සේන් මලික්

විකිපීඩියා වෙතින්
(Zayn Malik වෙතින් යළි-යොමු කරන ලදි)


Zayn Malik
Malik in 2015
උපත
Zain Javadd Malik

12 ජනවාරි 1993 (1993-01-12) (වයස 31)
රැකියාව
  • Singer
  • songwriter
සක්‍රීය වසර2010–present
සහකරුවා(වන්)Gigi Hadid (2015–present)
සම්මානFull list
සංගීත වෘත්තිය
ප්‍රභේද
වාද්‍ය භාණ්ඩVocals
ලේබල
සම්බන්ධිත රඟපෑම්One Direction
වෙබ් අඩවියinzayn.com
අත්සන
Autographed signature of Zayn Malik in ink

සේන් ජවාද් මලික් (උපත 1993 ජනවාරි මස 12), වැඩිදෙනෙක් දන්නේ සෙයින් ලෙස යි. මොහු ප්‍රසිද්ධ ඉංග්රීසි ගායෙකු හා ගීත රචකයෙක් වේ. බටහිර යෝක්ෂයර් හි බ්‍රැඩ්ෆර්ඩ් හි උපත ලැබූ මලික් 2010 දී බ්‍රිතාන්‍ය සංගීත තරගයක් වන එක්ස් ෆැක්ටර් සඳහා ඒකල තරඟකරුවෙකු ලෙස සහභාගී විය. ඒකල වාදකයෙකු ලෙස ඉදිරිපත් වුවත් තරගයෙන් ඉවත් කිරීමෙන් පසුව, මලික් සහ තවත් තරඟකරුවන් සිව්දෙනෙකු සමඟ නැවත තරඟයට සහභාගී වන ලද අතර, පසුව වන් ඩිරෙක්ෂන් ලෙස හැඳින්වෙන සංගීත කණ්ඩායම නිර්මාණය කරන ලදි . මලික් 2015 මාර්තු මාසයේදී කණ්ඩායමෙන් ඉවත් වූ අතර පසුව RCA රෙකෝර්ඩ්ස් සමඟ ඒකල පටිගත කිරීමේ ගිවිසුමක් අත්සන් කළේය.

ඔහුගේ පළමු චිත්‍රාගාර ඇල්බමය වන මයින්ඩ් ඔෆ් මයින් (2016) සහ එහි ප්‍රධාන ගීතය වන “ පිල්ලෝටෝක් ” සමඟ වඩාත් විකල්ප ආර් ඇන්ඩ් බී සංගීත ශෛලියක් අනුගමනය කරමින් මලික් එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපදයේ අංක එකේ ස්ථානයට පත්වූ පළමු බ්‍රිතාන්‍ය පිරිමි කලාකරුවා බවට පත්විය සහ පළමු ඇල්බමය බවට ද පත්‍විය. ටේලර් ස්විෆ්ට් සමඟ " Wanna Live Forever " සහ සියා රඟපෑ "Dusk Till Dawn " ඇතුළු ඔහුගේ පසුකාලීන ගීත ද ජනප්‍රිය විය. 2018 දෙසැම්බරයේදී ඔහු සිය දෙවන චිත්‍රාගාර ඇල්බමය වන Icarus Falls නිකුත් කළේය.

මලික් ඇමරිකානු සංගීත සම්මානය, බිල්බෝඩ් සංගීත සම්මානය සහ එම්ටීවී වීඩියෝ සංගීත සම්මානය ඇතුළු සම්මාන කිහිපයක් ලබා ගෙන ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=සේන්_මලික්&oldid=483196" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි