දූවිලි මයිටාවෝ

විකිපීඩියා වෙතින්
(House dust mite වෙතින් යළි-යොමු කරන ලදි)
ගෘහස්ථ දූවිලි මයිටාවන් (Dermatophagoides pteronyssinus)

ගෘහස්ථ දූවිලි මයිටාවන් (ඉංග්‍රීසි:  House dust mite, HDM හෝ හුදෙක් දූවිලි මයිටාවන්) විවිධ වාසස්ථාන වල දූවිලි සමග බැඳුන මයිටාවන් වර්ග වේ.

ප්‍රධාන විශේෂ පහත ලෙස හඳුනාගෙන ඇත:

  • Dermatophagoides farinae (ඇමරිකානු ගෘහස්ථ දූවිලි මයිටා)
  • Dermatophagoides microceras
  • Dermatophagoides pteronyssinus (යුරෝපීය ගෘහස්ථ දූවිලි මයිටා)
  • Euroglyphus maynei (Mayne ගේ ගෘහස්ථ දූවිලි මයිටා)

ජීව විද්‍යාව[සංස්කරණය]

වර්ගීකරණය[සංස්කරණය]

දූවිලි මයිටාවන් Pyroglyphidae මයිටා (කීඩෑ) පවුලේ සාර්වභෞමික සාමාජිකයන් වේ.

ලක්ෂණ[සංස්කරණය]

දූවිලි මයිටා ගැහැණු සතෙක්

ගෘහස්ථ දූවිලි මයිටාවන්  ඔවුන්ගේ ඉතා කුඩා ප්‍රමාණය හා පාරභාසක සිරුරු නිසා පියවි ඇසට පෙනෙන්නේ යන්තමින්ය. සාමාන්‍ය ගෘහස්ථ දූවිලි මයිටාවෙක්  0.2–0.3 මිලිමීටර (0.0079–0.0118 in) පමණ දිගය. නිවැරදි හඳුනා ගැනීමක් සඳහා අවම වශයෙන් 10× විශාලනයක් වත් අවශ්‍ය වේ.

ආහාර[සංස්කරණය]

ඔවුන් මිනිසුන්ගේ සහ සතුන්ගේ සම් කැබලි හා සමහර පුස් වර්ග ආහාරයට ගනියි. 

විලෝපිකයන්[සංස්කරණය]

දූවිලි මයිටාවන්ගේ විලෝපිකයන් වන්නේ වෙනත් මයිටාවන් (Cheyletiella), Silverfish හා pseudoscorpions වේ.[1]

ප්‍රජනනය[සංස්කරණය]

ගෘහස්ථ දූවිලි මයිටා පිරිමි සතකුගේ සාමාන්‍ය ජීවන චක්‍රය දින 10–19 වේ. ගැහැණු සතෙකු දින 70ක් පමණ ජීවත්  වන අතර  අවසාන සති 5 තුල බිත්තර 60 සිට 100 දක්වා ප්‍රමාණයක් දමනු ලැබේ. 

සෞඛ්ය ගැටළු[සංස්කරණය]

අසාත්මිකතා[සංස්කරණය]

ගෘහස්ථ දූවිලි මයිටා ආසාත්මිකතා[සංස්කරණය]

මයිටාවන් තුල අඩංගු බලසම්පන්න ආහාර ජීර්ණ එන්සයිම (විශේෂයෙන්ම Peptidase 1)  ඔවුන්ගේ අසූචිවල ද දිගටම රැඳී තිබේ. ඒවා ප්‍රධාන ලෙසම අසාත්මිකතාකාරක වේ. 

Oral mite anaphylaxis[සංස්කරණය]

පිටිවල සිටින Dermatophagoides spp. විසින් oral mite anaphylaxis (පෑන්කේක් සින්ඩ්රෝමය) රෝග තත්වය ඇතිකරයි.[2][3]

දූවිලි මයිටා පාලන ක්‍රම[සංස්කරණය]

ඇඳ රෙදි[සංස්කරණය]

Dust mite-proof encasements to mattress, pillow, and duvet, prevents chronic contact with allergens.

සතිපතා වෙනස් ඇඳ රෙදි භාවිතා කිරීමෙන් දූවිලි මයිටාවන්ට නිරාවරණය වීමේ අවදානම අඩුකරගත හැක.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Acari.be". Www.acari.be. 2010-12-29 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2018-03-23.
  2. Barrera, OM; Murgas, IL; Bermúdez, S; Miranda, RJ (June 2015). "[Oral anaphylaxis by ingestion of mite contaminated food in Panama City, 2011-2014]". Revista Alergia Mexico. 62 (2): 112–7. PMID 25958374.
  3. Sánchez-Borges, Mario; Suárez-Chacon, Raúl; Capriles-Hulett, Arnaldo; Caballero-Fonseca, Fernan; Iraola, Victor; Fernández-Caldas, Enrique (1 January 2009). "Pancake Syndrome (Oral Mite Anaphylaxis)". World Allergy Organization Journal. 2 (5): 158. doi:10.1186/1939-4551-2-5-91. ISSN 1939-4551.
"https://si.wikipedia.org/w/index.php?title=දූවිලි_මයිටාවෝ&oldid=592303" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි