Shunt එකක් දැමිම

විකිපීඩියා වෙතින්

ශන්ට් එකක් යනු කුමක් ද?[සංස්කරණය]

ශන්ට් එකක් කියන්නෙ මොලයේ තරල එකතුවෙලා තියන කුටීර (Lateral ventricles [1] ) වල පීඩනය අඩුකරන්න එම තරල පිටතට ඩ්‍රේන් වෙන්න අරින එක. ප්‍රධානව කරන්නෙ බඩේ පෙරිටෝනියල් කැවිටි කියන අවකාශයට යවන එක. Ventricular- Peritoneal Shunt කියන්නේ ඒකට.

මේක සරල භාශාවෙන් කියනවා නම් බටයක් ගහලා පීඩනය අඩු කරනවා වගේ වැඩක් කරන්නේ. පෙරිටෝනියල් කැවිටි එකේ ගොඩක් ඉඩ තියන නිසා ඒක ඇතුලේ පීඩනය වැඩි වෙන්නෙ නෑ. අනික එතනිනුත් ඒවා උරා ගෙන මූත්‍රා මාර්ගෙන් පිට කරන්න පුලුවන්.

ශන්ට් එකක් භාවිතයේදි ඇතිවන සන්කුලතා මොනව ද?[සංස්කරණය]

ප්‍රධානව වෙන්න පුලුවන් ප්‍රශ්නෙ තමයි ශන්ට් එක වැඩ නොකරන එක. ඒ කියන්නේ ෆේල්වෙන එක. වැඩිහිටි අයගෙ මේක ෆේල් වෙන රේට් එක සාම්න්‍යයෙන් 15% ක් විතර වෙනවා. ඒ කියන්නෙ 100කගෙ දැම්මොත් 15කගෙ ෆේල් වෙනවා. ෆේල් වෙන්න ගත වෙන මධ්‍යනය කාලය සාම්නයෙන් දවස් 150ක් වෙනවා. ඒ කියන්නෙ ෆේල් වෙන එහෙම වෙන්නෙ බහුතරයකගෙ මුල්දින 150 අතුලෙ. මෙහෙම ෆේල් වෙන්න චාන්ස් එක වැඩි අය හඳුනාගෙන තියනවා. වයසින් වැඩි අය, GCS 13 ට අඩු අය ( සිහිය ගොඩක් අඩු අය) , වැඩි කාලයක් රෝහලේ ඉන්න අය, පිලිකාවක් හෝ ගෙඩියක් නම් එය තිබුන ස්ථානය Ventricals වලට කිට්ටුව නම් ෆේල් වෙන්න චාන්ස් වැඩියි. ( මේ සම්බන්ධයෙන් රිසර්ච් අඩුයි) තව එකක් තමා විෂබීජ යෑම නිසා ආසාදන ඇතිවීම (Infection ). ප්‍රධානව විෂබීජ යන්නෙ හමේ තියන ඒවා. වැඩිපුරම ෂන්ට් එක දාපු අලුත හෝ ෂන්ට් එකෙන් නැවත ටැප් එකක් දාලා ඩ්‍රේන් කරන කිට්ටුව. දාපු අලුත එහෙම වෙන්නෙ මුල් මාස තුන - හය අතර. තව විෂබීජ යන්න පුලුවන් ක්‍රමයක් තමයි බඩෙන් ( පෙරිටෝනි එකෙන් යන්න පුලුවන් විෂබීජ) මේක ටිකක් කලාතුරකින් වුනත් ගොඩක් අමාරු වෙන්න පුලුවන්.

තව වෙන්න පුලුවන් දෙකක් තමා ඕනෑවට වඩා ඩ්‍රේන් වීම සහ අඩුවෙන් ඩ්‍රේන් වීම. ඕනෑවට වඩා උනොත් මොලය හා මොලය කවර් කරන මෙනින්ජි පටල හිස් කබලෙන් ඇකිලිලා ඔලුව රදයක් එන්න පුලුවන්. මේ ඔලුව රදය හාන්සි වුනාම අඩු වෙන රදයක්. අඩුවෙන් ඩ්‍රේන් වුනොත් මොලයේ තරලය වැඩිවෙලා පීඩනය වැඩි වෙන්න පුලුවන්. මේකෙට් එන්නෙ හිස රදයක් තමයි. නමුත් මේකෙදි හාන්සිවෙනකොට කහිනකොට රදය වැඩි වෙන්න ඕනෙ. තව මොලයේ මෙනින්ජිපටල( එහෙම ලේයර් තුනක් තියනවා) අතර තියන ලේ නහර වලට හානිවෙන්න පුලුවන්. එහෙම වෙලා ඒ පටල අතර ලේ කැටි හැදෙන්න පුලුවන්. (Epidural, Subdural Haematoma) මේවාට ශල්‍ය කර්ම කරලා ප්‍රතිකාර පුලුවන්.

සුසුම්නා තරලයේ තෙරපුම[සංස්කරණය]

[1] https://en.wikipedia.org/wiki/Lateral_ventricles#/media/File:Interventricularforamina.jpg

"https://si.wikipedia.org/w/index.php?title=Shunt_එකක්_දැමිම&oldid=403165" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි