ප්‍රඡාතන්ත්‍රවාදී මැතිවරණයක නිර්වචන -Definition of democratic elections

විකිපීඩියා වෙතින්

දේශපාලන දර්ශනවාදයට අනුව ප්‍රඡාතන්ත්‍රවාදී රජයක බලය හිමිවනුයේ එම බලයට යටත්වන්නන්ගේ කැමැත්තෙනි. එම කැමැත්ත රාජ්‍ය බලයට හරවනු ලබන ප්‍රධාන යාන්ත්‍රණය වන්නේ මැතිවරණයයි. මැතිවරණ නිදහස සාධාරණ වියයුතු බව සාමාන්‍ය සම්මතයයි.


කුමන ආකාරයේ මැතිවරණයක් නිදහස් හා සාධාරණ ලෙස සැලකිය හැකිද යන්න පිළිබඳව විවිධ මත පවතියි. එක්සත් ජනපදය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ හිටපු නියෝජිත ජීන් කර්ක්පැටිරික් ට අනුව ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය සං‍කේතයක් පමණක් නොවේ. ඒවා රජය විවේචනය කිරීමට , විවේචන ප්‍රකාශයට පත් කිරීමට සහ විකල්ප ඉදිරිපත් කිරීමට පුළුල් බල තල ඇති පුරවැසියන් විසින් ප්‍රධාන තීන්දු ගන්නන් තෝරා ගැනීම සඳහා යොදාගන්නා තරගකාරී, කාලාන්තර සහ නියත මැතිවරණ වේ.

ඩිමොක්‍රටික් වොච් වෙබ් අඩවිය ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ තව දුරටත් නිර්වචනය කරමින් පවසන්නේ අපේක්ෂකයා පිළිබද සියලු තොරතුරු දැනගෙන සිදුවන පක්ෂග්‍රාහිත්වය හැරුණු කොට අනෙක් සියලු සෘජු හෝ වක්‍ර පක්ෂග්‍රාහිත්වයන් වැළැක්වීමට දැඩි උනන්දුවක් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයට අත්‍යවශ්‍ය බවයි. 2002 දී ඕස්ට්‍රේලියානු මහ අධිකරණයේ අග්‍රවිනිශ්චයකාර මරේ ග්ලීසන් තවදුරටත් එය පිළිබදව පැවසුවේ වෙනසක් අවශ්‍ය නම් එය ලබාගැනීමේ ප්‍රජාතාන්ත්‍රික සහ නෛතික ක්‍රමය වනුයේ ඡන්ද දායකයන්ගේ කැමැත්ත බවයි.

නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පහසුවෙන් නිරීක්ෂණය කල හැකි වුවත්, දැනුවත් ඡන්ද කොට්ඨාසයක් එසේ නිරීක්ෂණය කල නොහැක. කොට්ඨාසයේ සුළු කොටසක් පමණක් අ‍පේක්ෂකයාව පෞද්ගලිකව හඳුනනු ඇත. මේනිසා දැනුම අසම්පූර්ණය. ඉතුරු ඡන්ද දායකයන් අපේක්ෂකයාගේ තොරතුරු සහ වැඩ සටහන් සම්බන්ධයෙන් තෙවන පාර්ශවයක් මත රැදීමට සිදූවෙයි. මෙය විශ්වාසනීත්වයෙන් අඩුවේ. පක්ෂග්‍රාහිත්වය වැඩිපුරම ලැබෙනුයේ පවත්නා රජයටය.


තවත් සමහර විද්වතුන් පවසන්නේ ක්‍රියාකාරී ප්‍රජාතන්ත්‍රවාදයට මැතිවරණ දෙවන වන බවයි. ඔවුන්ට අනුව නීතියේ ආදිපත්‍ය වඩා වැදගත්ය. උදාහරණයක් ලෙස හොංකොං දේශයේ එක්සත් කිරීමට පෙර එය බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා විසින් පාලනය කෙරුණද දැඩි නෛතික ආයතන නිසා එය නිදහස් හා විවෘත සමාජයක් ලෙස සැලකුණි.

සටහන්[සංස්කරණය]

මැතිවරණය