ETA සබදතා පිළිබද චෝදනා

විකිපීඩියා වෙතින්

මාධ්‍ය මගින් ප්‍රහාරයත් සමග ඉදිරිපත්කල මතය වුයේ එම ප්‍රහාරය සමග ETA සංවිධානය බැදි ඇති බවත්ය. එම ප්‍රකාශය ආණුඩුවේ නිළධාරින් විසින් සනාථ කරන ලදී. එමෙන් ම ස්පාඥ්ඥ මැතිවරණයට දින 03කට පෙර එල්ල වු ප්‍රහාරය දේශපාලණික දෘෂ්ටි කෝණයන්ගෙන් විග්‍රහා කිරිමත් සිදුවිය. මෙම සමුල ඝාතනය සිදුවුයේ ඇමරිකාවට එල්ල වු 9/11 ප්‍රහාරය වසර 2/1/2 කට පසුව යි.

මැඩිරිඩි හි ප්‍රහාරයෙන් පසුව නිකුත්කරන ලද නිල ප්‍රකාශ අතර සදහන් වු එක් විශේෂ කරැණක් වුයේ ලෙහෙන්ඩකරි ජ්‍රවාන් ජෝසේ ඉබරෙක්ස් නම් ETA සංවිධානයට සම්බන්ධ පුද්ගලයා ප්‍රධාන සැකකරැ වන බවයි. එහෙත් ප්‍රහාරයක් සිදු කලේ නම් එම වගකීම ඒ වන තෙක් භාරගත් ETA සංවිධානය මෙම ප්‍රකාශය ප්‍රතික්සේප කරන ලදී. පසුව හෙළිදරවු වු සාක්ෂි වලට අනුව එම ප්‍රහාරයට වගකිව යුතු වුයේ අන්තවාදී ඉස්ලාමීය සංවිධානයක් වන අතර එය විමර්ශන කටයුතු වල පහසුව තකා මොරොක්කෝ ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායම ලෙස හැදින්වේ.

ETA සංවිධානය සතුව බෝම්බ ප්‍රහාර පිළිබදව ඉතිහාසයක් ඇති නමුත් මාර්තු 11 වන දා ප්‍රහාරය ඊට ප්‍රථම කිසිම යුරෝපීය ත්‍රස්ත සංවිධානයකින් කළ ප්‍රහාරයකට වඩා ඉදිරියෙන් සිටි . මේ නිසා බොහෝ පිරිස් උපකල්පනය  කරන ලද්දේ ප්‍රහාරය ඉස්ලාමීය මිලිටරි අන්තවාදී කණ්ඩායමක් විසින් අල්කයිඩා ත්‍රස්තවාදීන්ගේ සහය මත දියත්කරන ලද්දක් ලෙසයි. නිරික්ෂකයන් දක්වන්නේ ETA වැනි ත්‍රස්තවාදී කණ්ඩායමක් අල් කයිඩා සංවිධානය අනුගමනය කරමින් දියත් කරන ලද්දක් ලෙසයි. නිරික්ෂකයන් දක්වන්නේ ETA විසින්න බෝම්බ ප්‍රහාරයට පෙර කිසිම අනතුරැ ඇගවීමක් සිදු නොවු බවත්ය. " ඉයුරෝපෝල්" අධ්‍යක්ෂක ජර්ගන් ස්ටෝර්බෙක් අදහස් දක්වන්නේ" මෙම බෝම්බ පිපිරිම ETA සංවිධානය විසින් සිදු කර ඇති බවත් ................. නමුත් මේ දක්වා ඔවුන් විසින් ක්‍රියාත්මක කර ඇති වැඩ පිළිවෙල  ‍මෙහි දී දක්නට නොලැබෙන" බවත් ය.
"https://si.wikipedia.org/w/index.php?title=ETA_සබදතා_පිළිබද_චෝදනා&oldid=471868" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි