NSBM හරිත සරසවිය

විකිපීඩියා වෙතින්

NSBM හරිත සරසවිය ( NSBM Green University) හෝමාගම පිටිපන ප්‍රදේශයේ අක්කර 26ක භූමියක් පුරා ඉදිව තිබෙන, ශ්‍රී ලංකික දරුවන්ට අති නවීන පහසුකම් මෙන්ම ඉතා පුළුල් ඉගෙනුම් අවකාශයක් උදා කර දී ඇති උසස් අධ්‍යාපන ආයතනයකි.

NSBM සරසවිය තම සංවර්ධන සැලැස්ම සඳහා හරිත ඉදිකිරීම් තාක්ෂණය හා තිරසාර සංකල්ප ද යොදාගෙන ඇත. ස්වභාවික වායු සැපයුම, සූර්යාලෝකය හා බාහිර සුවපහසුව මෙන්ම වගා කටයුතු සඳහා ජලය සපයන අපජල කළමනාකරණ ඒකකය, සූර්ය බලශක්ති භාවිතය, LED විදුලි ආලෝකකරණය, උෂ්ණත්වය පාලනය කිරීමට දායක වන හරිත ගොඩනැගිලි පියැසි හා හරිත තිර ආදිය එසේ තිරසාර නිර්මාණ සැලසුම් භාවිතයට නිදසුන් වේ. සිසුන්ට තම දේශනවලදී සක්‍රීය සහභාගීත්වයක් ලබාදිය හැකි සහ අවධානය නිවැරදිව තබාගත හැකි අයුරින් දේශනා ශාලා නිමවා තිබීම ද කැපීපෙනේ. නවීන තාක්ෂණය ඇසුරින් තම දේශන ඉදිරිපත්කිරීමට ද ආචාර්යවරුන්ට ඉඩ සලසා දී ඇත. සිසුන්ට මෙන්ම ආචාර්ය මණ්ඩලයටත් නිවාස පහසුකම් සපයා දී ඇත්තේ නේවාසික අත්දැකීමක් සමීප කරවමිනි.

සිසුන් හා අධ්‍යයන පීඨ අතර අඛණ්ඩ සබඳතාව තහවුරු කරමින් විශ්ව විද්‍යාල පරිශ්‍රයේ සෑම ගොඩනැගිල්ලක්ම එකිනෙකට රූපමය අයුරින් සම්බන්ධ වේ. ව්‍යාපාර කළමනාකරණ, තොරතුරු තාක්ෂණ හා ඉංජිනේරු යන පීඨ තුන මෙන්ම විශ්ව විද්‍යාල පරිපාලන ගොඩනැගිලි‍, පුස්තකාලය, ශ්‍රවණාගාරය, ශිෂ්‍ය මධ්‍යස්ථානය ආදියද බොහෝ ඉඩපහසුකම් සහිතව හා සුවපහසුවට නිර්මාණය කර ඇති අතර සිසුන්ට එක්ව හිඳිමින් සාකච්ඡා කිරීමට අදහස් හුවමාරු කරගැනීමට හා සාමූහික ඉගෙනුමට කදිම අවස්ථාවක් උදා කර දී ඇත.

NSBM හරිත සරසවිය


Motto Find Greatness in Every Step
"https://si.wikipedia.org/w/index.php?title=NSBM_හරිත_සරසවිය&oldid=575190" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි