openSUSE ව්‍යාපෘතිය

විකිපීඩියා වෙතින්

The openSUSE ව්‍යාපෘතිය යනු openSUSE ලිනක්ස් බෙදාහැරීම නිපදවීමට, වැඩිදියුනු කිරීමට හා ලේඛන ගත කිරීම සදහාද එය ලෝකයේ අංක එකෙහි ලිනක්ස් බෙදාහැරීම බවට පත් කිරීමටද ආරම්භ කරන ලද ව්‍යාපෘතියකි.[1].

ව්‍යාපෘතිය[සංස්කරණය]

ගොනුව:OpenSUSE ලාංජනය.svg.png
openSUSE ව්‍යාපෘති ලාංජනය

The openSUSE ව්‍යාපෘතිය ප්‍රජා මූලික ව්‍යාපෘතියක් වන අතර Novell, AMD හා IP Exchange යන සමාගම් මගින් අනුග්‍රාහය ලබා දේ.[2]. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ openSUSE සංවර්ධනය කිරීම තුලින් ලිනක්ස් සෑම තැනකම ප්‍රචලිත කිරීමයි. තවද openSUSE සේවා මගින් විවෘත කේත සදහා සැමට එකතුව ක්‍රියාකල හැකි පරිසරයක් නිර්මාණයද මෙහි අරමුණවේ. මෙය නිදහස් ම්රුදුකාංගයක් නිසා අවශයය ඕනෑම අයෙකුට සහභාගී විය හැකි අතර භාෂා පරිවර්තනය, විකි පරිවර්තනය, බෙදාහැරීම, rpm පැකේජ සංවර්ධනය, දෝෂ වාර්ථා කිරීම හෝ නව අංග වාර්තාකිරීම සංරක්ෂණය කළ පිටපත 2010-10-23 at the Wayback Machine වැනි දෑ මගින් මේ සදහා සහාය විය හැක.

ප්‍රධාන අරමුණු[සංස්කරණය]

openSUSE guidelines[1] මගින් මෙම ව්‍යාපෘතියේ අරමුනූ හා එහි කලමනාකරණය පිලිබද විස්තර කරයි.

openSUSE ව්‍යාපෘතියේ අරමුණු වන්නේ, [3]:

  • openSUSE වඩාත්ම පහසු හා අන් අයට ලබා ගත හැකි වඩාත්ම භාවිතාවන නිදහස් විවෘත කේත පදනම කිරීම.
  • openSUSE ලෝකයේ හොදම ලිනක්ස් බෙදාහැරීම බවට පත් කිරීම සදහා විවෘත කේත සදහා සහාය ලබා දීම.
  • පැකේජ සැකසීම සැමට විවෘත කිරීම තුලින් openSUSE ලිනක්ස් හැකර්වරුන් හා සංවර්ධකයන් හි තේරීම බවට පත්කිරීම.
  • වැඩිම පැකේජ ගණනක් ලබාදෙන සරලතම ලිනක්ස් බෙදාහැරීම බවට පත්වීම.

ක්‍රියාකාරකම්[සංස්කරණය]

සෑම සතියකම openSUSE ව්‍යාපෘතිය ප්‍රවෘති පත්‍රයක් ප්‍රකාශයට පත් කරන අතර එහි ව්‍යාපෘතිය හා සම්බන්ධ වාර්තා හා බෙදාහැරීම් හා සාමාජිකයින් සමග සාකච්චා පල කරනු ලබයි. එය ජර්මන්, Spanish, ජපන්, චීන, රුසියානු, පෝලන්ත, පෘතුග්‍රීසී හා ඉන්දුනීසියානු යන භාෂාවලට පරිවර්තනය කරනු ලැබේ.

2008 මැයි මාසයේ openSUSE ව්‍යාපෘතිය මගින් 'lizards.opensuse.org [4] බ්ලොග් සදහා වූ පද්ධතිය ආරම්භ විය.

See also[සංස්කරණය]

  • openSUSE
  • SUSE ලිනක්ස් බෙදාහැරීම්

External links[සංස්කරණය]

References[සංස්කරණය]

  1. 1.0 1.1 "openSUSE මූලිකාංග". En.opensuse.org. සම්ප්‍රවේශය 2010-11-09.
  2. "අනුග්‍රහය- openSUSE". 2008-08-05. සම්ප්‍රවේශය 2008-08-05.
  3. "Project Overview - openSUSE". 2008-08-04. 2008-06-17 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-08-04.
  4. "Blogging පදනම ආරම්භ කිරීම". 2008-08-04. සම්ප්‍රවේශය 2008-08-04.
"https://si.wikipedia.org/w/index.php?title=OpenSUSE_ව්‍යාපෘතිය&oldid=591157" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි