M32 dwarf elliptical galaxy (Satellite galaxy)

විකිපීඩියා වෙතින්

M32 කියන්නේ අපේ ලගම විශාල මන්දාකිනිය වෙන Andromeda වටේට ගමන් කරන මන්දාකිනියක්. පෘතුවිය වටේට චන්ද්‍රයා ගමන් කරනවා වගේම සමහර මන්දාකිනි වටේටත් මේ වගේ මන්දාකිනි ගමන් කරනවා. දැනට හොයන් තියෙන විදියට Andromeda වටේට මෙහෙම කුඩා ප්‍රමාණයෙ මන්දාකිනි විශාල ප්‍රමාණයක් තියෙනවා.මේවා හදුන්වන්නේ satellite galaxies කියලා. Satellite galaxies ගුරුත්වාකර්ෂණයෙන් ප්‍රමාණයෙන් ලොකු මන්දාකිනිය එක්ක සම්බන්ධයි.

💫Andromeda වටේ තියෙන මේ මන්දාකිනි වලින් අපිට ලේසියෙන් නිරීක්ෂණය කරන්න පුළුවන් දීප්තිමත් satellite galaxy එක වෙන්නේ M110. M32 මන්දාකිනිය 1749දී ප්‍රංශ ජාතික Guillaume Gentil විසින් හොයාගන්නවා, පස්සේ චාල්ස් මෙසියර් එයාගේ ගැඹුරු ආකාශ වස්තු නාමාවලියට මේක එකතු කරනවා

💫Andromeda වටේ තියෙන ඉතිරි satellite galaxies වලින් ගොඩක් හොයාගන්නේ පස්සේ කලෙක. මොකද මේ වගේ මන්දාකිනි දීප්තියෙන් සාමාන්‍ය මන්දාකිනි වලටත් වඩා අඩුයි, නිරීක්ෂණය කරන්න අමාරුයි. ගොඩක් වෙලාවට මේ විදියේ මන්දාකිනි ගැන විද්‍යාඥයෝ වැඩි අවධානයක් යොමු කරන්නේ නෑ.

💫M32 මන්දාකිනිය ඉලිප්සාකාර මන්දකිනියක් විදියට තමයි නම් කරලා තියෙන්නේ. ඒත් මේකේ මැදට වෙන්න ගොඩක් ආලෝකය එකතු වෙලා දීප්තිමත්ව තියෙනවා බලාගන්න පුළුවන්, ඒ නිසාම මේක හරියටම අයිති වෙන්නේ compact elliptical (cE) කියන වර්ගෙට. විද්‍යාඥයයෝ කියන විදියට, M32 මන්දාකිනිය මේ විදියට දකින්න හේතුව වෙන්නේ මන්දාකිනිය කලින් විශාල මන්දාකිණියක් වෙලා තිබිලා තියෙන එක. Andromeda වටේට යන ගමනේදී ගුරුත්ව බලපෑම්(tidal forces)නිසා හො එළියෙන් තිබුන තරු ඉවත් වෙලා ගිහින් තියෙනවා. තවත් වැදගත් දෙයක් වෙන්නේ, M32 මන්දාකිනියට super massive වර්ගයේ කළු කුහරයක් තියෙන එක. මන්දාකිනියක්‌ මැද තියෙන මේ කළු කුහරේ ස්කන්ධය පාවිච්චි කරලා අපිට මන්දාකිනිය ගැන ගොඩක් දේවල් හොයාගන්න/ගණනය කරන්න පුළුවන්. ඒ අනුව බොහෝවිට දැනට දකින්න තියෙන ඉලිප්සාකාර M32 මන්දාකිනිය කාලෙකට කලින් සර්පිලාකාර මන්දාකිනියක් වෙලා තියෙන්න ඇති කියලා කියන්න පුළුවන්.

💫ආලෝක වර්ෂ 2650000ක්‌ විතර දුරින් තියෙන M32 වල අලුත් තරු හැදෙන්න තියෙන්න ඕනි වායු වලාවන්, දුවිලි වගේ දේවල් අඩුයි, ඒ නිසාම ගොඩක් පරණ කහ හො රතු පැහැයට හුරු තරු ගොඩක් තමයි දක්නට ලැබෙන්නේ..

"https://si.wikipedia.org/w/index.php?title=M32_dwarf_elliptical_galaxy_(Satellite_galaxy)&oldid=492691" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි