PAN දේශීයකරණ ව්‍යාපෘතිය

විකිපීඩියා වෙතින්

PAN දේශීයකරණ ව්‍යාපෘතිය

PAN දේශීයකරණ ව්‍යාපෘතිය

PAN දේශීයකරණ ව්‍යාපෘතියේ ලාංඡනය
මව් ව්‍යාපෘතිය: IDRC
ව්‍යාපෘතිය: PAN ‍දේශීයකරණය
ආරම්භය :


PAN දේශීයකරණය[සංස්කරණය]

කැනඩාවේ ජාත්‍යන්තර සංවර්ධන පර්යේෂණ ආයතනය තම PAN Asia Networking වැඩ සටහන හරහා සහ පකිස්තානයේ පරිගණක සහ නූතන විද්‍යාව සඳහා වූ ජාතික විශ්වවිද්‍යාලය තම උර්දු භාෂා පර්යේෂණ මධ්‍යස්ථානය හරහා දේශීය භාෂා පරිගණනය සඳහා කලාපීය ආයතනවල ධාරිතාව ගොඩ නැගීමට දකුණු හා අග්නිදිග ආසියාව පුරා ක්‍රියාත්මක වන තුන් අවුරුදු සහයෝගීතා වැඩසටහනකි වර්ෂ 2001 අවසානයේ දී වාර්තාගත වූ අන්තර්ජාල භාවිත කරන්නන් අතුරින් විශාලතම කණ්ඩායම වූයේ ආසියාතිකයන් ය. එනමුදු එකී සමූහය සමස්ත ආසියානු ජනගහනය හා සැසඳූ කල්හි 4.5% කටත් අඩු ය. කලාපය තුළ පවතින භාෂා විවිධත්වය හේතුවෙන් දැනට ඉංග්‍රීසි මාධ්‍යයෙන් පලවී තිබෙන තොරතුරු පරිශීලනය කිරීමට ආසියානු ජනගහනයෙන් බහුතරයක් වූ ඉංග්‍රීසි භාෂාව එදිනෙදා භාවිත නොකරන ග්‍රාමීය දිළිඳු ජනතාවට ඇති ඉඩ ප්‍රස්ථාව ඇහිරී ඇත.

ආසියානු කලාපය තුළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ආයෝජන දැනටමත් කෙරී ඇති නමුත් , ( කාලීන තොරතුරුවල සුලබතාවෙන්) බහුතරයකට සෙත සැලසීමට හුදෙක් අන්තර්ජාල සම්බන්ධතාව සහ තාක්ෂණ යටිතල පහසුකම් දියුණු කිරීමෙන්ම පමණක් කළ නොහැකි බවට කලාපය තුළ දැනට පවතින තොරතුරු තාක්ෂණ විෂයේ ඇතිනැති පරතරය (Digital Divide) සාක්ෂි දරයි. කළ යුත්තේ බහුතර ජනතාව එදිනෙදා භාවිත කරන භාෂාවන්ගෙන් තොරතුරු ප්‍රකාශයට පත්කොට ඒවා පරිශීලනය කිරීමට ඇති ඉඩකඩ පුළුල් කිරීමයි. පරිශීලනයට ඇති ඉඩකඩ පුළුල් කිරීම යනු දේශීය භාෂා පරිගණනය සඳහා වූ නිශ්චිත රාමුවක් (Local Language Computing Framework) සහ එකී තොරතුරු බහුතර ජනතාවක් භාවිත කරන දේශීය භාෂාවන්ට පරිවර්තනය කිරීමට සහ එකී භාෂාවලින් ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය මෙවලම් සකස් කීරීම යි. ප්‍රකාශනයට ඇති ඉඩකඩ පුළුල් කිරීම ලෙස මෙහිදී හඳුන්වන්නේ ඉහත සඳහන් කළ මෙවලම් භාවිතයෙන් එකී දේශීය භාෂාවලින් තොරතුරු ජනනය කිරීමයි. දේශීය භාෂා යොදා ගනිමින් පරිගණනය කිරීමට ඇති නොහැකියාව තොරතුරු ලබා ගැනීමට හා අධ්‍යාපනයට ඇති අයිතිය යන මූලික මිනිස් අයිතිවාසිකම් දෙකම සම්බන්ධයෙන් බාධාවක්ව පවතී.


IDRC[1] සංරක්ෂණය කළ පිටපත 2008-03-13 at the Wayback Machine[සංස්කරණය]

PAN දේශීයකරණය ක්‍රියාත්මක ර‍ටවල් සහ අනුබද්ධ ආයතන[සංස්කරණය]

බංගලාදේශය[සංස්කරණය]

  • BRAC විශ්වවිද්‍යාලය

භූටානය[සංස්කරණය]

  • කෙමර් අක්ෂර පරිගණකය සඳහා ප්‍රමිතිකරණය කිරීම පිලිබඳ ජාතික කමිටුව, ජාතික තොරතුරු සන්නිවේදන සංවර්ධන අධිකාරිය

කාම්බෝජය[සංස්කරණය]

  • විද්‍යා, තාක්ෂණ සහ පාරිසරික ආයතනය ලාඕස් ජාතික විශ්වවිද්‍යාලය

ලාඕසය[සංස්කරණය]

  • තොරතුරු සහ තාක්ෂණ දෙපාර්තුමේන්තුව, තොරතුරු සහ සන්නිවේදන අමාත්‍යාංශය සොන්ග්කා සංවර්ධන අධිකාරිය, අධ්‍යාපන අමාත්‍යාංශය ශෙරුබ්ස්තෙ විද්‍යාලය

නේපාලය[සංස්කරණය]

  • මදන් පුරස්කර් පුස්තාලය

ශ්‍රී ලංකාව[සංස්කරණය]

අදියර-1[සංස්කරණය]

පෑන් දේශීයකරණ පර්යේෂණ ව්‍යාපෘතිය පුළුල් අරමුණු තුනක් පෙරදැරි කර ගනී. ( 2004-2007 )

අරමුණු ස‍හ අභිමතාර්ත[සංස්කරණය]

  • ආසියානු කලාපය තුළ දේශීය භාෂා තාක්ෂණය සඳහා වූ පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍රයන්හි මානව සම්පත් සංවර්ධන පුළුල් කිරීම

පවතින තාක්ෂණය සමඟ දේශීය භාෂා හැසිරවීමට හැකිවන පරිදි එකී තාක්ෂණයන්හි සිදු කළ යුතු පුළුල් කිරීම් සම්බන්ධ නිපුණතා වර්ධනය කිරීමේ අවශ්‍යතාව බොහෝ ආසියානු රටවල මානව සම්පත් සංචිතයනට ඇත.


  • ආසියානු භාෂා හැසිරවීම සඳහා ඇති තාක්ෂණික පහසුකම් ඉහළ නැංවීම

ඇතැම් ලක්ෂණ අතින් ආසියානු භාෂා ඉංග්‍රීසියට වඩා සංකීර්ණ වෙයි. උදාහරණ ලෙස සංකීර්ණ ලේබන ශෛලීන් දැක්විය හැකිය. වර්තමාන තාක්ෂණය ආරම්භයේ සිටම ඉංග්‍රීසිය හැසිරවීම සඳහා සීමාවුණ අතර එය බොහෝ ආසියානු භාෂා හැසිරවීමේ දී පැන නගින අවශ්‍යතා සම්පූර්ණයෙන්ම සැපිරුණේ නැත. එම නිසා එකී ඌනතා මඟ හරවා ගත යුතුව ඇත.


  • ආසියානු කලාපය තුළ දේශීය භාෂා යොදා ගනිමින් කරනු ලබන තොරතුරු ජනනය කිරීම සඳහා වූ ප්‍රතිපත්ති සම්පාදනය කිරීම

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හරහා දේශීය භාෂා යොදා ගනිමින් කරනු ලබන තොරතුරු ප්‍රකාශනය හා පරිශීලනය සම්බන්ධයෙන් පැන නගින ගැටලු මොනවාද යන්නත් , එකී ගැටලු නිරාකරණය කර ගැනීමේ දී අවශ්‍ය ප්‍රතිපත්තිමය රාමුව සහ යොදාගත හැකි කෙටි කාලීන සහ දිගු කාලීන විසඳුම් මොනවාද යන්නත් විමසා බැලෙන අධ්‍යයනයන් කෙරී ඇත්තේ ඉතා මඳ වශයෙනි.

අදියර-2[සංස්කරණය]

(2007-2010)

අරමුණු ස‍හ අභිමතාර්ත[සංස්කරණය]

  1. කළාපීය ව්‍යාපෘති කාර්යයන්
  2. පරිගණකානුසාර භාෂා පරිවර්තකයක් නිර්මාණය කිරීම
  3. ජංගම මෙවළම් සඳහා අත් අකුරු හඳුනාගැනීමේ මෘදුකාංගයක් නිර්මාණය කිරීම
  4. දේශීය භාෂා ඉගැන්වීම සඳහා කාර්යක්ෂම ක්‍රමවේදයක් ප්‍රවර්ධනය හා ඉ‍ගෙනුම් ආධාරක නිර්මාණය කිරීම
  5. සිංහල වෙබ් අන්තර්ගත ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය පුහුණුව සැපයීම
"https://si.wikipedia.org/w/index.php?title=PAN_දේශීයකරණ_ව්‍යාපෘතිය&oldid=591158" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි