X-15
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත.මූලාශ්‍ර සෙවීම: "X-15" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (2025 ජූලි) |

X-15 යනු, රොකට් ජවයෙන් ගුවන්ගත වූ කලි අමෙරිකානු අධිවේගී පර්යේෂණ ගුවන් යානයකි. 1959 – 1968 අතර කාලය තුළ වාර 199 ක් ගුවන් ගැන්වුණු එය ඉතා ඉහළ වේගයන් හා උන්නතාංශයන් අත්කරගත්තේ ය. මිනිසකු රැගත් මිසයිලයක් බඳු වූ මෙම යානය ගුවන් ගැන්වුණේ එය B-52 ගුවන් යානයකින් අඩි 45,000 ක, එනම් කිලෝමීටර් 14 ක පමණ උසක ට ගෙන ගොස් මුදා හැරීමෙනි. ඉන් පසු විනාඩි 15 ක පමණ පියාසර කාලයක් තුළ එය කිලෝමීටර් 100 පමණ උන්නතාංශයක ට නංවා ආපසු ගොඩ බස්සවන ලදි. මෙවන් පරීක්ෂණ පියාසැරියකින් ප්‍රධාන වශයෙන් අපේක්ෂා කළේ අධිධ්වනික වේගයෙන් ගමන් ගන්නා ගුවන් යානයක ට ඉතා ඉහළ වායුගෝලයේ ප්‍රවර්තනය වීමට ඇති හැකියාව යි. මේ පර්යේෂණ මඟින් ලැබුණු දත්ත අමෙරිකා එක්සත් ජනපදයේ පසුකාලීන ගුවන් හා අභ්‍යවකාශ යානා නිර්මාණය සඳහා යොදා ගන්නා ලදි.
X-15 න් තැනුණේ යානා තුනක් පමණි. ඒවා සියල්ල ම ලොස් ඇන්ජලීස් හි පිහිටි නෝර්ත් අමෙරිකන් ඒවියේෂන් සමාගමේ නිෂ්පානදයෝ වෙති.
නිර්මාණය
[සංස්කරණය]මෙම ගුවන් යානය සැලසුම් කෙරුණේ සීමාන්තික තත්ත්වයන් යටතේ පියාසර කිරීම ට ය. ඒ අනුව එය සතුව තාක්ෂණික විශේෂතා රැසක් තිබුණි. වායුගෝලය තුළ සාමාන්‍ය වායුගතික පෘෂ්ඨ මඟිනුත් වායුගෝලයෙන් පිට දී රොකට් මෝටර් මඟිනුත් මෙම ගුවන් යානය හැසිරවිණි. එහි බඳ නිමවා තිබුණේ ඉන්කොනෙල්-X නමින් හැඳින්වෙන අධික තාපය ට ඔරොත්තු දෙන නිකල් () පාදක කරගත් මිශ්‍රලෝහයෙනි. මෙමඟින් යානය වායුගෝලයේ ගහන ස්ථරවල ට නැවත ඇතුළු වන විට ජනිත වන තාපයෙන් එය සුරැකිණි.