට බැරි තරම් ඉහළ ඒවා විය යුතුය.
|
*. ගැටුම් පාර්ශවයන්ගේ නියෝජිතයන් තම පාර්ශවය හාඑහි සාමාජිකයන් වෙනුවෙන් කථාකිරීමට තරම් බලය හා අධිකාරිය තිබිය යුතුය.
|
*. ගැටුමේ ප්‍රතිඵල ගැන සැළකිළිමත් වන කලාපිය හා ජාත්‍යන්තර බලවේග, විසඳුමක් ඇති කර ගැනීමට පාර්ශවයන්ට ඇති තරම් බලපෑම් කළහැකි විය යුතුය.
|
*. මාධ්‍යනය සඳහා සූදානම් කෙනෙකු (රටක්, ආණ්ඩුවක්, සංවිධානයක්, පුද්ගලයින් ආදී වශයෙන්) සිටිය යුතු අතර, ඔවුන් පාර්ශව වලට එකසේ පිළිගත හැකි විය යුතුය (උයන්ගොඩ, 2003:39).
|
සාරාංශය
[සංස්කරණය]ඉහත සඳහන් ආකාරයේ රටක අභ්‍යන්තර ගැටුමකටතෙවන පාර්ශව මැදිහත් කරණයක් සිදුවන්නේ නම්, එමගින් ගැටුම හා විසඳුම් කි්‍රයාවලිය ද ජාත්‍යන්තරමය වශයෙන් වර්ධනය විය හැක. ගැටුම් නිරාකරණය ක්‍රියාවලියට බාහිර පාර්ශව මැදිහත් වීමේ තවත් ප්‍රතිඵලයක් වන්නේ ගැටුමේ අවසානය, පාර්ශව දෙක අතින් ගිලීහි ගොස් බාහිර පාර්ශවයක් විසින් තිරණය කීරීමයි. මේ නිසා ම රටක අභ්‍යන්තර ගැටුම් බාහිර පාර්ශවයක මැදිහත් වීම තුළ විවාදයට හා විවේචනයට ලක් වී ඇත.
සිත්තමින් අරුතක්
[සංස්කරණය]මැදිහත්කරණය සංකල්පයේ සංකේත(Logo)
මැදිහත්කරණය සංකල්පයේ නියමුවෝ
-
thumb hane Reinhard
-
thumb PhilippEmanuel vonFellenberg
-
thumb Johanne Agerskov
-
thumb Agerskov Johanne 1905
-
thumb Albert Shanker
-
thumb Evstafiev-ratko-mladic-1993
-
thumb Tawhiao Roi Maori 1998-3172-139
"ප්‍රස්ථාර"
මූලාශ්‍ර
[සංස්කරණය]"ගැටුම්, සිවිල් යුද්ධය සහ සාමය ගොඩ නැගම"(2003) - මහාචාර්ය ජයදේව උයන්ගොඩ
පින්තූර මූලාශ්‍ර
[සංස්කරණය]අඩවියෙන් පිටත පිටු
[සංස්කරණය][http://search.yahoo.com/search?p=mediation&toggle=1&cop=mss&ei=UTF-8&fr=yfp-t-866 What is Mediation? ]