Jump to content

ෂේන් වෝඩ්

විකිපීඩියා වෙතින්
(Shayne Ward වෙතින් යළි-යොමු කරන ලදි)
ෂේන් වෝඩ්
ගොනුව:ෂේන්-වෝඩ්.jpg
ෂේන් වෝඩ් මාධ්‍ය ඉදිරියේ
Born
ෂේන් තෝමස් වෝඩ්

ඔක්තෝබර් 16, 1984 (1984-10-16) (වයස 41)
මැන්චෙස්ටර්, එංගලන්තය.
Years active2005–වර්තමානය
Known forගායනය, පොප් සංගීතය
Websitehttp://shayneward.com/

ෂේන් තෝමස් වෝඩ් (1984 ඔක්තෝබර් 16, එංගලන්තයේ මැන්චෙස්ටර් හිදී) අයර්ලන්ත-ඉංග්‍රීසි පොප් ගීත ගායකයෙකු වන මොහු එක්ස්-ෆැක්ටර් දෙවන තරඟාවලියෙන් දිනුම ලැබූ අයෙකි. මිලියන 3කට අධික පිටපත් සංඛ්‍යාවක් අලෙවි කිරීමට සමත්වූ මොහු, රටවල් 9ක හොඳම ගීත ඇල්බමය හා හොඳම ගීතය වීමටද වාසනාව උදා කරගත්තෙකි.

ඔහුගේ පළමු තනි පුද්ගල ගීතය - "That's My Goal", 2005 දෙසැම්බර් 21 වනදා එංගලන්තයේදී නිකුත් කෙරිනි. එය දෙසැම්බර් 31 වන විට අංක 1 ගීතය වී තිබිණි. එහි පිටපත් 313,000ක් එය විකිණූ පළමු දිනයේදීම විකිණීමට හැකිවුණි.

කුඩාකල ජීවිතය

[සංස්කරණය]

මාටින් සහ ෆිලොමිනා යන අයර්ලන්ත යුවලට දාව 1984දී ක්ලේටන් හිදී උපත ලැබූ ෂේන් ට නිවුන් සොයුරියක් වන එමා ද, තවත් සොයුරු සොයුරියන් 5 දෙනෙක්; මාක්, මාටින්, මයිකල්, ලීසා සහ ලියෝනා සිටිත්.

පෞද්ගලික ජීවිතය

[සංස්කරණය]

2004 සිට ෂේන් හා ෆේයි මැක්කීවර් අතර සමීප සම්බන්ධකමක් තිබේ.

ගීත ඇල්බම

[සංස්කරණය]
* Shayne Ward (2006)
* Breathless (2007)
* Obsession (2010)
"https://si.wikipedia.org/w/index.php?title=ෂේන්_වෝඩ්&oldid=483100" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි