Jump to content

පයිලට් ප්‍රේම්නාත් (චිත්‍රපටිය)

විකිපීඩියා වෙතින්
පයිලට් ප්‍රේම්නාත්
பைலட் பிரேம்நாத்
Pilot Premnath
චිත්‍රපටි පෝස්ටරය
අධ්‍යක්ෂණයඒ.සී. තිරුලෝකචන්දර්
රගපෑමසිවාජි ගණේෂන්
මාලිනී ෆොන්සේකා
තෙංගායී ශ්‍රීනිවාසන්
මේජර් සුන්දරරාජන්
විජයකුමාර්
නිකුත් කල දිනය
1978
රට ඉන්දියාව
 ශ්‍රී ලංකාව
භාෂාවදෙමළ

පයිලට් ප්‍රේම්නාත් යනු 1978 වර්ෂයේ තිරගත වූ ඉන්දු/ශ්‍රී ලංකා එකමුතුවෙන් තැණුනු, ඒ.සී. තිරුලෝකචන්දර් මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද දෙමළ චිත්‍රපටියකි. චිත්‍රපටිය ටී. එම්. මෙනන් සහ එම්. එම්. සලීම් යන අය විසින් නිෂ්පාදනය කරන ලදී.[1]

කථා වස්තුව

[සංස්කරණය]

පයිලට් ප්‍රේම්නාත් (සිවාජි ගණේෂන්) දරුවන් තිදෙනෙකුගේ පියෙකි. (පුතුන් දෙදෙනෙකු (විජයකුමාර් සහ ජයිගණේෂ්) සහ දෘෂ්ඨි ආබාධයක් සහිත දියණියක (ශ්‍රීදේවි)). ඔහුගේ බිරිඳ (මාලිනී ෆොන්සේකා) අනතුරකින් ජීවිතක්ෂයට පත්වෙයි.

සිය බිරිඳ මිය ගියත්, ප්‍රේම්නාත් හැකි සෑම අවස්ථාවකම සිය මතකයන් තුල ඇය සමග ජීවත් වීමට පටන් ගනියි. දිනක් සිය නැතිවූ බිරිඳ පිළිබඳව සිය සහාය නියමුවා (තෙංගායී ශ්‍රීනිවාසන්) සමග ප්‍රේම්නාත් කථා කරන අතරතුර, ඔහු විසින් ඇයගේ පැරණි ලියුම් මිටියක් පෙරලමින් බලයි. ඒ අවස්ථාවේදී තැපෑලට යොමු නොකරන ලද ඉන් එක් ලිපියකින්, ඔවුන්ගේ දරුවන් තිදෙනාගෙන් එක් අයෙක් ඇය විසින් බිහි නොකල බවට හෙළිදරවු වෙයි.

කෙසේ නමුදු අවසානයේ මේ පිළිබඳ සියළුම රහස් හෙළිදරවු වෙයි. සිය බිරිඳ (මාලිනී) ගර්භනීව සිටින අවස්ථාවක පුහුණුවක් සඳහා ප්‍රේම්නාත් ට ඇමරිකාවට යාමට සිදුවන අතර, ඒ අතරේ මාලිනී විසින් රෝහලේදී මළ දරුවෙකු බිහි කරයි. එම අවස්ථාවේදීම, ප්‍රේම්නාත් ගේ යහළුවෙකු වූ බාලු (මේජර් සුන්දරරාජන්) ගේ බිරිඳද දෘෂ්ඨි ආබාධයක් සහිත දියණියක බිහිකරයි. ප්‍රේම්නාත්ගේ පවුලට සිදුවූ දරු විපත වැළකීමට, එම අවස්ථාවේදී බාලු විසින් දෙදෙනාගේ දරුවන් මාරු කරනු ලබයි.

චිත්‍රපටිය අවසානයේ ප්‍රේම්නාත්ගේ සියළුම දරුවන් විවාහ වී නැවත වතාවක් තුටුබරව එක් කුටුම්භයක් වෙත එක්කාසු වන අයුරු විස්තර කෙරේ.

රංගන ශිල්පීන්

[සංස්කරණය]
රංගන ශිල්පියා චරිතය
සිවාජි ගණේෂන් ප්‍රේම්නාත්
මාලිනී ෆොන්සේකා ප්‍රේම්නාත්ගේ බිරිඳ
තෙංගායී ශ්‍රීනිවාසන් සහය ගුවන් නියමු
මේජර් සුන්දරරාජන් බාලු

නිෂ්පාදනය

[සංස්කරණය]

පයිලට් ප්‍රේම්නාත් හී සියළුම රූගත කිරීම් කටයුතු ශ්‍රී ලංකාව තුල සිදුකර තිබෙන අතර, චිත්‍රපටයේ තිරගත කිරීම් චෙන්නායි හීදී සිදු කෙරිණි.[1]

සංගීතය

[සංස්කරණය]

චිත්‍රපටියේ සංගීතය එම්. එස්. විස්වනාදන් විසින් සපයන අතර, පද රචනය වාලී (Vaalee) විසින් සිදුකොට තිබේ.[1]

විචාර

[සංස්කරණය]

චිත්‍රපට ඉතිහාසඥ රන්ඩර් ගයි (Randor Guy), පයිලට් ප්‍රේම්නාත් චිත්‍රපටයේ කථාව රුචි වඩවන බව පවසා ඇත.[1]

ආශ්‍රිත

[සංස්කරණය]