ගිබ්ස් ශක්තිය

විකිපීඩියා වෙතින්

විපර්යාසයක් කෙරෙහි එන්තැල්පි විපර්යාසයේ (∆H) සහ එන්ට්‍රොපියේ (∆S) මගින් වන සමස්ත බලපෑම ∆G නම් ගිබ්ස් ශක්ති වෙනස මගින් ලබා දෙයි. නියත උෂ්ණත්වයේ (T) දී මේවා අතර සම්බන්ධතාව පහත ආකාරය වෙයි.

∆G = ∆H - T∆S

නියත උෂ්ණත්වයේ දී හා පීඩනයේ දී,

  • ස්වයංසිද්ධ ව සිදු වන ප‍්‍රතික‍්‍රියාවක් සඳහා ∆G < 0
  • ස්වයංසිද්ධ ව සිදු නො වන ප‍්‍රතික‍්‍රියාවක් සඳහා ∆G > 0
  • සමතුලිත ප‍්‍රතික‍්‍රියාවක් සඳහා ∆G = 0

නියත එන්ට්‍රොපි පද්ධතියක (∆S = 0) ස්වයංසිද්ධතාව ∆H මගින් තීරණය වන අතර, නියත එන්තැල්පිය යටතේ (∆H = 0) සිදු වන විපර්යාසයක ස්වයංසිද්ධතාව ∆S මගින් තීරණය වේ.

"https://si.wikipedia.org/w/index.php?title=ගිබ්ස්_ශක්තිය&oldid=348624" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි