The Million Dollar Homepage

විකිපීඩියා වෙතින්
The Million Dollar Homepage
URLMillionDollarHomepage.com
වාණිජ?Yes
අඩවි වර්ගයPixel advertising
ලියාපදිංචියnone
අයිතිකරුAlex Tew
නිර්මාණය කරනලද්දේAlex Tew
ඇරඹූයේ26 August 2005
Alexa rank 39,726 (October 2011)[1]
Revenue$1,037,100
දැනට තත්‍වයActive


ඩොලර් මිලියනයේ මුල් පිටුව යනු 2005 වසරේදී එංගලන්තයේ Wiltshire විශ්ව විද්‍යාල සිසුවකු වූ Alex Tew විසින් තම අධ්‍යාපනන කටයුතු සදහා මුදල් රැස් කිරීමේ අරමුණෙන් ආරම්භ කරන ලද වෙබ් අඩවියකි.මෙම නිවෙස් පිටුව 1000 × 1000 කොටු සැලස්මක් මත වූ කුඩා කොටු(පික්සලය) මිලියනයකින් සමන්විත වේ. මෙම මුල් පිටුවෙහි ඇති ප්‍රතිබිම්බ පාදක කොට ගත් සම්බන්ධක 10 × 10 වූ කොටස් වශයෙන් එක් කුඩා කොටුවක් ඩොලර් 1 බැගින් විකුණනු ලැබේ.මෙම පික්සල කොටසක් මිලදී ගන්නා ගැනුම්කරු විසින් මුල් පිටුව මත ප්‍රදර්ශනයය කිරීම් සදහා ඉතා කුඩා ප්‍රතිබිබ්බයක් ලබා දෙනු ලබේ.මෙම කුඩා කොටු කොටසක් මිලදී ගන්නා ගැනුම්කරු විසින් මුල් පිටුව මත ප්‍රදර්ශනයය කිරීම සදහා ඉතා කුඩා ප්‍රතිබිම්බයක්, ප්‍රතිබිම්බය හා සම්බන්ධ කොට ඇති සම්බන්ධකය සහ කර්සරය ප්‍රතිබිම්බය මතට ගෙන යාමේදී දර්ශනය විය යුතු ආදර්ශ පාඨය සපයනු ලැබේ.මෙම වෙබ් අඩවියහි අරමුණ වූයේ පික්සල සියල්ල විකිණීමය,එමගින් ඩොලර් මිලියනයක අදායමක් මෙහි නිර්මාණකයාට ලබේ.ඇමරිකවේ The Wall Street Journal පුවත් පත කියන අන්දමට මෙම මුල් පිටුව පික්සල විකුණන අනෙත් වෙබ් අඩවි සදහා ආදර්ශයක් වී ඇත.[2][3]

2005 අගෝස්තු 26 දින ආරම්භ කරන ලද මෙම වෙබ් අඩවිය අන්තර්ජාලය තුල නව පෙරලියක් ඇති කරන ලදී. Alexa ශ්‍රේණි ගත කිරීම් වලට අනුව වෙබ් තදබලය අනුව 127 ස්ථානයේ පසු වන අතර ඩොලර් මිලියනයේ මුල් පිටුව 2006 ජනවාරි 1දින අවසාන පික්සල 1000 වෙන්දේසි කිරීම සදහා e-bay වෙත ඇතුලත් කරන ලදී.ජනවාරි 11 දින වෙන්දේසිය අවසන් වූ අතර ජයග්‍රාහී ලංසුව ඩොලර් 38,100 වුනු අතර එම නිසා ඩොලර් 1,037,100 සම්පූර්ණ ආදායමක් ලබා ගැනීමට හැකි විය.මෙම වෙබ් අඩවිය "Cool Tech Gadgets, Games, Robots, and the Digital World". යන පොතේ විශය මාතෘකාව බවට පත් වී ඇත.

2006 ජනවාරි වෙන්දේසිය අතරතුරේදී distributed denial-of-service attack ප්‍රහාරයකට හා කප්පම් ඉල්ලීමකට භාජනය විය.සාමූහික විමර්ශන ආයතනය හා විල්ට්ශයර් පොලීසිය විසින් මෙම ප්‍රහාරය සහ කප්පම් එල්ලීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ශණ පවත් වන ලදී.

සංවර්ධනය[සංස්කරණය]

එංගලන්තයේ විල්ට්ශයර්හි ශිෂ්‍යයකු වූ Alex Tew ට වයස අවුරුදු 21 දී ඩොලර් මිලියනයේ මුල් පිටුව පිළිබද අදහස පහල විය.ඔහු University of Nottingham හි ව්‍යපාර කලමණකරණය පිළිබද තුන් අවුරුදු පාඨමාලවක් ආරම්භ කර තිබුණි.මේ සදහා වසරකින් ආපසු ගෙවන පදනම මත ශිෂ්‍ය ණය මුදලක් ලබා ගත්තේය.මුදල් රැස් කිරීම සදහා Alex Tew විසින් පික්සලයක් ඩොලරයක් බැගින් වූ පික්සල මිලියනයක් සහිත වෙබ් අඩවියක් නිර්මණය කිරීමට අදහස් කලේය.පික්සල මිලදී ගන්නාට තමාගේ ලාංචනයක්,දැන්වීමක් සහ තමාගේ වෙබ් අඩවියට සම්බන්ධකයක් ඇතුලත් කල හැකිය.පික්සල එංගලන්ත පවුමකට විකුණනවාට වඩා මෙරිකානු ඩොලරයකට විකිණීමට Alex Tew තීරණය කලේය.මක් නිසාද යත් එංගලන්තයට වඩා ඇමෙරිකානුවන් වැඩි පිරිසක් අන්තර්ජාලය භාවිතා කරන බැවිනි.ඊට අමතරව පික්සල් ඇමෙරිකානු ඩොලරයකට විකිණීම වැඩි පිරිසකට අදාල වේ යැයි Alex Tew විසින් කල්පනා කලේය.2005 දී පවුමයක වටිනාකම ඩොලරයක වටිනාකමට වඩා වැඩි විය.පව්මක වටිනාකම ඩොලරයේ වටිනා කම මෙන් 1.8 පමණ විය.එම නිසා ගනුදෙනු කරුවන්ට පික්සලයක ඇති වටිනකම තවත් වැඩි විය. මෙම අඩවිය හොස්ට් කිරීමට සහ ඩොමේන් නම ලබා ගැනීම සදහා Alex Tew ට €50 වැයවිය.2005 අගෝස්තු 25 ඩින වෙබ් අඩවිය අන්තර්ජාලයට එක් කලේය.

පික්සල් විකිණීම[සංස්කරණය]

තනි පික්සලයක් ඉතා කුඩා බැවින් පික්සල විකිණීමේදී පික්සල 10*10 බැගින් වූ පික්සල 100 කොටස් විකුණන ලදී.එම නිසා පික්සල් කොටසක අඩුම මුදල ඩොලර් 100 කි. අඩවිය ආරම්භ කර දින 3කට පසු Alex Tew මිතුරෙකු වූ අන්තර්ජාල සංගීත වෙබ් අඩවියක මෙහෙයුම් කරුවකු විසින් 10 × 10 වූ පික්සල 400 කොටසක් මිලදී ගත්තේය.සති 2කට පසු Alex Tew මිතුරෙකු සහ පවුලේ සාමාජිකයකු විසින් පික්සල 4700 මිලදී ගන්නා ලදී.ඩොලර් 1000 මුදලක් උපයා ගැනීමෙන් අනතුරුව ආයතනය විසින් මාධ්‍යය සාකච්චාවක් පවත් වන ලදී.The technical ප්‍රවෘත්ති වෙබ් අඩවිය හා The Register පිළිබදව විශේෂ නිර්මාණ 2ක් පල කරන ලදී.සැප්තැම්බර් අග වන විට වෙබ් අඩවිය ඩොලර් 250,000 ආදායමක් ලැබූ අතර Alexa ශ්‍රේණි ගත කිරීම් වල "Movers and Shakers" අනුව තුන් වන ස්ථානය හිමි කර ගත්තේය.Alex Tew,Britney Spears and Photo District News. යන වෙබ් අඩවි වලට පවසන අන්දමට ඔක්තෝම්බර් 6 වන දින වන විට ඩොලර් මිලියනයේ නිවෙස් පිටුව වෙත එකිනෙකට වෙනස් පුද්ගලයන් 65,000 පැමිණ ඇත. දින 11 ට පසු 100000 වූ අනන්‍යය නරඹන්නන් පිරිසක් අඩවිය වෙත පැමිණ ඇත.අඩවිය ආරම්භ කර මාස 2 පසු පික්සල 500900 වැඩි ප්‍රමානයක් පාරිභෝගිකයන් 1400 විකුණා තිබුන්ණේය.නව වසරේ සන්ධ්‍යාවේ සෑම පැයකටම වරක් අනන්‍යය නරඹන්නන් 25000 අඩවිය වෙත පැමිණ තිබේ.අවසාන පික්සල 1000 විකිණන විට Alexa ශ්‍රේණි ගත කිරීම් වල 127 ස්ථානයට පැමිණ තිබුණි.

මාධ්‍ය අවධානය[සංස්කරණය]

සැප්තැම්බරයේ නිකුත් වූ මාධ්‍ය සාකච්ජාවෙන් අනතුරුව පලමු වරට ප්‍රචාරයක් ලැබුනු අතර ඩොලර් මිලියනයේ නිවෙස් පිටුව වෙත වැඩි අවධානයක් හා ආකර්ශණයක් ලබා දෙමින් BBC Online, The Register, The Daily Telegraph සහ PC Pro යන කලාප වල පල විය.breakfast television programmes,Sky News Sunrise සහ BBC Breakfast වලද මෙ අඩවිය ගැන සදහන් විය.නොවැබ්බරය වන විට වෙබ් අඩවිය ලොව පුර අ අවධානය දිනා ගැනීමට සමත් වුනේය.ජර්මනියෙFinancial Times Deutschland නවසීලන්තයෙTVNZ ලතින් ඇමෙරිකාවේ Terra Network සහ විශේෂයෙන්ම එංගලන්තයේAdweek,Florida Today, සහ Wall Street Journal මාධ්‍ය වල පල වීමෙනි.ඇමෙරිකාවේ මාධ්‍ය සමග ගනුදෙනු පහසු වනු පිණිස ටෙව් විසින් ප්‍රථමයෙන් විශේෂ නිලධාරියෙක් පත් කර ගත් අතර අනතුරුව ඇමෙරිකාව පුරා සතියක සංචාරයක් යෙදුනේ ABC News Radio, the Fox News Channel,Attack of the Show යන වැඩ සටහන් සදහා සම්මුඛ සාකච්ජා ලබා දෙමිනි.මෙම සංකල්පය සරල,විශිෂ්ඨ,බුද්ධිමත් එසේම විනෝද අනන්‍යතාවයකින් යුතු 1ක් බව විස්තර කෙරින.නොට්න්හැම් විශ්ව විද්‍යාලයේ නව්‍ය ව්‍යවසායකත්ව ආයතනයේ අධ්‍යක්ෂක මහාචාර්ය මටින් බින්ක්ස් මෙහි සරල බව තුල විශිෂ්ඨත්වයක් පෙන්නුම් කරන බවත්,වෙලද දැන්වීම් කරුවන් එහි නව්‍ය බව නිසා ආකර්ශණීය වී ඇති බවත්,මෙම වෙබ් අඩවිය ආදර්ශයක් බවට පත්ව ඇති බවත් ප්‍රකාශ කරන ලදී.නොට්න්හැම් විශ්ව විද්‍යාලයේ නව්‍ය ව්‍යවසායකත්ව ආයතනයේ අධ්‍යක්ෂක මහාචාර්ය මටින් බින්ක්ස් මෙහි සරල බව තුල විශිෂ්ඨත්වයක් පෙන්නුම් කරන බවත්,වෙලද දැන්වීම් කරුවන් එහි නව්‍ය බව නිසා ආකර්ශණීය වී ඇති බවත්,මෙම වෙබ් අඩවිය ආදර්ශයක් බවට පත්ව ඇති බවත් ප්‍රකාශ කරන ලදී.

DDOA ප්‍රහාරය[සංස්කරණය]

2006 ජනවාරි 7 දින එනම් වෙන්දේසිය තබා දින 3 පසු එනම් අවසාන පික්සල 1000 විකිණෙමින් තිබුනි.Alex Tew ට විද්‍යුත් තැපැල හරහා "The Dark Group" නම් කල්ලිය විසින් ඊ-මේල් පණිවිඩයක් එවා තිබුනි.ඩොලර් මිලියනයේ මුල් පිටුව distributed denial-of-service attack නම් ප්‍රහාරයකට ලක් වී ඇති බවත් එයින් ගැලවීමට නම් ඩොලර් 50000 කප්පමක් ජනවාරි 19 පෙර තමන්ට ගෙවන ලෙස එම කල්ලිය විසින් දන්වන ලදී.tew මෙම අනතුරු ඇගවීම විහිළුවකට කරන එකක් යැය් සලකා නොසලකා හැරියේය.නමුත් ඊට සතියකට පසු දෙවන අනතුරු ඇගවීමේ ඊ-මේල් පණිවිඩය ලැබුණි.එහි "ඔබගේ වෙබ් අඩවිය distributed denial-of-service attack ප්‍රහාරයකට අසු වී අත.මෙම ප්‍රහාරය නැවැත්වීම සදහා අපට ඩොලර් 50000 එවන්න"යැය් සදහන් වී තිබුනි.Tew නැවතත් මෙය විහිළුවක් සේ සලකා හැරියේය.වෙබ් අඩවිය බිඳ වැටීම නිසා වෙබ් අඩවිය අමතර තදබදයකින් හා ඊ-මේල් වලින් පිරී ගොස් තිබුනි.මම කිසිම පණිවිඩයකට පිළිතුරු යැව්වේ නැහැ.ම්ට ඔවුන්ව තෘප්තිමත් කරන්න ඕනේ නැහැ.මම ඔවුන්ට මුදල් දීමට අදහස් කලේ නැහැ.මගේ වෙබ් අඩවිය ත්‍රස්තවාදයකට අහුවෙලා.මම ඔවුන්ට මුදල් ගෙව්වා නම් ඔවුන් අලුත් ප්‍රහාරයක් ආරම්භ කරාවි" යැය Tew පැවසීය.

සමාන වෙබ් අඩවි[සංස්කරණය]

බොහොමයක් අනෙකුත් වෙබ් අඩවි දැන්වීම් පික්සල් ගණන අනුව මිල කරය්.මෙවැනි අඩවි දහස් ගණනක් ඉතා ඉක්මනින් මතු වී ඇති බව ,, පවසයි.අනුකරණය කරන්නන් එකිනෙකා තරග කරයි.ඔවුන්ට දැන්වීම් බොහොම අඩුවෙන් තිබෙන බැවින් ඔවුන්ට මෙය එතරම් සාර්ථක වී නැත.අදහස ක්‍රියාත්මක වෙන්නේ එක් වරක් පමනක් බැවින් එය නවතාවය මත රදා පවතියි.ඕනෑම අනුකාරක අඩවියකට ඇත්තේ සුළු වටිනාකමක් පමණි.එතින් මම අනුකරකයින්ට සුභ පතනවා.එය අලුත්ම අදහසක් නොවන බව මම දනිමි.නමුත් එයින් මුදල් ඉපයීමේ එකම වාසනාවන්තයා මමයි.

තව දුරටත් බලන්න[සංස්කරණය]

  1. "Milliondollarhomepage.com Site Info". Alexa Internet. සම්ප්‍රවේශය 2011-10-02.
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; WSJ නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; WSJ2 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
"https://si.wikipedia.org/w/index.php?title=The_Million_Dollar_Homepage&oldid=230268" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි