Pedro Calungsod

විකිපීඩියා වෙතින්

Pedro Calungsod
Lay Catechist and Martyr[1]
උපතJuly 21, 1654
Ginatilan, Cebu, Captaincy General of the Philippines, Spanish Empire
මරණයApril 2, 1672(1672-04-02) (වයස 17)[2]
Tumon, Guam, Captaincy General of the Philippines, Spanish Empire
ගරු කරනු ලබනුයේCatholic Church
භාග්‍යවත් භාවයට එසවූයේMarch 5, 2000, St. Peter's Basilica, Vatican City Pope John Paul II විසින්
ශුද්ධවර භාවයට එසවූයේOctober 21, 2012, St. Peter's Basilica, Vatican City Pope Benedict XVI විසින්
ප්‍රධාන සිද්ධස්ථානCebu Archdiocesan Shrine of Saint Pedro Calungsod, Archbishop's Residence Compound, 234 D. Jakosalem St., Cebu City 6000 PH
මංගල්‍යය දිනApril 2
ලාක්ෂනික ගුණාංගMartyr's palm, Spear, Bolo, Doctrina Christiana book, Rosary, Christogram, Crucifix
අනුග්‍රාහකත්වයFilipino youth, Catechumens, Altar servers, the Philippines, Overseas Filipino Workers, Guam, Cebuanos, Visayans, Archdiocese of Cebu, Pury, San Antonio, Quezon Province

මුල් දිවිය හා ධර්මදූත මෙහෙවර[සංස්කරණය]

කොලුන්ග්සාඩ් ගේ මුල් ජීවිතය පිළිබඳ තොරතුරු ස්වල්පයකි.  ඉතිහාස වාර්තාවල ඔහුගේ නිශ්චිත උපන් ස්ථානය හෝ උපන් දිනය සඳහන් නොවන අතර ඔහුව හුදෙක් "Pedro Calonsor, el Visayo" ලෙස හඳුනාගෙන ඇත.    

ගුවාම්හි කැටචිට් හිදී  ජේසු නිකායික නේවාසික පාසලක ප්‍රාථමික අධ්‍යාපනය ලැබීය.  මිෂනාරි සේවය සඳහා අවශ්‍ය වූ බැවින් ඔහු චිත්‍ර ඇඳීම,  ගායනය, රංගනය සහ වඩු වැඩ කිරීමේ කුසලතා ද ඔප්නැංවී ඇත.

1668 දී, එවකට 14 හැවිරිදි වියේ පසුවූ කොලුන්ග්සාඩ්, ස්පාඤ්ඤ ජේසු නිකායික මිෂනාරිවරුන් සමඟ කන්‍යා මරිය තුමියට ගෞරව කිරීම සඳහා පෙර වසරේ මරියානා දූපත්  ලෙසින් නම් කරන ලද Islas de Los Ladrones වෙත යාමට තෝරාගත් දූත පිරිසේ විය.  කැමරෝස් දූපතේ අවශ්‍ය පහසුකම් අවම  නිසාත්, වනාන්තර සහ භූමි ප්‍රදේශය හරහා ගමන් කිරීම දුෂ්කර වූ නිසාත්, මරියානා සුළි කුණාටුවෙන් නිතර විනාශ වූ නිසාත් දිවයිනේ මිෂනාරි ජීවිතය දුෂ්කර විය.  කෙසේ වෙතත් මෙම මෙහෙයුම නොපසුබට වූ අතර, ප්‍රදේශවාසීන් සැලකිය යුතු පිරිසක් බව්තීස්ම විය.

ප්‍රාණපරිත්‍යාගය[සංස්කරණය]

ගුවාම් හි පිටුවහල් කරන ලද මැනිලාහි අපරාධකරුවෙකු වූ චෝකෝහ් නම් චීන ජාතිකයෙක් මිෂනාරිවරුන්ගේ බව්තීස්ම ජලය විෂ සහිත බවට කටකතා පතුරුවා හැරීමට පටන් ගත්තේය.  බව්තීස්ම වූ සමහර රෝගී ළදරුවන් අවසානයේදී මිය ගිය නිසා, බොහෝ දෙනෙක් කතාව විශ්වාස කළ අතර මිෂනාරිවරුන් වගකිව යුතුය යන්න කටකතා ලෙස පැතිරිණි. මිෂනාරිවරුන් පිළිකුල් කළ මැකන්ජාස් වරුන් තරුණ පිරිමින්  විසින් චොකෝට පහසුවෙන්ම සහාය විය.

එස්තෙබෑන් නම් පලාගිය සහකාරිය සෙවීමේදී කොලුන්ග්සාඩ් සහ සැන්විතෝරෙස් 1672 අප්‍රේල් 2 වැනිදා ගුවාම් හි ටූමෝන් නම් ගම්මානයට පැමිණියහ. ගමේ ප්‍රධානියා මාතාපන්ග් ගේ බිරිඳ දියණියක ප්‍රසූත කර ඇති බව ඔවුහු දැනගත්හ.  වහාම දරුවා බව්තීස්ම කිරීමට ගියේය.  චොකෝගේ අවලාදවලින්  බලපෑමට ලක් වූ ප්‍රධානී මාතාපන්ග් දැඩි ලෙස විරුද්ධ විය.ඔහුට සන්සුන් වීමට ටික වේලාවක් ලබා දීම සඳහා, මිෂනාරිවරු ගමේ ළමයින් සහ වැඩිහිටියන් කිහිප දෙනෙකු අසල වෙරළට රැස් කර දේශනා කළෝය.   ඔවුන් මාතාපන්ග් ට ඔවුන් සමඟ එක්වන ලෙස ආරාධනා කළ නමුත්, ඔහු දෙවියන් වහන්සේ සමඟ කෝපයෙන් සිටින බවත් ක්‍රිස්තියානි ඉගැන්වීම් එපා වී ඇති බවත් දැඩිව අවධාරණය කරන ලදී.

මිෂනාරිවරුන් මරාදැමීමට අධිෂ්ඨාන කර ගත් මාතාපන්ග් ගොස් වෙනත් ගැමියෙකු වන හිරාඕ නම් මිථ්‍යාදෘෂ්ටිකයෙකු ඒ සඳහා යොදවා ගැනීමට උත්සාහ කළේය.  ඔහු  මුලදී එය ප්‍රතික්ෂේප කළේ, ස්වදේශිකයන් කෙරෙහි මිෂනාරිවරුන්ගේ කාරුණික බව සිහිකරමින් ය. නමුත් මාතාපන්ග් ඔහුව බියගුල්ලෙකු ලෙස හංවඩු ගැසූ විට කෝපයට පත් වූ ඔහු අවසානයේ දි කොලුන්ග්සාඩ් මුනිතුමන් හා ඔහුගේ හිතවතා වූ සැන්විතෝරස් ව මරණයට පත් කිරීමට එකඟ විය. මාතාපන්ග් ඔහුගේ නිවසින් බැහැරව සිටියදී, සැන්විතෝරස් සහ කොලුන්ග්සාඩ්, දැරිය ඇගේ ක්‍රිස්තියානි මවගේ කැමැත්ත ඇතිව බව්තීස්ම කළහ.

මාතාපන්ග් තම දියණියගේ බව්තීස්මය ගැන දැනගත් විට,  තවත් කෝපයට පත් විය.  ඔහු ප්‍රචණ්ඩ ලෙස හෙල්ල  එල්ල කළේ ඔවුන්ව මඟහැර යාමට සමත් වූ කොලුන්ග්සාඩ් වෙතටය. එහිදී ඔහුට බේරී සිටිය හැකි නමුත් ඔහුගේ හේතවතා වූ සැන්විතෝරස්  අතහැර නොයන ලදී.  කොලුන්ග්සාඩ් ගේ පපුවට හෙල්ල පහර වැදී බිම වැටුණි.හීරාඕ වහාම ක්‍රියාත්මකව  පිහියකින් පහර දී කොලුන්ග්සාඩ් ව මරණයට පත් කළේය.පසුව ඔහුගේ හිතවතා වූ සැන්විතෝරස් ද මරණයට පත් කර දෙදෙනාගේම සිරුරුගෙන පාදවල ගල් ගැටගසා පිලිපීන මුහුදු ප්‍රදේශයේ වූ ටියුමන් බොක්කට හෙලන ලදී.ඒ 1672 අප්‍රේල් මස දෙවැනිදා ය.

සාන්තුවරභාවය හිමිවීම[සංස්කරණය]

කතෝලික සභාව විසින් සාන්තුවරභාවයට එසවීම සඳහා එතුමන්ගේ මැදිහත්කමින් සිදුවූ ප්‍රාතිහාර්ය න් 2011 දෙසැම්බර් 19 වන දින ශුද්ධාසනය නිල වශයෙන් අනුමත කරන ලදී.  හදුනාගත් ප්‍රාතිහාර්යය සිදු වන්නේ 2003 මාර්තු 26 වන දින, හෘදයාබාධයකින් පැය දෙකකට පසු සායනිකව මිය ගිය බව ප්‍රකාශ කළ ලෙයිට්හි කාන්තාවක් සඳහා  වෛද්‍යවරයකු විසින්  කොලුන්ග්සාඩ් මුනිතුමන් ගේ මැදිහත්වීම ඉල්ලා සිටීමෙන් නැවත ඇයට දිවි ලැබුණු විටය.

කාදිනල් ඇන්ජලෝ අමාටෝ විසින් මෙහි මුලසුන දැරීය.  16 වන බෙනඩික්ට් පාප් වහන්සේ ප්‍රාතිහාර්යයන් සත්‍ය සහ විශ්වාස කිරීමට සුදුසු ඒවා ලෙස පිළිගනිමින් නිල ප්‍රකාශන අනුමත කර අත්සන් කර ඇති බව ඔහු පසුව හෙළි කළේය.   නව සාන්තුවරයන්ගේ ශාන්තුවරභාවය ප්‍රකාශයට පත් කරන ලෙස කාදිනල් අමාටෝ නිල වශයෙන් පාප් වහන්සේට පෙත්සමක් ඉදිරිපත් කළේය.  2012 ඔක්තෝම්බර් 21 වන දින 16 වන බෙනඩික්ට් පාප් වහන්සේ විසින් ශාන්ත පීතර  බැසිලිකා දෙව්මැදුරේ දී  කොලුන්ග්සාඩ් ව ශුද්ධවරයට ඔසවන ලදී.

මංගල්‍යය[සංස්කරණය]

මැනිලාහි ශුද්ධ වූ  ලොරෙන්සෝ රුයිස් මුනිතුමාගෙන් පසුව, රෝමානු කතෝලික පල්ලිය විසින් සාන්තුවරයෙකු ලෙස ප්‍රකාශයට පත් කරන ලද දෙවන පිලිපීන ජාතිකයා ශුද්ධ වූ පේද්‍රෝ කොලුන්ග්සාඩ් මුනිතුමා ය. සෑම වර්ෂයකම අප්‍රේල් 2වන  දින ආශිර්වාද ලත් ඩියාගෝ ලුයිස් ද සැන්විටෝරස් සමඟ ශුද්ධ වූ පේද්‍රෝ කොලුන්ග්සාඩ් මුනිතුමන්ගේ මංගල්‍යය සමරන්නීය.

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

  1. Carlomagno Bacaltos. "A Catechetical Primer on the Life, Martyrdom and Glorification of Blessed Pedro Calungsod – Part 2". සම්ප්‍රවේශය October 31, 2014.
  2. Carlomagno Bacaltos. "A Catechetical Primer on the Life, Martyrdom and Glorification of Blessed Pedro Calungsod – Part 1". සම්ප්‍රවේශය October 31, 2014.
"https://si.wikipedia.org/w/index.php?title=Pedro_Calungsod&oldid=553758" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි