අකිහිතෝ

විකිපීඩියා වෙතින්
අකිහිතෝ අධිරාජ්‍යයා
明仁 (今上天皇)
ජපාන අධිරාජ්‍යයා
රාජ්‍ය සමය1989 ජනවාරි 7 - 30 April 2019
රාජාභිෂේකය1990 නොවැම්බර් 12
පූර්වප්‍රාප්තිකයාහිරොහිතෝ (ෂෝවා)
අනුප්‍රාප්තිකයානරුහිතෝ
අග්‍රාමාත්‍යවරුන්නොබොරු ටකෙශිටා
සෝසුකෙ උනෝ
ටෝශිකි කයිෆු
කීචි මියසාවා
මොරිහිරෝ හොසොකාවා
ත්සුතොමු හාටා
ටෝමීචි මුරයාමා
ර්යුටාරු හශිමොටෝ
කෙයිසෝ ඔබුචි
යෝෂිරෝ මොරි
ජුනිචිරෝ කොයිසුමි
ෂින්සෝ අබේ
යසුවෝ ෆුකුඩා
තරෝ අසෝ
යුකියෝ හටොයාමා
නවොටෝ කන්
යෝශිහිකෝ නොඩා
උපත23 දෙසැම්බර් 1933 (1933-12-23) (වයස 90)
ටෝකියෝ අධිරාජ්‍ය මාලිගය, ටෝකියෝ, ජපානය
වල්ලභයාමිචිකෝ ෂෝඩා වි. 1959 අප්‍රේල් 10
දරුවන්නරුහිතෝ, ජපානයේ අධිරාජයා
ෆුමිහිතෝ, අකිශිනෝ කුමාරයා
සයකෝ, නෝරි කුමරිය
සම්පූර්ණ නාමය
අකිහිතෝ (明仁)
වංශයජපාන අධිරාජ්‍ය වංශය
පියාහිරොහිතෝ අධිරාජ්‍යයා (ෂෝවා)
මවකෝජුන් අධිරාජිණිය
ආගමෂින්ටෝ
අත්සනඅකිහිතෝ අධිරාජ්‍යයා 明仁 (今上天皇)ගේ අත්සන

අකිහිතෝ (明仁) (උපත 1933 දෙසැම්බර් 23) (මෙම ශබ්දය පිළිබඳ උච්චාරණය ) යනු ජපානයේ සාම්ප්‍රදායික අනුප්‍රාප්ත වීමේ පිළිවෙල අනුව ඔහු ජපානයේ 125 වැනි අධිරාජ්‍යයා වේ. 1989 ජනවාරි 7 සිට 2019 අප්‍රේල් 30 දින සිහසුන අත් හරින තෙක් ඔහුට ක්‍රයිසැන්තියම් සිහසුන හිමිවිය.

නාමය[සංස්කරණය]

ජපානයේදී, අධිරාජ්‍යයාව ඔහුගේ උපන් නමින් හඳුන්වනු නොලබයි. ඒ වෙනුවට "අති ගෞරවනීය අධිරාජ්‍යයා" හෙවත් "His Majesty the Emperor" (天皇陛下, Tennō Heika) ලෙසද, එයම කෙටිකොට "උතුමාණන්" හෙවත් "His Majesty" (陛下, Heika) ලෙසද භාවිතා කරයි.[1] විධිමත් ලිවීමේදී හුදෙක් "අධිරාජ්‍යයා" යන්න වෙනුවට "බලයේ සිටින අධිරාජ්‍යයා" හෙවත් "The Reigning Emperor" (今上天皇, Kinjō Tennō) ලෙස යොදාගනී. අකිහිතෝ අධිරාජ්‍යයාගේ යුගය "හෙයිසෙයි යුගය" (平成) ලෙස හැඳින්වේ. ජපන් සම්ප්‍රදායට අනුව ඔහුගේ මරණයෙන් පසුව ජපාන කැබිනට් මණ්ඩලය විසින් ඔහුව "හෙයිසෙයි අධිරාජ්‍යයා" (平成天皇 Heisei Tennō; "මරණින් පසු නම" බලන්න) ලෙස නම් කරනු ඇත. ඒ සමගම ඊළඟ අනුප්‍රාප්තිකයාගේ යුගයට ලබාදෙන නමද ප්‍රකාශයට පත්කරනු ලබයි.[2]

ජීවන චරිතය[සංස්කරණය]

අකිහිතෝ, හිරොහිතෝ අධිරාජ්‍යයාගේ සහ කෝජුන් අධිරාජිණියගේ වැඩිමහලුම පුත්‍රයාද, පස්වැනි දරුවාද වේ. කුඩා අවදියේදී ඔහුව හඳුන්වනු ලැබූයේ "ත්සුගු කුමාරයා" (継宮, Tsugu-no-miya) ලෙසය. ඔහුගේ පෞද්ගලික ගුරුවරුන්ගෙන් මූලික අධ්‍යාපනය ලැබූ හෙතෙම, පසුව 1940 සිට 1952 දක්වා වූ කාලය තුල ගකුශූයින් පාසලෙන් ප්‍රාථමික සහ ද්වීතීයික අධ්‍යාපනය හැදෑරීය.[3] ඔහුගේ පියාගේ ඉල්ලීම මත, රාජකීය පවුලේ ඊට පෙර සිටියවුන්ට මෙන් ඔහුට හමුදා නිලයක් හිමි නොවුනි.

1945 මාර්තු මාසයේදී ඇමරිකාව විසින් ටෝකියෝවට ගුවනින් බෝම්බ හෙලූ කාලය තුලදී අකිහිතෝ කුමාරයා සහ ඔහුගේ බාල සොයුරු මසහිතෝ කුමරු ටෝකියෝ නගරයෙන් බැහැරට රැගෙන යන ලදී. ඇමරිකාව විසින් දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජපානය අත්පත් කරගෙන සිටි සමයේදී, එලිසබෙත් ග්‍රේ විනිං විසින් අකිහිතෝ කුමාරයාට ඉංග්‍රීසි භාෂාව සහ අපරදිග සිරිත්-විරිත් උගන්වන ලදී. අකිහිතෝ කුමාරයා ටෝකියෝ නුවර ගකුශුයින් විශ්වවිද්‍යාලයේ, දේශපාලන විද්‍යා පීඨයේ කෙටිකලක් අධ්‍යාපනය ලැබූ නමුත් ඔහු කිසිදාක උපාධියක් ලබාගෙන නොමැත.

අකිහිතෝ කුමාරයා සිය උපතේදීම කිරුලේ මීලඟ උරුමක්කරු විය. නමුත් ඔහුව ඔටුන්න හිමි කුමාරයා (立太子礼 Rittaishi-no-rei) ලෙස නම් කිරීමේ නිල උත්සවය 1952 නොවැම්බර් 10 වෙනිදා ටෝකියෝ අධිරාජ්‍ය මාලිගයේදී සිදුවිය. 1953 ජූනි මාසයේදී ලන්ඩනයේ දී පැවැත්වුණු දෙවන එලිසබෙත් රැජිණගේ රාජාභිෂේකය සඳහා ජපානය නියෝජනය කරනු ලැබූයේ ඔටුන්න හිමි අකිහිතෝ කුමාරයා විසිනි.

ජපාන අධිරාජ්‍යයාගේ නිල සංකේතය

ඔටුන්න හිමි කුමාරයා සහ කුමරිය ලෙස අකිහිතෝ කුමරා සහ මිචිකෝ කුමරිය රටවල් 37ක සංචාරය කර ඇත. රාජකීය කුමාරයකු වන නමුත් අකිහිතෝ කුමරා විසින් ජපාන රාජකීයත්වය සංසන්දනය කරනු ලැබූයේ රෝබෝවරයෙකුටය. වැඩිදුරටත් ඔහු ප්‍රකාශ කර සිටියේ ජපාන අධිරාජ්‍ය පවුල ජපාන ජනතාවට වඩාත් සමීප කිරීමට තමාට හැකි පමණින් උදව් කරන බවයි.[4]

1989 ජනවාරි 7 වැනිදා හිරොහිතෝ අධිරාජ්‍යයාගේ මරණය සිදුවීමත් සමග අකිහිතෝ කුමාරයා නව අධිරාජ්‍යයා බවට පත්විය. එවැනි පත්වීමක් සෙන්සෝ ලෙස හඳුන්වයි.[5] අකිහිතෝ අධිරාජ්‍යයා නිල වශයෙන් සිහසුන උරුම කර ගනිමින් රාජාභිෂේකය ලැබූයේ 1990 නොවැම්බර් 12 වැනිදා වන අතර එවැනි රාජභිශේකයක් සොකුයි ලෙස හැඳින්වේ. 1998 වසරේදී ඔහු එක්සත් රාජධානියේ සිදුකල නිල සංචාරයකදී ඔහුට The Most Noble Order of the Garter සම්මානය පුදකරන ලදී.

2001 දෙසැම්බර් 23 වැනිදා, වාර්තාකරුවන් සමග පවත්වන ඔහුගේ වාර්ෂික උපන්දින හමුවේදී, කොරියාව සමග ඇති අර්බුධය පිලිබඳ වාර්තාකරුවෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධිරාජ්‍යයා පැවසුවේ, තමාට කොරියානුවන් සමග ඥාතීත්වයක් දැනෙන බවයි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ කම්මු අධිරාජ්‍යයාගේ (736–806) මව වන ශොකු නිහොන්ගි සහ කොරියාවේ බේක්ජෙ හි මුරියොං රජු අතර ඥාතී සම්බන්ධයක් තිබූ බවයි.[6]

2003 ජනවාරි 14 වෙනිදා ප්‍රොස්ටේට් ග්‍රන්ථියේ පිළිකාවක් නිසා අකිහිතෝ අධිරාජ්‍යයා ශල්‍යකර්මයකට භාජනය කෙරිණි.[7] සිහසුනට පත්වීමෙන් අනතුරුව අධිරාජ්‍යයා විසින් අධිරාජ්‍ය පවුල ජපාන ජනයාට වඩාත් සමීප කිරීමට කැපවිණි. අධිරාජ්‍යයා සහ අධිරාජිණිය එම තත්වයන්ට පත්වීමෙන් අනතුරුව ජපානයේ දිස්ත්‍රික්ක සියල්ලෙහිම (එනම් 47හිම) සහ රටවල් 18ක නිල සංචාරයන්හි නිරත වී ඇත.

2011 ටෝහොකු භූමිකම්පාව සහ සුනාමිය සහ ෆුකුෂිමා I න්‍යෂ්ටික අනතුරු සිදුවූ අවස්තාවේදී, රූපවාහිනිය ඔස්සේ ඓතිහාසික ප්‍රකාශයක් කරමින්, බලාපොරොත්තු අත්නොහරින ලෙසත් එකිනෙකාට උදව් කරගන්නා ලෙසත් අකිහිතෝ අධිරාජ්‍යයා ජපන් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.[8] අධිරාජ්‍යයා සහ අධිරාජිණිය 2011 මාර්තු 30 වෙනි බදාදා දින එම අනතුරු වලින් අවතැන් වූවන්ගේ බලාපොරොත්තු ඉහල නැංවීම පිණිස ඔවුන් රඳවා සිටි තාවකාලික කඳවුරකටද සංචාරයේ යෙදුනහ. අධිරාජයා විසින් අධිරාජ්‍ය පවුල් ජපන් ජනයාට සමීප කිරීමට නිතරම කටයුතු කලද ජපන් ඉතිහාසය තුල මෙවැනි සිදුවීම් ඉතා විරලය.[9] 2011 වසරේදී නියුමෝනියාව වැළඳීම හේතුවෙන් අකිහිතෝ අධිරාජ්‍යයා රෝහල්ගත කෙරිණි.[10] 2012 පෙබරවාරි මාසයේදී නිවේදනය කෙරුනේ අධිරාජ්‍යයාව කිරීටක පරීක්ෂණයකට යොමු කිරීමට නියමිත බවයි.[11] 2012 පෙබරවාරි 18 වෙනි දින ඔහුට සාර්ථක ලෙස බයිපාස් සැත්කමක් සිදුකරන ලදී.[12]

විවාහය සහ දරුවන්[සංස්කරණය]

1959 අප්‍රේල් 10 දින අකිහිතෝ කුමරු මිචිකෝ ෂෝඩා (උපත 1934 ඔක්තෝබර් 20) සමග විවාහ විය. මිචිකෝ ෂෝඩා යනු නිෂින් පිටි මෝල් සමාගමේ සභාපති සහ පසුව එහි ගෞරවනීය සභාපති වූ හිදෙසබුරෝ ෂෝඩාගේ වැඩිමහලුම දියණියයි.[13] ජපාන අධිරාජ්‍ය පවුල සමග විවාහ වූ පළමු සාමාන්‍ය පුරවැසියා වූයේ මිචිකෝ කුමරියයි.

අකිහිතෝ අධිරාජ්‍යයාට සහ මිචිකෝ අධිරාජිනියට දරුවන් තිදෙනෙකි:

නිල උත්සව අවස්ථා[සංස්කරණය]

අකිහිතෝ අධිරාජ්‍යයා සහ මිචිකෝ අධිරාජිණිය 2005 ජූනි 28 වෙනිදා ප්‍රසිද්ධියේ පෙනී සිටි අයුරු

සිය ව්‍යවස්ථාමය නිලයට අනුව එසේ නොකරන ලෙස බලකර තිබුනද, අකිහිතෝ අධිරාජ්‍යයා විසින් අවස්ථා කිහිපයකදීම ජපානයෙන් පීඩාවට පත්වූ ආසියානු රටවල් රැසකට ඒ පිලිබඳ සිය පසුතැවීම ප්‍රකාශ කර තිබේ. එලෙස ප්‍රකාශයන් කිරීම ආරම්භ වූයේ සිය පියාගේ මරණයෙන් තෙමසකට පසු, එනම් 1989 අප්‍රේල් මාසයේදී චීනය පිලිබඳ එවැනි ප්‍රකාශයක් සිදු කිරීමත් සමගය.

2005 වසරේ ජූනි මාසයේදී අධිරාජ්‍යයා විසින් එක්සත් ජනපද පාලනයට අයත් ප්‍රදේශයක් වන සයිපාන්හි සංචාරයේ යෙදුනේය.[14] සයිපාන් යනු දෙවන ලෝක යුද්ධය පැවති සමයේදී 1944 ජූනි 15 සිට ජූලි 9 දක්වා සයිපාන් සටන පැවති ප්‍රදේශයයි. මෙම සංචාරයේදී අධිරාජ්‍යයා සහ අධිරාජිණිය විසින්, මියගිය ජපන් ජාතිකයන් පමණක් නොව, ඇමරිකානු සොල්දාදුවන්, කොරියානු කම්කරුවන් සහ දූපත් වාසීන් ද සිහිකරමින් යාඥාකිරීම් සහ පුෂ්පෝපහාර දැක්වීම් සිදුකළහ. මෙය ජපාන අධිරාජ්‍යයෙකු විසින් ජපානයෙන් පිටත ඇති දෙවන ලෝක යුද්ධ සටන් බිමක සංචාරයේ යෙදුනු පළමු අවස්තාව විය. මෙම අවස්තාව ජපන් ජනතාවගේ ඉමහත් ප්‍රසාදයට හේතු විය. 1995 වසරේදී අධිරාජ්‍යයා විසින් ටෝකියෝ, හිරෝෂිමා, නාගසාකි සහ ඔකිනාවා යන නගර වල ඇති යුධ ස්මාරක නැරඹීමට ගියේය.

ආශ්‍රිත[සංස්කරණය]

  1. "Members of the Order of the Garter". The British Monarchy.
  2. "National Day of Japan to be celebrated". Embassy of Japan in Pakistan. 7 December 2007. 2 February 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 December 2007. {{cite news}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  3. "Their Majesties the Emperor and Empress". Imperial Household Agency. 2002. 1 December 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 December 2007.
  4. "Those Apprentice Kings and Queens Who May – One Day – Ascend a Throne," නිව්යෝර්ක් ටයිම්ස් 1971 නොවැම්බර් 14
  5. Varley, H. Paul. (1980). Jinnō Shōtōki, p. 44.
  6. "Press Conference on the Occasion of His Majesty's Birthday". Imperial Household Agency. 25 May 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 7 July 2008.
  7. "Akihito has successful cancer operation". BBC News. BBC. 18 January 2003. සම්ප්‍රවේශය 28 December 2007.
  8. "Six days later, Japanese still confronting magnitude of quake crisis". CNN. 29 April 2011.
  9. Japanese Emperor visits evacuation center, http://english.ntdtv.com/ntdtv_en/news_asia/2011-03-31/japanese-Emperor-visits-evacuation-center.html, ප්‍රතිෂ්ඨාපනය 2015-11-04 
  10. "Japan's Emperor Akihito leaves Tokyo hospital". BBC News. 24 November 2011. සම්ප්‍රවේශය 24 January 2012.
  11. "Emperor Akihito to have coronary examination". Mainichi Daily News. 1 February 2012.
  12. "Report: Japan's Emperor undergoes successful cardiac bypass". CNN. 18 February 2012.
  13. Fukada, Takahiro, "Emperor — poise under public spotlight", Japan Times, 24 November 2009, p. 3.
  14. Brooke, James (June 28, 2005). "Visiting Saipan, Japan's Emperor Honors Dead". New York Times. සම්ප්‍රවේශය August 9, 2013.
"https://si.wikipedia.org/w/index.php?title=අකිහිතෝ&oldid=591192" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි