Kanchayudha

විකිපීඩියා වෙතින්

අලුත් පරම්පරාව අතරට මේ ඓතිහාසික සිදුවීම් පරිගණක ක්‍රීඩාවක් හරහා ගෙන ඒමට arimac lanka ආයතනය මේ වනකොට සමත්වෙලා තියෙනවා. කංඡායුධ -The Legency of Giants කියන පරිගණක ක්‍රීඩාව නන්දිමිත්‍ර යෝධයාගේ චරිතය මුල් කරගෙන නිර්මාණය කරලා තියෙනවා.නන්දිමිත්‍ර යෝධයා යනු ලංකාවේ හිටි වීරයෙකි.

  ඉතිං ඇරිමැක් ආයතනය අවුරුදු 5ක කාලයක ඉඳලා තමයි පර්යේෂණ සිදුකරමින් මෙම ක්‍රියාන්විතයට මුල පුරල තිබෙන්නේ. ලංකාවේ නිර්මාණය කරලා ලංකාවේ ජීවත් වෙන අයට ක්‍රීඩා කරන්න කොම්පියුටර් ගේම් එක හඳුන්වා දෙන්න මේ අය විශාල උත්සාහයක් අරගෙන තියෙනවා.

  ලංකා ඉතිහාසයේ වැඩි වශයෙන් කතාබහට ලක් වුණු චරිත මුල් කරගෙන මේ ගේම් එක නිර්මාණය කරලා තිබුණත් මේ සඳහා කිසිම අයුරින් සත්‍ය කතා ඇතුළත් නොවන බව කියන්නම ඕන. ගේම් එකට පදනම් වුණු කතාව කිසිම වෙලාවක සිද්ධවෙලා නම් නෑ. කාවන්තිස්ස රජතුමාගේ කාලයේ සිද්ධ වුණු සිද්ධීන් ඇතුළත් කරමින් කම්පියුටර් ගේම් එකකට උචිත වන විදියට තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නෙ. මේ ගේම් එක 3rd Person action game එකක්.

  මේ ගේම් එක play කරන කෙනාට එක චරිතයක් ඔස්සේ play කරන්න වෙනවා. තවත් විදියකින් කිව්වොත් role play ගේම් එකක්. එපිසෝඩ් විදියට තමයි මේ ගේම් එක් ඉස්සරහට යන්න වෙන්නෙත්. මේ කංඡායුධ ගේම් එක ගොඩක් අයට අලුත් අත්දැකීමක් වෙයි.ඉතිං මේ අලුත්ම අත්දැකීම විඳගන්න ඔබත් සූදානම් වෙන්න. 

ඉතිං මෙම ගේම් එක play කරන්න කැමති අය ඉන්නවනම් පහළින් තිබෙන සැබැදියෙන් වෙබ්  පිටුවට පිවිසෙන්න.
www.kanchayudha.com

"https://si.wikipedia.org/w/index.php?title=Kanchayudha&oldid=424523" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි