කුර්-ආනය ආගමික ලේඛනයක් ලෙස

විකිපීඩියා වෙතින්
බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තබා ඇති 11 වෙනි සියවසට අයත් දකුණු අප්‍රිකානු කුර්-ආනය

මුස්ලිම්වරුන්ගේ විශ්වාසය අනුව කුර්-ආනය යනු මානව වර්ගයා සඳහා දිව්‍යමය මඟ පෙන්වීම සහ උපදේශනය ලබා දෙන පුස්තකයකි. පුරා අවුරුදු විසිතුනක කාලයක් තුළ ජිබ්රීල් දේව දූතයා විසින් මුහම්මද් නබි (සල්) තුමාට හෙළිදරව් කරනලද ‍දේව වාක්‍යයන් හැටියට මුස්ලිම්වරු සලකන්නේ කුර්-ආනයේ ප්‍රකෘති අරාබි පදගතාර්ථයයි. ඔවුන්ගේ අදහස අනුව කුර්-ආනය යනු මනුෂ්‍ය ප්‍රජාව සඳහා දෙවියන් වහන්සේ විසින් සිදුකළ අවසාන හෙළිදරව් කිරීමයි. හෙළිදරව් කිරීම පිළිබදව වූ ක්‍රිස්තියානි සංකල්පය වන්නේ, දෙවියන් වහන්සේ මිනිස් කනට ඇසෙන සේත්, මිනිස් ඇසට නොපෙනෙන සේත් ජීවමාන ආත්මභාවයක් ලබා පෙනීසිටී යන්නයි.මෙම සංකල්පය ඉස්ලාම් ධර්මයට ආගන්තුක වූ සංකල්පයකි. ඉස්ලාමීය සහ කුර්-ආනීය සංකල්පයක් වන වාහියි මඟින් අදහස් වන්නේ දෙවියන් වහන්සේ යම් පුද්ගලයෙකු අමතා ඔහු තුළින් තවත් විශාල පිරිසකට දේව පණිවිඩය දැනගැනීමට සලස්වන බවයි. ‍දේව පණිවිඩය අදාළ පණිවුඩකරුවා කරා පැමිණීමේ ක්‍රියාවලිය තන්සීල් (පහළට එවීම) හෝ නූසැල් (පහළට ඒම) යනුවෙන් හඳුන්වනු ලැබේ. කුර්-ආනය දක්වන අන්දමට, සත්‍යයත් සමඟම අප (දෙවියන් වහන්සේ) විසින් එය එවා ඇත. සත්‍යයත් සමඟ එය පැමිණ ඇත. එය දේව දූතයා විසින් අනාගත වක්තෘ වරයාට සැළ කර සිටි වැනි ධනාත්මක ධර්මයක් ලෙස නම් කරයි. මෙමඟින් අදහස් වන්නේ දේව වාක්‍යය වඩා ඉහළ භවයක සිට ලබා ගැනීමට සිදු වී ඇති බවයි.

හදීසයන්ට අනුව කුර්-ආනයේ පැදි පහළට එවා ඇත්තේ සුවිශේෂ තත්ත්වයන් ඇති අවස්ථාවලදීය. මෙවැනි තත්ත්වයන් අබාබ් අල් - නුසල් ලෙස හඳුන්වයි. කෙසේ වෙතත් මෙම දැක්ම තුළින් පිළිබිඹු වන්නේ දෙවියන් වහන්සේ, උන්වහන්සේ විසින්ම දේව වාක්‍ය නොගෙනෙන බවයි.

මුස්ලිම්වරුන් තරයේ පිළිගන්නා කරුණක් නම් කුර්-ආනය දිව්‍යමයෙන් ප්‍රවර්ජිත බවයි.‍කුර්-ආනයේ ද එහි ඇති පාඨවලින්ද මෙම කරුණු තහවුරු කරයි. කුර්-ආනය බොහෝ අවස්ථාවල දී එහි දැක්වෙන පාඨ පිළිබඳව අවධානය යොමු කරමින් එහි දිව්‍යමය මුලාරම්භය පිළිබඳව නිරතුරුවම ආවර්ජනය කරයි.එබැවින් සියලුම ආගමික ලේඛන අතරින් වඩාත්ම ස්වයං අවධානයක් දක්වන ලේඛනයක් ලෙස කුර්-ආනය හැඳින්විය හැකිය. දේව වාක්‍ය මෙලොව පහළ වීමට පෙර සිටම ඒවා ගැන වාර්තා වෙන සුළු ලේඛන පිළිබඳව ද කුර්-ආනයෙන් අවධානය යොමු කරයි.

කුර්-ආනය සර්වකාලීන ද, එසේත් නැතිනම් එය නිර්මාණය කරන ලද්දක් ද යන මතභේදය ආදිකාලීන මුස්ලිම් දේවධර්මයන්ට තීරණාත්මක එකක් විය. මුතාසිලිවරු විශ්වාස කරන ආකාරයට කුර්-ආනය නිර්මිත වස්තුවක් වන අතර, වෙනත් බොහෝ මුස්ලිම් දේවධර්මධරයන්ගේ විශ්වාසය අනුව කුර්-ආනය නිර්මාණය නොවූ සර්වකාලීන වස්තුවකි. සුෆි දර්ශනවාදීන් මෙම මතභේදය දකින්නේ කෘතිමව මවා ගත් දෙයක් හැටියටය.

කුර්-ආනයේ වර්තමාන විග්‍රහය දක්වන පරිදි, මුහම්මද් නබි (සල්) තුමාට හෙළි කල ‍දේව වාක්‍යයන්ට අනුරූපී බවටද මුස්ලිම්වරුන් විසින් මතයක් දරනු ලබයි. එය දෙවියන් වහන්සේ විසින් ජිබිරීල් දේව දූතයා හරහා මුහම්මද් නබි (සල්) තුමාට එවනු ලැබූ ‍දේව වාක්‍යයි. කුර්-ආනය මාර්ගෝපදේශනයක් බවත්, මුහම්මද් නබි (සල්) තුමා‍ගේ අනාගත වක්තෘභාවය පිළිබඳ නිමිත්තක් බවත්, ධර්මයේ සත්‍යය වන බවටත් මුස්ලිම්වරු සලකනු ලබයි. ඔවුන් තර්ක කරන්නේ, කුර්-ආනය සඳහන් කරන අන්දමට මනුෂ්‍යයෙකුට කුර්-ආනය වැනි පුස්තකයක් නිර්මාණය කළ නොහැකි බවයි. මෙම හේතූන් නිසා ඉස්ලාමීය දර්ශනවාදීයෙකු විසින් දේව වාක්‍ය මනුෂ්‍ය උච්චාරණයක් දක්වා යන ආකාරය විස්තර කර දීම සඳහා ශාස්තෘවාදයක් ඉදිරිපත් කරයි. මෙයින් මුහම්මද් නබි (සල්) තුමා සහ එතුමාගේ කාලය අතර ඇති සම්බන්ධතාවය කෙරේ අවධානය යොමු කර නොමැත.එමගින් එතුමා සහ දේව වාක්‍යයන් උපදින බාහිර ප්‍රභවය අතර ඇති සම්බන්ධතාවය පිළිබඳ ප්‍රකාරතාවයට මැදිහත් වෙමින්, මුහම්මද් නබි (සල්) තුමා‍ගේ තත්ත්වය වටහා ගැනීම කරා යන ගුප්ත අර්ථ විවරණ ශාස්ත්‍රයකට මඟ පාදයි. බටහිර විද්වතුන්ගේ ඵෙතිහාසික විවරණයක් වන, මුහම්මද් නබි (සල්) තුමා ඔහු විසූ තත්ත්වයන්, ඔහුගේ අධ්‍යාපන මට්ටම සහ බුද්ධිය ආශ්‍රයෙන් වටහා ගැනීම සමඟ ප්‍රතිවීරෝධී අදහසක් ඉහත සඳහන් කළ ශාස්තෘවාදයේ ගැබ් වී ඇත.

සටහන්[සංස්කරණය]

මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.

සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක.

Quran Significance in Islam