අධෝරක්ත කිරණ

විකිපීඩියා වෙතින්

Infrared radiation

දෘශ්‍ය ආලෝක පරාසයේ රතු වර්ණයට පහළ සංඛ්‍යාත සහිත, අපගේ ඇසට නොපෙනෙන තරංග පරාසය අධෝරක්ත කිරණ ලෙස හැඳින්වේ. රත් වූ වස්තු මගින් අධෝරක්ත කිරණ නිකුත් වන නිසාත්, එම කිරණ අපගේ සම මත වැටුණු විට උණුසුම් බවක් දැනෙන නිසාත් අධෝරක්ත කිරණ බොහෝ විට තාප විකිරණ ලෙස ද හැඳින්වෙයි.අපගේ ශරීරවලින් ද අධෝරක්ත තරංග පිට කෙරේ. ශරීර අවයවවලින් පිට කෙරෙන තාපජ තරංග ඇසුරින් තාපජ ඡායාරූප ලබා ගැනේ. එමගින් යම් යම් රෝග හඳුනාගත හැකි වේ. තවද, අධෝරක්ත දෙනෙති සහ කැමරා භාවිත කිරීමෙන්, රාතී්‍ර කාලයේ දී සිදු කෙරෙන මිනිසුන් හෝ සතුන්ගේ කි්‍රයාකාරකම් නිරීක්ෂණය කර ගත හැකි වේ.

දුරස්ථ පාලකවල සිට රූපවාහිනී යන්ත්‍ර දක්වා සංඥා යැවීමට භාවිත වන්නේ අධෝරක්ත කිරණ යි. ජංගම දුරකථනවල සහ පරිගණකවල අඩංගු කැමරා බොහොමයක් අධෝරක්ත කිරණවලට සංවේදී වෙයි. භෞත චිකිත්සක ප්‍රතිකාර ක්‍රම සඳහා ද අධෝරක්ත කිරණ භාවිත වේ.

"https://si.wikipedia.org/w/index.php?title=අධෝරක්ත_කිරණ&oldid=472696" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි