කැලිෆෝනියා
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. මූලාශ්‍ර සෙවීම: "කැලිෆෝනියා" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR |
කැලිෆෝනියා යනු එක්සත් ජනපදයේ බස්නාහිර පිහිටා ඇති ප්‍රාන්තයකි. මෙය නැගෙනහිරින් නෙවාඩා ප්‍රාන්තයටත්, නිරිතෙන් ඇරිසෝනා ප්‍රාන්තයටත්, බටහිරින් ශාන්තිකර සාගරයටත්, උතුරින් ඔරෙගන් ප්‍රාන්තයටත්, දකුණින් මෙක්සිකෝවේ බාහා කැලිෆෝනියා ප්‍රාන්තයටත් මායිම්ව පිහිටා ඇත. වර්ග කි.මී. 423,970 ක භූමියක් සහ මිලියන 39.5 ක ජනගහණයකින් යුත් මෙය එක්සත් ජනපදයේ භූමි ප්‍රමාණයෙන් තෙවැනියට විශාලම සහ වැඩිම ජනගහනයක් සහිත ප්‍රාන්තය වේ.
කැලිෆෝනියාව යනු පූර්ව කොලොම්බියානු උතුරු ඇමරිකාවේ යුරෝපීය යටත් විජිතකරණයට පෙර පැවති වඩාත් සංස්කෘතික හා භාෂාමය වශයෙන් විවිධත්වයක් තිබූ ප්‍රදේශයකි. 16 වන සහ 17 වන සියවස්වල සිදුවූ යුරෝපීය ගවේෂණ හේතුවෙන් ස්පාඤ්ඤ අධිරාජ්‍යය විසින් කැලිෆෝනියාව යටත් විජිතයක් බවට පත් කර ගන්නා ලදි. මෙක්සිකානු නිදහස් යුද්ධයෙන් පසුව 1821 දී මෙම ප්‍රදේශය මෙක්සිකෝවේ කොටසක් බවට පත් වූ නමුත් මෙක්සිකානු-ඇමරිකානු යුද්ධයෙන් පසු 1848 දී එක්සත් ජනපදයට පවරා දෙන ලදී. 1848 දී කැලිෆෝනියාවෙන් රත්තරන් නිධි හමුවූ අතර ඒ හේතුවෙන් ආදිවාසී ගෝත්‍රිකයන්ගේ දුශ්-ජනගහනකරනය ඇතුළු සමාජ හා ජනවිකාශනයකට තුඩු දුන්නේය. පසුව මෙම ඇල්ටා කැලිෆෝනියාවේ බටහිර කොටස සංවිධානය කර 1850 දී 31 වන ප්‍රාන්තය ලෙස, 1850 සම්මුතියෙන් ඇමරිකානු එක්සත් ජනපදයට ඇතුළත් කරන ලදී.
මෙම ලිපිය කිසිම අන්තර්ගතයට අදාළ ප්‍රවර්ගයකට එකතු කොට නොමැත. අදාළ විෂයය පිලිබඳව ඔබ දැනුවත් නම්, ප්‍රවර්ගකරණයට දායකවීමට කාරුණික වන්න. එමගින් මෙය , අංකුර ලිපි ප්‍රවර්ගවලට අමතරව වෙනත් සමජාතීය පිටු සමඟ ලැයිස්තුගත වනු ඇත. |