PAL

විකිපීඩියා වෙතින්
රටවල් අතර රූපවාහිනි කේතීකරණ සම්මතය,PAL භාවිතා කරන රටවල් නිල් වර්ණයෙන් දක්වා ඇත.

PAL ලෙස කෙටියෙන් හදුන්වන අදියර විකල්ප මාර්ග ලෝකයේ විශාල කොටසක භාවිතා වන වර්ණ කේත සහිත රූපවාහිනි ප්‍රචාරණ පද්ධතියකි. අනිකුත් පොදු සංණ්‍යා රූපවාහිනි පද්ධති SECAM සහ NTSC වේ. මෙ පිටුව මගින් වර්ණ කේත පද්ධති පමණක් සාකච්ඡා කරනු ලබයි. ප්‍රචාරණ රූපවාහිනි පද්ධති සහ සංඛ්‍යාක රූපවාහිනි මගින් සැලකිලි අගයන්, ප්‍රතිබ්ම්බය විභේදනය සහ ශ්‍රව්‍ය මුර්ජනය සාකච්ඡා කරනු ලබයි. සාකච්ඡාන සදමා රැහැන 25 රූපවාහිනි සම්මත 576 බලන්න.

තාක්ෂණික විස්තර[සංස්කරණය]

PAL හා NTSC පද්ධති වල මූලික සිද්ධාන්ත එක හා සමාන වේ. මෙහිදී දත්ත ‍රැගෙන යන සෘජුකෝණී විස්තාර පාලනය කරන උපවාහකය, සංයුක්ත වීඩියෝ පාදම් කලාප සංඥාවක් තැනීමට ප්‍රදීප්ත වීඩියෝ වට (Luminance Video) එකතු කරයි. NTSC වල 3.58 MHz (3.58 මෙගා හර්ට්ස්) උපවාහක සංඛ්‍යානයට සාපේක්ෂව PAL වල සංඛ්‍යාතය 4.43 MHz වේ. SECAM පද්ධතිය අනික් අතින්, එහි වර්ණ ප්‍රවාහකය ලෙස සංඛ්‍යාත පාලක ක්‍රමයක් යොදාගනී.

"කලාප මාරුකරන මාර්ග" (Phase alternating Line) මඟින් රූපවාහිනී දත්තවල කලාප කොටසේ සංඥා අනිකුත් මාර්ග සමඟ ප්‍රතිවර්තනය කිරීම විස්තර කරයි. කලාප වැරදි (Phase errors) අවලංගු කිරීම මඟින් සංඥා සම්ප්‍රේෂණය නිවැරදි කිරීම ස්වයංක්‍රීයාව සිදුකරයි. NTSC වලට සාපේක්ෂව වර්ණ කලාප පෙරලන මාර්ග බොහෝවිට PAL හෝ කලාප වෙනස්කරන මාර්ග නම් කරයි. කලින් පැවති PAL පතිග්‍රාහක එම අවලංගු කිරීමට මනුෂ්‍ය ඇසේ දෝෂ මත රඳා පැවති අතර කෙසේවුවත් මෙය පනාවක් වැනි (comb-like effect) බලපෑමක් විශාල කලාප වැරදි මත ඇතිකලේය. මෙලෙස දැනට පවතින බෙහෝ ග්‍රාහක Chrominance (වර්ණවල ආලෝකයේ ගුණය) delay line (ප්‍රමාද මාර්ග) භාවිතා කරන අතර, ඒවා වර්ණ දත්ත සංදර්ශනවල හැම තීරුවකම සංචිත කර තබා ගන්නා අතර පින්තූර කාලය පවත්වාගෙන යාමටද ඉවහල් වේ. මෙහි බලපෑම වනුයේ කලාප වැරදි සංතෘප්තවීම වෙනස්වීමට හේතු වේ. මෙය NTSC පද්ධතිවලට සැසඳීමේදී අඩු ය. NTSC පද්ධතිවලට සාපේක්ෂව වර්ණ විභේදනය අඩු වන අතර මිනිස් ඇසේ විභේදනය PAL වල දීප්ත විභේදනයට වඩා බොහෝ ලෙස අඩු නිසා මෙම බලපෑම එතරම් නොපෙනේ. NTSC, PAL හා SECAM යන හැම පද්ධතියකම chrominance කලාප පළල (තිරස් වර්ණ දත්ත) දීප්තිමත් සංඥා වලට සාපේක්ෂව විශාල ලෙස අඩුවේ.


G පද්ධතියක ප්‍රේක්ෂාවලිය (කලාප IV හා V) (වර්ණ PAL හෝ SECAM රූපවාහිනී චැනල)


4.43361875 MHz සංඛ්‍යාතයක් ඇති වර්ණ වාහකය ඇතිවීමට 288.75 වර්ණ‍හෝරාවට/තීරුවකට හා 25 Hz (බාදා වැලැක්වීමේ සංඛ්‍යාතය) එකතුව බලපායි. සංඛ්‍යාතය 15625 Hz බැවින්, වර්ණ ප්‍රවාහක සංඛ්‍යාතය මෙම සමීකරණයෙන් ගණන් කරයි. 4.43361875 MHz = 283.75 x 15625 Hz + 25 Hz

CVBS යනු සංකේතනාමයකි. එය "සංයුක්ත වීඩියෝ පදනම් කලාප සංඥා" හැඟවීමට භාවිතා නොකරයි. CVBS ඇත්ත වශයෙන්ම සංයුක්ත වීඩියෝ වල මූලික සිද්ධානත් වන C (Chroma - වර්ණ ආලෝක ගුණය V(Video - වීඩියෝ), B(Burst - පැලීම්), S (Sync - සමමුහුර්ත කරණය) වල එකතුවයි.

රූපවාහිනී - PAL සම්මතයේ ඉතිහාසය[සංස්කරණය]

1950 දී පමණ බටහිර යුරෝපීය රටවල්වල වර්ණ රූපවාහිනී ප්‍රචාරණය කිරීමට සැලසුම් කිරීමේදී ගැටලුවක් ඇතිවිණි. එනම් දැනට පවතින ඇමරිකානු NTSC සම්මතය යුරෝපීය ජව ජාලවල 50Hz AC සංඛ්‍යාතයට නොගැලපීමයි.මීට අමතරව NTSC පරිපූර්ණ සම්ප්‍රේෂණ තත්ත්වවලට වඩා අඩු තත්ත්ව යටතේදී වර්ණ සංයෝග ආකාරයේ වෙනස් කිරීම ඇතුළත්ව දුර්වලතා කිහිපයක් පෙන්නුම් කරන ලදී. එම හේතු නිසා SECAM හා PAL සම්මතවල දියුණු වීම ආරම්භ විණි. මෙහි අරමුණ වූයේ 50Hz රූප සංඛ්‍යාතයකින් හා NTSC ට වඩා හොඳ වර්ණ රූපවලින් යුත් වර්ණ ටීවී සම්මතයක් සපයා දීමයි.

PAL ජර්මනියේ ටෙලිෆන්කන් හි වෝල්ර් බ්රච් විසින් නිපදවන ලදී. ආකෘතියේ ප්‍රථම එළි දැක්වීම 1963 දී සිදු කළ අතර ප්‍රථම විකාශනය 1967 දී එක්සත් රාජධානියේ දී හා ජර්මනියේ දී ආරම්භ විය.

ටෙලිෆන්කන් ආයතනය පසුව ප්‍රංශ ඉලෙක්ට්‍රොනික නිෂ්පාදකයකු වූ තොම්සන් විසින් මිළට ගන්නා ලදී. තවද තොම්සන් විසින් SECAM සම්මතය හිමි කම්පැනි, ජෙනරල් ඩි ටෙලිවිෂන් ආයතනය ද මිළට ගන්නා ලදී.පළමු යුරෝපීය වර්ණ රූපවාහිනී සම්මතය වූයේ මෙම SECAM සම්මතයයි.එය හේනරි ඩි ෆ්රාන්ස් නිර්මාණය කරන ලදී. තොම්සන් එම ආයතනයට සම්බන්ධ වීමට පෙර NTSC නම් ඉලෙක්ට්‍රොනික උපාංග සඳහා වූ RCA වර්ගයේ සම අයිතිකරු ද වූහ.

PAL යන වදන අවිධිමත් ලෙස බහුලව භාවිතා කරන්නේ 625-line/ 50Hz (576i, මූලිකව යුරෝපීය) රූපවාහිනී පද්ධති හැඳින්වීමට හා 525-line/60Hz (480i මූලිකව උතුරු ඇමරිකානු/මධ්‍යම ඇමරිකානු/ජපාන) NTSC පද්ධතිවලින් වෙන් කොට දැක්වීමටය. ඒ අනුව DVD ද PAL හෝ NTSC ලෙස (අවිධිමත්ව රේඛා ගණනයට හා රාමු ශීඝ්‍රතාවයට අදාළ වේ) ලේබල්ගත කර ඇති නමුත් තාක්ෂණික වශයෙන් යුරෝපානු තැටිවල PAL කොටස්වලින් යුත් වර්ණ නැත. මෙම භාවිතය මඟින්, පරිශීලකයන් PAL යන්නෙහි අර්ථය ලෙස රූපවල විභේදක බලය යන්න පිළිගැනීමට ඔවුන් යොමු කරන නමුත් එය එසේ නොවේ. PAL වර්ණ පද්ධති ඕනෑම විභේදක බලයක් හා රාමු ශීඝ්‍රතාවයක් සමඟ සම්බන්ධව භාවිතා කළ හැකි අතර එවැනි සම්බන්ධතා බොහෝමයක් පවතී. සන්සන්දනාත්මක ලෙස NTSC මඟින් වීඩියෝ මාර්ගය හා රාමු ආකෘතිය අර්ථ දක්වයි.

"https://si.wikipedia.org/w/index.php?title=PAL&oldid=472020" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි